Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 3201-3300 න් 7971

තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (දුකමූලක යි)
171-172. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි.
173. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.
174. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (තිකමූලක යි.)
175-177. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. …(චතුක්කමූලක යි.)
178-179. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ. ... (පඤ්චකමූලක යි.)
180. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඡක්කමූලකයි)
ප්‍රතිලෝමාවකාශ යි
181. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ. එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු හැම තන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ.
182. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
183-184. යමෙක් යම් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. දෙ පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ.
185. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි. හේ එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
186. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි,
හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
187. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
188-189. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. දෙපුඟුල්හු හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන‍් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
190. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි හේ භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
191. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ.
ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි හේ අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
192-193. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි හේ විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
194. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි හේ භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
195. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: සිවු පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
196-198. යමෙක් යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි ...
199. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
200. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
201. යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි)
202. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය රහිතයහ. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
203-204. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුසය රහිත වෙයි. දෙ පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
205. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ,
භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
206. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (දුකමූලකයි.)
207-208. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛ වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් මානානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුසය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. හේ එහි මානානුසයෙන් නො ද අනුසය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.
209. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ.
ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.
210. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: (තිකමූලකයි)
211-213. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ.
ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ... (චතුක්කමූලකයි.)
214. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි,
දෙපුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතය. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
215. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛ වේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි, රහත් තෙම හැම තැන්හි දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (පඤ්චකමූලකයි.)
216. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
ප්‍රතිලෝම පුද්ගලාවකාශයි.
ප්‍රතිලෝමයි.
සානුසයවාර යි.
3. පජහනවාර
1. යමෙක් කාමරාගානුසය (ඒ ඒ මාර්‍ගයෙන් ප්‍රහාණ පරිඥා වශයෙන් මතු මත්තෙහි නූපදනා බවට පැමිණවීමෙන්) දුරුකෙරේ නම් හේ පටිඝානුසය දුරුකෙරේ ද යත්: එසේ යි.
තව ද යමෙක් පටිඝානුසය දුරුකෙරේ නම් හේ කාමරාගානුසය දුරුකෙරේ ද යත්: එසේ යි.
2. යමෙක් කාමරාගානුසය දුරුකෙරේ නම් හේ මානානුසය දුරුකෙරේ ද යත්: තදේකස්ථය (ඒ කාමරාගානුසය හා එක්ව සිටි මානානුසය) දුරුකෙරේ.
තව ද යමෙක් මානානුසය දුරුකෙරේ නම් හේ කාමරාගානුසය දුරුකෙරේ ද යත්: නැති.
3-4. යමෙක් කාමරාගානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරුකෙරේ ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
5-6. යමෙක් කාමරාගානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරුකෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
7. යමෙක් පටිඝානුසය දුරු කෙරේ නම් හේ මානානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තවද යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ පටිඝානුසය දුරුකෙරේ ද යත්: නැති.
8-9. යමෙක් පටිඝානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තවද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ පටිඝානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
10-11. යමෙක් පටිඝානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ පටිඝානුසය දුරුකෙරේ ද යත්: නැති.
12-13. යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
තවද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ මානානුසය දුරුකෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
14-15. යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ මානානුසය දුරුකෙරේ ද යත්: එසේ යි.
16-18. යමෙක් දිට්ඨානුසය දුරු කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
තවද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය දුරුකෙරේ ද යත්: එසේ යි. ...
19-20. යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
තවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරුකෙරේ ද යත්: නැති.