450. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පස්විමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය ... එසේ යි.
451. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ඝානායතනමූලක යි)
452. යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
453. යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැයි ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය ... එසේ යි. (රූපායතනමූලක යි)
454. යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
අනාගතවාර යි.
455. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය නිරුද්ධ වී ය, ඔවුනට චක්ඛායාතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද උපදී.
(යම්සේ උත්පාදචාරයෙහි ප්‍රත්‍යුත්පන්නාතීත පෘච්ඡාව බෙදන ලද්දී ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි ද ප්‍රත්‍යුත්පන්න අතීතපෘච්ඡාව පිළිබඳ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදිය යුතු යි.) (අනුලෝම පුද්ගල යි)
ප්‍රත්‍යුත්පන්නාතීතාවාර යි.
456. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
457. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදී, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
458. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ... ඇස් ඇති ව උපදනා ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
459. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ... ඇස් ඇති ව උපදනා ඔවුනට මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
460. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ... ඇස් ඇති වූ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි)
461. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට රූපායතනය ... මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැතිව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය ද නො උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදී.
462. යමකුට රූපායතනය උපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදී. රූ ඇති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදී.
463. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය ... ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට මනායතනය නො ද උපදී. සිත් ඇති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදී. (අනුලෝම පුද්ගල යි)
464. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
465. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
466. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: රූපාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය උපදී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී, ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
467. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
468. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ ය.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
469. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදිනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි)
470. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදී.
471. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය ... කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනායතනය ... නැහැ ඇති ව උපදනා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදී.
472. යමකුට යම් තැනෙක ඝානායතනය උපදි නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය ... ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ... නැහැ ඇති ව උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි)
473. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි රූපායතනය උපදී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි රූපායතනය ද උපදී, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය ... පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ... පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ... පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදී.
474. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය ... ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදී. රූ ඇති ව උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදී.
475. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදී. සිත් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදි. (අනුලෝම පුද්ගලාවකාශ යි)
476. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
477. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදී.
478. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී. රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට රූපායතනය ... එසේ යි.
479. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
480. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට රූපායතනය ... එසේ යි.
481. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි. (ඝානායතනමූලක යි)
482. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදී. ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි.
483. යමකුට මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට මනායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය ද නූපදී. ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
484. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
485. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
486. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: රූපාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදී.
487. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
488. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
489. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි)
490. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදී, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
491. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
492. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදිනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
493. යමකුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදී. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නූපදී.
494. යමකුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති වැ උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නූපදී. ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: එසේ යි. (රූපායතනමූලක යි)
495. යමකුට යම් තැනෙක මනායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
496. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපන්නේ ය. සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි)
(නිරෝධවාරයෙහි අතීතානාගතපුච්ඡා පිළිබඳ ‘යස්සක’ ය ද ‘යත්‍ථක’ ය ද ‘යස්ස යත්‍ථක’ ය ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද යම්සේ බෙදන ලදහු ද, එසේ උත්පාදනිරෝධයෙහි ද අතීතානාගතපුච්ඡාවෝ බෙදිය යුත්තාහ.)
උත්පාදනිරෝධවාර යි.
ප්‍රවෘත්තිවාරය නිමි.
6. පරිඥාවාරය