තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.
164. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
165. යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි මානානුසය ද නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. මානානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය ද කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ.
167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි.
169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි භවරාගානුසය ද නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ.
170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (දුකමූලක යි.)
171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි.
173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය දුර නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුර නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ.
174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නොකෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (තිකමූලක යි.)
175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (චතුක්කමූලක යි.)
178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුර නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.
179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (පඤ්චකමූලක යි.)
180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
ප්‍රතිලෝමාවකාශ යි.
181. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා තබා සෙසු පුඟුල්හු හැමතැන්හි කාමරාගානුසය ද දුරු නො කෙරෙති, පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු නොකෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
182. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. මානානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු නොකෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ මානානුසය දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ මානානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
183-184. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැයි එහි හේ කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද දුරු නො කෙරෙති. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු නොකෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලතෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
185. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ එහි භවරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද දුරු නො කෙරෙති, භවරාගානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු නොකෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ භවරාගානුසය දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
186. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු නොකෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙ වැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
187. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසය ද දුරු නො කෙරෙයි, මානානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද දුරු නො කෙරෙත්. මානානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලතෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි මානානුසය දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ මානානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද දුරු නො කෙරෙති, පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
188-189. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු නොකෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
190. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ එහි භවරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද දුරු නො කෙරෙති. භවරාගානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය දුරු නො කෙරෙයි. හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද දුරු නො කෙරෙති, පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
191. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද දුරු නො කෙරෙති. අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරෙයි. හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
192-193. යමෙක් යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගලතෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසය දුරු නො කෙරෙයි, හේ එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි මානානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද දුරු නො කෙරෙති. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, මානානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
194. යමෙක් යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද දුරු නො කෙරෙයි, මානානුසය ද දුරු නො කෙරෙයි, අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
195. යමෙක් යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. හේ එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි මානානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
196-198. යමෙක් යම් තැනෙක දිට්ඨානුසය දුරු නො කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ එහි දිට්ඨානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. ...
199. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ එහි භවරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුද්ගල තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, භවරාගානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසය දුරු නො කෙරෙයි. හේ එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
200. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
201. යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය දුරු නො කෙරෙ, ඒ එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
202. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, මානානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි මානානුසය ද කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි හේ එහි මානානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය දපටිඝානුසය ද දුරු නො කෙරෙත්.
203-204. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
205. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි භවරාගානුසය ද නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති. භවරාගානුසයද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
206. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුවෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි අවිජ්ජානුසය ද නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති. අවිජජානුසයද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි.
ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති. කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්. (දුකමූලක යි.)
207-208. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුර නො කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් ද අෂ්ටමක පුද්ගලයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙති. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලතෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙ වැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. හේ එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙත්.
209. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු නොකෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුද්ගල තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. හේ එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භාවරාගනුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙත්.
210. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙති. අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නොකෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි.
ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙත්. (තිකමූලක යි.)
211-213. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය දුරු නො කෙරෙත්.(චතුක්කමූලක යි)
214. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන්ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි භවරාගානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
215. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරිපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන්ද අෂ්ටමකයාද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්. (පඤ්චමූලක යි.)
216. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි. හේ එහි දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. කාමරාගානුසය පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි, හේ එහි පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ අවිජ්ජානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි. හේ එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි, ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද දුරු නො කෙරෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගී පුද්ගලයන්ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙත්. (ඡක්කමූලකයි.)
ප්‍රතිලෝම පුද්ගලාවකාශ යි.
ප්‍රතිලෝම යි.
පජහනවාර යි.
4. පරිඥාවාර
1. යමෙක් කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
2. යමෙක් කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය (එය හා සහජාතවශයෙන් එක්වැ සිටි මානානුසය) පිරිසිඳ දනී.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
3-4. යමෙක් කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
5-6. යමෙක් කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
7. යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
8-9. යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.