Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 3001-3100 න් 7971

තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දෙපුඟුල්හු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතය හ. දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ. (පඤ්චකමූලක යි).
36. යමෙක් කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දෙපුඟුල්හු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ. දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ. (ඡක්කමූලක යි)
අනුලෝම පුද්ගල යි.
37. යම් තැනෙක කාමාරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
තවද යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
38. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මානානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
39-40. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි:
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
41. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත් නො වේ.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
42. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි. එහි කාමරාගානුසයෙන් නොද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
43. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
44-45. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිටිඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක විචිකාච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි, දුඃඛ වේදනා ඇති කල්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ.
46. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
47. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛ වේදනා ඇති කල්හි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි. පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ.
48-49. යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. එහි මානානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, මානානුසයෙන් ද අනුශය සහිත වේ.
50. යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය සහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
51. යම් තැනෙක්හි මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛ වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූප ධාතුයෙහි දැයි එහි අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. මානානුසයෙන් ද අනුශය සහිත වේ.
52-54. යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
55-56. යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. රූපධාතුයෙහි ද අරූප ධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
57. යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ. (ඒකමූලක යි)
58. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේනම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වේ.
59-60. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වේ.
61. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වේ.
62. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙ. (දුකමූලකයි)
63-64. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ.
65. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් අනුශය සහිත වේ.
66. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (තිකමූලක යි).
67. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ.
68. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ.
69. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (චතුක්කමූලක යි).
70. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙ.
71.යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (පඤ්චක මූලක යි)
72. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි.
කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. එහි පටිඝානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. (ඡක්කමූලකයි.)
අනුලෝමාවකාශ යි.
73. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
74. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙ පුඟුල්හු කාමධාතුයෙහි දෙ වැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතය හ. පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
77. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
78. යමෙක් එහි තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයයෙන් අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හුම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ. කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
79. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහ් ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ.
82. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
83. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ. පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ.
84-85. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙන් ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. මානානුසයෙන් ද අනුශය සහිත වේ.
86. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් ද අනුශය සහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
87. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේයි.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත් : සිවුපුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, මානානුසයෙන් ද අනුශය සහිතයහ.
88-90. යමෙක් යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
91. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි හේ භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
92. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන්පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැයි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
93. යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ. එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ. (ඒකමූලක යි).
94. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන්පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය සහිතයහ.
95-96. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වේ.
97. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වේ.