Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1301-1400 න් 7971

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-yam-3:300.2
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වී ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:300.3
300. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වී ද යත්: රූපාවචරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වී ය. ඇස් ඇති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වි ය.
ap-yam-3:300.4
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වී ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:300.5
301. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වී ය. ඇස් ඇති ව වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වී ය.
ap-yam-3:300.6
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:302.1
302. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වී. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:302.2
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වී, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:302.3
303. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වී. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:302.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වී, චක්ඛායතනය ද නිරුද්ධ වේ. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:302.5
304. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:302.6
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වේ ද යත්: කාමාවරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නාවූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:304.1
305. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:304.2
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:304.3
306. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:304.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වෙයි, නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වී, ඝානායතනය ද නිරුද්ධ වේ. (ඝානායතනමූලක යි).
ap-yam-3:304.5
307. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වී. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නාවූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:304.6
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:304.7
308. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වි. රූ ඇතිව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:306.1
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වෙයි, රූ ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වී, රූපායතනය ද නිරුද්ධ වේ. (රූපායතනමූලක යි)
ap-yam-3:306.2
309. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වී.
ap-yam-3:306.3
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වී, මනායතනය ද නිරුද්ධ වේ. (මනායතනමූලක යි. අනුලෝම පුද්ගලාවකාශ යි)
ap-yam-3:306.4
310. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
ap-yam-3:306.5
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වී නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: නැති.
ap-yam-3:306.6
311. යමකුට චක්ඛායතනය ... ඝානායතනය ... රූපායතනය ... මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
ap-yam-3:306.7
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
ap-yam-3:306.8
312. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-3:306.9
313. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, සෝතායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:308.1
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:308.2
314. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වී. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:308.3
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: රූපාවචරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:308.4
315. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:308.5
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:310.1
316. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි. මනායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:310.2
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:310.3
317. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:310.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වී, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:310.5
318. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති වැ කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:310.6
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
ap-yam-3:312.1
319. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වී ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්න වුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:312.2
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
ap-yam-3:312.3
320. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාස වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:312.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
ap-yam-3:312.5
321. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද රූ නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:312.6
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වී, රූපායතනය ද නිරුද්ධ නො වේ,
ap-yam-3:314.1
322. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති වැ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:314.2
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වී, රූපායතනය ද නිරුද්ධ නො වෙයි. (රූපායතනමූලක යි)
ap-yam-3:314.3
323. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වී ද යත්: උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වී. ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වී.
ap-yam-3:314.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය ද නිරුද්ධ වී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ නො වී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ නො වී, මනායතනය ද නිරුද්ධ නො වේ. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ap-yam-3:314.5
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
ap-yam-3:314.6
324. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ යි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය.
ap-yam-3:314.7
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වෙයි.
ap-yam-3:316.1
325. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය, ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:316.2
තවද යමකුට ඝානායතනය ...
ap-yam-3:316.3
326. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:316.4
තවද යමකුට රූපායතනය ...
ap-yam-3:316.5
327. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:316.6
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ... ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ...
ap-yam-3:316.7
328. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:316.8
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:318.1
329. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:318.2
තවද යමකුට ධම්මායතනය ...
ap-yam-3:318.3
330. යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. රූ ඇති ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:318.4
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වෙයි.
ap-yam-3:318.5
331. යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට මනායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:318.6
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වෙයි. (අනුලෝම පුද්ගල යි)
ap-yam-3:318.7
332. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
ap-yam-3:318.8
333. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නනා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:320.1
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ඇස් නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වෙයි.
ap-yam-3:320.2
334. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති වැ කාමාවචරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:320.3
තවද යමකුට යම් තැනෙක ඝානායතනය ...
ap-yam-3:320.4
(යම්සේ ප්‍රත්‍යුත්පන්නාතීතයෙහි ද ත්‍රිවිධ කොට විස්තර කරන ලද්දේ ද එසේ මෙය ද විස්තර කළ යුතු යි.)
ap-yam-3:320.5
335. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වන්නේ ය.
ap-yam-3:320.6
තවද යමකුට යම් තැනෙක රූපායතනය ...
ap-yam-3:320.7
336. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති වැ ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:320.8
තවද යමකුට යම් තැනෙක මනායතනය ...
ap-yam-3:320.9
337. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය, ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:322.1
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ වෙයි. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:322.2
338. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය, නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වෙයි. රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:322.3
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වේ ද යත්: කාමාවචරයෙහි උපදනවුනට ද නැහැ නැති ව කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ...
ap-yam-3:322.4
339. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:322.5
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය ...
ap-yam-3:322.6
340. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය, පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:322.7
තවද යමකුට යම් තැනෙක මනායතනය ...
ap-yam-3:322.8
341. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වෙයි. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. රූ ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:324.1
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වෙයි.
ap-yam-3:324.2
342. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වෙයි, ධම්මායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:324.3
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වෙයි. (අනුලෝම පුද්ගලාවකාශ යි)
ap-yam-3:324.4
343. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පශ්චිමභවික වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:324.5
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පශ්චිමභවික වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි.
ap-yam-3:324.6
344. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනටද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:326.1
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි.
ap-yam-3:326.2
345. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පශ්චිමභවික වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි. රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:326.3
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පශ්චිමභවික වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි.
ap-yam-3:326.4
346. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:326.5
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:326.6
347. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනටද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි නට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:328.1
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම්, ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට රූපායතනය ද නිරුද්ධ නොවන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:328.2
348. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නොවන්නේ ය. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:328.3
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: කාමාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:328.4
349. යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.