Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7901-7973 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙස්සති සො දොමනස්සින්ද්රියං පජහතී’ති: ඡ පුග්ගලා අඤ්ඤින්ද්රියං භාවෙස්සන්ති, නො ච දොමනස්සින්ද්රියං පජහන්ති. අනාගාමිමග්ගසමඞ්ගී අඤ්ඤින්ද්රියඤ්ච භාවෙස්සති, දොමනස්සින්ද්රියඤ්ච පජහති.{2}
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපියත්, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ, දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපියයි.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති යො දොමනස්සින්ද්රියං පජහතී’ති: සත්ත පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සන්ති, නො ච දොමනස්සින්ද්රියං පජහන්ති. අනාගාමිමග්ගසමඞ්ගී අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සති, දොමනස්සින්ද්රියඤ්ච පජහති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපියා යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපියත්, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නෙ යැ, දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපියා.
Pali BJT35. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙති සො අඤ්ඤින්ද්රියං භාවෙස්සතී’ති: ආමන්තා.
Sinhala BJT35. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය (භාවනා වශයෙන්) වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙතී’ති: ඡ{1} පුග්ගලා අඤ්ඤින්ද්රියං භාවෙස්සන්ති. නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙන්ති. අට්ඨමකො අඤ්ඤින්ද්රියඤ්ච භාවෙස්සති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවෙති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩාත්, අෂ්ටමක (ශ්‍රෝතාපත්තිමාර්‍ගස්ථ) පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩයි.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නේ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං{2} සච්ඡිකරිස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙතී’ති: සත්ත පුග්ගලා{3} අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙති. අට්ඨමකො අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවෙති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩයි. අෂ්ටමක තෙම අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නෙ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වඩා.
Pali BJT36. යො අඤ්ඤින්ද්රියං භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT36. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො අඤ්ඤින්ද්රියං භාවෙතී’ති: පඤ්ච පුග්ගලා{4} අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සන්ති, නො ච අඤ්ඤින්ද්රියං භාවෙන්ති. තයො මග්ගසමඞ්ගිනො{5} අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සන්ති, අඤ්ඤින්ද්රියඤ්ච භාවෙන්ති. (අනුලොමං).
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩා යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කරන්නාහ. අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩත්, මාර්‍ග සමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද වඩත්. (අනුලෝම යි.)
Pali BJT37. යො චක්ඛුන්ද්රියං න පරිජානාති සො දොමනස්සින්ද්රියං නප්පජහිස්සතී’ති: පඤ්ච පුග්ගලා චක්ඛුන්ද්රියං න පරිජානන්ති, නො ච දොමනස්සින්ද්රියං නප්පජහිස්සන්ති. චත්තාරො පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති, දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිස්සන්ති.
Sinhala BJT37. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) නො හැරැපියන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියන්නාහ, පුද්ගලයෝ සතර දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං නප්පජහිස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: අග්ගමග්ගසමඞ්ගී දොමනස්සින්ද්රියං නප්පජහිස්සති නො ච චක්ඛුන්ද්රියං න පරිජානාති. චත්තාරො පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිස්සන්ති. චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ යැ. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානාති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සතී’ති: යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ චක්ඛුන්ද්රියං න පරිජානන්ති. නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සන්ති. අට්ඨ පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: අග්ගමග්ගසමඞ්ගී අනඤ්ඤාතඤ්ඤස්සාමිතීන්ද්රියං න භාවෙස්සති, නො ච චක්ඛුන්ද්රියං න පරිජානාති අට්ඨ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි ද යත්: අග්‍රමාර්‍ග (රහත් මඟ) සමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ අට දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානාති සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: සත්ත{1} පුග්ගලා චක්ඛුන්ද්රියං න පරිජානන්ති, නො ච අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති. ද්වෙ{2} පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති, අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නොවඩන්නාහ, පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: අග්ගමග්ගසමඞ්ගී අඤ්ඤින්ද්රියං න භාවෙස්සති, නො ච චක්ඛුන්ද්රියං න පරිජානාති. ද්වෙ{2} පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිත්.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානාති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: සත්ත පුග්ගලා චක්ඛුන්ද්රියං න පරිජානන්ති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. ද්වෙ පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අකද්ඤතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනියි යත්: එසේ යි
Pali BJT38. යො දොමනස්සින්ද්රියං නප්පජහති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සතී’ති: යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති, තෙ දොමනස්සින්ද්රියං නප්පජහන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සන්ති. අට්ඨ පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහන්ති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJT38. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ අට දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සති සො දොමනස්සින්ද්රියං නප්පජහතී’ති: අනාගාමිමග්ගසමඞ්ගී අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සති, නො ච දොමනස්සින්ද්රියං නප්පජහති. අට්ඨ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, දොමනස්සින්ද්රියඤ්ච නප්පජහන්ති.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි යත්: අනාගාමීමාර්‍ග සමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ. දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියයි. පුද්ගලයෝ අට දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො ද හැරැපියත්.
Pali BJTයො දොමනස්සින්ද්රියං නප්පජහති සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: ඡ{1} පුග්ගලා දොමනස්සින්ද්රියං නප්පජහන්ති, නො ච අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති. තයො{2} පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහන්ති, අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙස්සති සො දොමනස්සින්ද්රියං නප්පජහතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා යැ යත්: එසේ යැ.
Pali BJTයො දොමනස්සින්ද්රියං නප්පජහති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: සත්තපුග්ගලා{3} දොමනස්සින්ද්රියං නප්පජහන්ති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහන්ති. අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො දොමනස්සින්ද්රියං නප්පජහතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි යත්: එසේ යි.
Pali BJT39. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: ඡ{3} පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙන්ති, නො ච අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති. තයො පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති, අඤ්ඤින්ද්රින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJT39. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ, පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය ද නොවඩන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: එසේ යැ.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: සත්ත පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙන්ති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. ද්වෙ පුග්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමිතීන්‍ද්‍රිය නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි යත්: එසේ යි.
Pali BJT40. යො අඤ්ඤින්ද්රියං න භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: පඤ්ච පුග්ගලා අඤ්ඤින්ද්රියං න භාවෙන්ති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJT40. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො අඤ්ඤින්ද්රියං න භාවෙතී’ති: ආමන්තා. (පච්චනීකං).
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි).
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT41. යො චක්ඛුන්ද්රියං පරිජානිත්ථ සො දොමනස්සින්ද්රියං පජහිස්සතී’ති: නො.
Sinhala BJT41. යමෙක් චක්ඛුන්‍ද්‍රිය (ත්‍රිවිධ පරිඥා විසින්) පිරිසිඳැදත්තේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) හැරැපියන්නෙ යැ යත් නැත.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං පජහිස්සති සො චක්ඛුන්ද්රියං පරිජානිත්ථා’ති: නො.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපියන්නෙ වේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැත.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සතී’ති: නො.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සති සො චක්ඛුන්ද්රියං පරිජානිත්ථා’ති: නො.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැත.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානිත්ථ සො අඤ්ඤින්ද්රියං භාවෙස්සතී’ති: නො.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙස්සති සො චක්ඛුන්ද්රියං පරිජානිත්ථා’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැත
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති: නො.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: නැත
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො චක්ඛුන්ද්රියං පරිජානිත්ථා’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ යැ යත්: නැති.
Pali BJT42. යො දොමනස්සින්ද්රියං පජහිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සතී’ති නො.
Sinhala BJT42. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය (ප්‍රහාණ පරිඥා විසින්) හැරැපී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: නැත.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙස්සති සො දොමනස්සින්ද්රියං පජහිත්ථා’ති: නො.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: නැත.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහිත්ථ සො අඤ්ඤින්ද්රියං භාවෙස්සතී’ති: ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියං පජහිත්ථ, නො ච අඤ්ඤින්ද්රියං භාවෙස්සන්ති{1} අනාගාමී දොමනස්සින්ද්රියඤ්ච පජහිත්ථ, අඤ්ඤින්ද්රියඤ්ච භාවෙස්සති.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපූහ. අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩන්නාහ. අනාගාමී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී, අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙස්සති{2} සො දොමනස්සින්ද්රියං පජහිත්ථා’ති: ඡ පුග්ගලා{3} අඤ්ඤින්ද්රියං භාවෙස්සන්ති, නො ච දොමනස්සින්ද්රියං පජහිත්ථ. අනාගාමී අඤ්ඤින්ද්රියඤ්ච භාවෙස්සති, දොමනස්සින්ද්රියඤ්ච පජහිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපී. අනාගාමී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නෙ යැ. දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති:{4} අරහා දොමනස්සින්ද්රියං පජහිත්ථ නො ච අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති, ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච පජහිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සන්ති.{5}
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය හැරැපී, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් කරන්නෙ යැ. පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නෙ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො දොමනස්සින්ද්රියං පජහිත්ථා’ති: ඡ පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සන්ති. නො ච දොමනස්සින්ද්රියං පජහිත්ථ. ද්වෙ පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සන්ති. දොමනස්සින්ද්රියඤ්ච පජහිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද හැරැපූහ. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපූහ.
Pali BJT43. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ සො අඤ්ඤින්ද්රියං, භාවෙස්සතී’ති: ද්වෙපුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමිතීන්ද්රියං භාවිත්ථ, නො ච අඤ්ඤින්ද්රියං භාවෙස්සන්ති. පඤ්ච පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ, අඤ්ඤින්ද්රියඤ්ච භාවෙස්සන්ති.
Sinhala BJT43. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය (භාවනා විසින්) වැඩී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. අඤ්ඤින්‍ද්‍රිය නො ද වඩන්නාහ, පුද්ගලයෝ පස් දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථා’ති: ද්වෙපුග්ගලා{1} අඤ්ඤින්ද්රියං භාවෙස්සන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ. පඤ්ච පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච භාවෙස්සන්ති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති:{2} අරහා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ, නො ච අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති. ඡ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් කරන්නෙ යැ. පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී, අනඤ්ඤාතාවීන්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථා’ති: ද්වෙ පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ. ඡ පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච{3} සච්ඡිකරිස්සන්ති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ, පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ.
Pali BJT44. යො අඤ්ඤින්ද්රියං භාවිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සතී’ති: නො.{4}
Sinhala BJT44. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ යැ යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිස්සති සො අඤ්ඤින්ද්රියං භාවිත්ථා’ති: නො. (අනුලොමං).
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැති. (අනුලෝම යි.)
Pali BJT45. යො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ සො දොමනස්සින්ද්රියං නප්පජහිස්සතී’ති: පඤ්ච පුග්ගලා චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ, නො ච දොමනස්සින්ද්රියං නප්පජහිස්සන්ති. තයො පුග්ගලා චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ, දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිස්සන්ති.
Sinhala BJT45. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියන්නාහ, පුද්ගලයෝ තිදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දත්හ. දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං නප්පජහිස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථා’ති: අරහා දොමනස්සින්ද්රියං නප්පජහිස්සති, නො ච චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ. තයො පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිස්සන්ති, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ යැ යත්: රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය හො හැරැපියන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සතී’ති: යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සන්ති. අට්ඨ පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු වෙත් ද ඔහු චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියං න භාවෙස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථා’ති: අරහා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සති, නො ච චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ. අට්ඨ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. පුද්ගලයෝ අට දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: සත්ත පුග්ගලා චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ, නො ච අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති. ද්වෙ පුග්ගලා{1} චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ, අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෝ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථා’ති: අරහා අඤ්ඤින්ද්රියං න භාවෙස්සති, නො ච චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ. ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ යැ යත්: රහත් පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: අට්ඨ පුග්ගලා{2} චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ අට දෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථා’ති: අරහා අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති, නො ච චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තෙ යැ යත්: රහත් පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැදත. යම් පුහුදුන් කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ.
Pali BJT46. යො දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සතී’ති: යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සන්ති. ඡ පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිත්ථ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJT46. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපූහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපූ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සති සො දොමනස්සින්ද්රියං නප්පජහිත්ථා’ති: තයො පුග්ගලා{1} අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙස්සන්ති, නො ච දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ. ඡ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙස්සන්ති. දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිත්ථ.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපූ යැ, පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ.
Pali BJTයො දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: ඡ{2} පුග්ගලා දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ නො ච අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිත්ථ, අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හළහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙස්සති සො දොමනස්සින්ද්රියං නප්පජහිත්ථාතී’ති: ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති, තෙ දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති{3} තෙ අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති. දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හළහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ.
Pali BJTයො දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: ඡ පුග්ගලා{4} දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති{5} තෙ දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හළහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නාහ, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො දොමනස්සින්ද්රියං නප්පජහිත්ථා’ති: අරහා අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති, නො ච දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති{6} තෙ අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති, දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපී යැ යත්: රහත් පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ. දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපී. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ, දෝමනස්සින්‍ද්‍රිය ද නො හළහ.
Pali BJT47. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ සො අඤ්ඤින්ද්රියං න භාවෙස්සතී’ති: ද්වෙ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ, නො ච අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ, අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති.
Sinhala BJT47. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩි නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථා’ති: ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්රියං න භාවෙස්සන්ති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ. යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙස්සන්ති. අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නෙ වි නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ නො කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: ද්වෙ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කරන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථාති: අරහා අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ. යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, තෙ අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුඟුල් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩී, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ නො කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJT48. යො අඤ්ඤින්ද්රියං න භාවිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සතී’ති: අට්ඨ පුග්ගලා අඤ්ඤින්ද්රියං න භාවිත්ථ, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සන්ති. යෙ පුථුජ්ජනා මග්ගං පටිලභිස්සන්ති තෙ අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච{1} න සච්ඡිකරිස්සන්ති.
Sinhala BJT48. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ යත්: පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද නො පසක් කරන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ කරන්නාහු නම් ඔහු අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති සො අඤ්ඤින්ද්රියං න භාවිත්ථා’ති: අරහා අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිස්සති, නො ච අඤ්ඤින්ද්රියං න භාවිත්ථ. යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිස්සන්ති, අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථා’ති. (පච්චනීකං)
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: රහත් පුඟුල් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කරන්නෙ යැ, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වැඩී. යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ග ප්‍රතිලාභ නො කරන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කරන්නාහ, අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTඉන්ද්රිය යමකං නිට්ඨිතං{2}.
Sinhala BJTඉන්‍ද්‍රිය යමක නිමි.
Pali BJTයමකප්පකරණං සමත්තං.
Sinhala BJTයමකප්‍රකරණ සමාප්ත යි.