Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 2601-2700 න් 7971

166. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද, ඔවුනට ම ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට ම, ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපදී. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, කායසංස්කාරය ද නො උපදී.
167. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදනේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
168. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
169. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය උපන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
170-180. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය උපන්නේ ය. ඔවුනට චිත්තසංස්කාරය ද නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි. … (අනුලෝමපුද්ගල යි)
(නිරෝධවාරයෙහි අතීතානාගතපෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් යම්සේ බෙදන ලද්දාහු ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි ද අතීතානාගතපෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් නො මුළා වැ බෙදිය යුත්තාහ. නිරෝධවාරය හා සම යි. වෙනසෙක් නැති.)
අතීතානාගතවාර යි.
උත්පාදනිරෝධවාර නිමි.
6. පරිඥාවාරය
1-180 යමෙක් කායසංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම වාක්සංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තවද යමෙක් වාක්සංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම කායසංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
(ස්කන්‍ධයමකයෙහි පරිඥාවාරය යම්සේ බෙදන ලද ද එසේ සංස්කාර යමකයෙහි ද පරිඥාවාර බෙදියයුතු ය.)
පරිඥාවාර නිමි.
සංස්කාරයමක නිමියේ යි.
7. අනුශයයමකය
උත්පත්තිස්ථානවාර
පරිච්ඡේදවාර යි
අනුශයයෝ සත්දෙනෙකි:
කාමරාගානුසය යැ පටිඝානුසය යැ මානානුසය යැ දිට්ඨානුසය යැ විචිකිච්ඡානුසය යැ භවරාගානුසය යැ අවිජ්ජානුසය යි.
පරිච්ඡින්න උද්දේසවාර යි
1. කාමරාගානුසය (අප්‍රහීනභාවයෙන් සන්තානයෙහි හෝනා බැවින් අනුශය වූ කාමරාගය) කොහි අනුශය (අනුරූප කරුණක් ලැබැ උපදනේ) වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි යැ. මෙහි කාමරාගානුසය අනුශය වෙයි.
2. පටිඝානුසය කොහි අනුශය වේ ද යත්: දුඃඛවේදනායෙහි යැ. මෙහි පටිඝානුසය අනුශය වෙයි.
3. මානානුසය කොහි අනුශය වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද වෙයි. මෙහි මානානුසය අනුශය වෙයි.
4. දිට්ඨානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කාය පර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි දිට්ඨානුසය අනුශය වෙයි.
5. විචිකිච්ඡානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කායපර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි.
6. භවරාගානුසය කොහි අනුශය වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද වෙයි. මෙහි භවරාගානුසය අනුශය වෙයි.
7. අවිජ්ජානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කාය පර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි.
උත්පත්තිස්ථානවාර යි.
1. අනුසයවාර
1. යමකුට (අප්‍රහීනභාවයෙන් සන්තානයෙහි හෝනා) කාමරාගානුසය අනුශය (අනුරූප කරුණක් ලැබ උපදනේ) වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
2. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට මානානුසය අනුශය වෙයි. ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි, (පුහුදුන්, සෝවන්, සෙදගැමි) තුන් පුඟුලනට මානානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වෙයි.
3. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය වේ ද යත්: (සෝවන්, සෙදගැමි) දෙපුඟුලනට කාමරාගානුසය අනුශය වෙයි. ඔවුනට දිට්ඨානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද අනුශය වෙයි, දිට්ඨානුසය ද අනුශය වෙයි.
තවද යමකුට දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
4. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: දෙපුඟුලනට කාමරාගානුසය අනුශය වෙයි. ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
5. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට භවරාගානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට භවරාගානුසය අනුශය වෙයි, ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට භවරාගානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
6. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
7. යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: අනගැමිහට මානානුසය අනුශය වෙයි. ඔහුට පටිඝානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට මානානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
8-9. යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: දෙපුඟුලනට පටිඝානුසය අනුශය වෙයි, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට පටිඝානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: එසේ යි.
10-11. යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: අනගැමිහට අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට පටිඝානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
12-13. යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: තුන් පුඟුලනට මානානුසය අනුශය වෙයි, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට මානානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.
14-15. යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
16. යමකුට දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය වේ ද යත් : එසේ යි.
17-18. යමකුට දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට දිට්ඨානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, දිට්ඨානුසය ද අනුශය වේ.
19-20. යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වේ.
21. යමකුට භවරාගානුසය අනුශය වේ නම් ඔහුට අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය අනුශය වේ ද යත් : එසේ යි. (ඒකමූලක යි)
22. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට මානානුසය අනුශය වෙයි, ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්. තුන් පුඟුලනට මානානුසය ද අනුශය වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත්.
23-24. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : දෙපුඟුලනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : එසේ යි.
25-26. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. (දුකමූලක යි)
27-28. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : දෙපුඟුලනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : එසේ යි.
29-30. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත්: අනගැමිහට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති. (තිකමූලික යි)
31. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත්: එසේ යි.
32-33. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත්: අනගැමිහට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති, දෙපුඟුලනට අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට දිට්ඨානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. (චතුක්කමූලක යි)
34-35. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත්: අනගැමිහට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. දෙපුඟුලනට අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත්. (පඤ්චමූල යි)
36. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙත් නම් ඔහුට අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. දෙපුඟුලනට අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද අනුශය වෙති, ඔවුනට දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. (ඡක්කමූලක යි) (අනුලෝමපුද්ගල යි.)
37. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : නැති.
38. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අනුශය වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
39-40. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : දුඃඛවේදනා ඇති කල්හි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
41. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : නැති.
42. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇතිකල්හි මෙහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
43. යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
44-45. යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
තවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
46. යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
47. යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.