Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1201-1300 න් 7971

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-yam-3:278.6
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි)
ap-yam-3:278.7
249. යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:280.1
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
ap-yam-3:280.2
250. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-3:280.3
251. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වේ ද යත්: (යස්ස යත්‍ථකයද යස්සකය හා සමාන යි. ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
ap-yam-3:280.4
ප්‍රත්‍යුත්පන්නවාර යි.
ap-yam-3:280.5
252. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි. (උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද අතීත පෘච්ඡා අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද සමාන යි. (අනුලෝමපුද්ගල යි))
ap-yam-3:280.6
අතීතවාර යි.
ap-yam-3:280.7
253. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:280.8
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:280.9
254. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:280.10
තවද යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:280.11
255. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:280.12
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:282.1
256. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:282.2
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය. චක්ඛායතනය ද නිරුද්ධ වන්නේ යි. (චක්ඛායතන මූලක යි)
ap-yam-3:282.3
257. යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:282.4
තවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ යි. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:282.5
258. යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:282.6
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි. (ඝානායතනමූලක යි)
ap-yam-3:282.7
259. යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:282.8
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:284.1
260. යමකුට මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:284.2
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
ap-yam-3:284.3
261. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
ap-yam-3:284.4
262. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:284.5
තවද යමකුට යම් තැනෙක … එසේ යි.
ap-yam-3:284.6
263. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: රූපාවචරයනට ද ... කාමාවචරයනට ද ..
ap-yam-3:284.7
තවද යමකුට යම් තැනෙක ... එසේ යි.
ap-yam-3:284.8
264. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:284.9
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද ... පඤ්චවෝකාරයනට ද ...
ap-yam-3:284.10
265. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:284.11
තවද යමකුට යම් තැනෙක ... අරූපයනට ද ... පඤ්චවෝකාරයනට ද ...
ap-yam-3:284.12
266. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:284.13
තවද යමකුට යම් තැනෙක ... අසංඥසත්‍වයනට ද අරූපයනට ද … පඤ්චවෝකාරයනට ද ... (චක්ඛායතනමූලක යි)
ap-yam-3:284.14
267. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:284.15
තවද යමකුට යම් තැනෙක ... රූපාවචරයනට ද කාමාවචරයනට ද ...
ap-yam-3:286.1
268. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:286.2
තවද යමකුට යම් තැනෙක ... රූපාවචරයනට ද ... අරූපාවචරයනට ද … කාමාවචරයනට ද ...
ap-yam-3:286.3
269. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:286.4
තවද යමකුට යම් තැනෙක ... රූපාවචරයනට ද ... අරූපාවචරයනට ද … කාමාවචරයනට ද ... (ඝානායතනමූලක යි)
ap-yam-3:286.5
270. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද … පඤ්චවෝකාරයනට ද ...
ap-yam-3:286.6
තවද යමකුට යම් තැනෙක ... අරූපයනට ද ... පඤ්චවෝකාරයනට ද ...
ap-yam-3:286.7
271. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:286.8
තවද යමකුට යම් තැනෙක ... අරූපයනට ද ... පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට ද ... (රූපායතනමූලක යි)
ap-yam-3:286.9
272. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:286.10
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද ... චතුවෝකාරයනට ද ... පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam-3:286.11
(යම්සේ උත්පාදවාරයෙහි “යස්ස යත්‍ථකයෙහි” අනාගතපෘච්ඡාවෝ විස්තර කරන ලද්දාහු ද, නිරෝධවාරයෙහි දු එසේ ම විස්තර කටයුත්තාහ, අනුලෝමාවකාශ යි)
ap-yam-3:286.12
273. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:286.13
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:288.1
274. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:288.2
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:288.3
275. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:288.4
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායත්නය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:288.5
276. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:288.6
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:288.7
277. යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:288.8
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:290.1
278. යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:290.2
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
ap-yam-3:290.3
279. යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:290.4
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි)
ap-yam-3:290.5
280. යමකුට මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:290.6
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගල යි)
ap-yam-3:290.7
281. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-3:290.8
282. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:290.9
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:292.1
283. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:292.2
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:292.3
284. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට ද යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:292.4
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:292.5
285. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:292.6
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:292.7
286. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:292.8
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:294.1
287. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:294.2
තවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:294.3
288. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය. මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:294.4
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:294.5
289. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:294.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
ap-yam-3:294.7
290. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:296.1
තවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:296.2
291. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:296.3
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:296.4
292. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam-3:296.5
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ap-yam-3:296.6
අනාගතවාර යි.
ap-yam-3:296.7
293. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:296.8
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සෝතායතනය නිරුද්ධ වී ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:298.1
294. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය ... ධම්මායතනය ... නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:298.2
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වී ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතන ද නිරුද්ධ වේ.
ap-yam-3:298.3
295. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය ... මනායතනය ... ධම්මායතනය ... නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:298.4
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වී ය. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:298.5
296. යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:298.6
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වී ය. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, රූපායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:298.7
297. යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam-3:298.8
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වි ය, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, මනායතනය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි)
ap-yam-3:298.9
298. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
ap-yam-3:300.1
299. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි. ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ වී ය. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, සෝතායතනය ද නිරුද්ධ වී ය.