Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීක පුග්ගලොකාස.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුපත්පන්නවාර යි.
Pali BJT49. යස්ස චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස සොතායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT49. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට සෝතායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට සෝතායතනය උපන්නේ නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT50. යස්ස චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස ඝානායතනං -පෙ- රූපායතනං මනායතනං, ධම්මායතනං, උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT50. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය ... ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT51. යස්ස ඝානායතනං -පෙ- රූපායතනං, මනායතනං, උප්පජ්ජිත්ථ තස්ස ධම්මායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT51. යමකුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය උපන්නේ නම් ඔහුට ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස මනායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට මනායතනය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT52. යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ -පෙ-
Sinhala BJT52. යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ...
Pali BJT[යත්ථකං පච්චුප්පන්නෙපි අතීතෙපි අනාගතෙපි පච්චුප්පන්නාතීතෙපි පච්චුප්පන්නාගතෙපි අතීතානාගතෙපි සබ්බත්ථ සදිසං උප්පජ්ජති. උප්පජ්ජිත්ථාති නාමං අතිරෙකං කාතබ්බං (අනුලොම ඔකාස.)
Sinhala BJT[යත්‍ථකය ප්‍රත්‍යුත්පන්නයෙහි දු අතීතයෙහි දු අනාගතයෙහි දු ප්‍රත්‍යුත්පන්නාතීතයෙහි දු ප්‍රත්‍යුත්පන්නානාගතයෙහි දු අතීතානාගතයෙහි දු යන සියලු තන්හි සමාන වේ. උප්පජ්ජති, උප්පජ්ජිත්‍ථ යන නාමය අතිරේක කළයුතු යි.] (අනුලෝමාවකාශ යි.)
Pali BJT53. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොතායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT53. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි සෝතායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT54. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථාති: රූපාවචරානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ, කාමාවචරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ, ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT54. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය, කාමාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT55. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT55. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ, පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය, පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි.
Pali BJT56. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT56. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ, පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය, පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි.
Pali BJT57. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT57. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ. (චක්ඛායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි. (චක්ඛායතනමූලක යි.)
Pali BJT58. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT58. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථාති: රූපාවචරානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ, ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපන්නේ යි.
Pali BJT59. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT59. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථාති: රූපාවචරානං, අරූපාවචරානං, තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිත්ථ, ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපන්නේ යි.
Pali BJT60. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT60. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථාති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ. (ඝානායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපන්නේ යි. (ඝානායතනමූලක යි.)
Pali BJT61. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ, මනායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT61. යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ යි, පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, මනායතනය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිත්ථ, තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපන්නේ යි.
Pali BJT62. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT62. යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ. (රූපායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපන්නේ යි. (රූපායතනමූලක යි.)
Pali BJT63. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT63. යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ. චතුවොකාරානං, පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, මනායතනඤ්ච උප්පජ්ජිත්ථ. (මනායතනමූලකං-අනුලොම පුග්ගලොකාස.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ ය, චතුවෝකාරයන්ට ද පඤ්චවෝකාරයන්ට දැයි ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, මනායතනය ද උපන්නේ යි. (මනායතනමූලක යි - අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT64. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස සොතායතනං නූප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJT64. යමකුට චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට සෝතායතනය නූපන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන සොතායතනං නූප්පජ්ජිත්ථ තස්ස චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: නත්ථි. (සංඛිත්තං.)
Sinhala BJTතවද යමකුට සෝතායතනය නූපන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපන්නේ ද යත්: නැති. (සංක්‍ෂිප්ත යි.)
Pali BJT65. යස්ස මනායතනං නූප්පජ්ජිත්ථ තස්ස ධම්මායතනං නූප්පජ්ජිත්ථාති : නත්ථි.
Sinhala BJT65. යමකුට මනායතනය නූපන්නේ නම් ඔහුට ධම්මායතනය නූපන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස මනායතනං නූප්පජ්ජිත්ථාති: නත්ථි. -පෙ- (පච්චනීකපුග්ගල.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපන්නේ නම් ඔහුට මනායතනය නූපන්නේ ද යත්: නැති. ... (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT66. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීක ඔකාස.)
Sinhala BJT66. යම් තැනෙක චක්ඛායතනය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT67. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොතායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT67. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි සෝතායතනය නූපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: එසේ යි.
Pali BJT68. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT68. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ, සුද්ධාවාසානං, අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ. චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
Pali BJT69. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT69. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: එසේ යි.
Pali BJT70. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ. මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT70. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: එසේ යි.
Pali BJT71. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT71. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාස වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා (චක්ඛායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි.)
Pali BJT72. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථාති: රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT72. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: එසේ යි.
Pali BJT73. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ, මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT73. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: එසේ යි.
Pali BJT74. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ, සුද්ධාවාසානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ. ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT74. යමකුට යම් තැනෙක ඝානායතනය, නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා. (ඝානායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි.)
Pali BJT75. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ, මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT75. යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපන්නේ යි.
Pali BJT76. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT76. යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා. (රූපායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: එසේ යි. (රූපායතන මූලක යි.)
Pali BJT77. යස්ස යත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT77. යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථාති: ආමන්තා. (මනායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය ද නූපන්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT78. යස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස සොතායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT78. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට සෝතායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං උප්පජ්ජිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට සෝතායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT79. යස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස ඝානායතනං උප්පජ්ජිස්සතීති: යෙ රූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චක්ඛායතනං උප්පජ්ජිස්සති. නො ච තෙසං ඝානායතනං උප්පජ්ජිස්සති ඉතරෙසං තෙසං චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT79. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං උප්පජ්ජිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT80. යස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස රූපායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT80. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං උප්පජ්ජිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT81. යස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සති (තස්ස මනායතනඤ්ච ධම්මායතනඤ්ච සදිසං, ඉමෙ ද්වෙ සදිසා යෙව හොන්ති)
Sinhala BJT81. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ද ධම්මායතනය ද සමාන වේ. මොහු දෙදෙන සදෘශයෝ ම වෙත්.
Pali BJT82. යස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස ධම්මායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT82. යමකුට චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ධම්මායතනං උප්පජ්ජිස්සති. නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති. (චක්ඛායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට චක්ඛායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නහු නම් ඔවුනට ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි. (චක්ඛායතන මූලක යි.)
Pali BJT83. යස්ස ඝානායතනං උප්පජ්ජිස්සති තස්ස රූපායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT83. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං උප්පජ්ජිස්සති තස්ස ඝානායතනං උප්පජ්ජිස්සතීති: යෙ රූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං රූපායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං රූපායතනඤ්ච උප්පජ්ජිස්සති ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට රූපායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
Pali BJT84. යස්ස ඝානායතනං උප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT84. යමකුට ඝානායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය .. ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිස්සති, තස්ස ඝානායතනං උප්පජ්ජිස්සතීති: යෙ රූපාවචරං, අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ධම්මායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති. (ඝානායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට ඝානායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි.)
Pali BJT85. යස්ස රූපායතනං උප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT85. යමකුට රූපායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස රූපායතනං උප්පජ්ජිස්සතීති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ධම්මායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං රූපායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජිස්සති. (රූපායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට රූපායතනය උපදින්නේ ද යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදින්නේ යි. (රූපායතනමූලක යි.)
Pali BJT86. යස්ස මනායතනං උප්පජ්ජිස්සති තස්ස ධම්මායතනං උප්පජ්ජිස්සති : ආමන්තා.
Sinhala BJT86. යමකුට මනායතනය උපදින්නේ නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස මනායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා. (මනායතනමූලකං-අනුලොම පුග්ගල.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය උපදින්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි – අනුලෝම පුද්ගල යි.)
Pali BJT87. යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති -පෙ- (අනුලොම ඔකාස.)
Sinhala BJT87. යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT88. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොතායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT88. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT89. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සතීති: රූපාවචරානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති. කාමාවචරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT89. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය උපදින්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි චක්ඛායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT90. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති, තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT90. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
Pali BJT91. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති, තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිස්සතීති: ආමනව්තා.
Sinhala BJT91. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපදින්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි.
Pali BJT92. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT92. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිස්සති. (චක්ඛායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදින්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපදින්නේ යි. (චක්ඛායතනමූලක යි.)
Pali BJT93. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT93. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සතීති: රූපාවචරානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති. කාමාවචරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිස්සති. ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
Pali BJT94. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං -පෙ- ධම්මායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT94. යමකුට යම් තැනෙක ඝානායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය ... ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සතීති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සති. කාමාවචරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි. (ඝානායතනමූලක යි.)
Pali BJT95. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිස්සති. මනායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT95. යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ ය, මනායතනය ද උපදින්නේ ය.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සති නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති, පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිස්සති. රූපායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදින්නේ ය.
Pali BJT96. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT96. යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති. පඤ්චවොකාරානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජිස්සති. (රූපායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපදින්නේ යි. (රූපායතනමූලක යි.)
Pali BJT97. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT97. යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස යා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සති. චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, මනායතනඤ්ච උප්පජ්ජිස්සති. (මනායතනමූලකං-අනුලොම පුග්ගලොකාස.)
Sinhala BJTතවද යමකුට යම් තැනක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, මනායතනය ද උපදින්නේ යි. (මනායතනමූලක යි - අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT98. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස සොතායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT98. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට සෝතායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නූප්පජ්ජිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.