Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1101-1200 න් 7971

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-yam-3:252.7
199. යමකුට රූපායතනය උපන්නේ නම් ඔහුට මනායතනය … ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට රූපායතනය උපන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද උපන්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:252.8
තවද යමකුට ... උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:252.9
200. යමකුට මනායතනය උපන්නේ නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට මනායතනය උපන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට මනායතනය ද උපදින්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:252.10
තවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි)
ap-yam-3:252.11
201. යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
ap-yam-3:254.1
202. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි සෝතායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි සෝතායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, සෝතායතනය ද උපන්නේ ය.
ap-yam-3:254.2
තවද යමකුට යම් තැනෙක සෝතායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:254.3
203. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
ap-yam-3:254.4
තවද යමකුට යම් තැනෙක … උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:254.5
204. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
ap-yam-3:254.6
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි.
ap-yam-3:254.7
205. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, මනායතනය ද උපදින්නේ යි.
ap-yam-3:254.8
තවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාරවූ ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි.
ap-yam-3:256.1
206. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදින්නේ ය, ධම්මායතනය ද උපදින්නේ ය.
ap-yam-3:256.2
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:256.3
207. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානායතනය උපන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
ap-yam-3:256.4
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ යි, ඝානායතනය ද උපදින්නේ යි.
ap-yam-3:256.5
208. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය … ධම්මායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානායතනය උපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද උපදින්නේ ය. ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:256.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපන්නේ යි. (ඝානායතනමූලක යි)
ap-yam-3:258.1
209. යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය උපන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, මනායතනය ද උපදින්නේ යි.
ap-yam-3:258.2
තවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපදින්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපන්නේ යි.
ap-yam-3:258.3
210. යම්කුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:258.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපන්නේ යි. (රූපායතනමූලක යි)
ap-yam-3:258.5
211. යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද උපන්නේ ය, සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැයි ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:258.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ ය. චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, මනායතනය ද උපන්නේ යි. (මනායතනමූලක යි අනුලෝම පුද්ගලාවකාශ යි)
ap-yam-3:260.1
212. යමකුට චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට සෝතායතනය නූපදින්නේ ද යත්: නැති.
ap-yam-3:260.2
තවද යමකුට සෝතායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: උපන්නේ යි.
ap-yam-3:260.3
213. යමකුට චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට ඝානායතනය ... රූපායතනය - මනායතනය - ධම්මායතනය නූපදින්නේ ද යත්: නැති.
ap-yam-3:260.4
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි.
ap-yam-3:260.5
214. යමකුට ඝානායතනය … මනායතනය නූපන්නේ නම් ඔහුට ධම්මායතනය නූපදින්නේ ද යත්: නැති.
ap-yam-3:260.6
තවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
ap-yam-3:260.7
215. යම් තැනෙක චක්ඛායතනය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-3:260.8
216. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි සෝතායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:260.9
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපදින්නේ නම් ඔහුට එභි චක්ඛායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි සෝතායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
ap-yam-3:260.10
217. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:260.11
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
ap-yam-3:262.1
218. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:262.2
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
ap-yam-3:262.3
219. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:262.4
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
ap-yam-3:262.5
220. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:262.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, චක්ඛායතන ද නූපන්නේ යි (චක්ඛායතනමූලක යි)
ap-yam-3:264.1
221. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය. රූපායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:264.2
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්විමභවිකවූ ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නූපන්නේ ය. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නූපන්නේ යි.
ap-yam-3:264.3
222. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:264.4
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නූපන්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නූපන්නේ යි.
ap-yam-3:264.5
223. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:264.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නූපන්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නූපන්නේ යි. (ඝානායතනමූලක යි)
ap-yam-3:266.1
224. යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
ap-yam-3:266.2
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපන්නේ යි.
ap-yam-3:266.3
225. යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:266.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, රූපායතනයද නූපන්නේ යි. (රූපායතනමූලක යි)
ap-yam-3:266.5
226. යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:266.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාස වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපන්නේ යි. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ap-yam-3:266.7
අතීතානාගතවාර යි.
ap-yam-3:266.8
උත්පාදවාර නිමි.
ap-yam-3:268.1
4. ප්‍රවෘත්ති නිරෝධවාරය
ap-yam-3:268.2
227. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වේ ද යත්: ඇස් ඇති ව කන් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි. ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව කන් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, සෝතායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:268.3
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: කන් ඇති ව ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය නිරුද්ධ වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. කන් ඇති ව ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:268.4
228. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: ඇස් ඇති ව නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වේ. ඇස් ඇති ව නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි. ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:268.5
තවද යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: නැහැ ඇති ව ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:268.6
229. යමකුට චක්ඛායතනය ද නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:268.7
තවද යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: රූ ඇති ව ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:270.1
230. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.2
තවද යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: සිත් ඇති ව ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:270.3
231. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.4
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වෙයි. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:270.5
232. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.6
තවද යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: රූ ඇති ව නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වෙයි. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:270.7
233. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.8
තවද යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: සිත් ඇති ව නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:270.9
234. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.10
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වේ. (ඝානායතනමූලක යි)
ap-yam-3:272.1
235. යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: රූ ඇති ව සිත් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:272.2
තවද යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: රූ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:272.3
236. යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:272.4
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: රූ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:272.5
237. යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:272.6
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: සිත් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වෙයි, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
ap-yam-3:272.7
යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ... (උත්පාදයෙහි ද නිරෝධයෙහි ද උත්පාදනිරෝධයෙහි දැ යි සැම තන්හි යත්‍ථකය සමාන යි. අනුලෝමාවකාශ යි)
ap-yam-3:272.8
238. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වේ ද යත්: ඝානායතනය - රූපායතනය - මනායතනය - ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: ... (යස්ස යත්‍ථකය ද සමාන යි. විස්තර කළ යුතු යි. අනුලෝම පුද්ගලාවකාශ යි)
ap-yam-3:274.1
239. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව කන් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වේ. උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව කන් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, සෝතායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.2
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: කන් නැති ව ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය නිරුද්ධ නො වේ, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා සියල්ලනට ද කන් නැති ව ඇස් නැති ව ච්‍යුත වන්නවුනට ද යි ඔවුනට සෝතායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.3
240. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වේ, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.4
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ නැති ව ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.5
241. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වේ. උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.6
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ ය.
ap-yam-3:276.1
242. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:276.2
තවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
ap-yam-3:276.3
243. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා සියලු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:276.4
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (චක්ඛායතන මූලක යි)
ap-yam-3:276.5
244. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ නැති ව රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වේ. උපදනා සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:276.6
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
ap-yam-3:276.7
245. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ නැති ව සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:276.8
තවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
ap-yam-3:278.1
246. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:278.2
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි.)
ap-yam-3:278.3
247. යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:278.4
තවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් නැති ව රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:278.5
248. යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.