Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 1001-1100 න් 7971

ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
149. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වැ උපදනවුනට ද, යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය උපදී, ඔවුනට සෝතායතනය නො ද උපදින්නේ ය, ඇස් ඇති වැ උපදනා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදී, සෝතායතනය ද උපදින්නේ යි.
තවද යමකුට සෝතායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය උපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී, ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදී.
150. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය උපදී, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය, ඇස් ඇති වැ උපදනා සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදී, ඝානායතනය ද උපදින්නේ යි.
තවද යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය උපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී, ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදී.
151. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වැ උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. ඇස් ඇති වැ උපදනා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදී, රූපායතනය ද උපදින්නේ යි.
තවද යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය උපදින්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට රූපායතනය උපදින්නේ ය. චක්ඛායතනය ද උපදී.
152. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට මනායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට මනායතනය නො ද උපදින්නේ යි. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදී, මනායතනය ද උපදින්නේ යි.
තවද යමකුට මනායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට මනායතනය උපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට මනායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදී.
153. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට චක්ඛායතනය උපදී, ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදී, ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතන මූලක යි)
154. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය උපදී. ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය, නැහැ ඇති ව උපදනා වූ සෙසු ඔවුනට ඝානායතනය ද උපදී, රූපායතනය ද උපදින්නේ යි.
තවද යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට රූපායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදී.
155. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට මනායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට ඝානායතනය උපදී, ඔවුනට මනායතනය නො ද උපදින්නේ ය. නැහැ ඇති ව උපදනා වූ සෙසු ඔවුනට ඝානායතනය ද උපදී. මනායතනය ද උපදින්නේ යි.
තවද යමකුට මනායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදිනවුනට දැ යි ඔවුනට මනායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට මනායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදී.
156. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට ඝානායතනය උපදී, ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය, නැහැ ඇති ව උපදනා වූ සෙසු ඔවුනට ඝානායතනය ද උපදී. ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපදින්නේ ය. ඔවුනට ඝානායතනය නො ද උපදී, නැහැ ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි)
157. යමකුට රූපායතනය උපදී නම් ඔහුට මනායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට රූපායතනය උපදී. ඔවුනට මනායතනය නො ද උපදින්නේ ය. රූප ඇති ව උපදනා වූ සෙසු ඔවුනට රූපායතනය ද උපදී, මනායතනය ද උපදින්නේ යි.
තවද යමකුට මනායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට මනායතනය උපදින්නේ ය. ඔවුනට රූපායතනය නො ද උපදී, රූ ඇති ව උපදනා වූ ඔවුනට මනායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදී.
158. යමකුට රූපායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට රූපායතනය උපදී. ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය. රූ ඇති ව උපදනා වූ සෙසු ඔවුනට රූපායතනය ද උපදී, ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපදින්නේ ය. ඔවුනට රූපායතනය නො ද උපදී. රූ ඇති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි)
159. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට මනායතනය උපදී. ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය. සිත් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට මනායතනය ද උපදී, ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපදින්නේ ය. ඔවුනට මනායතනය නො ද උපදී. සිත් ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, මනායතනය ද උපදී. (මනායතනමූලක යි. අනුලෝම පුද්ගල යි.)
160. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
161. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි සෝතායතනය නො ද උපදින්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී, සෝතායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය උපදින්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට එහි සෝතායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදී.
162. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද, රූපාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය උපදින්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදී.
163. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. ඇස් ඇති ව උපදනා සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී, රූපායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදී.
164. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී, මනායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදී.
165. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. ඇස් ඇති ව උපදනා සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී, ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට ද යි ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි)
166. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට එහි ඝානායතනය උපදී, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. නැහැ ඇති ව උපදනා සෙසු ඔවුනට එහි ඝානායතනය ද උපදී, රූපායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපදී, නැහැ ඇති ව උපදනා ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදී.
167. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට එහි ඝානායතනය උපදී, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. නැහැ ඇති ව උපදනා සෙසු ඔවුනට එහි ඝානායතනය ද උපදී, මනායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය උපදින්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය. ඝානායතනය ද උපදී.
168. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට එහි ඝානායතනය උපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. නැහැ ඇති ව උපදනා සෙසු ඔවුනට එහි ඝානායතනය ද උපදී. ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට ද යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි)
169. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය උපදී. ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි උපදනා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද උපදී, මනායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපාවචරයනට ද යි ඔවුනට එහි මනායතනය උපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදී.
170. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට එහි රූපායතනය උපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. රූ ඇති ව උපදනා වූ සෙසු ඔවුනට ඵහි රූපායතනය ද උපදී, ධම්මායතනය උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද උපදී. රූ ඇතිව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි)
171. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි මනායතනය උපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. සිත් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි මනායතනය ද උපදී, ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට ද යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද උපදී. සිත් ඇති ව උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය. මනායතන ද උපදී. (මනායතනමූලක යි. අනුලෝම පුද්ගලාවකාශ යි.)
172. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට සෝතායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, සෝතායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට සෝතායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද, යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය නූපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද, යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සෝතායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදී.
173. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදිනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ඝානායතනය නො ද නූපදින්නේ ය, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදී.
174. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට රූපායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද, යම් ද කෙනෙක් අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, රූපායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදිනවුනට දැ යි ඔවුනට රූපායතනය නූපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදී.
175. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට මනායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී. මනායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට මනායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට මනායතනය නූපදින්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට මනායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදී.
176. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට ධම්මායතනය නූපදින්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ධම්මායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදී. (චක්ඛායතනමූලක යි)
177. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට රූපායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට රූපායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි භා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී. රූපායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද, යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නූපදින්නේ ය. ඔවුනට ඝානායතනය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි භා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නූපදී.
178. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනා ඔවුනට ධම්මායතනය නූපදින්නේ ය. ඔවුනට ඝානායතනය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි භා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ධම්මායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නූපදී. (ඝානායතනමූලක යි)
179. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති වැ උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ යි. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට රූපායතනය ද නූපදී, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට ධම්මායතනය නූපදින්නේ ය. ඔවුනට රූපායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ධම්මායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදී. (රූපායතනමූලක යි)
180. යමකුට මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදිනවුනට දැ යි ඔවුනට මනායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නූපදින්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය ද නූපදී, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය නූපදී ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට ධම්මායතනය නූපදින්නේ ය. ඔවුනට මනායතනය නො ද නූපදී. පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපදී. (මනායතනමූලක යි - ප්‍රත්‍යනීක පුද්ගල යි)
181. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ... (ප්‍රත්‍යානීකාවකාශ යි.)
182. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි සෝතායතනය නූපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවනුට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි සෝතායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට ද, අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි සෝතායතනය නූපදින්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද, අසංඥසත්‍වයනට ද, අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදී.
183. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි ඝානායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. ඝානායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද රූපාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදී.
184. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන වුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන වුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේය, චක්ඛායතනය ද නූපදී.
185. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, මනායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදී.
186. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදී. (චක්ඛායතනමූලක යි)
187. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදී. රූපායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට ඝානායතනය නොද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඝානායතනය ද නූපදී.
188. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී. ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදී, මනායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නූපදී.
189. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදී. ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය. ඝානායතනය ද නූපදී. (ඝානායතනමූලක යි)
190. යමකුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපදී, මනායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදී.
191. යමකුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැයි ඔවුනට එහි රූපායතනය ද නූපදී, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදී. (රූපායතනමූලක යි)
192. යමකුට යම් තැනෙක මනායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදී, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපදී ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදී. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපදී. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
193. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට සෝතායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට සෝතායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපන්නේ ය, සෝතායතනය ද උපදින්නේ යි.
තවද යමකුට සෝතායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
194. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
තව ද යමකුට ... උපන්නේ ද යත්: එසේ යි.
195. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
තව ද යමකුට ... උපන්නේ ද යත්: එසේ යි.
196. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපන්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට … උපන්නේ ද යත්: එසේ යි. (චක්ඛායතන මූලක යි.)
197. යමකුට ඝානායතනය උපන්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානායතනය උපන්නේ ය. ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
තවද යමකුට … උපන්නේ ද යත්: එසේ යි.
198. යමකුට ඝානායතනය උපන්නේ නම් ඔහුට මනායතනය … ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට ඝානායතනය උපන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද උපන්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය … උපන්නේ ද යත්: එසේ යි.