අතීතවාර යි.
10. යමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේ ය, සමුදය සත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි.
යමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි.
11. යමකුට සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ග සත්‍යය ද නිරුද්ධ වන්නේ ය. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි)
12. යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
13. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුක්ඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යැ)
14. යමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
යමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
15. යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැයි ඔවුනට සමුදයසත්‍යය ද නූපදින්නේ ය, මාර්‍ග සත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
16. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
17. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ය. සමුදයසත්‍යය ද මාර්‍ගසත්‍යය ද යෙදීම පමණක් වෙනසි. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි.)
අනාගතවාර යි.
18. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට … (අනුලෝමපුද්ගල යි)
(ප්‍රත්‍යුත්පන්න-අතීතපෘච්ඡා උත්පාදවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද යස්සකය ද යත්‍ථකය ද යස්සයත්‍ථකය ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද සමාන යැ. නො මුළාවන්නහු විසින් බෙදිය යුතු යි.)
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
19. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය උපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී. සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට දුඃඛසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
20. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි සමුදයසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝමපුද්ගල යි.)
21. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
22. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ... සෙසු චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. දුඃඛසත්‍යය ද උපදී.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
23. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද එහි සමුදයසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝමපුග්ගලාවකාශ යි.)
24. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ නොවන්නේ ය. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
25. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නූපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
26. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
27. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදින්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛ්‍යසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනව දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
28. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
29. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්:
(යම්සේ නිරෝධවාරයෙහි අතීත-අනාගතපෘච්ඡා පිළිබඳ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදනලද ද, එසේ ම උත්පාදනිරෝධවාරයෙහිදු නුමුළා වන්නහු විසින් බෙදියයුතු යි.)
උත්පාදනිරෝධවාර නිමි.
ප්‍රවෘත්තිවාර නිමි.
6. පරිඥාවාරය
30. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදය සත්‍යය දුරු කෙරේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙරේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙරේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙරේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
ප්‍රත්‍යුත්පන්නවාර යි.
31. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කෙළේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
අතීතවාර යි.
32. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දන්නේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
අනාගතවාර යි.
33. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කෙළේ ද යත්: නැති. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: නැති.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ද යත්: අර්‍හත් තෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී, සමුදයසත්‍යය නො ද දුරු නො කෙළේ යි. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා සෙසු පුද්ගලයෝ දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය ද දුරු නො කළාහු ය. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී (පුද්ගල) තෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ය, දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා සෙසු පුද්ගලයෝ සමුදයසත්‍යය ද දුරු නො කළාහු ය, දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්.
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
34. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: නැති. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: නැති.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුහු දුඃඛසත්‍යය පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය නො ද දුරු නො කරන්නාහු ය. අර්‍හත් තෙමේ ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. තවද යමෙක් සමුදයසත්‍ය දුරු නොකරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී තෙමේ සමුදයසත්‍යය දුරු නො කරන්නේ ය. දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දනී. අර්‍හත් තෙමේ ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්.
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
35. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: නැති. තවද යමෙක් සමුදය සත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ ද යත්: නැති.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුහු දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්හ, ඔවුහු සමුදයසත්‍යය නො ද දුරු නො කරන්නාහු ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දත්හ, සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ ද යත්: අර්‍හත් තෙමේ සමුදයසත්‍යය දුරු නො කරන්නේ ය, දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දත්තේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය, දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දත්හ.
අතීතානාගතවාර යි.
පරිඥාවාර නිමි.
සච්චයමක නිමි.
අභිධර්‍මපිටකයෙහි
යමකප්‍රකරණය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
6. සංස්කාරයමකය
1. ප්‍රඥප්ති උද්දේශවාරය
සංස්කාරයෝ තිදෙනෙකි: කායසංස්කාර යැ, වාක්සංස්කාර යැ, චිත්තසංස්කාර යි. ආශ්වාසප්‍රශ්වාසයෝ කායසංස්කාර යැ. විතර්‍ක විචාරයෝ වාක්සංස්කාර යැ. සංඥාව ද වේදනාව ද චිත්තසංස්කාර යැ. විතර්‍කවිචාරයන් තබා සිත හා යෙදුණු සියලු මැ ධර්‍මයෝ චිත්තසංස්කාර යි.
1. කාය කායසංස්කාර වේ ද, කායසංස්කාරය කාය වේ ද.
2. වාක් වාක්සංස්කාර වේ ද, වාක්සංස්කාරය වාක් වේ ද.
3. චිත්ත චිත්තසංස්කාර වේ ද, චිත්තසංස්කාරය චිත්ත වේ ද. (අනුලෝම යි)
4. කාය නො වූයේ කායසංස්කාර නො වේ ද, කායසංස්කාර නො වූයේ කාය නො වේ ද.
5. වාක් නො වූයේ වාක්සංස්කාර නො වේ ද, වාක්සංස්කාර නො වූයේ වාක් නො වේ ද.
6. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, චිත්තසංස්කාර නො වූයේ චිත්ත නො වේ ද. (ප්‍රත්‍යනීක යි)
පදශෝධනවාර යි.
7. කාය කායසංස්කාර වේ ද, සංස්කාරයෝ වාක්සංස්කාර වේ ද.
8. කාය කායසංස්කාර වේ ද, සංස්කාරයෝ චිත්තසංස්කාර වේ ද.
9. වාක් වාක්සංස්කාර වේ ද, සංස්කාරයෝ කායසංස්කාර වේ ද.
10. වාක් වාක්සංස්කාර වේ ද, සංස්කාරයෝ චිත්තසංස්කාර වේ ද.
11. චිත්ත චිත්තසංස්කාර වේ ද, සංස්කාරයෝ කායසංස්කාර වේ ද.
12. චිත්ත චිත්තසංස්කාර වේ ද, සංස්කාරයෝ වාක්සංස්කාර වේ ද. (අනුලෝම යි)
13. කාය නො වූයේ කායසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වේ ද.
14. කාය නො වූයේ කායසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වේ ද.
15. වාක් නො වූයේ වාක්සංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වේ ද.
16. වාක් නො වූයේ වාක්සංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වේ ද.
17. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වේ ද.
18. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වේ ද. (ප්‍රත්‍යනීක යි)
පදශෝධනමූලචක්‍රවාර යි.
19. කායසංස්කාරය වාක්සංස්කාර වේ ද, වාක්සංස්කාරය කායසංස්කාර වේ ද.
20. කායසංස්කාරය වාක්සංස්කාර වේ ද, චිත්තසංස්කාරය කායසංස්කාර වේ ද.
21. වාක්සංස්කාරය චිත්තසංස්කාර වේ ද, චිත්තසංස්කාරය වාක්සංස්කාර වේ ද. (අනුලෝම යි)
22. කායසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වේ ද, වාක්සංස්කාර නො වූයේ කායසංස්කාර නො වේ ද.
23. කායසංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, චිත්තසංස්කාර නො වූයේ කායසංස්කාර නො වේ ද.
24. වාක්සංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, චිත්තසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වේ ද. (ප්‍රත්‍යනීක යි)
ශුද්ධසංස්කාරවාර යි.
ප්‍රඥප්ති උද්දේශවාර නිමි.
2. ප්‍රඥප්ති නිර්දේශවාරය
1. කාය කායසංස්කාර වෙයි යත්: නැති. කායසංස්කාරය කාය වෙයි යත්: නැති.
2. වාක් වාක්සංස්කාර වෙයි යත්: නැති. වාක්සංස්කාරය වාක් වෙයි යත්: නැති.
3. චිත්තය චිත්තසංස්කාර වෙයි යත්: නැති. චිත්තසංස්කාරය චිත්ත වෙයි යත්: නැති. (අනුලෝම යි)
4. කාය නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය කාය නො වේ, කායසංස්කාර යි. කාය ද කායසංස්කාර ද තබා සෙස්සෝ කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ. කායසංස්කාර නො වූයේ කාය නො වෙයි යත්: කාය කායසංස්කාර නො වේ, කාය යි, කාය ද කායසංස්කාර ද තබා සෙස්ස කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ.
5. වාක් නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය වාක් නො වේ, වාක්සංස්කාර යි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ. වාක්සංස්කාර නො වූයේ වාක් නො වෙයි යත්: වාක් වාක්සංස්කාර නො වේ, වාක් වෙයි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ.
6. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වෙයි යත්: චිත්තසංස්කාරය චිත්ත නො වේ, චිත්තසංස්කාර යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. චිත්තසංස්කාර නො වූයේ චිත්ත නො වෙයි යත්: චිත්තය චිත්තසංස්කාර නො වේ, චිත්ත යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. (ප්‍රත්‍යනීක යි)
පදශෝධනවාර යි.