497. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දනී නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
498. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දැනී ද යත්: එසේ යි.
ප්‍රත්‍යුත්පන්නවාර යි.
499. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
500. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
අතීතවාර යි.
501. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
502. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
අනාගතවාර යි.
503. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දත්තේ ද යත්: නැති.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දනී ද යත්: නැති.
504. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: රහත් තෙම චක්ඛායතනය නො පිරිසිඳ දනී, සෝතායතනය නො ද පිරිසිඳ නො දත්තේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහත්පුඟුලා ද තබා අවශේෂ පුද්ගලයෝ චක්ඛායතනය ද නො පිරිසිඳ දනිති. සෝතායතනය ද නො පිරිසිඳ දත්හ.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගියා සෝතායතනය නො පිරිසිඳ දත්තේ ය, චක්ඛායතනය නො ද නො පිරිසිඳ දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහත් පුඟුලා ද තබා අවශේෂ පුද්ගලයෝ සෝතායතනය ද නො පිරිසිඳ දත්හ. චක්ඛායතනය ද නො පිරිසිඳ දනිත්.
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
505. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දන්නේ ද යත්: නැති.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දනී ද යත්: නැති.
506. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: යම් ද කෙනෙක් මාර්‍ගය පිළිලබන්නහු නම් ඔහු චක්ඛායතනය නො පිරිසිඳ දනිති, සෝතායතනය නො ද පිරිසිඳ නො දන්නාහ. රහත් තෙමේ ද යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද චක්ඛායතනය ද නො පිරිසිඳ දනිති, සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගියා සෝතායතනය නො පිරිසිඳ දන්නේ ය, චක්ඛායතනය නො ද නො පිරිසිඳ දනී. රහත් තෙමේ ද, යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය, චක්ඛායතයනය ද පිරිසිඳ නො දනිත්.
ප්‍රත්‍යුපන්නානාගතවාර යි.
507. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දන්නේ ද යත්: නැති.
තවද යමෙක් සෝතායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දත්තේ ද යත්: නැති.
508. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු චක්ඛායතනය නො පිරිසිඳ දත්හ, සෝතායතනය නො ද පිරිසිඳ නො දන්නාහු ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද චක්ඛායතනය ද නො පිරිසිඳ දත්හ, සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය.
තවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: රහත් තෙමේ සෝතායතනය නො පිරිසිඳ දන්නේ ය. චක්ඛායතනය නො ද පිරිසිඳ නො දත්තේ ය, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය, චක්ඛායතනය ද නො පිරිසිඳ දත්හ.
අතීතානාගතවාර යි.
පරිඥාවාර නිමි.
ආයතන යමකය නිමි.
4. ධාතුයමකය
1. උද්දේසවාරය
1. අටළොස් ධාතූහු :- චක්ඛුධාතු යැ සෝතධාතු යැ ඝානධාතු යැ ජිව්හාධාතු යැ කායධාතු යැ රූපධාතු යැ සද්දධාතු යැ ගන්‍ධධාතු යැ රසධාතු යැ ඵොට්ඨබ්බධාතු යැ චක්ඛුවිඤ්ඤාණධාතු ය සෝතවිඤ්ඤාණධාතු යැ ඝානවිඤ්ඤාණධාතු යැ ජිව්හාවිඤ්ඤාණධාතු යැ කායවිඤ්ඤාණධාතු යැ මනෝධාතු යැ මනෝවිඤ්ඤාණධාතු යැ ධම්මධාතු යි.
උද්දේශ යි.
2. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද, චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද : ශ්‍රෝතය ශ්‍රෝත්‍රධාතු ද, ශ්‍රෝත්‍රධාතුව ශ්‍රෝත්‍ර ද : ... චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානධාතු ද, චක්‍ෂුර්විඥානධාතුව චක්‍ෂුර්විඥාන ද : ... මනස මනෝධාතු ද : මනෝධාතුව මනස ද : මනෝවිඥානය මනෝවිඥානධාතු ද : මනෝවිඥානධාතුව මනෝවිඥාන ද : ධර්‍මය ධර්‍මධාතු ද, ධර්‍මධාතුව ධර්‍ම ද යත්: (අනුලෝම යි)
3. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, චක්‍ෂුර්ධාතු නො වූයේ චක්‍ෂුස නො වේ ද: ශ්‍රෝත්‍ර නො වූයේ ශ්‍රෝත්‍රධාතු නො වේ ද, ශ්‍රෝත්‍රධාතු නො වූයේ ශ්‍රෝත්‍ර නො වේ ද : ... චක්‍ෂුර්විඥාන නො වූයේ චක්‍ෂුර්විඥානධාතු නො වේ ද, චක්‍ෂුර්විඥානධාතු නො වූයේ චක්‍ෂුර්විඥාන නො වේ ද : ... මනස නො වූයේ මනෝධාතු නො වේ ද, මනෝධාතු නො වූයේ මනස නො වේ ද: මනෝවිඥාන නො වූයේ මනෝවිඥානධාතු නො වේ ද: මනෝවිඥානධාතු නො වූයේ මනෝවිඥාන නො වේ ද: ධර්‍ම නො වූයේ ධර්‍මධාතු නො වේ ද : ධර්‍මධාතු නො වූයේ ධර්‍ම නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි)
පදශෝධනවාර යි.
4. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද, ධාතුහු ශ්‍රෝත්‍රධාතු ද : ... චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද, ධාතූහු ධර්‍මධාතු ද යත් : (අනුලෝම යි)
(යම්සේ ආයතන යමකයෙහි චක්‍රබන්‍ධනය කරන ලද ද එසේ ම මෙහි චක්‍රය බැඳියයුතු යි.)
5. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද :
චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද : ...
චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ධර්‍මධාතු නො වේ ද : ...
ධර්‍ම නො වූයේ ධර්‍මධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුර්ධාතු නො වේ ද:
ධර්‍ම නො වූයේ ධර්‍මධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනෝවිඥානධාතු නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි)
(චක්‍රය බැඳියයුතු යි.)
පදශෝධනමූලචක්‍රවාරය යි.
6. චක්‍ෂුස ධාතු ද: ධාතූහු චක්‍ෂුස ද:
ශ්‍රෝත්‍රය ධාතු ද, ධාතූහු ශ්‍රෝත්‍ර ද : ඝ්‍රාණය ධාතු ද ... ජිව්හාව ධාතු ද - කායය ධාතු ද - රූපය ධාතු ද - ශබ්දය ධාතු ද - ගන්‍ධය ධාතු ද - රසය ධාතු ද - ස්ප්‍රෂ්ටව්‍යය ධාතු ද, ධාතු ස්ප්‍රෂ්ටව්‍යය ද යත් :
චක්‍ෂුර්විඥානය ධාතු ද, ධාතූහු චක්‍ෂුර්විඥාන ද:
ශ්‍රෝත්‍රවිඥානය ධාතු ද, ධාතුහු ශ්‍රෝත්‍රවිඥාන ද : ඝ්‍රාණවිඥානය ...
ජිහ්වාවිඥානය ... කායවිඥානය ...
මනස ධාතු ද, ධාතුහු මනස ද :
මනෝවිඥානය ධාතු ද, ධාතුහු මනෝවිඥාන ද:
ධර්‍මය ධාතු ද, ධාතුහු ධර්‍ම ද යත් : (අනුලෝම යි)
7. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුස නො වූවාහු නො වේ ද:
ශ්‍රෝත්‍ර නොවූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රය නො වේ ද:
ඝ්‍රාණ නොවූයේ - ජිව්හා නොවූයේ - කාය නොවූයේ - රූප නොවූයේ - ශබ්ද නොවූයේ - ගන්‍ධ නොවූයේ - රස නොවූයේ - ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ වේ ද :
චක්‍ෂුර්විඥාන නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුර්විඥාන නො වේ ද:
ශ්‍රෝත්‍රවිඥාන නො වූයේ ... ඝ්‍රාණවිඥාන නො වූයේ ජිහ්වාවිඥාන නො වූයේ ...
කායවිඥාන නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු කායවිඥාන නො වේ ද:
මනස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනස නො වේ ද:
මනෝවිඥාන නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනෝවිඥාන නො වේ ද :
ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ධර්‍ම නො වේ ද යත් : (ප්‍රත්‍යනීක යි)
ශුද්ධධාතුවාර යි.
8. චක්‍ෂුස ධාතු ද, ධාතූහු ශ්‍රෝත්‍ර ද: ... චක්‍ෂුස ධාතු ද, ධාතූහු ධර්‍ම ද : ... ධර්‍මය ධාතු ද, ධාතූහු චක්‍ෂුස ද ... ධර්‍මය ධාතු ද, ධාතූහු මනෝවිඥාන ද යත් : (අනුලෝම යි)
(චක්‍රය බැඳිය යුතු යි.)
9. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද :
චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ඝ්‍රාණ නො වේ ද : ...
චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ධර්‍ම නො වේ ද: ...
ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුස නො වේ ද : ...
ධර්‍ම නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනෝවිඥාන නො වේ ද යත් : (ප්‍රත්‍යනීක යි)
(චක්‍රය බැඳිය යුතුයි.)
ශුද්ධධාතුමූලචක්‍රවාර යි.
උද්දේශවාර නිමි.
2. ප්‍රඥප්ති නිර්දේශවාරය
1. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස වූයේ ම චක්‍ෂුර්ධාතු ද වේ. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද යත් : එසේ යි.
ශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රධාතු ද යත් : දිව්‍යශ්‍රෝත්‍රය තෘෂ්ණාශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍ර යැ ශ්‍රෝත්‍රධාතු නො වෙයි. ශ්‍රෝත්‍රධාතුව ශ්‍රෝත්‍ර ද වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද වේ. ශ්‍රෝත්‍රධාතුව ශ්‍රෝත්‍ර ද යත් : එසේ යි.
ඝ්‍රාණය ඝ්‍රාණධාතු ද යත්: එසේ යි. ඝ්‍රාණධාතුව ඝ්‍රාණ ද යත් : එසේ යි.
(ජිහ්වා ද ඝ්‍රාණධාතු සදෘශ යැ.)
කායය කායධාතු ද යත් : කායධාතුව තබා අවශේෂ වූ කායය කාය යැ, කායධාතු නො වෙයි. කායධාතුව කාය ද වූයේ ම කාය ධාතු ද වේ. කායධාතුව කාය ද යත් : එසේ යි.
රූපය රූපධාතු ද යත් : රූපධාතුව තබා අවශේෂ වූ රූපය යැ, රූපධාතු නො වෙයි. රූපධාතුව රූප ද වූයේ ම රූපධාතු ද වේ. රූපධාතුව රූප ද යත්: එසේ යි.
(ශබ්දය ඝ්‍රාණ සදෘශ යැ.)
ගන්‍ධය ගන්‍ධධාතු ද යත් : ශීලගන්‍ධ සමාධිගන්‍ධ ප්‍රඥාගන්‍ධ ගන්‍ධ යැ, ගන්‍ධධාතු නො වෙයි. ගන්‍ධධාතු ගන්‍ධ ද වූයේ ම ගන්‍ධධාතු ද වේ. ගන්‍ධධාතු ගන්‍ධ ද යත් : එසේ යි.
රසය රසධාතු ද යත් : අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස රස යැ, රසධාතු නො වෙයි. රසධාතු රස ද වූයේ ම රසධාතු ද වේ. රසධාතු රස ද යත් : එසේ යි.
(ස්ප්‍රෂ්ටව්‍යය ඝාණසදෘශ යැ.)
චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානධාතු ද යත් : එසේ යි. චක්‍ෂුර් විඥානධාතු චක්‍ෂුර්විඥාන ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ....
මනස මනෝධාතු ද යත් : මනෝධාතුව තබා අවශේෂ වූ මනස මනස යැ, මනෝධාතු නො වෙයි. මනෝධාතුව මනස ද වූයේ ම මනෝධාතු ද වේ. මනෝධාතුව මනස ද යත් : එසේ යි.
මනෝවිඥානය මනෝවිඥානධාතු ද යත් : එසේ යි. මනෝවිඥානධාතුව මනෝවිඥාන ද යත් : එසේ යි.
ධර්‍මය ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතුව තබා අවශේෂ වූ ධර්‍මය ධර්‍ම යැ, ධර්‍මධාතු නො වෙයි. ධර්‍මධාතුව ධර්‍ම ද වූයේ ම ධර්‍මධාතු ද වේ. ධර්‍මධාතුව ධර්‍ම ද යත් : එසේ යි. (අනුලෝම යි)
2. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. චක්‍ෂුර්ධාතු නො වූයේ චක්‍ෂුස නො වේ ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුර්ධාතු නො වෙයි, චක්‍ෂුස යි. චක්‍ෂුස ද චක්‍ෂුර්ධාතුව ද තබා අවශේෂය චක්‍ෂුස ද නො වූයේ ම චක්‍ෂුර්ධාතු ද නො වේ.
ශ්‍රෝත්‍ර නො වූයේ ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රධාතු නො වූයේ ශ්‍රෝත්‍ර නො වේ ද යත් : දිව්‍යශ්‍රෝත්‍රය තෘෂ්ණාශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රධාතු නො වේ, ශ්‍රෝත්‍ර යි. ශ්‍රෝත්‍රය ද ශ්‍රෝත්‍රධාතුව ද තබා අවශේෂය ශ්‍රෝත්‍ර ද නො වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද නො වේ.
ඝ්‍රාණ නො වූයේ ඝ්‍රාණධාතු නො වේ ද යත්: එසේ යි. ඝ්‍රාණධාතු නො වූයේ ඝ්‍රාණ නො වේ ද යත්: එසේ යි. ජිහ්වා නො වූයේ ...
(සංක්‍ෂිප්ත කරන ලදි. දෙතැන්හි ම ‘ආමන්තා’ යි යෙදිය යුතුයි.)
කාය නො වූයේ කායධාතු නො වේ ද යත් : එසේ යි. කායධාතු නො වූයේ කාය නො වේ ද යත් : කායධාතුව තබා අවශේෂ කායය කායධාතු නො වෙයි, කාය යි. කාය ද කායධාතුව ද තබා අවශේෂය කාය ද නො වූයේ ම කායධාතු ද නො වේ.
රූප නො වූයේ රූපධාතු නො වේ ද යත් : එසේ යි. රූපධාතු නො වූයේ රූප නො වේ ද යත් : රූපධාතුව තබා අවශේෂ රූපය රූපධාතු නො වෙයි, රූප යි. රූපය ද රූපධාතුව ද තබා අවශේෂය රූප ද නො වූයේ ම රූපධාතු ද නො වේ.
ශබ්ද නො වූයේ ... ගන්‍ධ නො වූයේ ගන්‍ධධාතු නො වේ ද යත් : එසේ යි. ගන්‍ධධාතු නො වූයේ ගන්‍ධ නො වේ ද යත් : ශීලගන්‍ධ සමාධිගන්‍ධ ප්‍රඥාගන්‍ධ ගන්‍ධධාතු නො වෙයි, ගන්‍ධ යි. ගන්‍ධය ද ගන්‍ධධාතුව ද තබා අවශේෂය ගන්‍ධ ද නො වූයේ ම ගන්‍ධධාතු ද නො වේ.
රස නො වූයේ රසධාතු නො වේ ද යත් : එසේ යි. රසධාතු නො වූයේ රස නො වේ ද යත් : අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස රසධාතු නො වෙයි, රස යි. රසය ද රසධාතුව ද තබා අවශේෂය රස ද නො වූයේ ම රසධාතු ද නො වේ.
ස්ප්‍රෂ්ටව්‍ය නො වූයේ ... චක්‍ෂුර්විඥාන නො වූයේ චක්‍ෂුර්විඥානධාතු නො වේ ද යත් : එසේ යි. චක්‍ෂුර්විඥානධාතු නො වූයේ චක්‍ෂුර්විඥාන නො වේ ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රවිඥාන නො වූයේ ... ඝ්‍රාණවිඥාන නො වූයේ ... ජිහ්වාවිඥාන නො වූයේ කායවිඥාන නො වූයේ ....