Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 2201-2300 න් 7971

7. කාය කායසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ වාක්සංස්කාර වේ ද යත්: වාක්සංස්කාරය සංස්කාර වූයේ ම වාක්සංස්කාර ද වෙයි, සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, වාක්සංස්කාර නො වේ.
8. කාය කායසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ චිත්තසංස්කාර වේ ද යත්: චිත්තසංස්කාරය සංස්කාර ද වූයේ ම චිත්තසංස්කාර ද වෙයි. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, චිත්තසංස්කාර නො වේ.
9. වාක් වාක්සංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ කායසංස්කාර වේ ද යත්: කායසංස්කාරය සංස්කාර ද වූයේ ම කායසංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ. කායසංස්කාර නො වේ.
10. වාක් වාක්සංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ චිත්තසංස්කාර වෙයි යත්: චිත්තසංස්කාරය සංස්කාර ද වූයේ ම චිත්තසංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ. චිත්තසංස්කාර නො වේ.
11. චිත්තය චිත්තසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ කායසංස්කාර වෙයි යත්: කායසංස්කාරය සංස්කාර ද වූයේ ම කායසංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, කායසංස්කාර නො වේ.
12. චිත්තය චිත්තසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ වාක්සංස්කාර වෙයි යත්: වාක්සංස්කාරය සංස්කාර ද වූයේ ම වාක්සංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, වාක්සංස්කාර නො වේ. (අනුලෝම යි)
13. කාය නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය කාය නො වේ, කාය සංස්කාර යි. කාය ද කායසංස්කාර ද තබා සෙස්ස කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ. සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වෙයි යත්: එසේ යි.
14. කාය නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය කාය නො වේ, කායසංස්කාර යි. කාය ද කායසංස්කාර ද තබා සෙස්ස කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ. සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වෙයි යත්: එසේ යි.
15. වාක් නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය වාක් නො වෙයි, වාක්සංස්කාර යි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් නො වූයේ ම වාක්සංස්කාර ද නො වෙයි. සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වෙයි යත්: එසේ යි.
16. වාක් නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය වාක් නො වෙයි, වාක්සංස්කාර යි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් ද නො වූයේ ම වාක්සංස්කාර ද නො වෙයි. සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වෙයි යත්: එසේ යි.
17. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වෙයි යත්: චිත්තසංස්කාරය චිත්ත නො වේ, චිත්තසංස්කාර යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වෙයි යත්: එසේ යි.
18. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වෙයි යත්: චිත්තසංස්කාරය චිත්ත නො වේ, චිත්තසංස්කාර යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ, සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි)
පදශෝධනමූලචක්‍රවාර යි.
19. කායසංස්කාරය වාක්සංස්කාර වෙයි යත්: නැති. වාක්සංස්කාරය කායසංස්කාර වෙයි යත්: නැති.
20. කායසංස්කාරය චිත්තසංස්කාර වෙයි යත්: නැති. චිත්තසංස්කාරය කායසංස්කාර වෙයි යත්: නැති.
21. වාක්සංස්කාරය චිත්තසංස්කාර වෙයි යත්: නැති. චිත්තසංස්කාරය වාක්සංස්කාර වෙයි යත්: නැති. (අනුලෝම යි)
22. කායසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය කායසංස්කාර නො වේ, වාක්සංස්කාර යි. කායසංස්කාරය ද වාක්සංස්කාරය ද තබා සෙස්ස කායසංස්කාර ද නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ, වාක්සංස්කාර නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය වාක්සංස්කාර නො වේ. කායසංස්කාර යි. වාක්සංස්කාර ද කායසංස්කාර ද තබා සෙස්ස වාක්සංස්කාර ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ.
23. කායසංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද යත්: චිත්තසංස්කාරය කායසංස්කාර නො වෙයි, චිත්තසංස්කාර යි. කායසංස්කාර ද චිත්තසංස්කාර ද තබා සෙස්ස කායසංස්කාර ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. චිත්තසංස්කාර නො වූයේ කායසංස්කාර නො වේ ද යත්: කායසංස්කාරය චිත්තසංස්කාර නො වෙයි, කායසංස්කාර යි. චිත්තසංස්කාර ද කායසංස්කාර ද තබා සෙස්ස චිත්තසංස්කාර ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ.
24. වාක්සංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද යත්: චිත්තසංස්කාරය වාක්සංස්කාර නො වේ, චිත්තසංස්කාර යි. වාක්සංස්කාරය ද චිත්තසංස්කාරය ද තබා සෙස්ස වාක්සංස්කාර ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. චිත්තසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වේ ද යත්: වාක්සංස්කාරය චිත්තසංස්කාර නො වේ, වාක්සංස්කාර යි. චිත්තසංස්කාරය ද වාක්සංස්කාරය ද තබා සෙස්ස චිත්තසංස්කාර ද නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ. (ප්‍රත්‍යනීක යි)
ශුද්ධසංස්කාරවාර යි.
ප්‍රඥප්තිනිර්දේශවාර යි.
3. ප්‍රවෘත්ති උත්පාදවාරය
1. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට කායසංස්කාරය උපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි කාමාවචරයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී.
තවද යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය උපදී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි කාමාවචරයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
2. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, කායසංස්කාරය ද උපදී.
3. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
4. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය උපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි දැයි එහි කායසංස්කාරය උපදී, එහි වාක්සංස්කාරය නො ද උපදී, එහි කාමාවචරභූමියෙහි වූ ප්‍රථමධ්‍යානයෙහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී.
තවද යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් එහි කායසංස්කාරය උපදී ද යත්: රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි වාක්සංස්කාරය උපදී. එහි කායසංස්කාරය නො ද උපදී. එහි කාමාවචරභූමියෙහි වූ ප්‍රථමධ්‍යානයෙහි වාක්සංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
5. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක චිත්තසංස්කාරය උපදී නම් එහි කායසංස්කාරය උපදී ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි දැයි එහි චිත්තසංස්කාරය උපදී, එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයෙහි ද්විතීයධ්‍යානයෙහි තෘතීයධ්‍යානයෙහි කාමාවචරභූමියෙහි දැයි එහි චිත්තසංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
6. යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් එහි චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක චිත්තසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය උපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයෙහි දැයි එහි චිත්තසංස්කාරය උපදී, එහි වාක්සංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයෙහි කාමාවචරයෙහි ද රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි චිත්තසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී (අනුලෝමාවකාශ යි).
7-9. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
10. යමකුට කායසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට කායසංස්කාරය නූපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
තවද යමකුට වාක්සංස්කාරය නූපදී නම් ඔහුට කායසංස්කාරය නූපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය නූපදී, ඔවුනට කායසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාර චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය ද නූපදී, කායසංස්කාරය ද නූපදී.
11. යමකුට කායසංස්කාරය නූපදී නම් ඔහුට චිත්තසංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නූපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, චිත්තසංස්කාරය ද නූපදී.
තවද යමකුට චිත්තසංස්කාරය නූපදී නම් ඔහුට කායසංස්කාරය නූපදී ද යත්: එසේ යි.
12. යමකුට වාක්සංස්කාරය නූපදී නම් ඔහුට චිත්තසංස්කාරය නූපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නූපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය ද නූපදී, චිත්තසංස්කාරය ද නූපදී.
තවද යමකුට චිත්තසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
13. යම් තැනෙක කායසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි කායසංස්කාරය නූපදී, එහි වාක්සංස්කාරය නො ද නූපදී. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ද අසංඥසත්‍වයෙහි දැයි එහි කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
තවද යම් තැනෙක වාක්සංස්කාරය නූපදී නම් එහි කායසංස්කාරය නූපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි දැයි එහි වාක්සංස්කාරය නූපදී, එහි කායසංස්කාරය නො ද නූපදී. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ද අසංඥසත්‍වයෙහි දැයි එහි වාක්සංස්කාරය ද නූපදී, කායසංස්කාරය ද නූපදී.
14. යම් තැනෙක කායසංස්කාරය නූපදී නම් එහි චිත්තසංස්කාරය නූපදී ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ද රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි කායසංස්කාරය නූපදී, එහි චිත්තසංස්කාරය නො ද නූපදී. අසංඥසත්ත්‍ව වූ එහි කායසංස්කාරය ද නූපදී. චිත්තසංස්කාරය ද නූපදී.
තවද යම් තැනෙක ... එසේ යි.
15. යම් තැනෙක වාක්සංස්කාරය නූපදී නම් එහි චිත්තසංස්කාරය නූපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයෙහි දැයි එහි වාක්සංස්කාරය නූපදී, එහි චිත්තසංස්කාරය නො ද නූපදී. අසංඥසත්ත්‍ව වූ එහි වාක්සංස්කාරය ද නූපදී, චිත්තසංස්කාරය ද නූපදී.
තවද යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකාවකාශ යි)
16-18. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි කායසංස්කාරය නූපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන වැ විස්තර කළ යුතු යි. යස්සයත්‍ථකයෙහි නිරෝධසමාපන්නානං යනු නො ලැබේ.)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
19. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාර උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය ... එසේ යි.
20. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි,
21. යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
22-24. යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
(යත්‍ථකය ද හැමතන්හි එකසමාන යි.)
25. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද සමවන් ඔවුනට එහි කායසංස්කාරය උපන්නේය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපන්නේ යි.
26. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපන්නේ යි.
27. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
28. යමකුට කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නූපන්නේ ද යත්: නැති.
තවද යමකුට වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට කායසංස්කාරය නූපන්නේ ද යත්: නැති.
29. යමකුට කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: නැති.
තවද යමකුට ... නැති.
30. යමකුට වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: නැති.
තවද යමකුට ... නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
31-33. යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
34. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නූපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපන්නේ ය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නූපන්නේ ය. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපන්නේ ය, වාක්සංස්කාරය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නූපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට ද සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නූපන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නූපන්නේ ය. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපන්නේ ය, කායසංස්කාරය ද නූපන්නේ යි.
35. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපන්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපන්නේ ය, චිත්තසංස්කාරය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ... එසේ යි.
36. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නූපන්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපන්නේ ය, චිත්තසංස්කාරය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශයි)
අතීතවාර යි.
37. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි
තවද යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපදින්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
38. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
39. යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ විතර්‍ක විචාර රහිත පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ ය. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගල යි)
40-42. යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
43. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නා වූ ඔවුනට එහි කායසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ නම් රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
44. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
45. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ විතර්‍කවිචාරරහිත වූ පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
46. යමකුට කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට කායසංස්කාරය ද නූපදින්නේ ය, වාක්සංස්කාරය ද නූපදින්නේ යි.
තවද යමකුට ... එසේ යි.
47. යමකුට කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කායසංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නූපදින්නේ නම් ... එසේ යි.
48. යමකුට වාක්සංස්කාරය නූපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට වාක්සංස්කාරය නූපදින්නේ ය, ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය, පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට වාක්සංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
තවද යමකුට ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
49-51. යම් තැනෙක කායසංස්කාරය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)