Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 2901-3000 න් 7971

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (පඤ්චකමූලකයි)
180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (ඡක්කමූලකයි)
(ප්‍රතිලෝමාවකාශ යි.)
181. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛ වේදනා ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය කො වේ. දෙපුඟුලනට හැම තැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය ස ද අනුශය නො වෙයි. කාමරාගානුසයද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
182. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසයද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි මානානුසය ද නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසයද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
183-184. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: දෙපුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
185. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලන්ට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
186. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
187. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය ද අනුශය නො වෙයි, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛ වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි මානානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වේ.
188-189. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: දෙපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වේ.
190. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය අනුශය නො වෙයි, භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
191. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
192-193. යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය අනුශය නො වෙයි, ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට මානානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි මානානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. එහි ඔවුනට මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
194. යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: සිවු පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
195. යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: සිවුපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි මානානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
196. යමකුට යම් තැනෙක දිට්ඨානුසය අනුශය නො වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
197-199. යමකුට යම් තැනෙක දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය ද අනුශය නො වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
200. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි තුන්වැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි, ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
201. යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: සිවු පුඟුලනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
202. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, මානානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. මානානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක මානානනුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. රහත්හට හැමතැන්හි මානානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්.
203-204. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි ...
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දෙ පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලන්හට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. දෙපුඟුලන්හට හැමතැන්හි ...
205. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, භවරාගානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි ...
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට භවරාගානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. රහත්හට හැමතැන්හි ...
206. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද
අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි ...
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (දුකමූලක යි.)
207-208. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය නොවෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. රහත්හට හැම තැන්හි ...
209. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත් : එසේ යි.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. රහත්හට හැම තැන්හි ...
210. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි ...
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (තිකමූලක යි)
211-213. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති යත්: දෙ පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති.
ඒ පුඟුලන්හට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලන්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. රහත්හට හැම තැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් ... (චතුක්කමූලක යි.)
214-215. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති යත්: පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති. ඔහුට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. දෙ පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය ද නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති.
එකල්හි ඔහුට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. රහත්හට හැමතැන්හි ... (පඤ්චකමූලක යි.)
216. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
ප්‍රතිලෝම පුද්ගලාවකාශ යි.
අනුශයවාරයෙහි ප්‍රතිලෝම යි.
අනුසයවාර යි.
2. සානුසයවාර
1. යමෙක් (ආර්‍ය්‍ය මාර්‍ගයෙන් අනුශය අප්‍රහීණ බැවින්) කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
2. යමෙක් කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම මානානුසයෙන් අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු මානානුසයෙන් ද අනුශය සහිතයහ. කාමාරාගානුසයෙන් ද අනුසය සහිතයහ.
3-4. යමෙක් කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමරාගානුසයෙන් අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ යම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
5-6 යමෙක් කාමාරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, කාමාරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන්පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ. කාමරාගානුසයෙන් අනුශය සහිතයහ.
7. යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම මානානුසයෙන් අනුශය සහිත වෙයි. පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු මානානුසයෙන් ද අනුශය සහිතය හ, පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ.
8-9. යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු පටිඝානුසයෙන් අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
10-11. යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ.
12-13. යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන්පුඟුල්හු මානානුසයෙන් අනුශය සහිතයහ. විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ, පුහුදුන් තෙම මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
14-15. යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
16-18.යමෙක් දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
19-20. යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
21. යමෙක් භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි)
22.යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
තවද යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම මානානුසයෙන් අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු මානානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
23-24. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: එසේ යි.
25-26. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිතය වෙයි. තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් අනුශය සහිතයහ. (දුකමූලකයි).
27-28. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: එසේ යි.
29-30. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ. (තිකමූලකයි)
31-33. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේද යත්: එසේ යි ... (චතුක්කමූලක යි)
34-35. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.