12. විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
පදශෝධන මූලචක්‍රවාර යි.
13. රූපය ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූප ස්කන්‍ධ යැ යත්: රූපස්කන්‍ධය ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි, (වේදනාදී) අවශේෂයෝ ස්කන්‍ධ වෙති, රූපස්කන්‍ධ නො වෙයි.
වේදනාව ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ යැ යත්: වේදනාස්කන්‍ධය ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වෙයි.
සංඥාව ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ යැ යත්: සංඥාස්කන්‍ධය ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වෙයි.
සංස්කාරයෝ ස්කන්‍ධ යැ යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාර ස්කන්‍ධ යැ යත්: සංස්කාරස්කන්‍ධය ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වෙයි.
විඥානය ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ යැ යත්: විඥානස්කන්‍ධය ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
14. රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නොවූයේ යැ, ස්කන්‍ධයෝ යැ. රූපයත් ස්කන්‍ධයනුත් තබා අවශේෂයෝ (පඤ්චස්කන්‍ධ විනිර්මුක්ත වූ නිර්‍වාණයත් ප්‍රඥප්තියත්) නොද රූප වෙයි, නොද ස්කන්‍ධ වෙති. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ.
වේදනා නොවූයේ ස්කන්‍ධ නොවූයේ වෙයි යත්: වේදනාව තබා අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා යැ, නොද ස්කන්‍ධයෝ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යෑ·
සංඥා නොවූයේ ස්කන්‍ධ නොවූයේ යැ යත්: සංඥාව තබා අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වෙති. සංඥාවත් ස්කන්‍ධයනුත් තබා අවශේෂයෝ නොද සංඥා යැ. නොද ස්කන්‍ධ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ.
සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ.
විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නොවූයේ යැ, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ නොද ස්කන්‍ධයෝ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධස්කන්‍ධවාර යි.
15. රූප ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෙන් ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
රූපස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වේ.
රූපස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
රූප ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. විඥානස්කන්‍ධ නො වේ.
16. වේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
වේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
වේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
වේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
17. සංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
සංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනා ස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
සංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාර ස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
සංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ විඥානස්කන්‍ධ නො වේ.
18. සංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
සංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වේ.
සංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි, අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
සංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
19. විඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. රූපස්කන්‍ධ නො වේ.
විඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
විඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
විඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
20. රූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි. ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
රූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
රූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
රූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි.
21. වේදනා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද වේදනා වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
වේදනා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
වේදනා නොවූවා ස්කන්‍ධ නොවෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
වේදනා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
22. සංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ.
සංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
23. සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංස්කාර නොවූවාහු සක්න්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි.
24. විඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ, නොද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නො වූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
විඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ, නොද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
විඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ. නොද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
විඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ, නො ද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධ ස්කන්‍ධ මූලචක්‍රවාර යි.
ප්‍රඥප්තිනිර්දේශවාර නිමි.
3. ප්‍රවෘත්ති උත්පාදවාර
1. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ උපදි යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා (අසංඥසත්ත්‍වයට උපප්‍රාප්ති වශයෙන් පැමිණෙන) ඔවුනට රූපස්කන්‍ධ උපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදී. පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.
යළි යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදී. පඤ්චෝකාරභවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදී.
2. යම් තැනෙක රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: අසංඥසත්ත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. පඤ්චෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.
යළි යම් තැනෙක හෝ වේදනාස්කන්‍ධ උපදී නම් එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදියි. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදී.
3. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදි යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදි. (අනුලෝම පුග්ග ලෝකාස යි.)
4. යමක්හට රූපස්කන්‍ධ නූපදීනම් ඕහට වේදනාස්කන්‍ධ නූපදීයැ යන: අරූපභවයෙහි උපදනා ඔවුනට රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදී.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට රූපස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට වේදනාස්කන්‍ධ නූපදියි. රූපස්කන්‍ධ ද නූපදී.
5. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: උපදියි.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.
6. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට එහි රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදී.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි, රූපස්කන්‍ධ ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
7. යමක්හට රූපස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යැ.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට රූපස්කන්‍ධ උපන යත්: එසේ යි.
8. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් එතන්හි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපන, එහි වේදනාස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපන, වේදනාස්කන්‍ධ ද උපනි.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපනි නම් එතන්හි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපන, එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපන, රූපස්කන්‍ධ ද උපනි.
9. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපන, ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපන, වේදනාස්කන්‍ධ ද උපනි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන, ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන, රූපස්කන්‍ධ ද උපනි.
10. යමක්හට රූපස්කන්‍ධ නූපනි නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: නැත.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට රූපස්කන්‍ධ නූපන යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
11. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් එතන්හි වේදනා ස්කන්‍ධ නූපන යත්: උපන.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් එතන්හි රූපස්කන්‍ධ නූපන යත්: උපනි. (ප්‍රත්‍යනීකාවකාශ ය)
12. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපන යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධ නූපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපන්නෙ වෙයි. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපන, වේදනාස්කන්‍ධ ද නූපනි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපන යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපන. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපන්නෙ වෙයි. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපන, රූපස්කන්‍ධ ද නූපනි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
අතීතවාර යි.
13. යමක්හට රූපස්කන්‍ධ (මතු) උපදනේ නම් ඕහට වේදනා ස්කන්‍ධ උපදනේ යැ යත්: එසේ යැ.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට රූපස්කන්‍ධ උපදනේ යැ යත්: යම් කෙනෙක් අරූපභවයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට වේදනාස්කන්‍ධ උපදනයෙ යැ. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදනේ යැ. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදනේ යි.
14. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදනේ නම් එතන්හි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදනේ යැ. එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ වෙයි. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපදනේ යැ, වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් එහි රූපස්කන්‍ධ උපදනේ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. එහි රූපස්කන්‍ධ නොද උපදනේ යැ, පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදනේ යි.
15. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදනේ යැ, වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදනේ යැ යත්: අරූපභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදනේ යි. (අනුලෝම පුග්ග ලෝකාස යි.)
16. යමක්හට රූපස්කන්‍ධ නූපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: යම් කෙනෙක් අරූපභවයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට රූපස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. පශ්චිමභවික වූ ඔවුනට රූපස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට රූප ස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
17. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදනේ නම් එතන්හි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: උපදනේ යැ.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් එතන්හි රූපස්කන්‍ධ උපදනේ යැ යත්: උපදනේ යි. (ප්‍රත්‍යනිකාවකාශයි)
18. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: අරූපභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහී වේදනාස්කන්‍ධ නොද වෙයි. පශ්චිමභවික වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නො ද නූපදනේ වෙයි. පශ්චිමභවික වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ. රූපස්කන්‍ධ ද නූපදනේ යි. (පච්චනීක පුග්ගලෝකාස යි.)
අනාගතවාර යි.
19. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යැ.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන්නා වූ අරූපභවයට උපගත වන්නා වූ එ හැමට වේදනාස්කන්‍ධ උපන. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා අසංඥසත්‍වයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපන. රූපස්කන්‍ධ ද උපදී.