21. යමෙක් භවරාගානුසය දුරු කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය දුරු කෙරේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
22. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ මානානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තව ද යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
23-24. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
25-26. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති. (දුකමූලකයි.)
27-28. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
29-30. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ. (තිකමූලක යි.)
31-33. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ ද යත්: දිට්ඨානුසය දුරු කෙරේ. තදේකස්ථ වූ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ... (චතුක්කමූලක යි.)
34-35. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ. (පඤ්චකමූලක යි.)
36. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ. (ඡක්කමූලක යි.)
අනුලෝම පුද්ගල යි.
37. යම් තැනෙක (උපදනා) කාමරාගානුසය දුරු කෙරේ නම් එහි (උපදනා) පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
38. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය දුරු කෙරේ. එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද දුරු කෙරෙයි, කාමරාගානුසය ද දුරු කෙරේ.
39-40. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි, කාමරාගානුසය ද දුරු කෙරේ.
41. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
42. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුවෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, කාමරාගානුසය ද දුරු කෙරේ.
43. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
44-45. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි, පටිඝානුසය ද දුරු කෙරේ.
46. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
47. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි. එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, පටිඝානුසය ද දුරු කෙරෙයි.
48-49. යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි මානානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි, මානානුසය ද දුරු කෙරෙයි.
50. යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය දුරු කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය ද දුරු කෙරෙයි, භවරාගානුසය ද දුරු කෙරේ.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
51. යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි මානානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, මානානුසය ද දුරු කෙරේ.
52-54. යම් තැනෙක දිට්ඨානුසය දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
55. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. භවරාගානුසය ද දුරු කෙරේ.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
56. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
57. යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, භවරාගානුසය ද දුරු කෙරේ. (එක මූලක යි)
58. යම් තැනෙක කාමරාගානුසයද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරේ.
59-60. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු කෙරේ.
61. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
62. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය නො ද දුරු කෙරේ. (දුකමූලක යි.)
63-64. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ.
65. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ.
66. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි අව්ජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ. (තිකමූලක යි)
67-69. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි.
එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ. (චතුක්කමූලක යි.)
70. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ.
71. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ. (පඤ්චකමූලක යි)
72. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි පටිඝානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරේ. (ඡක්කමූලක යි)
අනුලෝමාවකාශ යි.
73. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
74. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක (ස්‍රෝතාපත්ති මාර්‍ගස්ථ) පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ කාමරාගානුසය දුරු කෙරේ.
77. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
78. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
79. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරේ.
82. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
83. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
84-85. යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. හේ එහි මානානුසය නො ද දුරු කෙරෙයි, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ මානානුසය දුරු කෙරේ.
86. යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය දුරු කෙරෙයි, හේ එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි මානානුසය දුරු කෙරෙයි, භවරාගානුසය ද දුරු කෙරේ.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
87. යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි. හේ එහි මානානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි. මානානුසය ද දුරු කෙරේ.
88-90. යමෙක් යම් තැනෙක දිට්ඨානුසය දුරු කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.