Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 7971 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 801-900 න් 7971

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-yam-3:178.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ap-yam-3:178.5
ප්‍රත්‍යුපත්පන්නවාර යි.
ap-yam-3:178.6
49. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට සෝතායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:178.7
තවද යමකුට සෝතායතනය උපන්නේ නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:178.8
50. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය ... ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:178.9
තවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:178.10
51. යමකුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය උපන්නේ නම් ඔහුට ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:178.11
තවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට මනායතනය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
ap-yam-3:180.1
52. යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ...
ap-yam-3:180.2
[යත්‍ථකය ප්‍රත්‍යුත්පන්නයෙහි දු අතීතයෙහි දු අනාගතයෙහි දු ප්‍රත්‍යුත්පන්නාතීතයෙහි දු ප්‍රත්‍යුත්පන්නානාගතයෙහි දු අතීතානාගතයෙහි දු යන සියලු තන්හි සමාන වේ. උප්පජ්ජති, උප්පජ්ජිත්‍ථ යන නාමය අතිරේක කළයුතු යි.] (අනුලෝමාවකාශ යි.)
ap-yam-3:180.3
53. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි සෝතායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:180.4
තවද යමකුට යම් තැනෙක සෝතායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:180.5
54. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය, කාමාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපන්නේ යි.
ap-yam-3:180.6
තවද යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:180.7
55. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:180.8
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය, පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි.
ap-yam-3:180.9
56. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:180.10
තවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය, පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි.
ap-yam-3:180.11
57. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:182.1
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි. (චක්ඛායතනමූලක යි.)
ap-yam-3:182.2
58. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:182.3
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපන්නේ යි.
ap-yam-3:182.4
59. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:182.5
තවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපන්නේ යි.
ap-yam-3:182.6
60. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:182.7
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපන්නේ යි. (ඝානායතනමූලක යි.)
ap-yam-3:182.8
61. යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ යි, පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, මනායතනය ද උපන්නේ යි.
ap-yam-3:182.9
තවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපන්නේ යි.
ap-yam-3:184.1
62. යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:184.2
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපන්නේ යි. (රූපායතනමූලක යි.)
ap-yam-3:184.3
63. යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:184.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ ය, චතුවෝකාරයන්ට ද පඤ්චවෝකාරයන්ට දැයි ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, මනායතනය ද උපන්නේ යි. (මනායතනමූලක යි - අනුලෝම පුද්ගලාවකාශ යි.)
ap-yam-3:184.5
64. යමකුට චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට සෝතායතනය නූපන්නේ ද යත්: නැති.
ap-yam-3:184.6
තවද යමකුට සෝතායතනය නූපන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපන්නේ ද යත්: නැති. (සංක්‍ෂිප්ත යි.)
ap-yam-3:184.7
65. යමකුට මනායතනය නූපන්නේ නම් ඔහුට ධම්මායතනය නූපන්නේ ද යත්: නැති.
ap-yam-3:184.8
තවද යමකුට ධම්මායතනය නූපන්නේ නම් ඔහුට මනායතනය නූපන්නේ ද යත්: නැති. ... (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
ap-yam-3:184.9
66. යම් තැනෙක චක්ඛායතනය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
ap-yam-3:184.10
67. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි සෝතායතනය නූපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:184.11
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:184.12
68. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:186.1
තවද යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
ap-yam-3:186.2
69. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපන්නේ යි.
ap-yam-3:186.3
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:186.4
70. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
ap-yam-3:186.5
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:186.6
71. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාස වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපන්නේ යි.
ap-yam-3:186.7
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි.)
ap-yam-3:186.8
72. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපන්නේ යි.
ap-yam-3:186.9
තවද යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:188.1
73. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
ap-yam-3:188.2
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:188.3
74. යමකුට යම් තැනෙක ඝානායතනය, නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපන්නේ යි.
ap-yam-3:188.4
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි.)
ap-yam-3:188.5
75. යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
ap-yam-3:188.6
තවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපන්නේ යි.
ap-yam-3:188.7
76. යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපන්නේ යි.
ap-yam-3:188.8
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: එසේ යි. (රූපායතන මූලක යි.)
ap-yam-3:190.1
77. යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපන්නේ යි.
ap-yam-3:190.2
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය ද නූපන්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි.)
ap-yam-3:190.3
අතීතවාර යි.
ap-yam-3:190.4
78. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට සෝතායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:190.5
තවද යමකුට සෝතායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:190.6
79. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
ap-yam-3:190.7
තවද යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:190.8
80. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:190.9
තවද යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:190.10
81. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ද ධම්මායතනය ද සමාන වේ. මොහු දෙදෙන සදෘශයෝ ම වෙත්.
ap-yam-3:190.11
82. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:190.12
තවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නහු නම් ඔවුනට ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි. (චක්ඛායතන මූලක යි.)
ap-yam-3:192.1
83. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:192.2
තවද යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට රූපායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
ap-yam-3:192.3
84. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය .. ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:192.4
තවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි.)
ap-yam-3:192.5
85. යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:192.6
තවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදින්නේ යි. (රූපායතනමූලක යි.)
ap-yam-3:192.7
86. යමකුට මනායතනය උපදින්නේ නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:192.8
තවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය උපදින්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි – අනුලෝම පුද්ගල යි.)
ap-yam-3:192.9
87. යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
ap-yam-3:192.10
88. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:192.11
තවද යමකුට යම් තැනෙක සෝතායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:194.1
89. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය උපදින්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
ap-yam-3:194.2
තවද යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:194.3
90. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:194.4
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
ap-yam-3:194.5
91. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:194.6
තවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපදින්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
ap-yam-3:194.7
92. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:194.8
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි. (චක්ඛායතනමූලක යි.)
ap-yam-3:194.9
93. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:194.10
තවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
ap-yam-3:196.1
94. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:196.2
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි.)
ap-yam-3:196.3
95. යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, මනායතනය ද උපදින්නේ ය.
ap-yam-3:196.4
තවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදින්නේ ය.
ap-yam-3:196.5
96. යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:196.6
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදින්නේ යි. (රූපායතනමූලක යි.)
ap-yam-3:196.7
97. යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:196.8
තවද යමකුට යම් තැනක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, මනායතනය ද උපදින්නේ යි. (මනායතනමූලක යි - අනුලෝම පුද්ගලාවකාශ යි.)
ap-yam-3:198.1
98. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට සෝතායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:198.2
තවද යමකුට සෝතායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.