Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 2501-2600 න් 7971

93. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට ... එසේ යි. (අනුලෝම පුද්ගල යි)
94-96. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි)
97. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වී.
98. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වී යැ යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වී.
99. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට සවිතර්‍කසවිචාරභුමියෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: අවිතර්‍කඅවිචාරභුමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. සවිතර්‍කසවිචාරභුමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
100. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
101. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
102. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
103-105. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වී නම් … (ප්‍රත්‍යනීකාවකාශ යි)
106. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වීය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වී යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වී යැ. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ නො වී යැ.
107. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වී යැ.
ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වී ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වී ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, කායසංස්කාරය ද නිරුද්ධ නො වී ය.
108. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ද යත්: අවිතර්‍කඅවිචාරභූමියෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, අවිතර්‍කඅවිචාර භූමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: සවිතර්‍කසවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වී. අවිතර්‍කඅවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
අතීතානාගතවාර යි.
නිරෝධවාර නිමි.
5. උත්පාද නිරෝධවාරය
109. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: නැති.
110. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: නැති.
111. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට ... නැති. (අනුලෝමපුද්ගල යි)
112-114. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය නිරුද්ධ වේ ද යත්: ද්විතීයධ්‍යාන වූ තෘතීයධ්‍යාන වූ එහි ... (අනුලෝමාවකාශ යි)
(සෙසු යත්‍ථකයන්ගේ බෙදීම හා සමාන යි.)
115-117. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
118. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නො උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට යම් වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ, කායසංස්කාරය ද නො උපදී.
119. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියලු ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වේ. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නො උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ, කායසංස්කාරය ද නො උපදී.
120. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියලු ඔවුනට වාක්සංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදී ද යත්: විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නො උපදී. විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ, වාක්සංස්කාරය ද නො උපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
121-123. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
124-126. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි, යස්සයත්‍ථකයෙහි ‘නිරෝධසමාපන්නානං’ යනු නො ලැබේ.
ප්‍රත්‍යුත්පන්නවාර යි.
127-129. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
(අතීතපෘච්ඡා උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද සමාන වැ විස්තර කළයුතු යි.)
අතීතවාර යි.
130. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපන්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
131. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය. ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
132. යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගල යි)
133-135. යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
136. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි කායසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි කායසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් සෙසු කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය. කායසංස්කාරය ද උපදින්නේ යි.
137. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් සෙසු කාමාවචර වූ ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
138. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
139. යමකුට කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේනෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමචිත්තයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදින්නේ ය. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය ද නො උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ... එසේ යි.
140. යමකුට කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදින්නේ ය. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය, පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
141. යමකුට වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද වාක්සංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
142-144. යම් තැනෙක කායසංස්කාරය නො උපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
145. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදින්නේ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපදින්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, කායසංස්කාරය ද නො උපදින්නේ යි.
146. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය ... එසේ යි.
147. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදින්නේ ය. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
අනාගතවාර යි.
148-150. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි).
(උත්පාදවාරයෙහි ප්‍රත්‍යුත්පන්න අතීත පෘච්ඡාවෝ අනුලෝමය ප්‍රත්‍යනීකය ද විසින් යම්සේ බෙදන ලද්දාහු ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි ද ප්‍රත්‍යුත්පන්න අතීත පෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් බෙදිය යුත්තාහ.)
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
151. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
152. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
153. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
154-156. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
157. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ ය.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
158. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
159. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
160. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
161. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
162. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
163-165. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)