Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 2401-2500 න් 7971

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ නො වේ. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.
11. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
12. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
13-15. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් (ප්‍රත්‍යනීකාවකාශ යි)
16-18. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ව විස්තර කළයුතු. යස්සයත්‍ථකයෙහි ‘නිරෝධසමාපන්නානං’ යනු නො යෙදියයුතු.)
ප්‍රත්‍යුත්පන්නවාරය යි.
19-36. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
(උත්පාදවාරයෙහි අතීතපෘච්ඡාව යම්සේ යස්සකය ද යස්සයත්‍ථකය ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදන ලද නම් එසේ නිරෝධවාරයෙහි ද බෙදියයුතු. වෙනසෙක් නැති.)
අතීතවාර යි.
37. යමකුට කායසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ, ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
38. යමකුට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
39. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි. (අනුලෝමපුද්ගල යි)
40-42. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ... (අනුලෝමාවකාශ යි)
43. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට හා තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද රූපාවචරයනට ද හා අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
44. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ, ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
45. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද, යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ, ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
46. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට වාක්සංස්කාරය ... එසේ යි.
47. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තය උපදනා කෙණෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
48. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
49-51. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
52. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තය උපදනා කෙණෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්ත සමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට හා තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
53. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ යත්: එසේ යි.
54. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
අනාගතාවාර යි.
55. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරයය නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
56. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරයය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
57. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත බිඳෙනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
58-60. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
61. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වේ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි කායසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය නිරුද්ධ වී.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
62. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
63. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)
64. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: නැති.
65. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: නැති.
66. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
67-69. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
70. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.
71. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වී.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.
72. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද, අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වී.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
73. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
74. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
75. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
76-78. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
79. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි කායසංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
80. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
81. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: විතර්‍කවිචාරසහිත වූ පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට එහි විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)
82. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.
83. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
84. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
85-87. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
88. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ම ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වේ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි.
සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.
89. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වේ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය ... එසේ යි.
90. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: සවිතර්‍කසවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
91. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට ... එසේ යි.
92. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට ... එසේ යි.