Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 3101-3200 න් 7971

98. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන්පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ. එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. (දුකමූලක යි.)
99-100. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ.
101. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් අනුශය සහිත වේ.
102. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු රූපධාතුයෙහිද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතය හ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, ඒ පුඟුල්හු මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. (තිකමූලක යි.)
103-105. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිටිඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමාරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. ... (චතුක්කමූලක යි.)
106. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි දැ අරූපධාතුයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වේ.
107. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. දෙ පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ, ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ,
එහි ඔහු පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි හේ අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (පඤ්චමූලක යි.)
108. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි යැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දෙ පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි යැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ.
ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහිද අරූපධාතුයෙහි දැ යි හේ අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. එ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකාච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි, ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (ඡක්කමූලක යි.)
අනුලෝම පුද්ගලාවකාශ යි
සානුසයවාරයෙහි අනුලෝම යි.
109. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
110. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
111-112. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිටිඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතය හ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ
113. - 114. යමෙක් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
115. යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේද යත්: එසේ යි.
116-117. යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ. පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
118-119. යමෙක් පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් නොද අනුශය රහිත වෙයි. රහත්තෙම පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙත් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
120-121. යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.
122-123. යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේයි.
තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
124-126. යමෙක් දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
127-128. යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
129. යමෙක් භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි. (එක මූලක යි.)
130. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි.
131-132. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
133-134. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (දුකමූලකයි.)
135-136 . යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. අනගැමි තෙම විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.
137-138. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එහේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (තිකමූලක යි.)
139-141. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේද යත්: දෙපුඟුල්හු විචිකිච්ඡානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ච නො ද අනුශය රහිතයහ. අනගැමි තෙම විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. රහත් තෙම විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ... (චතුක්කමූලක යි.)
142-143. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (පඤ්චකමූලක යි.)
144. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
ප්‍රතිලෝම පුද්ගල යි.
145. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැයි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිතවේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇත් කල්හි එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නායෙහි දැ යි එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
146. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
147-148. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් … විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
149. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි. එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුසය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
150. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි:
151. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
152-153. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වෙයි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
154. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසායෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
155. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇතිකල්හි එහි පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
156-157. යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
158. යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
159. යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
160-162. යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
163. යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
164. යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් රහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
165. යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
166. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
167-168. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි.
169. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
170. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.