Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 2701-2800 න් 7971

තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
48-49. යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, එහි මානානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, මානානුසය ද අනුශය වේ.
50. යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය අනුශය වෙයි, එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වෙයි.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
51. යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි මානානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, මානානුසය ද අනුශය වේ.
52. යම් තැනෙක දිට්ඨානුසය අනුශය වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය අනුශය වේ ද යත්: එසේ යි.
53. යම් තැනෙක දිට්ඨානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි දිට්ඨානුසය අනුශය වෙයි, එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි දිට්ඨානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වෙයි.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය අනුශය වේ ද යත් : එසේ යි.
54. යම් තැනෙක දිට්ඨානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය අනුශය වේ ද යත් : එසේ යි.
55. යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වෙයි.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
56. යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
57. තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි. එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වේ. (ඒකමූලක යි)
58. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වේ ද යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අනුශය වෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වේ.
59-60. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය ද නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය නො ද අනුශය වේ.
61. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : නැති.
62. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය නො ද අනුශය වේ. (දුකමූලක යි)
63-64. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්.
65. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
66. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (තිකමූලක යි)
67. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්.
68. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
69. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (චතුක්කමූලක යි)
70. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
71. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත්, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (පඤ්චකමූලක යි)
72. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද ... භවරාගානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙත්, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙත්. (ඡක්කමූලක යි).
(අනුලෝමාවකාශ යි)
73. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : නැති.
74. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය අනුශය වෙයි. ඔහුට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අනුශය වෙයි, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලන්හටම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
75-76. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : දෙපුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට කාමරාගානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : පුහුදුනට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
77. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : නැති.
78. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
79. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
80-81. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : දෙපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : පුහුදුනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය අනුශය වෙයි. ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
82. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
83. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය අනුශය වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
84-85. යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට මානානුසය අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : පුහුදුනට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, ඔහුට එහි මානානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, මානානුසය ද අනුශය වේ.
86. යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : සිවු පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අනුශය වෙයි, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලන්ට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි මානානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වේ.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
87. යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : සිවු පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි ඔවුනට මානානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, මානානුසය ද අනුශය වේ.
88. යමකුට යම් තැනෙක දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි දිට්ඨානුසය අනුශය වේ ද යත් : එසේ යි.
89-91. යමකුට යම් තැනෙක දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : පුහුදුනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වේ.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වේ.
92. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වේ.
93. යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : සිවු පුඟුලනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලනට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට එහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වේ. (ඒකමූලක යි)
94. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් ද : නැති.
තවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්. තුන් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි මානානුසය අනුශය වෙයි, ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය වේ.
95-96. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් ද : නැති.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, ඔහුට පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය නො ද අනුශය වේ.
97. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : නැති.
98. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත්: නැති.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. තුන් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති, ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය වේ. (දුකමූලක යි)
99-100. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්.
101. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : සිවු පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
102. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි, ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (තිකමූලක යි)
103. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්.
104. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
105. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති.
ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. දෙ පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලනට ම දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙත්. පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (චතුක්කමූලක යි)
106. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.