නිර්දේශවාර නිමි.
3. උත්පාදවාරය
1. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය උපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදී. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, සමුදයසත්‍යය ද උපදී. තවද යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: එසේ යි.
යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදී. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදී. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදී නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය උපදී. ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය ද උපදී, දුඃඛසත්‍යය ද උපදී.
2. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදී ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: නැති. (අනුලෝමපුද්ගල යි.)
3. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් එහි සමුදයසත්‍යය උපදී ද යත්: අසංඥසත්ත්‍ව වූ එහි දුඃඛසත්‍යය උපදී. එහි සමුදයසත්‍යය නො ද උපදී. එහි චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි දුඃඛසත්‍යය ද උපදී. සමුදයසත්‍යය ද උපදී. තවද යම් තැනෙක සමුදයසත්‍යය ... එසේ යි.
යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් එහි මාර්‍ගසත්‍යය උපදී ද යත්: එහි අපායයෙහි හා අසංඥසත්‍වයෙහි දුඃඛසත්‍යය උපදී, එහි මාර්‍ගසත්‍යය නො ද උපදී. එහි අවශේෂ වූ චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදී. තවද යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදී නම් එහි දුඃඛසත්‍යය උපදී ද යත්: එසේ යි.
4. යම් තැනෙක සමුදයසත්‍යය උපදී නම් එහි මාර්‍ගසත්‍යය උපදී ද යත්: එහි අපායයෙහි සමුදයසත්‍යය උපදී. එහි මාර්‍ගසත්‍යය නො ද උපදී. එහි අවශේෂ වූ චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදී. තවද යම් තැනෙක මාර්‍ගසත්‍යය ... එසේ යි. (අනුලෝමාවකාශ යි.)
5. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදී ද යත්: ... (අනුලෝමපුද්ගලාවකාශ යි.)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ව විස්තර කළයුතු.)
6. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද සමුදයසත්‍යය නූපදී, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේත් ඵලයාගේත් උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, දුඃඛසත්‍යය ද නූපදී.
යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදී ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නූපදී. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදී නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මාර්‍ගසත්‍යය නූපදී, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදී, දුඃඛසත්‍යය ද නූපදී.
7. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදී ද යත්: මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍යය නූපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදී. සියල්ලන්ට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්ත මාර්‍ගවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදී. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. සියල්ලන්ට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද මාර්‍ගවිප්‍රයුක්ත තෘෂ්ණාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට ද යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
8. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් එහි සමුදයසත්‍යය නූපදී ද යත්: නැති. තවද යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදී.
යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් එහි සමුදයසත්‍යය නූපදී ද යත්: නැති. තවද යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදී නම් එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදී.
9. යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් එහි මාර්‍ගසත්‍යය නූපදී ද යත්: එසේ යි. තවද යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදී නම් එහි සමුදයසත්‍යය නූපදී ද යත්: ඒ අපායයෙහි මාර්‍ගසත්‍යය නූපදී, එහි සමුදයසත්‍යය නො ද නූපදී. ඒ අසංඥසත්‍වයෙහි මාර්‍ගසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
10. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යුත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේත් ඵලයාගේත් උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, දුඃඛසත්‍යය ද නූපදී.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදී ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදී. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය නූපදී, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදී, දුඃඛසත්‍යය ද නූපදී.
11. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදී ද යත්: මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්ත මාර්‍ගවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදී. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද මාර්‍ගවිප්‍රයුක්ත තෘෂ්ණාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණුවුනට ද අසංඥසත්‍වයනට ද යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදී.(ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
12. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපන්නේ ද යත්: එසේ යි.
යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: (චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධසඞ්ඛ්‍යාත) අභිසමයට නො පැමිණියා වූ ඔවුනට දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණියා වූ ඔවුනට දුඃඛසත්‍යය ද උපන්නේ ය, මාර්‍ගසත්‍යය ද උපන්නේ ය. තවද යමකුට මාර්‍ගසත්‍යය ... උපන්නේ ද යත්: එසේ යි.
13. යමකුට සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: අභිසමයට නො පැමිණියා වූ ඔවුනට සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණියා වූ ඔවුනට සමුදයසත්‍යය ද උපන්නේය, මාර්‍ගසත්‍යය ද උපන්නේ ය. තවද යමකුට ... උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
14. යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.) (යත්‍ථකය ද සියලු තන්හි සදෘශ යැ. පාළිනානාත්‍වය යටැ යත්‍ථකයෙහි මෙනි.)
15. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය ... උපන්නේ ද යත්: එසේ යි.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අභිසමයට නො පැමිණියවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ග සත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපන්නේ ය. මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට යම් තැනක මාර්‍ගසත්‍යය ... උපන්නේ ද යත්: එසේ යි.
16. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: දෙවන අකුශලචිත්තය පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අභිසමයට නො පැමිණියවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපන්නේය. අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද උපන්නේය, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය ... උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
17. යමකුට දුඃඛසත්‍යය නූපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපන්නේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්‍යය ... නූපන්නේ ද යත්: නැති.
යමකුට දුඃඛසත්‍යය නූපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපන්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපන්නේ ද යත්: උපන්නේ යි.
18. යමකුට සමුදයසත්‍යය නූපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපන්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය ... නූපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යානීක පුද්ගල යි.)
19. යම් තැනෙක දුඃඛසත්‍යය නූපන්නේ නම් (ප්‍රත්‍යනීකාවකාශ යි.)
20. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපන්නේ යි.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අභිසමයට නො පැමිණියවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපන්නේ යි.
21. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපන්නේ ද යත්: දෙවන අකුශල චිත්තය පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අභිසමයට නො පැමිණියවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපන්නේ ය. දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපන්නේ ය, සමුදයසත්‍යය ද නූපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අතීතවාර යි.
22. යමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය ලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි.
යමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේ ය. මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... උපදින්නේ ද යත්: එසේ යි.
23. යමකුට සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදින්නේ ය, අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි.)
24. යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
25. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු තම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදින්නේ නම් ... උපදින්නේ ද යත්: එසේ යි.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදින්නේ ද යත්: එසේ යි.
26. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් ද කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි සමුදයසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ග සත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
27. යමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය, පශ්චිමචිත්තසමඬගි වූ ඔවුනට සමුදයසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
යමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: එසේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද මාර්‍ගසත්‍යය නූපදින්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
28. යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදින්නේ ය. මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය නූපදින්නේ ය. ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය, අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. (ප්‍රත්‍යානීක පුද්ගල යි.)
29. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
30. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට් ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගීනට එහි සමුදයසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නුම් ඔවුනට ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
31. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදින්නේ ය. මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තව ද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අනාගතවාර යි.
32. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය උපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේත් ඵලයාගේත් උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. උපදනා වූ සියල්ලනට ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍යය ද උපන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: අභිසමයට නො පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය උපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තව ද යමකුට මාර්‍ගසත්‍යය උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේත් ඵලයාගේත් උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය උපන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද උපන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
33. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට සමුදයසත්‍යය උපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදී. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට මාර්‍ගසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝම පුද්ගල යි.)
34. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
(සියලු යත්‍ථකයෝ සමානයහ.)
35. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය උපන්නේ ද යත්: උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපන්නේ ය. චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි සෙසු උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී. සමුදයසත්‍යය ද උපන්නේ යි. තව ද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද උපන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: අභිසමයට පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී අභිසමයට පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද උපන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
36. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදී ද යත්: අභිසමයට පැමිණියා වූ ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදී. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා ඔවුනට මාර්‍ගසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
37. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය නො උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: නැති:
යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නො උපන්නේ ද යත්: අභිසමයට පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපන්නේ ය. අභිසමයට නො පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නො උපන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නො උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: අභිසමයට නො පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නො උපන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අභිසමයට නො පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නො උපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
38. යමකුට සමුදය සත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නො උපන්නේ ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපන්නේ ය. අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නො උපන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට මාර්‍ගසත්‍යය නො උපන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නො උපන්නේ ය, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
39. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
40. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නො උපන්නේ ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපන්නේ ය. උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, සමුදයසත්‍යය ද නො උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නො උපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නො උපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නො උපන්නේ ද යත්: අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නො උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණියා වූ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො උපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ශුද්ධාවාසයෙහි ද අභිසමයට නො පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නො උපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
41. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නො උපන්නේ ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී. ඔවුනට එහි මාර්‍ග සත්‍යය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට දෙවන චිත්තය පවත්නා කල්හි ද අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණා විප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නො උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යත්: අභිසමයට නො පැමිණියවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නො උපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි දෙවන චිත්තය පවත්නා කල්හි ද අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නො උපන්නේ ය, සමුදය සත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්තාතීතචාර යි.
42. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය උපදී, ඔවුනට සමුදයසත්‍ය නො ද උපදින්නේ ය. සෙසු උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය උපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී.
යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
43. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද සමුදයසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝම පුද්ගල යි.)
44. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.) (යත්‍ථකය ද යස්ස යත්‍ථකය මෙන් කළයුතු යි.)
45. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. චතුවෝකාරයෙහි හා පඤ්‍චවෝකාරයෙහි උපදනා වූ සෙස්සනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, සමුදයසත්‍යය ද උපදින්නේ ය. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙඟි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද උපදී,දුඃඛසත්‍යය ද උපදී.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරුවැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
46. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි සමුදයසත්‍යය උපදී. ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදී ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ හඬශක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
47. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට දුඃඛසත්‍යය. නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ භා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
යමකුට දුඃඛසත්‍යය නූපදී නම්, ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මාර්‍ගසත්‍යය නූපදින්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය. දුඃඛසත්‍යය ද නූපදී.
48. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නූපදී.(ප්‍රත්‍යනීකපුද්ගල යි.)
49. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
50. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ යි. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද ආපායිකයනට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට ද එහි දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද ආපායිකයනට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
51. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යත්: ආපායිකයනට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නූපදී.(ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නනෝගතවාර යි.
52. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුව සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට දුඃඛසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ ය. තවද යමකුට සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපන්නේ ද යත්: එසේ යි.
යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය ද උපන්නේ ය. මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි.
53. යමකුට සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහතන්ට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් අනන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය ද උපන්නේ ය, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
54. යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
55. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපන්නේ ය.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට ද එහි දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි දුඃඛසත්‍යය ද උපන්නේ ය, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපන්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපන්නේ යි.
56. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද ආපායිකයනට ද එහි සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නා නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි සමුදයසත්‍යය ද උපන්නේ ය. මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය. ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපන්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
57. යමකුට දුඃඛසත්‍යය නො උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
යමකුට දුඃඛසත්‍යය නො උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
58. යමකුට සමුදයසත්‍යය නො උපන්නේ නම් ඔහුට මාර්‍ග සත්‍යය නූපදින්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
59. යම් තැනෙක දුඃඛසත්‍ය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
60. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍ය නූපදින්නේ ද යත්: උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
61. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සමුදයසත්‍යය නො උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ යි. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද නො උපන්නේ ය, මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නො උපන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද ආපායිකයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපන්නේ ය. අසංඥසත්‍ව වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නො උපන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
අතීතානාගතවාර යි.
උත්පාදවාර නිමි.
4. නිරෝධවාරය