Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7501-7600 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT271. යස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සොතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සොතින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT271. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන. ඔවුනට සෝතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද තවද යම් කෙනෙක් අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද තවද යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප ප්‍රතිසන්‍ධි භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප ප්‍රතිසන්‍ධි භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජිත්ථ තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච සොමනස්සෙන උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, තෙසං චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු වනට චක්ඛුන්‍ද්‍රිය ද උපන. මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යි.
Pali BJT272. යස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT272. යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු වනට ඝානින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් ද ස්ත්‍රී කෙනෙක් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ඝානින්‍ද්‍රිය ද උපන. පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වු ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ඝානින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛීන්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං, මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං තෙසං ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමහචික වූ ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඝානින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
Pali BJT273. යස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT273. යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප ප්‍රතිසන්‍ධිභවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, අවශේෂයනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ජීවිතින්ද්රියං උපජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛීන්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්. එසේ යැ.
Pali BJTයස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං තෙසං ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
Pali BJT274. යස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT274. යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති. පච්ඡිමභවිකානං, යෙ ච උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා:
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, යෙ ච සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ. උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං, තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පුරිසින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං තෙසං පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට පුරිසින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පුරිසින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
Pali BJT275. යස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා උපෙක්ඛාසම්පයුත්ත - පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT275. යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෞමනස්‍යසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්සසම්පයුත්ත පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති{1} තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෞමනස්‍යසම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උපජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති: ඉතරෙසං ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය … මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට ජීවිතින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස ජීවිතින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
Pali BJT276. යස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා සොමනස්සසම්පයුත්ත - පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT276. යමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ සෞර්‍මනස්‍යම්ප්‍රයුක්ත පශ්චිමචිත්තය උපදනෙ නම් ඔවුනට ද සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සෝමනස්සින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට සෝමනස්සින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සෝමනස්සින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සොමනස්සින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
Pali BJT277. යස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT277. යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
Pali BJT278. යස්ස සද්ධින්ද්රියං උප්පජිත්ථ තස්ස පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT278. යමක්හට සද්ධින්‍ද්‍රිය උපනි නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්ත සමඞ්ගී වූ ඔවුනට සද්ධින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට සද්ධින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස සද්ධින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට සද්ධින්‍ද්‍රිය උපන යත්: එසේ යි.
Pali BJT279. යස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මනින්ද්රියං උප්පජ්ජිස්සති, ඉතරෙසං පඤ්ඤින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT279. යමක්හට පඤ්ඤින්‍ද්‍රිය උපනි නම් ඔහට මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට පඤ්ඤින්‍ද්‍රිය උපන, ඔවුනට මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට පඤ්ඤින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස පඤ්ඤින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා. (අනුලොම පුග්ගල).
Sinhala BJTයළි යමක්හට මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට පඤ්ඤින්‍ද්‍රිය උපන යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT280-288. යත්ථ චක්ඛුන්ද්රියං -පෙ- (අනුලොම ඔකාස).
Sinhala BJT280-288. යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT289. යස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස{1} තත්ථ සොතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොතින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT289. යමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං, රූපාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං, රූපාවචරානං යෙ ච{2} පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප (ප්‍රතිසන්‍ධි) භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං. රූපාවචරානං. යා ච ඉත්ථියො{1} එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උපපජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, පඤ්චවොකාරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපනි.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං, යෙ ච සචක්ඛුකා උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිම භවිකයනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං, යෙ ච සචක්ඛුකා සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමහචිකයනට ද යම් ද කෙනෙක් ඇස් ඇති වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැයි ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අරූපානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: අරූප වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්ච වෝකාර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය උපනි.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අරූපානං තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: අරූප වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපනි.
Pali BJTයස්ස යත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථා’ති: අරූපානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛුන්ද්රියං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛුන්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි චක්ඛුන්‍ද්‍රිය උපන යත්: අරූප වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි චක්ඛුන්‍ද්‍රිය නො ද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, චක්ඛුන්‍ද්‍රිය ද උපනි.
Pali BJT290. යස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච පුරිසා එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT290. යමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා: ති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ ජීවිතින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ. ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපනි.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං, යෙ ච සඝානකා{1} උපෙක්ඛාය උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් සඝානක වැ උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ සොමනස්සින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපනි.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං, යෙ ච සඝානකා{1} සොමනස්සෙන උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් සඝානක වැ සොම්නසින් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, කාමාවචරානං තෙසං තත්ථ උපෙක්ඛින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි උපෙක්ඛින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, කාමාවචරානං තෙසං තත්ථ සද්ධින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ සද්ධින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන, කාමාවචර වූ ඔවුනට එහි සද්ධින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපන.
Pali BJTයස්ස යත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පඤ්ඤින්ද්රියං -පෙ- මනින්ද්රියං උප්පජ්ජිස්සතී’ති: කාමාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJTයමක්හට යම් තැනෙකැ ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිම භවික වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට එහි මනින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඝානින්‍ද්‍රිය ද උපන, මනින්‍ද්‍රිය ද උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සද්ධින්ද්රියං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථා’ති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ මනින්ද්රියං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානින්ද්රියං උප්පජ්ජිත්ථ, කාමාවචරානං තෙසං තත්ථ මනින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති, ඝානින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට යම් තැනෙකැ මනින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට එහි ඝානින්‍ද්‍රිය උපන යත්: රූපාවචර වූ අරූපාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය උපදනෙ යැ, ඔවුනට එහි ඝානින්‍ද්‍රිය නො ද උපන. කාමාවචර වූ ඔවුනට එහි මනින්‍ද්‍රිය ද උපදනෙ යැ, ඝානින්‍ද්‍රිය ද උපනි.
Pali BJT291. යස්ස යත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ පුරිසින්ද්රියං කාමාවචරෙ පච්ඡිමභවිකානං, යා ච ඉත්ථියො එතෙනෙව භාවෙන කතිචි භවෙ දස්සෙත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං තත්ථ ඉත්ථින්ද්රියං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ පුරිසින්ද්රියං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඉත්ථින්ද්රියඤ්ච උප්පජ්ජිත්ථ, පුරිසින්ද්රියඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT291. යමක්හට යම් තැනෙකැ ඉත්‍ථින්‍ද්‍රිය උපනි නම් ඔහට එහි පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය උපන, ඔවුනට එහි පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසු කාමාවචර වූ ඔවුනට එහි ඉත්‍ථින්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.