Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

Sinhala BJT: this passage has no verified position in this edition. Showing its beginning.

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1-100 න් 7971

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-yam:2.1
අභිධර්‍මපිටකයෙහි
ap-yam:2.2
යමකප්‍රකරණ
ap-yam:2.3
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
ap-yam:2.4
1. මූලයමකය
ap-yam:2.5
1. ප්‍රඥප්ති උද්දේශවාර
ap-yam:2.6
1. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල වෙත් ද, යළි යම් කුශලමූල කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:2.7
2. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි කුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:2.8
3. කුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:2.9
4. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශලමූල සඞ්ඛ්‍යාත මූල (ධර්‍ම) වෙත් ද, යළි කුශලමූල මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:2.10
5. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල වෙත් ද, යළි කුශල මූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:2.11
6. කුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:4.1
7. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:4.2
8. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇත්තාහු වෙත් ද, යළි කුශල මූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:4.3
9. කුශලමූල විසින් ඒකමූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:4.4
10. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල සංඛ්‍යාත මූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල සහිත මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:4.5
11. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:4.6
12. කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍ය මූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍ය මූල වු මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.
ap-yam:4.7
කුශලපද නය චතුෂ්ක යි.
ap-yam:4.8
13. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වෙත් ද, යළි අකුශලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:4.9
14. අකුශල ස්වභාව වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි අකුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:6.1
15. අකුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:6.2
16. අකුශල ස්වභාව වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වූ මූල වෙත් ද, යළි අකුශලමූල සඞ්ඛ්‍යාත මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:6.3
17. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද, යළි අකුශල මූල විසින් ඒකමූල සඞ්ඛ්‍යාත මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:6.4
18. අකුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:6.5
19. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:6.6
20. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:6.7
21. අකුශලමූල විසින් ඒකමූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:6.8
22. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අකුශලමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:6.9
23. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:8.1
24. අකුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇත්තාවූ ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල මූල ඇති ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.
ap-yam:8.2
අකුශලපද නය චතුෂ්ක යි.
ap-yam:8.3
25. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘක වෙත් ද,
ap-yam:8.4
26. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් එක් මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:8.5
27. අව්‍යායකෘතමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:8.6
28. අව්‍යායකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වූ මූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල සඞ්ඛ්‍යාත මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:8.7
29. අව්‍යයාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:8.8
30. අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:8.9
31. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:10.1
32. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:10.2
33. අව්‍යාකෘතමූල විසින් ඒකමූල (සමානමූල) ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:10.3
34. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද,
ap-yam:10.4
35. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:10.5
36. අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යෝන්‍යමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යෝන්‍යමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.
ap-yam:10.6
අව්‍යාකෘතපද නයචතුෂ්ක යි.
ap-yam:10.7
37. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල වෙත් ද, යළි නාමමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:10.8
38. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාම මූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:10.9
39. නාමමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:12.1
40. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද, යළි නාමමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:12.2
41. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:12.3
42. නාමමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අනෝ’න්‍යමූල වූ මූල වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:12.4
43. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:12.5
44. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:12.6
45. නාමමූල විසින් ඒකමූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යෝන්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද,
ap-yam:12.7
46. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:12.8
47. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:14.1
48. නාමමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.
ap-yam:14.2
නාමපද නයචතුෂ්ක යි.
ap-yam:14.3
මූලවාර උද්දේශ යි.
ap-yam:14.4
49. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශල හේතු වෙත් ද ... කුශල නිදාන වෙත් ද ... කුශලසම්හව වෙත් ද ... කුශලප්‍රභව වෙත් ද ... කුශලසමුත්‍ථාන වෙත් ද ... කුශල ආහාර වෙත් ද ... කුශල ආලම්බන වෙත් ද ... කුශල ප්‍රත්‍යය වෙත් ද ... කුශලසමුදය වෙත් ද ...
ap-yam:14.5
හේතුවාරාදි උද්දේශ යි.
ap-yam:14.6
මූල යැ හේතු යැ නිදාන යැ සම්භව යැ ප්‍රභව යැ සමුත්‍ථාන යැ ආහාර යැ ආලම්බන යැ ප්‍රත්‍යය යැ සමුදය යැ යි වාර දසයෙකි.
ap-yam:14.7
උද්දේශවාර නිමි.
ap-yam:16.1
2. නිර්දේශවාර
ap-yam:16.2
1. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල වෙති යත්: (අලෝභාදි) කුශලමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ (ස්පර්‍ශාදි) කුශලධර්‍මයෝ කුශලමූල නො වෙති. යළි කුශලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: එසේ යැ.
ap-yam:16.3
2. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙති යත්: එසේ යැ. (ස්පර්‍ශයට මූල වූ අලෝභාදිය වේදනාදියට ද මූල වන හෙයිනි) යළි කුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශල (චිත්ත) සමුත්‍ථාන වූ රූපය (අලෝභාදි) කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙයි. (කුශල ලක්‍ෂණ නැති හෙයින් එ) කුශල නො වෙයි. කුශල තෙම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) ද කුශල ද වේ.
ap-yam:16.4
3. කුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙති යුත් : කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවිට උපදිත් ද (ඔහු) ඒකමූල ද (ඔවුනොවුනට හේතුප්‍රත්‍යය විසින්) අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ කුශලමූලසහජාත වූ (ස්පර්‍ශාදි) ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල වෙති. අන්‍යො’න්‍යමූල නොද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: එසේ යැ.
ap-yam:16.5
4. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල වූ මූල වෙති යත්: (අලෝභාදි) කුශලමූල වූ මූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ (ස්පර්‍ශාදි) කුශලධර්‍මයෝ කුශලමූල වූ මූල නො වෙති. යළි කුශලමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යැ.
ap-yam:16.6
5. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූලමූල වෙති යත් : එසේ යැ. යළි කුශලමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: කුශලසමුත්‍ථාන රූපය කුශලමූල විසින් ඒකමූල වෙයි, කුශල නො වෙයි. කුශලය කුශලමූල විසින් ඒකමූලමූල ද කුශල ද වේ.
ap-yam:16.7
6. කුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල වෙති යත්: කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදිත් ද (ඔහු) ඒකමූල වූ මූල ද අන්‍යො’න්‍යමූල වූ මූල ද වෙති, අවශේෂ වූ (ස්පර්‍ශාදි) කුශලමූලසහජාත ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල වෙති, අන්‍යො’න්‍යමූල වූ මූල නොද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යැ.
ap-yam:18.1
7. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල ඇත්තාහු වෙති යත් : එසේ යැ. යළි කුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශල (චිත්ත) සමුත්‍ථාන රූපය කුශලමූල ඇත්තේ වෙයි, කුශල නො වෙයි. කුශල (චිත්ත) තෙම කුශලමූල ඇත්තේ ද කුශල ද වේ.
ap-yam:18.2
8. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇත්තාහු වෙති යත් : එසේ යැ. යළි කුශලමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශලසමුත්‍ථාන රූප තෙම කුශලමූල විසින් ඒකමූල ඇත්තේ වෙයි. කුශල නො වෙයි. කුශල තෙම කුශලමූල විසින් ඒකමූලක ද කුශල ද වේ.
ap-yam:18.3
9. කුශලමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙති යත් : කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදිත් ද (ඔහු) ඒකමූලක ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ කුශලමූල සහජාත ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල ඇත්තාහු වෙති, අන්‍යො’න්‍යමූලක නො ද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යි.
ap-yam:18.4
10. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූලමූලක වෙති යත්: එසේ යැ. යළි කුශලමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: කුශලසමුත්‍ථාන රූප තෙම කුශලමූලමූලක වෙයි. කුශල නො වෙයි. කුශල (චිත්ත) තෙම කුශලමූලමූලක ද කුශල ද වේ.
ap-yam:18.5
11. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙති යත් : එසේ යැ. යළි කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශලසමුත්‍ථාන රූප තෙම කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තේ යැ. කුශල නො වෙයි. කුශල තෙම කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තේ ද කුශල ද වේ.
ap-yam:18.6
12. කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇත්තාහු වෙති යත් : කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද ඔහු ඒකමූල මූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ කුශලමූලසහජාත ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල මූලක වෙති. අන්‍යො’න්‍යමූලමූලක නොද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යි.
ap-yam:18.7
කුශලපද නයචතුෂ්ක යි.
ap-yam:20.1
13. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වෙති යත්: (ලෝභාදි) අකුශලමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ (ස්පර්‍ශාදි) අකුශලධර්‍මයෝ අකුශලමූල නො වෙති. යළි යම් අකුශලමූල කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
ap-yam:20.2
14. අකුශල ස්වභාව වූ , යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වෙති. යත්: (විචිකිත්සා ඖද්ධත්‍ය සම්ප්‍රයුක්ත මෝහ සඞ්ඛ්‍යාත) අහේතුක අකුශල තෙම අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූල වෙයි. යළි අකුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත්: අකුශල (චිත්ත) සමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූල වෙයි. අකුශල නො වෙයි. අකුශලය අකුශලමූල විසින් ඒකමූල ද අකුශල ද වේ.
ap-yam:20.3
15. අකුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් (අන්‍යො’න්‍යමූල) වෙති යත් : අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදිත් ද (ඔහු) ඒකමූල ද අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ අකුශලමූල සහජාත වූ ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූල වෙති, අන්‍යො’න්‍යමූල නොද වෙති. යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
ap-yam:20.4
16. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වූ මූල වෙති යත්: අකුශලමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ අකුශල ධර්‍මයෝ අකුශලමූල වූ මූල නො වෙති. යළි යම් අකුශලමූල වූ මූල කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
ap-yam:20.5
17. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වූ මූල වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූල නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූල වෙයි. යළි අකුශලමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශල (චිත්ත) සමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූල මූල වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශල මූල විසින් ඒකමූල මූල ද අකුශල ද වේ.
ap-yam:20.6
18. අකුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල වෙති යත් : අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද (ඔහු) එක් ඒකමූලමූල ද අන්‍යො’න්‍යමූලමූල ද වෙති. අවශේෂ වූ අකුශල මූලසහජාත ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූලමූල වෙති. නොද අන්‍යො’න්‍යමූලමූල වෙති. යළි අකුශලමූල වී අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
ap-yam:22.1
19. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල ඇත්තාහු වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූල ඇත්තේ නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල ඇත්තේ වෙයි. යළි අකුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශල සමුත්‍ථාන රූපය අකුශලමූල ඇත්තේ වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශල මූල ඇත්තේ ද අකුශල ද වේ.
ap-yam:22.2
20. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල ඇත්තාහු වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූල විසින් එක් මූල ඇත්තේ නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූල ඇත්තේ යැ. යළි අකුශලමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශලසමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූල ඇත්තේ වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුලශමූල විසින් ඒකමූල ඇත්තේ ද අකුශල ද වේ.
ap-yam:22.3
21. අකුශලමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලක වෙති යත් : අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද (ඔහු) ඒකමූලක ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ අකුශලමූල සහජාත ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත්: එසේ යි.
ap-yam:22.4
22. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූලමූලක වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූලමූලක නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූලමූලක වෙයි. යළි අකුශලමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත්: අකුශල සමුත්‍ථාන රූපය අකුශලමූලමූලක වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශලමූලමූලක ද අකුශල ද වේ.
ap-yam:22.5
23. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූලමූලක වෙති යත්: අහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූලක නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූලක වෙයි. යළි අකුශලමූල විසින් ඒකමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශල සමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූලමූලක වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූලක ද අකුශල ද වේ.
ap-yam:24.1
24. අකුශලමූල විසින් ඒකමූලමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වෙති යත්: අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද ඔහු ඒකමූලමූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ අකුශලමූල සහජාත ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූලමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල මූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.
ap-yam:24.2
අකුශලපද නයචතුෂ්ක යි.
ap-yam:24.3
25. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වෙති යත් : අව්‍යාකෘතමූලයෝ (කුශලවිපාක යැ ක්‍රියා යැ යන මෙහි අලෝභ අදෝස අමෝහ විසින්) තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ අව්‍යකාත ධර්‍මයෝ අව්‍යාකෘතමූල නො වෙති. යළි අව්‍යාකෘතමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි.
ap-yam:24.4
26. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල වෙති යත් : අහේතුක වූ අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූල නො වෙයි. සහේතුක වූ අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූල වෙයි. යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
ap-yam:24.5
27. අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වෙති යත් : අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද (ඔහු) ඒකමූල ද අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ අව්‍යාකෘත මූලසහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූල වෙති. නොද අන්‍යො’න්‍යමූල වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
ap-yam:24.6
28. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූලමූල වෙති යත් : අව්‍යාකෘතමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ අව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘතමූලමූල නො වෙති. යළි අව්‍යාකෘතමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
ap-yam:26.1
29. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘත මූල විසින් ඒකමූලමූල වෙති යත් : අහේතුක අව්‍යාකෘතය අව්‍යයකෘතමූල විසින් ඒකමූලමූල නො වෙයි. සහේතුක අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වෙයි. යළි අව්‍යාකෘතමූල විසින් ඒක මූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි.
ap-yam:26.2
30. අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකතමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වෙති යත්: අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවිට උපදනාහු වෙත් ද (ඔහු) ඒකමූලමූල ද අන්‍යො’න්‍යමූලමූල ද වෙති. අවශේෂ වූ අව්‍යකෘතමූලසහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වෙති, නොද අන්‍යො’න්‍යමූලමූල වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
ap-yam:26.3
31. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූලක වෙති යත් : අහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල ඇත්තේ නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල ඇත්තේ වෙයි. යළි අව්‍යාකෘතමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යතාකෘත වෙති යත් : එසේ යි.
ap-yam:26.4
32. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙති යත්: අහේතුක අව්‍යාකෘතය අව්‍යාකතමූල විසින් ඒකමූලක නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙයි. යළි අව්‍යාකෘත මූල විසින් ඒකමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
ap-yam:26.5
33. අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලක වෙති යත්: අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලක ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ අව්‍යාකෘතමූල සහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
ap-yam:26.6
34. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූලමූලක වෙති යත් : අහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල මූලක නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල මූලක වෙයි. යළි අව්‍යාකෘතමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි.
ap-yam:28.1
35. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක වෙති යත්: අහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙයි. යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.