තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය දුරු කෙරේ ද යත්: එසේ යි. ...
91. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. හේ එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ භවරාගානුසය දුරු කෙරේ.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
92. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
93. යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි. භවරාගානුසය ද දුරු කෙරේ. (ඒකමූලක යි)
94. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
95-96. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ කාමරාගානුසය දුරු කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු කෙරේ.
97. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
98. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති. (දුකමූලක යි).
99-100. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ මානානුසය එහි දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි.
ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරෙයි.
101. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ.
102. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය නො ද දුරු කෙරේ. (තිකමූලක යි)
103-105. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, තදේකස්ථ වූ මානානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි. හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරෙයි. හේ එහි කාමරාගාගිනුසය ද මානානුසය ද නො ද දුරු කෙරෙයි … (චතුක්කමූලක යි.)
106. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ.
107. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු කෙරේ. (පඤ්චකමූලක යි)
108. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල්තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද දුරු කෙරෙයි. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. (ඡක්කමූලක යි)
අනුලෝම පුද්ගලාවකාශ යි.
පජහනවාරයෙහි අනුලෝම යි.
109. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
110. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුගුල්හු කාමරාගානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුගුල්හු මානානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
111-112. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
113-114. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය දුරු නො කෙරෙයි. හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද දුරු නො කෙරෙති. අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
115. යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි. හේ පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද දුරු නො කෙරෙති. පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
116-117. යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද දුරු නො කෙරෙති. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
118-119. යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අව්ජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති. පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
120-121. යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු මානානුසය ද දුරු නො කෙරෙති. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විදිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
122-123. යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
124-126. යමෙක් දිට්ඨානුසය දුරු නො කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. ...
127-128. යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ග සමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
129. යමෙක් භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. (ඒකමූලකයි.)
130. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍ර මාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
131-132. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
133-134. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්. (දුකමූලක යි.)
135-136. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙත්.
137-138. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද මානානුසය ද දුරු නො කෙරෙත්. ( තිකමූලක යි.)
139-141. යමෙක් කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි, අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙත් ... (චතුක්කමූලක යි).
142-143. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.(පඤ්චකමූලක යි).
144. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි. හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය ද පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙත්. (ඡක්කමූලක යි.)
ප්‍රතිලෝම පුද්ගල යි.
145. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරේ.
146. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, මානානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
147-148. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නයෙහි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
149. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරේ.
150. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නයෙහි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
151. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි. මානානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි ද එහි මානානුසය දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරේ.
152-153. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
154. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරේ.
155. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
156-157. යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
158. යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නොකෙරෙයි, එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, මානානුසය ද දරු නො කෙරේ.
159. යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
160-162. යම් තැනෙක දිට්ඨානුසය දුරු නො කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. ...
163. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.