Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2001-2100 න් 7971

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-yam-4:488.2
1. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වේ, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වේ. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-4:488.3
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වේ, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වේ. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වෙයි, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
ap-yam-4:488.4
2. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)
ap-yam-4:488.5
3. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් එහි සමුදය සත්‍යය නිරුද්ධ වේ ද යත්: එහි අසංඥසත්‍වයෙහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි ... (අනුලෝමාවකාශ යි)
ap-yam-4:488.6
(යත්‍ථකය උත්පාදයෙහි ද නිරෝධයෙහි ද උත්පාදනිරෝධයෙහි ද සමාන ය. වෙනසෙක් නැති.)
ap-yam-4:488.7
4. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
ap-yam-4:488.8
(යස්සයත්‍ථකය ද සමාන වැ විස්තර කළයුතු.)
ap-yam-4:490.1
5. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාද ක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනව සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
ap-yam-4:490.2
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
ap-yam-4:490.3
6. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද තෘෂ්ණාවිප්‍රයුක්ත මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදය සත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද මාර්‍ගවිප්‍රයුක්ත තෘෂ්ණාවිප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
ap-yam-4:490.4
7. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් … (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-4:492.1
8.යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ap-yam-4:492.2
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ය. යස්සයත්‍ථකයෙහි දු නිරෝධසමාපන්නානං” යන මෙය නො යෙදියයුතු.)
ap-yam-4:492.3
ප්‍රත්‍යුත්පන්නවාර යි.
ap-yam-4:492.4
9. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
ap-yam-4:492.5
(යම්සේ උත්පාදවාරයෙහි අතීතපුච්ඡාව පිළිබඳ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදනලද ද එසේ ම නිරෝධයෙහි ද බෙදියයුතු ය. වෙනසෙක් නැති.)
ap-yam-4:492.6
අතීතවාර යි.
ap-yam-4:492.7
10. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදය සත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි.
ap-yam-4:492.8
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි.
ap-yam-4:492.9
11. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය. ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝමපුද්ගල යි)
ap-yam-4:494.1
12. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
ap-yam-4:494.2
13. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
ap-yam-4:494.3
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
ap-yam-4:494.4
14. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ යි. ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-4:494.5
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වන්නේයි.
ap-yam-4:494.6
15. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රාමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රාමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
ap-yam-4:496.1
16. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-4:496.2
17. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-4:496.3
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-4:496.4
18. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ap-yam-4:496.5
අනාගතවාර යි.
ap-yam-4:498.1
19. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වී, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනව සමුදයසත්‍යය නිරුද්ධ වී දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
ap-yam-4:498.2
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ද යත්: අභිසමයට නො පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වී. අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ විය. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ විය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ විය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
ap-yam-4:498.3
20. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ විය. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට පැමිණි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ විය. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද, තෘෂ්ණා විප්‍රයුක්තවිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ විය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වෙයි. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට පැමිණි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ විය, සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
ap-yam-4:498.4
21. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
ap-yam-4:500.1
22. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ විය. චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙස්සනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ විය. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ විය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි. ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ විය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
ap-yam-4:500.2
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ විය. අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වී ය. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වී, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. අභිසමයට පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වී ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
ap-yam-4:500.3
23. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වී. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වී. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වෙයි. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වී සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)
ap-yam-4:502.1
24. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: නැති.
ap-yam-4:502.2
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වී. අභිසමයට නො පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නො ද නිරුද්ධ වී. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අභිසමයට නො පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී. ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අභිසමයට නො පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි.
ap-yam-4:502.3
25. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වී. අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
ap-yam-4:502.4
26. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-4:504.1
27. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වී ද යත්: චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද, අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වී. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වී. ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට ද ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වී ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
ap-yam-4:504.2
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අභිසමයට පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී. තව ද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
ap-yam-4:504.3
28. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී.
ap-yam-4:506.1
තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ap-yam-4:506.2
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
ap-yam-4:506.3
29. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
ap-yam-4:506.4
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි,
ap-yam-4:508.1
මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළි ලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
ap-yam-4:508.2
30. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි සමුදයසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි සමුදයසත්‍යය ද නිරුද්ධ වෙයි. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය. ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වෙයි. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි)
ap-yam-4:508.3
31. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
ap-yam-4:508.4
32. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, සමුදසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්:
ap-yam-4:510.1
චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
ap-yam-4:510.2
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැයි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍ය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍යවූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
ap-yam-4:510.3
33. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය.
ap-yam-4:512.1
යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වෙයි. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)
ap-yam-4:512.2
34. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තව ද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
ap-yam-4:512.3
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි,
ap-yam-4:514.1
ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි. ඔවුනට දුබසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
ap-yam-4:514.2
35. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුන්හට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද, තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තව ද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
ap-yam-4:516.1
36. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-4:516.2
37. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තව ද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
ap-yam-4:516.3
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-4:518.1
තව ද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය. දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි.
ap-yam-4:518.2
38. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ap-yam-4:518.3
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
ap-yam-4:520.1
39. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය නිරුද්ධ වී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වී, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි.
ap-yam-4:520.2
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය නිරුද්ධ වී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය ද නිරුද්ධ වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි.
ap-yam-4:520.3
40. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට මාර්‍ග සත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද, රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නිරුද්ධ වී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
ap-yam-4:520.4
41. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි.)
ap-yam-4:520.5
42. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වී, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වී, සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැයි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වී.
ap-yam-4:522.1
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වී.
ap-yam-4:522.2
43. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වි නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු ද ආපායිකයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද, යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද, අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාස වූ ඔවුනට දෙවන සිත පවත්නා කල්හි එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. සමුදයසත්‍යය ද නිරුද්ධ වී. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
ap-yam-4:522.3
44. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
ap-yam-4:522.4
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
ap-yam-4:524.1
45. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
ap-yam-4:524.2
46. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
ap-yam-4:524.3
47. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
ap-yam-4:524.4
යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නොවී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
ap-yam-4:524.5
48. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාස වූ ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු ද ආපායිකයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වී. අසංඥසත්‍ව වු ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය. සමුදයසත්‍යය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
ap-yam-4:524.6
අතීතානාගතවාර යි.
ap-yam-4:524.7
නිරෝධවාර නිමි.
ap-yam-4:526.1
5. උත්පාද නිරෝධවාරය
ap-yam-4:526.2
1. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: නැති,
ap-yam-4:526.3
යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: නැති.
ap-yam-4:526.4
2. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍ය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)
ap-yam-4:526.5
3. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍ව වූ එහි දුඃඛසත්‍යය උපදී, එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වේ ... (අනුලෝමාවකාශ යි)
ap-yam-4:526.6
(යත්‍ථකය උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාද නිරෝධවාරයෙහි ද සමාන යැ. වෙනසෙක් නැති.)
ap-yam-4:526.7
4. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති, (අනුලෝම පුද්ගලාවකාශ යි)
ap-yam-4:526.8
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යැ.)
ap-yam-4:526.9
5. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නූපදී.
ap-yam-4:528.1
යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නූපදී.
ap-yam-4:528.2
6. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍ය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද මාර්‍ගවිප්‍රයුත්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි. සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
ap-yam-4:528.3
7. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-4:528.4
8. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ap-yam-4:528.5
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ය. යස්සයත්‍වකයෙහි “නිරෝධසමාපන්න” යි නො යෙදියයුතු ය.)
ap-yam-4:528.6
ප්‍රත්‍යුත්පන්නවාර යි.
ap-yam-4:528.7
9. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
ap-yam-4:528.8
(යම්සේ උත්පාදවාරයෙහි අතීතපෘච්ඡාව බෙදන ලද්දී ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි දු අනුලෝම ද ප්‍රත්‍යනීකය ද බෙදිය යුතු යි.)