තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත් : තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
107. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හටම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙත්. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. දෙපුඟුලන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (පඤ්චකමූලක යි)
108. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත්: නැති.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද [missing bhava] අනුශය වෙති යත්:
අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. දෙපුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො අනුශය වෙති. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට එහි පටිඝානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙත්. (ඡක්කමූලක යි)
අනුලෝමපුද්ගලාවකාශ යි.
අනුසයවාරයෙහි අනුලෝම යි.
109. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
110. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි, රහත්හට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
තවද යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
111-112. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත් :දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි, ඔවුනට කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. දෙපුඟුලනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද අනුශය නො වේ.
113-114. යමකුට කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔහුට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට කාමරාගානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
115. යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වේ.
තවද යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
116-117. යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: (සෝවන් - සෙදගැමි) දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට පටිඝානුසය අනුශය නො ද අනුශය නො වෙයි. දෙපුඟුලනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වේ.
118-119. යමකුට පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට පටිඝානුසය අනුශය නො වෙයි. ඔහුට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට පටිඝානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
120-121. යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේයි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
122-123. යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
124. යමකුට දිට්ඨානුසය අනුශය නො වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
125-128. යමකුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වෙයි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
129. යමකුට භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි).
130. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට මානානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. මානානුසය ද අනුශය නො වෙයි.
තවද යමකුට මානානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි.
131-132. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය නො වෙති. දෙපුඟුලන්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්.
133-134. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ ය. (දුකමූලකයි).
135-136. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. අනගැමිහට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත්.
137-138. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (තිකමූලක යි)
139-141. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. අනගැමිහට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. ඔහුට මානානුසය නො ද අනුශය නො වෙයි. රහත්හට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත්. (චතුක්කමූලක යි.)
142-143. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (පඤ්චකමූලක යි)
144. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
(ප්‍රතිලෝම පුද්ගලයි.)
145. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: දුඃඛවේදනා වූ මෙහි කාමරාගානුසය අනුශය නො වෙයි. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා වූ මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැයි මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
146. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
147-148. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
149. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය අනුශය නො වෙයි. එහි භවරාගානුසය ද නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
150. යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
151. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි පටිඝානුස ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නොවේ ද යත්: දුඃඛ වේදනාවූ මෙහි මානානුසය අනුශය නො වෙයි. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි මානානුසය ද අනුශය නොවෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
152-153. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැයි මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
154. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි පටිඝානුස ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: දුඃඛ වේදනා වූ මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි පටිඝානුසය අනුශය නො ද වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
155. යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි පටිඝානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්න වූ මෙහි පටිඝානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
156-157. යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: දුඃඛ වේදනා ඇති කල්හි මෙහි මානානුසය අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
158. යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නොවේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
159. යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නොවේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි මානානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය නොවෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි මානානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
160. යම් තැනෙක දිට්ඨානුසය අනුශය නො වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි දිට්ඨානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
161-163. යම් තැනෙක දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය නොවේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නොවෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
164. යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය නොවේ ද යත්: එසේ යි.
165. යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි අවිජ්ජානුසය අනුශය නොවේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය අනුශය නො වෙයි. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. අවිජ්ජානුසය ද අනුශය නො වෙයි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත් : එසේ යි. (ඒකමූලක යි)
166. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි මානානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි මානානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති. මානානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛ වේදනා වූ මෙහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්.
167-168. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති යත්: එසේ යි.
169. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නොවෙති. භවරාගානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛ වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්:
170. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. අපරියාපන්නය ඇති කල්හි මෙහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. අවිජ්ජානුසය ද අනුශය නො වේ.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (දුකමූලක යි.)
171-172. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නොවෙති යත්: එසේ යි.
173. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛ වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත්.
174. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (තිකමූලකයි.)
175-177. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් නම් එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. ... (චතුක්කමූලක යි)
178. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය නො වෙති. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත්.
179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.