Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1501-1600 න් 7971

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
399. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ... (යත්‍ථකයෙහි ‘නො’ යනු නො යෙදිය යුතු යි, යත්‍ථකය අවශේෂ යත්‍ථකයන් හා සමාන කොට යෙදිය යුතු යි, වාරත්‍රයෙහි ම යත්‍ථකය සමාන යි.) (අනුලෝමාවකාශ යි)
400. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: නැති.
401. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය උපදි ද යත්: නැති. (අනුලෝම පුද්ගලාවකාශ යි)
402. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වේ ද යත්: කන් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදිනවුනට ද කන් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, සෝතායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට සෝතායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. කන් නැති ව ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව උපදන වුනට දැ යි ඔවුනට සෝතායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
403. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනවුනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. නැහැ නැති ව ච්‍යුතවන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
404. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනවුනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, රූපායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. රූ නැති ව ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
405. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති වැ උපදනවුනට ද සිත් නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො. වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. සිත් නැති ව ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
406. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියලු ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදී. ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. ඇස් නැති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී. (චක්ඛායතනමූලක යි)
407. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. නැහැ නැති ව උපදනවුනට ද රූ ඇති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී. රූපායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: නැහැ ඇති ව උපදනා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ඝානායතනය නො ද නූපදී. රූ නැති ව ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නූපදී.
408. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. නැහැ නැති ව උපදනවුනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: නැහැ ඇති ව උපදනා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ඝානායතනය නො ද නූපදී. සිත් නැති ව ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව උපදන වුනට දැ යි ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නූපදී.
409. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියලු ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. නැහැ නැති වැ උපදනා වූ ඔවුනට ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නූපදී ද යත්: නැහැ නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, ඔවුනට ඝානායතනය නො ද නූපදී. නැහැ නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නූපදී. (ඝානායතනමූලක යි)
410. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූ නැති වැ උපදනවුනට ද සිත් නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: රූ ඇති වැ උපදනා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නූපදී. සිත් නැති වැ ච්‍යුත වන්නවුනට ද රූ නැති වැ උපදනවුනට දැ යි ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නූපදී.
411. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නොවේ ද යත්: සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූ නැති වැ උපදනා වූ ඔවුනට රූපායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නූපදී ද යත්: රූ ඇති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නූපදී. රූ නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නූපදී. (රූපයාතනමූලක යි)
412. යමකුට මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: සියලු ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. සිත් නැති වැ උපදනා වූ ඔවුනට මනායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නූපදී ද යත්: සිත් ඇති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට මනායතනය නො ද නූපදී. සිත් නැති වැ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
413. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
414. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් (යස්සකය ද යත්‍ථකය ද සමාන යි) (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
415. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
අතීත පුච්ඡාව උත්පාදචාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද සමාන යි. (අනුලෝමපුද්ගල යි)
අතීතවාර යි.
416. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැයි ඔවුනට සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය.
417. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදින්නේ ය. ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය.
418. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
419. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය. (චක්ඛායතනමූලක යි)
420. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
421. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි)
422. යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
423. යමකුට මනායතනය උපදින්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට මනායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි)
424. යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
425. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ ය.
426. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
427. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේය, චක්ඛායතනය ද උපදින්නේ යි.
428. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
429. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි. (චක්ඛායතනමූලක යි)
430. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
431. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි)
432. යමකුට යම් තැනෙක රූපකායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
433. යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි. (රූපායතනමූලක යි)
434. යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. සෙසු චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි)
435. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට ද ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
436. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ කාමාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ යි.
437. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය.
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
438. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
439. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදිනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට රූපායතනය ... එසේ යි.
440. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි. (ඝානායතනමූලක යි)
441. යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනවුනට ද, යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද රූපායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය ... එසේ යි.
442. යමකුට මනායතනය නූපදින්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව උපදනා වූ ඔවුනට මනායතනය නූපදින්නේ ය. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
443. යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් .... (ප්‍රත්‍යනීකාවකාශ යි)
444. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවිකව පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය ... එසේ යි.
445. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නොවන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදින්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ යි.
446. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනටද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය ... එසේ යි.
447. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක මනායතනය ... එසේ යි.
448. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
449. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
තවද යමකුට යම් තැනෙක රූපායතනය ... එසේ යි.