තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වේ.
350. යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
351. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
352. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
353. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
354. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූප වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි.
355. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
356. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ. (චක්ඛායතනමූලක යි)
357. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට දැ යි. ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වෙයි.
358. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නවුන්ට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වෙයි.
359. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි භා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වේ. (ඝානායතනමූලක යි)
360. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වේ, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වෙයි.
361. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වෙයි. (රූපායතනමූලක යි)
362. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වෙයි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
363. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනයද නිරුද්ධ වී. සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
364. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය.
තවද යමකුට ඝානායතනය ... එසේ යි.
365. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ ය.
තවද යමකුට ... එසේ යි.
366. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
367. යමකුට ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ... එසේ යි.
368. යමකුට ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ වි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි.
369. යමකුට රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ... එසේ යි.
370. යමකුට මනායතනය නිරුද්ධ වී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට මනායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ... එසේ යි. (අනුලෝම පුද්ගල යි)
371. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි)
372. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී.
373. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
374. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමෙකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වි. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී.
375. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී.
376. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය, පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී. (චක්ඛායතනමූලක යි)
377. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වී ද යත්: රූපාවචර වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වී. කාමාවචර වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වී.
378. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වී ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වී. කාමාවචර වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වී. (ඝානායතනමූලක යි)
379. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද, නිරුද්ධ වී, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වී.
380. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය ද නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නිරුද්ධ වී ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වී ය. (රූපායතනමූලක යි)
381. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වී. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වී. (අනුලෝම පුද්ගලාවකාශ යි)
382. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වීද යත්: නිරුද්ධ වී.
383. යමකුට චක්ඛායතනය ... ඝානායතනය ... රූපායතනය ... මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
384. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
385. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදින ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
386. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
387. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ගුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද, අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
388. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
389. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය. ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී. (චක්ඛායතනමූලක යි)
390. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වී, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වී.
391. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි භා අරූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වී.
392. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වී. (ඝානායතනමූලක යි)
393. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වී.
394. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට ද යි ඔවුනට එහි රූපයයතනය නිරුද්ධ නො වී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වී. (රූපායතනමූලක යි)
395. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුන්ට එහි මනායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය ද නිරුද්ධ නො වී ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
අතීතානාගතවාර යි.
නිරෝධවාර නිමි.
5. උත්පාද නිරෝධවාරය
396. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැති.
397. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැති.
398. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය උපදී ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)