Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 1801-1900 න් 7971

මනස නො වූයේ මනෝධාතු නො වේ ද යත් : එසේ යි. මනෝධාතු නො වූයේ මනස නො වේ ද යත් : මනෝධාතුව තබා අවශේෂ මනස මනෝධාතු නො වෙයි, මනස යි. මනස ද මනෝ ධාතුව ද තබා අවශේෂය මනස ද නො වූයේ ම මනෝධාතු ද නො වේ.
මනෝවිඥාන නො වූයේ මනෝවිඥානධාතු නො වේ ද යත් : එසේ යි. මනෝවිඥානධාතු නො වූයේ මනෝවිඥාන නො වේ ද යත් : එසේ යි.
ධර්‍ම නො වූයේ ධර්‍මධාතු නොවේද යත්: එසේ යි. ධර්‍ම ධාතු නො වූයේ ධර්‍ම නො වේ ද යත්: ධර්‍මධාතුව තබා අවශේෂ ධර්‍මය ධර්‍මධාතු නො වෙයි, ධර්‍ම යි. ධර්‍මය ද ධර්‍මධාතුව ද තබා අවශේෂය ධර්‍ම ද නො වූයේ ම ධර්‍මධාතු ද නොවේ. (ප්‍රත්‍යනීක යි)
පදශෝධනවාර යි.
3. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. ධාතූහු ශ්‍රෝත්‍රධාතු ද යත් : ශ්‍රෝත්‍රධාතු ධාතු ද වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, ශ්‍රෝත්‍රධාතු නො වේ.
චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. ධාතූහු ඝ්‍රාණධාතු ද යත් : ... ධාතූහු ධර්‍ම ධාතු ද යත් : ධර්‍මධාතු ධාතු ද වූයේ ම ධර්‍මධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)
(ආයතන යමකයෙහි ප්‍රඥප්තිවාරය යම්සේ ද ධාතු යමකයෙහි ප්‍රඥප්තිවාරය ද එසේ මැ යි, චක්‍රය බැඳිය යුතු යි.)
4. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි.
චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද යත්: ... ධාතු නොවූවාහු ධර්‍මධාතු නො වේ ද යත් : එසේ යි. (ප්‍රත්‍යනීක යි)
(චක්‍රය බැඳිය යුතු යි. අනුලෝම-ප්‍රත්‍යනීක දෙතැන්හි ද සෙස්සෙහි ද සියල්ලෝ ආමන්තයෝ යි.)
පදශෝධනමූලචක්‍රවාර යි.
5. චක්‍ෂුස ධාතු ද යත් : එසේ යි. ධාතූහු චක්‍ෂුර්ධාතු ද යත්: චක්‍ෂුර්ධාතු ධාතු ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, චක්‍ෂුර්ධාතු නො වේ.
ශ්‍රෝත්‍රය ධාතු ද යත් : එසේ යි. ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... රූපය ... ශබ්දය ... ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍ය ...
චක්‍ෂුර්විඥානය ධාතු ද යත් : එසේ යි. ධාතූහු චක්‍ෂුර්විඥාන ධාතු ද යත් : චක්‍ෂුර්විඥානධාතු ධාතු ද වූයේ ම චක්‍ෂුර්විඥානධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, චක්‍ෂුර්විඥානධාතු නො වේ. ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ...
මනස ධාතු ද යත් : එසේ යි. ධාතූහු මනෝධාතු ද යත් : මනෝධාතු ධාතු ද වූයේ ම මනෝධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, මනෝධාතු නො වේ.
මනෝවිඥානය ධාතු ද යත් : එසේ යි. ධාතූහු මනෝවිඥාන ධාතු ද යත් : මනෝවිඥානධාතුව ධාතු ද වූයේ ම මනෝවිඥාන ධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, මනෝවිඥානධාතු නො වේ.
ධර්‍මය ධාතු ද යත් : එසේ යි. ධාතූහු ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතු ධාතු ද වූයේ ම ධර්‍මධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)
6. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත් : චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුස ද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු චක්‍ෂුස නො වේ ද යත් : එසේ යි.
ශ්‍රෝත්‍රය නො වූයේ ධාතු නො වේ ද යත් : ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ...
කාය නො වූයේ ධාතු නො වේ ද යත් : එසේ යි. ධාතු නො වූවාහු කායධාතු නො වේ ද යත්: එසේ යි.
රූප නො වූයේ ධාතු නො වේ ද යත් : රූපය තබා ... ශබ්දය ... ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍යය ... චක්‍ෂුර්විඥානය ... මනෝවිඥානය තබා ...
ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත් : එසේ යි. ධාතු නො වූවාහු ධර්‍මධාතු නො වේ ද යත් : එසේ යි. (ප්‍රත්‍යනීක යි)
ශුද්ධධාතුවාර යි.
7. චක්‍ෂුස ධාතු ද යත්: එසේ යි. ධාතූහු සෝතධාතු ද යත් : සෝතධාතුව ධාතු ද වූයේ ම සෝතධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, සෝතධාතු නො වේ.
චක්‍ෂුස ධාතු ද යත්: එසේ යි. ධාතූහු ඝ්‍රාණධාතු ද යත් : … ධාතුහු ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතුව ධාතු ද වූයේ ම ධර්‍ම ධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ. ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)
(චක්‍රය බැඳියයුතු.)
8. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ. චක්‍ෂුර්ධාතු නො වේ. චක්‍ෂුසද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි.
චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ. චක්‍ෂුර්ධාතු නො වේ. චක්‍ෂුසද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද යත්: … ධාතු නො වූයේ ධර්‍මධාතුව නො වේ ද යත්: එසේ යි.
ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි.
ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත්: … ධාතු නො වූවාහු මනෝවිඥානධාතු නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි)
(චක්‍රය බැඳිය යුතු)
(ආයතනයමකයේ ප්‍රඥප්තිවාරය යම්සේ ද ධාතුයමකයේ ප්‍රඥප්තිවාරය ද එසේ ම විස්තර කටයුතු.)
ශුද්ධධාතුමූල චක්‍රවාර යි.
නිර්දේශවාර නිමි.
3. උත්පාදවාරය
9. යමකුට චක්‍ෂුර්ධාතුව උපදි නම් ඔහුට ශ්‍රෝත්‍රධාතුව උපදී ද යත් : ඇස් ඇති ව කන් නැති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව උපදී, ඔවුනට ශ්‍රෝත්‍රධාතුව නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව ද උපදී, ශ්‍රෝත්‍රධාතුව ද උපදී. තවද යමකුට ශ්‍රෝත්‍රධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : කන් ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ශ්‍රෝත්‍රධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. කන් ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ශ්‍රෝත්‍රධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදි.
යමකුට චක්‍ෂුර්ධාතුව උපදි නම් ඔහුට ඝ්‍රාණධාතුව උපදී ද යත් : ඈස් ඇති ව නැහැ නැති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව උපදී, ඔවුනට ඝ්‍රාණධාතුව නො ද උපදී. ඇස් ඇති ව නැහැ ඇති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව ද උපදී, ඝ්‍රාණධාතුව ද උපදී. තවද යමකුට ඝ්‍රාණධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : නැහැ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ඝ්‍රාණධාතුව උපදී. ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. නැහැ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝ්‍රාණධාතුව ද උපදි, චක්‍ෂුර්ධාතුව ද උපදී.
යමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට රූපධාතුව උපදී ද යත්: එසේ යි. තවද යමකුට රූපධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : රූ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට රූපධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. රූ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට රූපධාතුව ද උපදි, චක්‍ෂුර්ධාතුව ද උපදී.
යමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට මනෝවිඥානධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට මනෝවිඥානධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : සිත් ඇති වැ ඇස් නැති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. සිත් ඇති වැ ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදී.
යමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට ධර්‍මධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට ධර්‍මධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : ඇස් නැති වැ උපදනා වූ ඔවුනට ධර්‍මධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට ධර්‍මධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදී. (අනුලෝම පුද්ගල යි)
(යම්සේ ආයතනයමකය බෙදනලද ද එසේ ම ධාතුයමකය ද බෙදියයුතු යි, සමාන කළයුතු යි.)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
උත්පාදවාර නිමි.
4. පරිඥාවාරය
10. යමෙක් චක්‍ෂුර්ධාතුව පිරිසිඳ දනී නම් හෙතෙම ශ්‍රෝත්‍රධාතුව පිරිසිඳ දනී ද යත් : එසේ යි ...
පරිඥාවාර නිමි.
(පෙය්‍යාලමුඛයෙන් ධාතුයමකය පරිපූර්‍ණ යැ.)
ධාතුයමක නිමි.
5. සත්‍යයමකය
1. උද්දේශවාර
චතුස්සත්‍යයෝ: දුක්ඛසත්‍ය යැ සමුදයසත්‍ය යැ නිරෝධසත්‍ය යැ මාර්‍ගසත්‍ය යි.
ප්‍රඥප්තිවාරෝද්දේශ යි.
1. දුඃඛය දුඃඛසත්‍යය වේ ද, දුඃඛසත්‍යය දුඃඛ වේ ද යත්: සමුදය සමුදයසත්‍යය වේ ද, සමුදයසත්‍යය සමුදය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍යය වේ ද, නිරෝධසත්‍යය නිරෝධ වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, මාර්‍ගසත්‍යය මාර්‍ග වේ ද යත්: (අනුලෝම යි.)
2. දුඃඛ නො වූයේ දුඃඛසත්‍ය නො වේ ද, දුඃඛසත්‍ය නො වූයේ දුඃඛය නො වේ ද යත්: සමුදය නො වූයේ සමුදයසත්‍ය නො වේ ද, සමුදයසත්‍ය නො වූයේ සමුදය නො වේ ද යත්: නිරෝධ නො වූයේ නිරෝධසත්‍ය නො වේ ද, නිරෝධසත්‍ය නො වූයේ නිරෝධ නො වේ ද යත්: මාර්‍ග නො වූයේ මාර්‍ගසත්‍ය නො වේ ද, මාර්‍ගසත්‍ය නො වූයේ මාර්‍ග නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනවාර යි.
3. දුඃඛය දුඃඛසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: දුඃඛය දුඃඛසත්‍ය වේ ද සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: දුඃඛය දුඃඛසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: (අනුලෝම යි.)
4. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද: දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍ය නො වේ ද:
නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනමූලචක්‍රවාර යි.
5. දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: සමුදය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: නිරෝධය සත්‍යය ද, සත්‍යයෝ නිරෝධය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ මාර්‍ගය ද යත්: (අනුලෝම යි.)
6. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද: සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධසත්‍යවාර යි.
7. දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ නිරෝධය ද: දුඃඛය සත්‍යය ද සත්‍යයෝ මාර්‍ගය ද: සමුදය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද ... සත්‍යයෝ මාර්‍ගය ද: නිරෝධය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: … සත්‍යයෝ මාර්‍ගය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යය නිරෝධය ද යත්: (අනුලෝම යි.)
8. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද: දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේද, සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද ... සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද ... සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධසත්‍යමූලචක්‍රවාර යි.
උද්දේශවාර නිමි.
2. නිර්දේශවාරය
1. දුඃඛය දුඃඛසත්‍යය ද යත්: එසේ යි. දුඃඛසත්‍යය දුඃඛය ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා සෙස්ස දුඃඛ සත්‍යය යි. දුඃඛ නො වේ. කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ ම දුඃඛ සත්‍ය ද වේ.
සමුදය සමුදයසත්‍ය ද යත්: සමුදය සත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදය යි. සමුදයසත්‍යය නො වේ. සමුදයසත්‍යය සමුදය වූයේ ම සමුදයසත්‍යය ද වේ. සමුදයසත්‍යය සමුදය ද යත්: එසේ යි.
නිරෝධය නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධය වෙයි, නිරෝධසත්‍යය නො වේ. නිරෝධසත්‍යය නිරෝධ ද වූයේ ම නිරෝධසත්‍ය ද වේ. නිරෝධසත්‍යය නිරෝධ ද යත්: එසේ යි.
මාර්‍ගය මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය තබා අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගය වෙයි, මාර්‍ගසත්‍යය නො වේ. මාර්‍ගසත්‍යය මාර්‍ග ද වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. මාර්‍ගසත්‍යය මාර්‍ග ද යත්: එසේ යි. (අනුලෝම යි.)
2. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි, දුඃඛ සත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍යය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම දුඃඛසත්‍ය ද නො වේ. දුඃඛසත්‍යය නො වූයෙක් දුඃඛය නො වේ ද යත්: එසේ යි.
සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සමුදයසත්‍යය නො වූයෙක් සමුදය නො වේ ද යත්: සමුදයසත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදයසත්‍යය නො වෙයි, සමුදය වේ. සමුදය ද සමුදයසත්‍යය ද තබා අවශේෂය සමුදය ද නො වූයේ ම සමුදයසත්‍යය ද නො වේ.
නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. නිරෝධසත්‍යය නො වූයෙක් නිරෝධය නො වේ ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධසත්‍යය නො වෙයි. නිරෝධය වේ. නිරෝධය ද නිරෝධසත්‍යය ද තබා අවශේෂය නිරෝධය ද නො වූයේ ම නිරෝධසත්‍යය ද නො වේ.
මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. මාර්‍ගසත්‍යය නො වූයෙක් මාර්‍ගය නො වේ ද යත්: මාර්‍ග සත්‍යය තබා, අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගසත්‍යය නො වෙයි. මාර්‍ගය වේ. මාර්‍ගය ද මාර්‍ගසත්‍යය ද තබා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම මාර්‍ගසත්‍යය ද නො වේ. (ප්‍රත්‍යනීක යි.)
පදශෝධනවාර යි.
3. දුඃඛය දුඃඛසත්‍යය ද යත්: එසේ යි. සත්‍යයෝ සමුදය සත්‍ය ද යත්: සමුදයසත්‍යය සත්‍ය ද වූයේ ම සමුදයසත්‍ය ද වෙයි, අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි. සමුදය සත්‍යය නො වේ.
දුඃඛය දුඃඛසත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
සමුදය සමුදයසත්‍යය ද යත්: සමුදයසත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදය වෙයි. සමුදයසත්‍යය නො වේ. සමුදයසත්‍යය සමුදය ද වූයේ ම සමුදයසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍යයද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
නිරෝධය නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධය වෙයි, නිරෝධසත්‍යය නො වේ. නිරෝධසත්‍යය නිරෝධය ද වූයේ ම නිරෝධසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: … සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
මාර්‍ගය මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය තබා අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගය වෙයි, මාර්‍ගසත්‍යය නො වේ. මාර්‍ගසත්‍යය මාර්‍ගය ද වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය සත්‍ය වූයේ ම නිරෝධසත්‍යය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, නිරෝධසත්‍යය නො වේ. (අනුලෝම යි.)
4. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දූබය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි. දුඃඛසත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍යය ද තබා අවශේෂය දුඃඛ නො වූයේ ම දුඃඛසත්‍යය ද නො වේ. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි.
දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි. දුඃඛසත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍ය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම දුඃඛසත්‍ය ද නො වේ. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.
සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.
සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.
නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු සමුදය සත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.
මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි. මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
පදශෝධන මූලචක්‍රවාර යි.
5. දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: දුඃඛසත්‍යය සත්‍ය ද වූයේ ම දුඃඛසත්‍යය ද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, දුඃඛසත්‍යය නො වේ.
සමුදය සත්‍ය ද යත්: එසේ යි. ... නිරෝධය සත්‍ය ද යත්: එසේ යි. ... මාර්‍ගය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ. (අනුලෝම යි.)
6. දුඃඛ නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂසත්‍යයෝ දුඃඛය නො වෙයි, සත්‍යයහ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.
සමුදය නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: සමුදය තබා ... නිරෝධ නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: නිරෝධය තබා ... මාර්‍ග නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වෙයි, සත්‍යයහ. මාර්‍ගය ද සත්‍යය ද තබා අවශේෂය මාර්‍ග ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධසත්‍යවාර යි.
7. දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ සමුදයසත්‍යය ද යත්: සමුදයසත්‍යය සත්‍ය වූයේ ම සමුදයසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, සමුදයසත්‍ය නො වේ.
දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍යය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
සමුදය සත්‍ය ද යත්: එසේ යි. ... නිරෝධය සත්‍ය ද යත්: එසේ යි. මාර්‍ගය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත් ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය සත්‍ය වූයේ ම නිරෝධසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, නිරෝධසත්‍යය නො වේ. (අනුලෝම යි.)
8. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂසත්‍යයෝ දුඃඛය නො වෙයි, සත්‍යය හ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂ සත්‍යයෝ දුඃඛය නො වේ, සත්‍යය හ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍ය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍ය නො වේ ද යත්: එසේ යි.
සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: සමුදය තබා අවශේෂසත්‍යයෝ සමුදය නො වෙයි, සත්‍යය හ. සමුදය ද සත්‍යය ද තබා අවශේෂය සමුදය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: ... නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: නිරෝධය තබා ... මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වේ, සත්‍යය හ. මාර්‍ගය ද සත්‍යය ද තබා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.
මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වෙයි, සත්‍යය හ. මාර්‍ගය ද සත්‍යය ද තඛා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. ... සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ශුද්ධසත්‍ය මූලචක්‍රවාර යි.