Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1401-1500 න් 7971

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-yam-3:328.5
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:328.6
350. යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:328.7
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
ap-yam-3:330.1
351. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-3:330.2
352. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:330.3
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:330.4
353. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:330.5
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:330.6
354. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:332.1
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූප වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි.
ap-yam-3:332.2
355. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:332.3
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:332.4
356. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:332.5
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:334.1
357. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට දැ යි. ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:334.2
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වෙයි.
ap-yam-3:334.3
358. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:334.4
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නවුන්ට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වෙයි.
ap-yam-3:334.5
359. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි භා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:334.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වේ. (ඝානායතනමූලක යි)
ap-yam-3:336.1
360. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වේ, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:336.2
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වෙයි.
ap-yam-3:336.3
361. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:336.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වෙයි. (රූපායතනමූලක යි)
ap-yam-3:336.5
362. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:336.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වෙයි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
ap-yam-3:336.7
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
ap-yam-3:338.1
363. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනයද නිරුද්ධ වී. සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:338.2
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:338.3
364. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය.
ap-yam-3:338.4
තවද යමකුට ඝානායතනය ... එසේ යි.
ap-yam-3:338.5
365. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ ය.
ap-yam-3:338.6
තවද යමකුට ... එසේ යි.
ap-yam-3:338.7
366. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:338.8
තවද යමකුට ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:340.1
367. යමකුට ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:340.2
තවද යමකුට ... එසේ යි.
ap-yam-3:340.3
368. යමකුට ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ වි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:340.4
තවද යමකුට ධම්මායතනය ... එසේ යි.
ap-yam-3:340.5
369. යමකුට රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:340.6
තවද යමකුට ... එසේ යි.
ap-yam-3:340.7
370. යමකුට මනායතනය නිරුද්ධ වී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට මනායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:340.8
තවද යමකුට ... එසේ යි. (අනුලෝම පුද්ගල යි)
ap-yam-3:340.9
371. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි)
ap-yam-3:340.10
372. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:342.1
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:342.2
373. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:342.3
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:342.4
374. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:342.5
තවද යමෙකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වි. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:342.6
375. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:342.7
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:344.1
376. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය, පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:344.2
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වී. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:344.3
377. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:344.4
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වී ද යත්: රූපාවචර වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වී. කාමාවචර වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:344.5
378. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:344.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වී ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වී. කාමාවචර වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වී. (ඝානායතනමූලක යි)
ap-yam-3:346.1
379. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද, නිරුද්ධ වී, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:346.2
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:346.3
380. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:346.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය ද නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නිරුද්ධ වී ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වී ය. (රූපායතනමූලක යි)
ap-yam-3:346.5
381. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:346.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වී. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වී. (අනුලෝම පුද්ගලාවකාශ යි)
ap-yam-3:348.1
382. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
ap-yam-3:348.2
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වීද යත්: නිරුද්ධ වී.
ap-yam-3:348.3
383. යමකුට චක්ඛායතනය ... ඝානායතනය ... රූපායතනය ... මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
ap-yam-3:348.4
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
ap-yam-3:348.5
384. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-3:348.6
385. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදින ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:348.7
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:348.8
386. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:348.9
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:350.1
387. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ගුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද, අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය.
ap-yam-3:350.2
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:350.3
388. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:350.4
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:350.5
389. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය. ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:352.1
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වී. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:352.2
390. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වී, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:352.3
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:352.4
391. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට ද යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:352.5
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි භා අරූපාවචරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:354.1
392. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:354.2
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වී. (ඝානායතනමූලක යි)
ap-yam-3:354.3
393. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:354.4
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:354.5
394. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට ද යි ඔවුනට එහි රූපයයතනය නිරුද්ධ නො වී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:356.1
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පිරිනිවෙනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වී. (රූපායතනමූලක යි)
ap-yam-3:356.2
395. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුන්ට එහි මනායතනය ද නිරුද්ධ නො වී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:356.3
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය ද නිරුද්ධ නො වී ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
ap-yam-3:356.4
අතීතානාගතවාර යි.
ap-yam-3:356.5
නිරෝධවාර නිමි.
ap-yam-3:358.1
5. උත්පාද නිරෝධවාරය
ap-yam-3:358.2
396. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
ap-yam-3:358.3
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැති.
ap-yam-3:358.4
397. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
ap-yam-3:358.5
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැති.
ap-yam-3:358.6
398. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
ap-yam-3:358.7
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය උපදී ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)