399. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ... (යත්‍ථකයෙහි ‘නො’ යනු නො යෙදිය යුතු යි, යත්‍ථකය අවශේෂ යත්‍ථකයන් හා සමාන කොට යෙදිය යුතු යි, වාරත්‍රයෙහි ම යත්‍ථකය සමාන යි.) (අනුලෝමාවකාශ යි)
400. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: නැති.
401. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය උපදි ද යත්: නැති. (අනුලෝම පුද්ගලාවකාශ යි)
402. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වේ ද යත්: කන් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදිනවුනට ද කන් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, සෝතායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට සෝතායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. කන් නැති ව ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව උපදන වුනට දැ යි ඔවුනට සෝතායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
403. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනවුනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. නැහැ නැති ව ච්‍යුතවන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
404. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනවුනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, රූපායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. රූ නැති ව ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
405. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති වැ උපදනවුනට ද සිත් නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො. වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. සිත් නැති ව ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
406. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියලු ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදී. ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. ඇස් නැති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී. (චක්ඛායතනමූලක යි)
407. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. නැහැ නැති ව උපදනවුනට ද රූ ඇති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී. රූපායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: නැහැ ඇති ව උපදනා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ඝානායතනය නො ද නූපදී. රූ නැති ව ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නූපදී.
408. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. නැහැ නැති ව උපදනවුනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: නැහැ ඇති ව උපදනා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ඝානායතනය නො ද නූපදී. සිත් නැති ව ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව උපදන වුනට දැ යි ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නූපදී.
409. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියලු ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. නැහැ නැති වැ උපදනා වූ ඔවුනට ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: නැහැ නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, ඔවුනට ඝානායතනය නො ද නූපදී. නැහැ නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නූපදී. (ඝානායතනමූලක යි)
410. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූ නැති වැ උපදනවුනට ද සිත් නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: රූ ඇති වැ උපදනා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නූපදී. සිත් නැති වැ ච්‍යුත වන්නවුනට ද රූ නැති වැ උපදනවුනට දැ යි ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නූපදී.
411. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නොවේ ද යත්: සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූ නැති වැ උපදනා වූ ඔවුනට රූපායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: රූ ඇති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නූපදී. රූ නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නූපදී. (රූපයාතනමූලක යි)
412. යමකුට මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. සිත් නැති වැ උපදනා වූ ඔවුනට මනායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නූපදී ද යත්: සිත් ඇති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට මනායතනය නො ද නූපදී. සිත් නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
413. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
414. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් (යස්සකය ද යත්‍ථකය ද සමාන යි) (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
415. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
අතීත පුච්ඡාව උත්පාදචාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද සමාන යි. (අනුලෝමපුද්ගල යි)
අතීතවාර යි.
416. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැයි ඔවුනට සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය.
417. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදින්නේ ය. ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය.
418. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
419. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය. (චක්ඛායතනමූලක යි)
420. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
421. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි)
422. යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
423. යමකුට මනායතනය උපදින්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට මනායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි)
424. යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
425. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය.
426. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
427. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේය, චක්ඛායතනය ද උපදින්නේ යි.
428. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
429. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි. (චක්ඛායතනමූලක යි)
430. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
431. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි)
432. යමකුට යම් තැනෙක රූපකායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
433. යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි. (රූපායතනමූලක යි)
434. යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. සෙසු චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි)
435. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට ද ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
436. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ යි.
437. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය.
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
438. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
439. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදිනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට රූපායතනය ... එසේ යි.
440. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි. (ඝානායතනමූලක යි)
441. යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද, යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද රූපායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි.
442. යමකුට මනායතනය නූපදින්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට මනායතනය නූපදින්නේ ය. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
443. යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් .... (ප්‍රත්‍යනීකාවකාශ යි)
444. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවිකව පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය ... එසේ යි.
445. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නොවන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ යි.
446. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනටද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය ... එසේ යි.
447. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය ... එසේ යි.
448. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
449. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය ... එසේ යි.