තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි)
249. යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
250. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
251. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වේ ද යත්: (යස්ස යත්‍ථකයද යස්සකය හා සමාන යි. ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
252. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි. (උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද අතීත පෘච්ඡා අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද සමාන යි. (අනුලෝමපුද්ගල යි))
අතීතවාර යි.
253. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
254. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
255. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
256. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය. චක්ඛායතනය ද නිරුද්ධ වන්නේ යි. (චක්ඛායතන මූලක යි)
257. යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ යි. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
258. යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි. (ඝානායතනමූලක යි)
259. යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
260. යමකුට මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
261. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
262. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක … එසේ යි.
263. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: රූපාවචරයනට ද ... කාමාවචරයනට ද ..
තවද යමකුට යම් තැනෙක ... එසේ යි.
264. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද ... පඤ්චවෝකාරයනට ද ...
265. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ... අරූපයනට ද ... පඤ්චවෝකාරයනට ද ...
266. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ... අසංඥසත්‍වයනට ද අරූපයනට ද … පඤ්චවෝකාරයනට ද ... (චක්ඛායතනමූලක යි)
267. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ... රූපාවචරයනට ද කාමාවචරයනට ද ...
268. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ... රූපාවචරයනට ද ... අරූපාවචරයනට ද … කාමාවචරයනට ද ...
269. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ... රූපාවචරයනට ද ... අරූපාවචරයනට ද … කාමාවචරයනට ද ... (ඝානායතනමූලක යි)
270. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද … පඤ්චවෝකාරයනට ද ...
තවද යමකුට යම් තැනෙක ... අරූපයනට ද ... පඤ්චවෝකාරයනට ද ...
271. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ... අරූපයනට ද ... පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට ද ... (රූපායතනමූලක යි)
272. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද ... චතුවෝකාරයනට ද ... පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
(යම්සේ උත්පාදවාරයෙහි “යස්ස යත්‍ථකයෙහි” අනාගතපෘච්ඡාවෝ විස්තර කරන ලද්දාහු ද, නිරෝධවාරයෙහි දු එසේ ම විස්තර කටයුත්තාහ, අනුලෝමාවකාශ යි)
273. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
274. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
275. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායත්නය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
276. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි)
277. යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
278. යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
279. යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි)
280. යමකුට මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගල යි)
281. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
282. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
283. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
284. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට ද යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
285. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
286. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි)
287. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
288. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය. මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
289. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
290. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
291. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
292. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
අනාගතවාර යි.
293. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සෝතායතනය නිරුද්ධ වී ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
294. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය ... ධම්මායතනය ... නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වී ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතන ද නිරුද්ධ වේ.
295. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය ... මනායතනය ... ධම්මායතනය ... නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වී ය. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, ඝානායතනය ද නිරුද්ධ වේ.
296. යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වී ය. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, රූපායතනය ද නිරුද්ධ වේ.
297. යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වි ය, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, මනායතනය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි)
298. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
299. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි. ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ වී ය. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, සෝතායතනය ද නිරුද්ධ වී ය.