Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7701-7800 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං, යෙ ච පුරිසා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ. රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද පුරුෂ කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැයි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපන, රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස යත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: රූපාවචර අරූපාවචර වූ ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං න උප්පජ්ජිත්ථ. රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, පුරිසින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය නූපන යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද නූපන. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පුරිසින්‍ද්‍රිය ද නූපනි.
Pali BJT320. යස්ස යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජස්සතී’ති: උප්පජ්ජිස්සති.{1}
Sinhala BJT320. යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන යත්: උපන.
Pali BJTයස්ස යත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං -පෙ- සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය ... සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ ජීවිතින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය නූපන යත්: උපනි.
Pali BJT321. යස්ස යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT321. යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ, අසංඥසත්‍ව වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපන, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්සසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති. තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෝමනස්ස සම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපදනෙ යැ. සෝමනස්සින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස යත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සොමනස්සින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සෝමනස්සින්‍ද්‍රිය ද නූපනි.
Pali BJT322. යස්ස යත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: සුද්ධාවාසං{2} උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT322. යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන, සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන.
Pali BJTයස්ස යත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය නූපනි නම ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ උපෙක්ඛීන්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. උපෙක්ඛින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද නූපන, අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, උපෙක්ඛින්‍ද්‍රිය ද නූපනි.
Pali BJT323. යස්ස යත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT323. යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති, සද්ධින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ. ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, සද්ධින්‍ද්‍රිය ද නූපනි.
Pali BJT324. යස්ස යත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සතී’ති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ. මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති.
Sinhala BJT324. යමක්හට යම් තැනෙකැ පඤ්ඤින්‍ද්‍රිය නූපනි නම් ඔහට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද නූපදනෙ යැ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය ද නූපන, මනින්‍ද්‍රිය ද නූපදනෙ යෑ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථා’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ මනින්ද්රියං න උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ පඤ්ඤින්ද්රියං න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච න උප්පජ්ජිස්සති. පඤ්ඤින්ද්රියඤ්ච න උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය නූපදනෙ නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය නූපන යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය නූපදනෙ යැ, ඔවුනට එහි පඤ්ඤින්‍ද්‍රිය නො ද නූපන. අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද නූපදනෙ යැ, පඤ්ඤින්‍ද්‍රිය ද නූපනි.
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTපවත්තිවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රවෘත්තිවාර නිමි.
Pali BJT4. පරිඤ්ඤාවාරො
Sinhala BJT4. පරිඥාවාර
Pali BJT1. යො චක්ඛුන්ද්රියං පරිජානාති සො සොතින්ද්රියං පරිජානාතී’ති: ආමන්තා.
Sinhala BJT1. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙතෙම සෝතින්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන සොතින්ද්රියං පරිජානාති සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: ආමන්තා.{1}
Sinhala BJTයළි යමෙක් සෝතින්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො දොමනස්සින්ද්රියං පජහතී’ති: නො.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ සෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: නැත.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං පජහති සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැත.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙතී’ති: නො.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙති සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දනී යැ යත්: නැත.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො අඤ්ඤින්ද්රියං භාවෙතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙති සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානාති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරොතී’ති: නො
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරොති සො චක්ඛුන්ද්රියං පරිජානාතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැති.
Pali BJT2. යො දොමනස්සින්ද්රියං පජහති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙතී’ති: නො.
Sinhala BJT2. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙති සො දොමනස්සින්ද්රියං පජහතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: නැත.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහති සො අඤ්ඤින්ද්රියං භාවෙතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙති සො දොමනස්සින්ද්රියං පජහතී’ති: ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්රියං භාවෙන්ති{2} නො ච දොමනස්සින්ද්රියං පජහන්ති. අනාගාමී මග්ගසමඞ්ගී අඤ්ඤින්ද්රියඤ්ච භාවෙති, දොමනස්සින්ද්රියඤ්ච පජහති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: (සකෘදාගාමීමාර්‍ගසමඞ්ගී යැ අර්‍හන්මාර්‍ග සමඞ්ගී යැ යන) පුද්ගලයෝ දෙදෙන අඤ්ඤින්‍ද්‍රිය වඩති, දෝමනස්සින්‍ද්‍රිය නො ද දුරු කෙරෙති. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය ද වඩයි, දෝමනස්සින්‍ද්‍රිය ද දුරු කෙරෙයි.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරොතී’ති: නො.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත,
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරොති සො දොමනස්සින්ද්රියං පජහතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් නම් හො දෝමනස්සින්‍ද්‍රිය දුරු කෙරෙයි යත්: නැති.
Pali BJT3. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙති සො අඤ්ඤින්ද්රියං භාවෙතී’ති: නො.
Sinhala BJT3. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවෙති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරොතී’ති: නො.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරොති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවෙතී’ති: නො.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැති.
Pali BJT4. යො අඤ්ඤින්ද්රියං භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරොතී’ති: නො.
Sinhala BJT4. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරෙයි යත්: නැත.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරොති සො අඤ්ඤින්ද්රියං භාවෙතී’ති: නො. (අනුලොමං)
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැති. (අනුලෝම යි.)
Pali BJT5. යො චක්ඛුන්ද්රියං න පරිජානාති සො දොමනස්සින්ද්රියං න පජහතී’ති: අනාගාමිමග්ගසමඞ්ගී චක්ඛුන්ද්රියං න පරිජානාති. නො ච දොමනස්සින්ද්රියං නප්පජහති. ද්වෙ මග්ගසමඞ්ගිනො ඨපෙත්වා අවසෙසා පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති. දොමනස්සින්ද්රියඤ්ච න පජහන්ති.
Sinhala BJT5. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳ නො දනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී (පුද්ගල) චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි. දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරපියයි. (අනාගාමී, අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා (හැරැ) අවශේෂ පුද්ගලයෝ චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳ දනිති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියත්.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං නප්පජහති සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: අග්ගමග්ගසමඞ්ගී දොමනස්සින්ද්රියං න පජහති. නො ච චක්ඛුන්ද්රියං න පරිජානාති. ද්වෙ මග්ගසමඞ්ගිනො ඨපෙත්වා අවසෙසා පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච න පජහන්ති. චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි. චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳ දනී. (අනාගාමී අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරපියති, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිත්.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානාති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙතී’ති: අට්ඨමකො චක්ඛුන්ද්රියං න පරිජානාති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති. ද්වෙ මග්ගසමඞ්ගිනො ඨපෙත්වා අවසෙසා පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමක (ස්‍රෝතාපත්තිමාර්‍ගසමඞ්ගී) පුද්ගල චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩයි. (ස්‍රෝතාපත්ති අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: අග්ගමග්ගසමඞ්ගී{1} අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති. නො ච චක්ඛුන්ද්රියං න පරිජානාති. ද්වෙ මග්ගසමඞ්ගිනො ඨපෙත්වා අවසෙසා පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, චක්ඛුන්‍ද්‍රිය නො ද නො පිරිසිඳැ දනී. (ස්‍රෝතාපත්ති අර්‍හත්) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිත්.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානාති සො අඤ්ඤින්ද්රියං න භාවෙතී’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙති සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ නො දනී යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානාති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොතී’ති: යො අග්ගඵලං සච්ඡිකරොති සො චක්ඛුන්ද්රියං න පරිජානාති. නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති. අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරොන්ති.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය සාක්‍ෂාත් නො කෙරෙයි යත්: යමෙක් අග්‍රඵලය සාක්‍ෂාත් කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනියි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද සාක්‍ෂාත් නො කෙරේ. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද සාක්‍ෂාත් නො කෙරෙත්.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති සො චක්ඛුන්ද්රියං න පරිජානාතී’ති: අග්ගමග්ගසමඞ්ගී අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති නො ච චක්ඛුන්ද්රියං න පරිජානාති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරොන්ති. චක්ඛුන්ද්රියඤ්ච න පරිජානන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ නො කෙරේ නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දනී යැ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ නො කෙරෙයි, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති. චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිත්.
Pali BJT6. යො දොමනස්සින්ද්රියං න පජහති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙතී’ති: අට්ඨමකො දොමනස්සින්ද්රියං න පජහති නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති. ද්වෙ මග්ගසමඞ්ගිනො ඨපෙත්වා අවසෙසා පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච න පජහන්ති, අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති.
Sinhala BJT6. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමකයා දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වඩයි, (ස්‍රෝතාපත්ති අනාගාමී) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩා.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති සො දොමනස්සින්ද්රියං න පජහතී’ති: අනාගාමිමග්ගසමඞ්ගී අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති, නො ච දොමනස්සින්ද්රියං න පජහති. ද්වෙ මග්ගසමඞ්ගිනො ඨපෙත්වා අවසෙසා පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති. දොමනස්සින්ද්රියඤ්ච න පජහන්ති.
Sinhala BJTයළි යම් කෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම්, හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා යැ යත්: අනාගාමීමාර්‍ග සමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියති. (ස්‍රෝතාපත්ති අනාගාමී) මාර්‍ගසමඞ්ගීන් දෙදෙනා තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියත්.
Pali BJTයො දොමනස්සින්ද්රියං න පජහති සො අඤ්ඤින්ද්රියං න භාවෙතී’ති: ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියං න පජහන්ති. නො ච අඤ්ඤින්ද්රියං න භාවෙන්ති. තයො මග්ගසමඞ්ගිනො ඨපෙත්වා අවසෙසා පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච න පජහන්ති. අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙන්ති.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්. මාර්‍ගසමඞ්ගීන් තුන් දෙනකුන් තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙති සො දොමනස්සින්ද්රියං න පජහතී’ති ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා ද යත්: එසේ යැ.
Pali BJTයො දොමනස්සින්ද්රියං න පජහති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොතී’ති: යො අග්ගඵලං{1} සච්ඡිකරොති සො දොමනස්සින්ද්රියං න පජහති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච න පජහන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරොන්ති.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියයි. අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙරේ. අනාගාමීමාර්‍ගසමඞ්ගීහු ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියති. අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙත්.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති සො දොමනස්සින්ද්රියං න පජහතී’ති: අනාගාමිමග්ගසමඞ්ගී අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති, නො ච දොමනස්සින්ද්රියං න පජහති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරොන්ති, දොමනස්සින්ද්රියඤ්ච න පජහන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය නො හැරැපියා ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙයි, දෝමනස්සින්‍ද්‍රිය නො ද නො හැරැපියා. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති, දෝමනස්සින්‍ද්‍රිය ද නො හැරැපියත්
Pali BJT7. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති සො අඤ්ඤින්ද්රියං න භාවෙතී’ති: තයො මග්ගසමඞ්ගිනො{1} අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙන්ති, නො ච අඤ්ඤින්ද්රියං න භාවෙන්ති. චත්තාරො මග්ගසමඞ්ගිනො ඨපෙත්වා{2} අවසෙසා පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති, අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙන්ති.
Sinhala BJT7. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: මාර්‍ගසමඞ්ගීහු තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්. සතර මාර්‍ගසමඞ්ගීන් තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවෙති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙතී’ති: අට්ඨමකො අඤ්ඤින්ද්රියං න භාවෙති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති. චත්තාරො මග්ගසමඞ්ගිනො ඨපෙත්වා{2} අවසෙසා පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙන්ති. අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා, සතර මාර්‍ගසමඞ්ගීන් තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොතී’ති. යො අග්ගඵලං සච්ඡිකරොති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති. අට්ඨමකඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරොති.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙරේ. අෂ්ටමකයා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙත්.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවෙතී’ති: අට්ඨමකො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අට්ඨමකඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරොන්ති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවෙන්ති.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වඩා යැ යත්: අෂ්ටමක පුද්ගල අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වඩා, අෂ්ටමකයා ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වඩත්.
Pali BJT8. යො අඤ්ඤින්ද්රියං න භාවෙති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොතී’ති: යො අග්ගඵලං සච්ඡිකරොති සො අඤ්ඤින්ද්රියං න භාවෙති, නො ච අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති. තයො මග්ගසමඞ්ගිනො ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙන්ති, අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරොන්ති.
Sinhala BJT8. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩයි, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් නො කෙරේ. මාර්‍ගසමඞ්ගීන් තිදෙනකුන් ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩති, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙත්.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොති සො අඤ්ඤින්ද්රියං න භාවෙතී’ති: තයො මග්ගසමඞ්ගිනො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරොන්ති. නො ච අඤ්ඤින්ද්රියං න භාවෙන්ති. තයො මග්ගසමඞ්ගිනො ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරොන්ති. අඤ්ඤින්ද්රියඤ්ච න භාවෙන්ති. (පච්චනීකං).
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වඩා යැ යත්: මාර්‍ගසමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙරෙති, අඤ්ඤින්‍ද්‍රිය නො ද නො වඩත්, මාර්‍ගසමඞ්ගීන් තිදෙනකුන් ද රහතුන් ද තබා අවශේෂ පුද්ගලයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් නො කෙරෙති. අඤ්ඤින්‍ද්‍රිය ද නො වඩත්. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT9. යො චක්ඛුන්ද්රියං පරිජානිත්ථ සො දොමනස්සින්ද්රියං පජහිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT9. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං පජහිත්ථ සො චක්ඛුන්ද්රියං පරිජානිත්ථා’ති: ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියං පජහිත්ථ, නො ච චක්ඛුන්ද්රියං පරිජානිත්ථ. අරහා දොමනස්සින්ද්රියඤ්ච පජහිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච පරිජානිත්ථ.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය හැරැපී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දත්තෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් සෝමනස්සින්‍ද්‍රිය හැරැපී යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදත්තේ යැ. රහත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද හැරැපී යැ. චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදත්තේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ සො චක්ඛුන්ද්රියං පරිජානිත්ථා’ති. ඡ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ, නො ච චක්ඛුන්ද්රියං පරිජානිත්ථ, අරහා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච පරිජානිත්ථ:
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ දත්හ. රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදත්තේ යි.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානිත්ථ සො අඤ්ඤින්ද්රියං භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවිත්ථ සො චක්ඛුන්ද්රියං පරිජානිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දත්තේ යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං පරිජානිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථා’ති:{1} යො අග්ගඵලං සච්ඡිකරොති, සො චක්ඛුන්ද්රියං පරිජානිත්ථ, නො ච අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ යො අග්ගඵලං සච්ඡිකරොති. සො චක්ඛුන්ද්රියඤ්ච පරිජානිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිත්ථ.{2}
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෝ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කෙළේ යැ. යමෙක් අග්‍රඵල පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදත්තේ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කෙළේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ සො චක්ඛුන්ද්රියං පරිජානිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යි.
Pali BJT10. යො දොමනස්සින්ද්රියං පජහිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJT10. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ සො දොමනස්සින්ද්රියං පජහිත්ථා’ති: චත්තාරො පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ, නො ච දොමනස්සින්ද්රියං පජහිත්ථ. තයො පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ, දොමනස්සින්ද්රියඤ්ච පජහිත්ථ.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කළහ, පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කළහ.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහිත්ථ සො අඤ්ඤින්ද්රියං භාවිත්ථා’ති: ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියං පජහිත්ථ, නො ච අඤ්ඤින්ද්රියං භාවිත්ථ. අරහා දොමනස්සින්ද්රියඤ්ච පජහිත්ථ, අඤ්ඤින්ද්රියඤ්ච භාවිත්ථ.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද වැඩූහ අර්‍හත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, අඤ්ඤින්‍ද්‍රිය ද වැඩී.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවිත්ථ සො දොමනස්සියං පජහිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: එසේ යැ.
Pali BJTයො දොමනස්සින්ද්රියං පජහිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථා’ති: තයො පුග්ගලා දොමනස්සින්ද්රියං පජහිත්ථ, නො ච අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ. අරහා දොමනස්සින්ද්රියඤ්ච පජහිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිත්ථ.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ. අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කළහ. අර්‍හත් පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කෙළේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ සො දොමනස්සින්ද්රියං පජහිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළේ යැ යත්: එසේ යැ.
Pali BJT11. යො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ. සො අඤ්ඤින්ද්රියං භාවිත්ථා’ති: ඡ පුග්ගලා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ, නො ච අඤ්ඤින්ද්රියං භාවිත්ථ. අරහා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ, අඤ්ඤින්ද්රියඤ්ච භාවිත්ථ.
Sinhala BJT11. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ, අඤ්ඤින්‍ද්‍රිය නො ද වැඩූහ. රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ අඤ්ඤින්‍ද්‍රිය ද වැඩී.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං භාවිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යි.
Pali BJTයො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථා’ති: සත්ත පුග්ගලා{1} අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථ, නො ච අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ. අරහා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච භාවිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිත්ථ.
Sinhala BJTයමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: පුද්ගලයෝ සත්දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කළහ. අර්‍හත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කළහ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යි.
Pali BJT12. යො අඤ්ඤින්ද්රියං භාවිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථා’ති: යො අග්ගඵලං සච්ඡිකරොති සො අඤ්ඤින්ද්රියං භාවිත්ථ, නො ච අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ යො අග්ගඵලං සච්ඡාකාසි සො අඤ්ඤින්ද්රියඤ්ච භාවිත්ථ, අඤ්ඤාතාවින්ද්රියඤ්ච සච්ඡිකරිත්ථ.
Sinhala BJT12. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: යමෙක් අග්‍රඵල පසක් කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො ද පසක් කෙළේ යැ. යමෙක් අග්‍රඵලය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය ද වැඩී යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය ද පසක් කෙළේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං සච්ඡිකරිත්ථ සො අඤ්ඤින්ද්රියං භාවිත්ථා’ති: ආමන්තා. (අනුලොමං).
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යි. (අනුලෝම යි.)
Pali BJT13. යො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ සො දොමනස්සින්ද්රියං න පජහිත්ථා’ති: ද්වෙ පුග්ගලා චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ, නො ච දොමනස්සින්ද්රියං න පජහිත්ථ, ඡ පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ, දොමනස්සින්ද්රියඤ්ච න පජහිත්ථ.
Sinhala BJT13. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දත්තේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැ දත්හ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳ දත්හ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.
Pali BJTයො වා පන දොමනස්සින්ද්රියං න පජහිත්ථ සො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳ දත්තේ යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථා’ති: ඡ පුග්ගලා චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ. ද්වෙ පුග්ගලා චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදත්හ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ සො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ සො අඤ්ඤින්ද්රියං න භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවිත්ථ සො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යැ.
Pali BJTයො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් නො කෙළේ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ සො චක්ඛුන්ද්රියං න පරිජානිත්ථා’ති: යො අග්ගඵලං සච්ඡිකරොති සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ, නො ච චක්ඛුන්ද්රියං න පරිජානිත්ථ. අට්ඨපුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ, චක්ඛුන්ද්රියඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක්කළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ යැ යත්: යමෙක් අග්‍රඵලය පසක් කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක්කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැ නො දත්තේ යැ. පුද්ගලයෝ අට දෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක්කළහ. චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැ නො දත්හ.
Pali BJT14. යො දොමනස්සින්ද්රියං න පජහිත්ථ සො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථා’ති: චත්තාරො පුග්ගලා දොමනස්සින්ද්රියං න පජහිත්ථ, නො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ. ද්වෙ පුග්ගලා දොමනස්සින්ද්රියඤ්ච නප්පජහිත්ථ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච න භාවිත්ථ.
Sinhala BJT14. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය නො පිරිසිඳැදත්තේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කළහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද නො වැඩී යැ, පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
Pali BJTයො වා පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න භාවිත්ථ සො දොමනස්සින්ද්රියං නප්පජහිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: එසේ යැ.
Pali BJTයො දොමනස්සින්ද්රියං න පජහිත්ථ සො අඤ්ඤින්ද්රියං න භාවිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය නො වැඩි යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤින්ද්රියං න භාවිත්ථ සො දොමනස්සින්ද්රියං නප්පජහිත්ථා’ති: ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්රියං න භාවිත්ථ, නො ච දොමනස්සින්ද්රියං නප්පජහිත්ථ, ඡ පුග්ගලා අඤ්ඤින්ද්රියඤ්ච න භාවිත්ථ, දොමනස්සින්ද්රියඤ්ච න පජහිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය නො වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්‍ද්‍රිය ද නො වැඩූහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.
Pali BJTයො දොමනස්සින්ද්රියං න පජහිත්ථ සො අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ යැ යත්: එසේ යැ.
Pali BJTයො වා පන අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ සො දොමනස්සින්ද්රියං න පජහිත්ථා’ති: තයො පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියං න සච්ඡිකරිත්ථ, නො ච දොමනස්සින්ද්රියං න පජහිත්ථ. ඡ පුග්ගලා අඤ්ඤාතාවින්ද්රියඤ්ච න සච්ඡිකරිත්ථ, දොමනස්සින්ද්රියඤ්ච න පජහිත්ථ.
Sinhala BJTයළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය නො පසක් කළහ, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය ද නො පසක් කළහ, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.