Yamaka

Pairs

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

පෙන්වන කොටස් 901-1000 න් 7971

99. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ ය.
100. යමකුට චක්ඛායතනය, නූපදින්නේ නම් ඔහුට රූපායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
101. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි.)
102. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට රූපායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
103. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නූපදින්නේ ය, පශ්චිමභවික වූ ඔවුනට ඝානායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි.)
104. යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට රූපායතනය නූපදින්නේ ය. ඔවුනට ධම්මායතනය නො ද නූපදින්නේ ය, පශ්චිමභවික වූ ඔවුනට රූපායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි.)
105. යමකුට මනායතනය නූපදින්නේ නම් ඔහුට ධම්මායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි - ප්‍රත්‍යනීක පුද්ගල යි.)
106. යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යානීකාවකාශ යි.)
107. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
108. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ යි.
109. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
110. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
111. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය, පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි.)
112. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය, පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
113. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
114. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි.)
115. යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය, පශ්චිමභවික වූ ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
116. යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි.)
117. යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි - ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අනාගතවාර යි.
118. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය උපන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය උපන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට සෝතායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී.
119. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය ... රූපායතනය … මනායතනය ... ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී, ඇස් ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතන මූලක යි.)
120. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට රූපායතනය ... මනායතනය ... ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදී, නැහැ ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපදී. (ඝානායතන මූලක යි.)
121. යමකුට රූපායතනය උපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට රූපායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති වැ උපදන වුනට දැ යි ඔවුනට ධම්මායතනය උපන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදී. රූ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදි. (රූපායතනමූලක යි.)
122. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට මනායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපන්නේ ය, ඔවුනට මනායතනය නො ද උපදී. සිත් ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපන්නේ ය, මනායතනය ද උපදී. (අනුලෝමපුද්ගල යි. මනායතනමූලක යි.)
123. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි සෝතායතනය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝමාවකාශ යි.)
124. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී, ඔවුනට එහි සෝතායතනය නො ද උපන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. සෝතායතනය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදි ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය උපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි සෝතායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී.
125. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය, ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය උපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී.
126. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. රූපායතනය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය උපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය. චක්ඛායතනය ද උපදී.
127. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී, මනායතනය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී.
128. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද උපන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. ධම්මායතනය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට ද යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි.)
129. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපදී.
130. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපදී.
131. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට ද යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය. ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි.)
132. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය උපදී, ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාරයෙහි උපදනා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද උපදී, මනායතනය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදී.
133. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි රූපායතනය උපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද උපන්නේ ය. රූ ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද උපදී. ධම්මායතනය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදී. රූ ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ යි, රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි.)
134. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනායතනය උපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද උපන්නේ ය. සිත් ඇති ව උපදනා සෙසු ඔවුනට එහි මනායතනය ද උපදී, ධම්මායතනය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදී, සිත් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, මනායතනය ද උපදී. (මනායතනමූලක යි – අනුලෝම පුද්ගලාවකාශ යි.)
135. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි.
තවද යමකුට සෝතායතනය නූපන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: නැති.
යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය ... රූපායතනය - මනායතනය - ධම්මායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි.
තවද යමකුට ධම්මායතනය නූපන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: නැති.
136. යමකුට ඝානායතනය ... රූපායතනය - මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි.
තවද යමකුට ධම්මායතනය නූපන්නේ නම් ඔහුට මනායතනය නූපදී ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
137. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් (ප්‍රත්‍යනීකතාවකාශ යි.)
138. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි සෝතායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි සෝතායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නූපන්නේ යි.
තවද යමෙකුට යම් තැනෙක සෝතායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සෝතායතනය නූපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නූපන්නේ ය, චක්ඛායතනය ද නූපදී.
139. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි ඝානායතනය නො ද නූපන්නේ ය, රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: රූපාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී, රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය චක්ඛායතනය ද නූපදී.
140. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට රූපායතනය ද නූපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, චක්ඛායතනය ද නූපදී.
141. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. මනායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනායතනය නූපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය. චක්ඛායතනය ද නූපදී.
142. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති වැ උපදනවුනට ද යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, ධම්මායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය නූපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපන්නේ ය, චක්ඛායතනය ද නූපදී. (චක්ඛායතනමූලක යි)
143. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති වැ කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී. ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැයි ඔවුනට එහි ඝානායතනය ද නූපදී, රූපායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
144. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුතවන්නවුනට ද නැහැ නැති වැ කාමාවචරයෙහි උපදනවුනව ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී. ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ යි. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදී, මනායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
145. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
146. යම්කුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී. ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය නූපන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද, අසංඥසත්‍වයෙන් ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපදී.
147. යමකුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද, රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නූපදී, ධම්මායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය නූපන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපදී. (රූපායතන මූලක යි.)
148. යමකුට යම් තැනෙක මනායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදී, ධම්මායතනය ද නූපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදී, ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපදී. (මනායතනමූලක යි − ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)