Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

Showing entries 101-200 of 7971

36. අව්‍යාකෘතමූල විසින් එක්මූලමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වෙති යත් : අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලමූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ අව්‍යාකෘතමූල සහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක වෙති. නොද අන්‍යො’න්‍යමූලමූලක වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
අව්‍යාකෘතපද නයචතුෂ්ක යි.
37. (සතර අරූපස්කන්‍ධ යැ නිර්‍වාණ යැ යන) නාම සඞ්ඛ්‍යාත වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල වෙති යත්: (කුශල - අකුශල - අව්‍යාකෘතමූල විසින්) නාමමූලයෝ නවදෙනෙක් මැ වෙති. අවශේෂ වූ නාම ධර්‍මයෝ නාමමූල නො වෙති. යළි නාමමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
38. නාම සඞ්ඛ්‍යාත වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම නාමමූල විසින් ඒකමූල වෙති යත් : අහේතුක වූ නාමය නාමමූල විසින් ඒකමූල නො වෙයි. සහේතුක වූ නාමය නාමමූල විසින් ඒකමූල වෙයි. යළි නාමමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාම සමුත්‍ථාන වූ රූපය නාමමූල විසින් ඒකමූල වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූල ද නාම ද වේ.
39. නාමමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වෙති යත්: නාම මූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූල ද අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ නාමමූල සහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූල වෙති, නොද අන්‍යො’න්‍යමූල වෙති. යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
40. නාම සංඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූලමූල වෙති යත් : නාමමූලයෝ නවදෙනෙක් මැ වෙති. අවශේෂ වූ නාමධර්‍මයෝ නාමමූලමූල නො වෙති. යළි නාමමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
41. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූලමූල වෙති යත්: අහේතුක නාමය නාමමූල විසින් ඒකමූලමූල නො වෙයි. සහේතුක නාමය නාමමූල විසින් ඒකමූලමූල වෙයි. යළි නාමමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත්: නාමසමුත්‍ථාන වූ රූපය නාමමූල විසින් ඒකමූලමූල වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූලමූල ද නාම ද වේ.
42. නාමමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වෙති යත්: නාමමූල වු යම් මූල කෙනෙක් එකවට උපදනුනාහු වෙත් නම් ඒකමූලමූල ද අන්‍යො’න්‍යමූලමූල ද වෙති. අවශේෂ වූ නාමමූලසහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූලමූල වෙති. නොද අන්‍යො’න්‍යමූලමූල වෙති. යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
43. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූලක වෙති යත් : අහේතුක නාමය නාමමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූලක වෙයි. යළි නාමමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාමසමුත්‍ථාන රූපය නාමමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූලක ද නාම ද වේ.
44. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූලක වෙති යත් : අහේතුක නාමය නාමමූල විසින් ඒකමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූල විසින් ඒකමූලක වෙයි. යළි නාමමූල විසින් ඒකමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාමසමුත්‍ථාන රූපය නාමමූල, විසින් ඒකමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූලක ද නිසාම ද වේ.
45. නාමමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූලක වෙති යත් : නාමමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලික ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ නාමමූලසහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූලක වෙති. නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
46. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූලක වෙති යත්: අහේතුක නාමය නාමමූලමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූලමූලක වෙයි. යළි නාමමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත්: නාමසමුත්‍ථාන රූපය නාමමූලමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූලමූලක ද නාම ද වේ.
47. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූලමූලක වෙති යත් : අහේතුක නාමය නාමමූල විසින් ඒක මූලමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූල ඒකමූලමූලක වෙයි. යළි නාමමූල විසින් ඒකමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාමසමුත්‍ථාන රූපය නාමමූල විසින් ඒකමූලමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූලමූලක ද නාම ද වේ.
48. නාමමූල විසින් ඒකමූලමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වෙති යත් : නාමමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලමූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ නාමමූල සහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූලමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලමූලක වෙති. යළි නාමමූල අන්‍යො’න්‍යමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
නාමපද නයචතුෂ්ක යි.
මූලවාරනිර්දේශ යි.
49. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශල (ඵල නිපයනුවට පවතී නු යි) හේතු වෙති යත් : කුශල හේතු තිදෙනෙක් ම වෙති. අවශේෂ කුශල ධර්‍මයෝ කුශලහේතු නො වෙත්. කුශල (එල දක්වා දේ නු යි) නිදාන ... කුශල (ඵල සම්භව වේ නු යි) සම්භව ... කුශල (ඵල ප්‍රභව කෙරේ නු යි) ප්‍රභව ... කුශල (එල සමුත්‍ථානකෙරේ නු යි) සමුත්‍ථාන ... කුශල (ඵල ගෙන දේ නු යි) ආහාර ... කුශල (ඵලයෙන් එල්බේ නු යි) ආලම්බන ... කුශල (ඵල පවත්වා නු යි) ප්‍රත්‍යය ... කුශල (ඵල උදා කෙරේ නු යි) සමුදය වෙති යත්: ... අකුශල ස්වභාව වූ යම් කිසි ධර්‍ම කෙනෙක් ... අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ... නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමහේතු ... නාමනිදාන ... නාමසම්හව ... නාමප්‍රභව ... නාමසමුත්‍ථාන ... නාමාහාර ... නාමාලම්බන ... නාමප්‍රත්‍යය ... නාමසමුදය වෙති යත් :
මූල යැ හේතු යැ නිදාන යැ සම්භව යැ ප්‍රභව යැ සමුත්‍ථාන යැ ආහාර යැ ආලම්බන යැ ප්‍රත්‍යය යැ සමුදය යැ යි වාර දසයෙකි.
නිර්දේශවාර නිමි.
මූලයමක නිමි.
2. ස්කන්‍ධයමකය
1. ප්‍රඥප්ති උද්දේශවාර
ස්කන්‍ධයෝ පස් දෙනෙකි: රූපස්කන්‍ධ යැ වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි.
1. රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, රූපස්කන්‍ධ වූයේ රූප වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, වේදනාස්කන්‍ධ වූයේ වේදනා වේ ද. සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද සංඥාස්කන්‍ධ වූයේ සංඥා වේ ද, සංස්කාර වූවාහු සංස්කාරස්කන්‍ධ වේ ද, සංස්කාරස්කන්‍ධ වූයේ සංස්කාරයෝ වෙත් ද, විඥාන වූයේ විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද විඥානස්කන්‍ධ වූයේ විඥාන වේ ද.
2. රූප නොවූයේ රූපස්කන්‍ධ නොවූයේ වේ ද, රූපස්කන්‍ධ නොවූයේ රූප නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනාස්කන්‍ධ නොවූයේ වේදනා නොවූවා වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, සංඥාස්කන්‍ධ නොවූයේ නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු සංසාරස්කන්‍ධ නොවූයේ වේ ද සංස්කාරස්කන්‍ධ නොවූයේ සංස්කාර වූවාහු වෙත් ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, විඥානස්කන්‍ධ නොවූයේ විඥාන නොවූයේ වේ ද. (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනවාර යි.
3. රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේද, රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, රූප වූයේ රූපස්කන්‍ධ වේද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
4. වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
5. සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
6. සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේ ද, සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
7. විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේ ද, විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, (අනුලෝම යි)
8. රූප නො වූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, රූප නො වූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, රූප නො වූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, රූප නොවූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද,
9. වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද,
10. සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූපකන්‍ධ නොවූයේ වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද.
11. සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද,
12. විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ වේ ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, (ප්‍රත්‍යනීක යි.)
පදශෝධන මූලචක්‍රවාර යි.
13. රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු රූප වේ ද, වේදනා වූවා ස්කන්‍ධ වූවාහු වේ ද, ස්කන්‍ධ වූවාහු වේදනා වේ ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංඥා වේ ද, සංස්කාර වූවාහු ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංස්කාර වෙත් ද, විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු විඥාන වේ ද, (අනුලෝම යි.)
14. රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නො වූයේ වේ ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වූයේ වේද, විඥාන නොවූයේ ස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද. (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධ ස්කන්‍ධවාර යි.
15. රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු වේදනා වේ ද, රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංඥා වේ ද, රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංස්කාර වෙත් ද, රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු විඥාන වේ ද.
16. වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු රූප වේ ද, වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංඥා වේ ද, වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංස්කාර වෙත් ද, වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු විඥාන වේ ද.
17. සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූප වේ ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනා වේ ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාර වෙත් ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥාන වේ ද.
18. සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූප වේ ද, සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනා වේ ද, සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥා වේ ද, සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥාන වේ ද.
19. විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූප වේ ද, විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනා වේ ද, විඥාන වූයේ විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥා වේ ද, විඥාන වූයේ විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාර වෙත් ද, (අනුලෝම යි.)
20. රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවුවහු සංඥා නොවූවා වේ ද, රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද, රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද,
21. වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නොවූයේ වේ ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවා වේ ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද,
22. සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නොවූයේ වේ ද· සංඥා නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද, සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද.
23. සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු රූප නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු විඥාන නොවූයේ වේ ද.
24. විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නොවූයේ වේ ද, විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නො වූවාහු වේ ද, විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවාහු වේ ද, විඥාන නො වූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද.
ශුද්ධ ස්කන්‍ධ මූලචක්‍රවාර යි.
උද්දේශවාර නිමි.
2. ප්‍රඥප්ති නිර්දේශවාර
1. රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. රූපස්කන්‍ධය රූප වෙයි යත්: එසේ යැ.
වේදනාව වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. වේදනාස්කන්‍ධය වේදනා වෙයි යත්: එසේ යැ.
සංඥාව සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥාව සංඥාව වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධය සංඥා සංඥාස්කන්‍ධ ද වෙයි. සංඥාස්කන්‍ධය සංඥා වෙයි යත්: එසේ යැ.
සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා (හැර) අවශේෂ සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ නො වෙති. සංස්කාරස්කන්‍ධය සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. සංස්කාරස්කන්‍ධය සංස්කාරයෝ යැ යත්: එසේ යැ.
විඥානය විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. විඥානස්කන්‍ධය විඥාන වෙයි යත්: එසේ යි. (අනුලෝම යි.)
2. රූප නොවූයේ රූපස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. රූපස්කන්‍ධ නොවූයේ රූප නොවූයේ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූපස්කන්‍ධ නොවූයේ වෙයි. රූප වෙයි. රූපයත් රූපස්කන්‍ධයත් තබා (හැර) අවශේෂයෝ නොද රූප වෙයි, නොද රූපස්කන්‍ධ වෙයි.
වේදනා නොවූයේ වේදනාස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. වේදනාස්කන්‍ධ නොවූයේ වේදනා නොවූයේ වෙයි යත්: එසේ යැ.
සංඥා නොවූයේ සංඥාස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. සංඥාස්කන්‍ධ නොවූයේ සංඥා නො වූයේ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥාස්කන්‍ධ නොවූයේ වෙයි, සංඥා වෙයි. සංඥාව ද සංඥාස්කන්‍ධය ද තබා රූපාදි අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද සංඥාස්කන්‍ධ වෙයි.
සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ. සංස්කාරස්කන්‍ධ නොවූයේ සංස්කාර නොවූවාහු යැ යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාරස්කන්‍ධ නොවූයේ යැ, සංස්කාර වෙති. සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද තබා අවශේෂයෝ නොද සංස්කාරයෝ යැ, නොද සංස්කාරස්කන්‍ධ යි.
විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. විඥානස්කන්‍ධ නොවූයේ විඥාන නොවූයේ වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනවාර යි.
3. රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධය ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. (රූපාදි) අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධය ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නොවේ.
රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙති යත්: සංස්කාරස්කන්‍ධය ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංසාරස්කන්‍ධ නොවේ.
රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ ද වෙති යත්: විඥානස්කන්‍ධය ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. විඥානස්කන්‍ධ නොවේ.
4. වේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. රූපස්කන්‍ධ නො වේ.
වේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
වේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංස්කාරස්කන්‍ධ නො වේ.
වේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥාන ස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. විඥානස්කන්‍ධ නො වේ.
5. සංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
සංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥා වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වේ.
සංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥා වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
සංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥා වෙයි. සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
6. සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති. සංස්කාරස්කන්‍ධ නො වෙයි. සංස්කාරස්කන්‍ධ සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරකන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති, සංස්කාරකන්‍ධ නො වෙයි. සංස්කාර ස්කන්‍ධ සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වේ.
සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති, සංස්කාරස්කන්‍ධ නො වෙයි. සංස්කාරස්කන්‍ධ සංස්කාර ද සංස්රස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධ වෙති, සංඥාස්කන්‍ධ නො වේ.
සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති, සංස්කාරස්කන්‍ධ නො වෙයි. සංස්කාර ස්කන්‍ධ සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධ වෙති, විඥානස්කන්‍ධ නො වේ.
7. විඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
විඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
විඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වේ.
විඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ. (අනුලෝම යි.)
8. රූප නොවූයේ රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
රූප නොවූයේ රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
රූප නොවූයේ රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
රූප නොවූයේ රූපයකත්‍ව නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
9. වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
10. සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
11. සංස්කාර නොවූවා සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි.