Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානිස්සති, සො රූපක්ඛන්ධං පරිජානාතීති: නො.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දැනී ද යත්: නො දනී.
Pali BJT10. යො රූපක්ඛන්ධං න පරිජානාති සො වෙදනාක්ඛන්ධං න පරිජානිස්සතීති: යෙ මග්ගං පටිලභිස්සන්ති තෙ රූපක්ඛන්ධං න පරිජානන්ති, නො ච වෙදනාක්ඛන්ධං න පරිජානිස්සන්ති. අරහා, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, තෙ රූපක්ඛන්ධං ච න පරිජානන්ති. වෙදනාක්ඛන්ධඤ්ච න පරිජානිස්සන්ති.
Sinhala BJT10. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු රූපස්කන්‍ධය පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දන්නෝ ය. අර්‍හත් තෙමේ ද, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානිස්සති සො රූපක්ඛන්ධං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී වෙදනාක්ඛන්ධං න පරිජානිස්සති. නො ච රූපක්ඛන්ධං න පරිජානාති. අරහා, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, තෙ වෙදනාක්ඛන්ධඤ්ච න පරිජානිස්සන්ති. රූපක්ඛන්ධඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: අර්‍හන්මාර්‍ගස්ථයා වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දනී. අර්‍හත් තෙමේ ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT11. යො රූපක්ඛන්ධං පරිජානිත්ථ සො වෙදනාක්ඛන්ධං පරිජානිස්සතීති: නො.
Sinhala BJT11. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: නො දන්නේ යි.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානිස්සති සො රූපක්ඛන්ධං පරිජානිත්ථාති: නො.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: නො දත්තේ යි.
Pali BJT12. යො රූපක්ඛන්ධං න පරිජානිත්ථ සො වෙදනාක්ඛන්ධං න පරිජානිස්සතීති: යෙ මග්ගං පටිලභිස්සන්ති, තෙ රූපක්ඛන්ධං න පරිජානිත්ථ. නො ච වෙදනාක්ඛන්ධං න පරිජානිස්සන්ති. අග්ගමග්ගසමඞ්ගී යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ රූපක්ඛන්ධඤ්ච න පරිජානිත්ථ. වෙදනාක්ඛන්ධඤ්ච න පරිජානිස්සන්ති.
Sinhala BJT12. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්හ. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දන්නාහ. අර්‍හන්මාර්‍ගස්ථයා ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානිස්සති සො රූපක්ඛන්ධං න පරිජානිත්ථාති: අරහා වෙදනාක්ඛන්ධං න පරිජානිස්සති නො ච රූපක්ඛන්ධං න පරිජානිත්ථ. අග්ගමග්ගසමඞ්ගී යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, තෙ වෙදනාක්ඛන්ධඤ්ච න පරිජානිස්සන්ති, රූපක්ඛන්ධඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: රහත් තෙමේ වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දත්තේ ය. අර්‍හන්මාර්‍ගස්ථයා ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ.
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTපරිඤ්ඤාවාරො නිට්ඨිතො.
Sinhala BJTපරිඥාවාර නිමි.
Pali BJTඛන්ධයමකං නිට්ඨිතං.
Sinhala BJTස්කන්‍ධයමක නිමි.
Pali BJT3. ආයතනයමකං
Sinhala BJT3. ආයතනයමකය
Pali BJT1. පඤ්ඤත්ති උද්දෙසවාරො
Sinhala BJT1. ප්‍රඥප්ති උද්දේශවාර
Pali BJTද්වාදසායතනානි: චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං.
Sinhala BJTද්වාදශායතනයෝ වෙති: චක්ඛායතන යැ සෝතායතන යැ ඝානායතන යැ ජිව්හායතන යැ කායායතන යැ රූපායතන යැ සද්දායතන යැ ගන්‍ධායතන යැ රසායතන යැ ඵොට්ඨබ්බායතන යැ මනායතන යැ ධම්මායතන යි.
Pali BJT1. චක්ඛු චක්ඛායතනං, චක්ඛායතනං චක්ඛු, සොතං සොතායතනං, සොතායතනං සොතං, ඝානං ඝානායතනං, ඝානායතනං ඝානං, ජිව්හා ජිව්හායතනං, ජිව්හායතනං ජිව්හා, කායො කායායතනං, කායායතනං කායො.
Sinhala BJT1. චක්‍ෂුස චක්ඛායතන වේ ද, චක්ඛායතනය චක්‍ෂුස වේ ද, ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, සෝතායතනය ශ්‍රෝත්‍ර වේ ද, ඝ්‍රාණය ඝානායතන වේ ද, ඝානායතනය ඝ්‍රාණ වේ ද, ජිහ්වාව ජිව්හායතන වේ ද, ජිව්හායතනය ජිහ්වා වේ ද, කාය කායායතන වේ ද, කායායතනය කාය වේ ද යත්:
Pali BJTරූපං රූපායතනං, රූපායතනං රූපං, සද්දො සද්දායතනං, සද්දායතනං සද්දො, ගන්ධො ගන්ධායතනං, ගන්ධායතනං ගන්ධො, රසො රසායතනං, රසායතනං රසො, ඵොට්ඨබ්බො ඵොට්ඨබ්බායතනං, ඵොට්ඨබ්බායතනං ඵොට්ඨබ්බො, මනො මනායතනං, මනායතනං මනො ධම්මො ධම්මායතනං, ධම්මායතනං ධම්මො. (අනුලොම)
Sinhala BJTරූපය රූපායතන වේ ද, රූපායතනය රූප වේ ද, ශබ්දය සද්දායතන වේ ද, සද්දායතනය ශබ්ද වේ ද, ගන්‍ධය ගන්‍ධායතන වේ ද, ගන්‍ධායතනය ගන්‍ධ වේ ද, රසය රසායතන වේ ද, රසායතනය රස වේ ද, ස්ප්‍රෂ්ටව්‍යය ඵොට්ඨබ්බායතන වේ ද, ඵොට්ඨබ්බායතනය ස්ප්‍රෂ්ටව්‍ය වේ ද, මනස මනායතන වේ ද, මනායතනය මනස වේ ද, ධර්‍මය ධම්මායතන වේ ද, ධම්මායතනය ධර්‍ම වේ ද යත්: (අනුලෝමයි)
Pali BJT2. න චක්ඛු න චක්ඛායතනං, න චක්ඛායතනං න චක්ඛු, න සොතං න සොතායතනං, න සොතායතනං න සොතං, න ඝානං න ඝානායතනං, න ඝානායතනං න ඝානං, න ජිව්හා න ජිව්හායතනං, න ජිව්හායතනං න ජිව්හා, න කායො න කායායතනං, න කායායතනං න කායො.
Sinhala BJT2. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, චක්ඛායතන නොවූයේ චක්‍ෂුස නො වේ ද, ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද, සෝතායතනය නොවූයේ ශ්‍රෝත්‍ර නො වේ ද, ඝ්‍රාණ නො වූයේ ඝානායතන නො වේ ද, ඝානායතන නොවූයේ ඝ්‍රාණ නො වේ ද, ජිහ්වා නොවූයේ ජිව්හායතන නො වේ ද, ජිව්හායතන නො වූයේ ජිහ්වා නො වේ ද, කාය නොවූයේ කායායතන නො වේ ද, කායායතන නොවූයේ කාය නො වේ ද යත්:
Pali BJTන රූපං න රූපායතනං, න රූපායතනං න රූපං, න සද්දො න සද්දායතනං, න සද්දායතනං න සද්දො, න ගන්ධො න ගන්ධායතනං, න ගන්ධායතනං න ගන්ධො, න රසො න රසායතනං, න රසායතනං න රසො, න ඵොට්ඨබ්බො න ඵොට්ඨබ්බායතනං, න ඵොට්ඨබ්බායතනං න ඵොට්ඨබ්බො, න මනො න මනායතනං, න මනායතනං න මනො, න ධම්මො න ධම්මායතනං, න ධම්මායතනං න ධම්මො. (පච්චනීක)
Sinhala BJTරූප නොවූයේ රූපායතන නො වේ ද, රූපායතන නොවූයේ රූප නො වේ ද, ශබ්ද නොවූයේ සද්දායතන නො වේ ද, සද්දායතන නොවූයේ ශබ්ද නො වේ ද, ගන්‍ධ නොවූයේ ගන්‍ධායතන නො වේ ද, ගන්‍ධායතන නොවූයේ ගන්‍ධ නො වේ ද, රස නොවූයේ රසායතන නො වේ ද, රසායතන නොවූයේ රස නො වේ ද, ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ඵොට්ඨබ්බායතන නො වේ ද, ඵොට්ඨබ්බායතන නොවූයේ ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද, මනස නොවූයේ මනායතන නො වේ ද, මනායතන නොවූයේ මනස නො වේ ද, ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද, ධම්මායතන නොවූයේ ධර්‍ම නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT3. චක්ඛු චක්ඛායතනං, ආයතනා සොතායතනං, චක්ඛු චක්ඛායතනං, ආයතනා ඝානායතනං, චක්ඛු චක්ඛායතනං, ආයතනා ජිව්හායතනං -පෙ- චක්ඛු චක්ඛායතනං, ආයතනා ධම්මායතනං.
Sinhala BJT3. චක්‍ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ සෝතායතන වේ ද, චක්‍ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ ඝානායතන වේ ද, චක්‍ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ ජිව්හායතන වේ ද, ... චක්‍ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ ධම්මායතන වේ ද යත්:
Pali BJTසොතං සොතායතනං, ආයතනා චක්ඛායතනං, සොතං සොතායතනං, ආයතනා ඝානායතනං -පෙ- සොතං සොතායතනං, ආයතනා ධම්මායතනං.
Sinhala BJTශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, ආයතනයෝ චක්ඛායතන වේ ද, ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, ආයතනයෝ ඝානායතන වේ ද, ... ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, ආයතනයෝ ධම්මායතන වේ ද යත්:
Pali BJTඝානං ඝානායතනං, ආයතනා චක්ඛායතනං -පෙ- ඝානං ඝානායතනං, ආයතනා ධම්මායතනං -පෙ-
Sinhala BJTඝ්‍රාණය ඝානායතන වේ ද, ආයතනයෝ චක්ඛායතන වේ ද, ... ඝ්‍රාණය ඝානායතන වේ ද, ආයතනයෝ ධම්මායතන වේ ද ...
Pali BJTධම්මො ධම්මායතනං, ආයතනා චක්ඛායතනං, ධම්මො ධම්මායතනං, ආයතනා සොතායතනං -පෙ- ධම්මො ධම්මායතනං, ආයතනා මනායතනං, (චක්කං බන්ධිතබ්බං. අනුලොම)
Sinhala BJTධර්‍මය ධම්මායතන වේ ද, ආයතනයෝ චක්ඛායතන වේ ද, ධර්‍මය ධම්මායතන වේ ද, ආයතනයෝ සෝතායතන වේ ද ... ධර්‍මය ධම්මායතන වේ ද, ආයතනයෝ මනායතන වේ ද යත්: (චක්‍රය බැන්ද යුතු යි. අනුලෝම යි.)
Pali BJT4. න චක්ඛු න චක්ඛායතනං, නායතනා න සොතායතනං න චක්ඛු න චක්ඛායතනං, නායතනා න ඝානායතනං -පෙ- න චක්ඛු න චක්ඛායතනං, නායතනා න ධම්මායතනං.
Sinhala BJT4. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, ආයතන නො වූවාහු සෝතායතන නො වේ ද, චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, ආයතන නොවූවාහු ඝානායතන නො වේ ද ... චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්:
Pali BJTන සොතං න සොතායතනං, නායතනා න චක්ඛායතනං -පෙ- න සොතං න සොතායතනං, නායතනා න ධම්මායතනං.
Sinhala BJTශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද ... ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද, ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්:
Pali BJTන ඝානං න ඝානායතනං, නායතනා න චක්ඛායතනං -පෙ- න ඝානං න ඝානායතනං, නායතනා න ධම්මායතනං -පෙ-
Sinhala BJTඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද ... ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද, ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද ...
Pali BJTන ධම්මො න ධම්මායතනං, නායතනා න චක්ඛායතනං, න ධම්මො න ධම්මායතනං, නායතනා න සොතායතනං -පෙ- න ධම්මො න ධම්මායතනං, නායතනා න මනායතනං. (චක්කං බන්ධිතබ්බං. පච්චනීක)
Sinhala BJTධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද, ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද, ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද ... ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද, ආයතන නොවූවාහු මනායතන නො වේ ද යත්: (චක්‍රය බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධන මූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
Pali BJT5. චක්ඛු ආයතනං, ආයතනා චක්ඛු, සොතං ආයතනං ආයතනා සොතං, ඝානං ආයතනං, ආයතනා ඝානං, ජිව්හා ආයතනං. ආයතනා ජිව්හා, කායො ආයතනං, ආයතනා කායො.
Sinhala BJT5. චක්‍ෂුස ආයතන වේ ද, ආයතනයෝ චක්‍ෂුස වේ ද, ශ්‍රෝත්‍රය ආයතන වේ ද, ආයතනයෝ ශ්‍රෝත්‍ර වේ ද, ඝ්‍රාණය ආයතන වේ ද, ආයතනයෝ ඝ්‍රාණ වේ ද, ජීහ්වාව ආයතන වේ ද, ආයතනයෝ ජිහ්වා වේ ද, කාය ආයතන වේ ද, ආයතනයෝ කාය වේ ද යත්:
Pali BJTරූපං ආයතනං, ආයතනා රූපං, සද්දො ආයතනං, ආයතනා සද්දො, ගන්ධො ආයතනං, ආයතනා ගන්ධො, රසො ආයතනං, ආයතනා රසො, ඵොට්ඨබ්බො ආයතනං, ආයතනා ඵොට්ඨබ්බො, මනො ආයතනං, ආයතනා මනො, ධම්මො ආයතනං. ආයතනා ධම්මො (අනුලොම)
Sinhala BJTරූපය ආයතන වේ ද, ආයතනයෝ රූප වේ ද, ශබ්දය ආයතන වේ ද, ආයතනයෝ ශබ්ද වේ ද, ගන්‍ධය ආයතන වේ ද, ආයතනයෝ ගන්‍ධ වේ ද, රසය ආයතන වේ ද, ආයතනයෝ රස වේ ද, ස්ප්‍රෂ්ටව්‍යය ආයතන වේ ද, ආයතනයෝ ස්ප්‍රෂ්ටව්‍ය වේ ද, මනස ආයතන වේ ද, ආයතනයෝ මනස වේ ද, ධර්‍මය ආයතන වේ ද, ආයතනයෝ ධර්‍ම වේ ද යත්: (අනුලෝම යි.)
Pali BJT6. න චක්ඛු නායතනං, නායතනා න චක්ඛු, න සොතං නායතනං, නායතනා න සොතං, න ඝානං නායතනං, නායතනා න ඝානං, න ජිව්හා නායතනං, නායතනා න ජිව්හා, න කායො නායතනං, නායතනං න කායො.
Sinhala BJT6. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නො වූවාහු චක්‍ෂුස නො වේ ද, ශ්‍රෝත්‍ර නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද, ඝ්‍රාණ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ඝාණ නො වේ ද, ජිහ්වා නො වූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ජිහ්වා නො වේ ද, කාය නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු කාය නො වේ ද යත්:
Pali BJTන රූපං නායතනං, නායතනා න රූපං, න සද්දො නායතනං, නායතනා න සද්දො, න ගන්ධො නායතනං, නායතනා න ගන්ධො, න රසො නායතනං, නායතනා න රසො, න ඵොට්ඨබ්බො නායතනා න ඵොට්ඨබ්බො, න මනො නායතනං, නායතනා න මනො, න ධම්මො නායතනං, නායතනා න ධම්මො. (පච්චනීක)
Sinhala BJTරූප නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු රූප නො වේ ද, ශබ්ද නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශබ්ද නො වේ ද, ගන්‍ධ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ගන්‍ධ නො වේ ද, රස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු රස නො වේ ද, ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද, මනස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු මනස නො වේ ද, ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්‍ම නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධායතන වාරො.
Sinhala BJTශුද්ධායතනවාර යි.
Pali BJT7. චක්ඛු ආයතනං, ආයතනා සොතං -පෙ- චක්ඛු ආයතනං, ආයතනා ධම්මො.
Sinhala BJT7. චක්‍ෂුස ආයතන වේ ද, ආයතනයෝ ශ්‍රෝත්‍ර වේ ද, ... චක්‍ෂුස ආයතන වේ ද, ආයතනයෝ ධර්‍ම වේ ද යත්:
Pali BJTසොතං ආයතනං, ආයතනා චක්ඛු -පෙ- සොතං ආයතනං ආයතනා ධම්මො.
Sinhala BJTශ්‍රෝත්‍රය ආයතන වේ ද, ආයතනයෝ චක්‍ෂුස වේ ද ... ශ්‍රෝත්‍රය ආයතන වේ ද, ආයතනයෝ ධර්‍ම වේ ද යත්:
Pali BJTඝානං ආයතනං, ආයතනා චක්ඛු -පෙ- ඝානං ආයතනං, ආයතනා ධම්මො -පෙ-
Sinhala BJTඝ්‍රාණය ආයතන වේ ද, ආයතනයෝ චක්‍ෂුස වේ ද ... ඝ්‍රාණය ආයතන වේ ද, ආයතනයෝ ධර්‍ම වේ ද යත්:
Pali BJTධම්මො ආයතනං, ආයතනා චක්ඛු, ධම්මො ආයතනං, ආයතනා සොතං -පෙ- ධම්මො ආයතනං, ආයතනා මනො. (චක්කං බන්ධිතබ්බං. අනුලොම)
Sinhala BJTධර්‍මය ආයතන වේ ද, ආයතනයෝ චක්‍ෂුස වේ ද, ... ධර්‍මය ආයතන වේ ද, ආයතනයෝ ශ්‍රෝත්‍ර වේ ද ... ධර්‍මය ආයතන වේ ද, ආයතනයෝ මනස වේ ද යත්: (චක්‍ර බැන්ද යුතු. අනුලෝම යි.)
Pali BJT8. න චක්ඛු නායතනං, නායතනා න සොතං, න චක්ඛු නායතනං, නායතනා න ඝානං -පෙ- න චක්ඛු නායතනං, නායතනා න ධම්මො.
Sinhala BJT8. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද, චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ඝ්‍රාණ නො වේ ද ... චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්‍ම නො වේ ද යත්:
Pali BJTන සොතං නායතනං, නායතනා න චක්ඛු -පෙ- න සොතං නායතනං, නායතනා න ධම්මො.
Sinhala BJTශ්‍රෝත්‍ර නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු චක්‍ෂුස නො වේ ද ... ශ්‍රෝත නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්‍ම නො වේ ද යත්:
Pali BJTන ඝානං නායතනං, නායතනා න චක්ඛු -පෙ- න ඝානං නායතනං, නායතනා න ධම්මො -පෙ-
Sinhala BJTඝ්‍රාණ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු චක්‍ෂුස නො වේ ද ... ඝ්‍රාණ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්‍ම නොවේ ද ....
Pali BJTන ධම්මො නායතනං, නායතනා න චක්ඛු, න ධම්මො නායතනං, නායතනා න සොතං -පෙ- න ධම්මො නායතනං, නායතනා න මනො. (චක්කං බන්ධිතබ්බං - පච්චනීකං)
Sinhala BJTධර්‍ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු චක්‍ෂුස නො වේ ද, ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද ... ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු මනස නො වේ ද යත්: (චක්‍ර බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධායතන මූලචක්කවාරො.
Sinhala BJTශුද්ධායතනමුලචක්‍රචාර යි.
Pali BJTපඤ්ඤත්ති උද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රඥප්ති උද්දේශවාර නිමි.
Pali BJT2. පඤ්ඤත්ති නිද්දෙසවාරො
Sinhala BJT2. ප්‍රඥප්ති නිර්දේශවාර
Pali BJT1. චක්ඛු චක්ඛායතනන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛායතනං, චක්ඛායතනං චක්ඛු චෙව චක්ඛායතනඤ්ච. චක්ඛායතනං චක්ඛූති: ආමන්තා.
Sinhala BJT1. චක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. චක්ඛායතනය චක්‍ෂුස වේ ද යත්: එසේ යි.
Pali BJTසොතං සොතායතනන්ති: දිබ්බසොතං තණ්හාසොතං සොතං, න සොතායතනං, සොතායතනං සොතඤ්චෙව සොතායතනඤ්ච. සොතායතනං සොතන්ති: ආමන්තා.
Sinhala BJTශ්‍රෝත්‍රය සෝතායතනය වේ ද යත්: දිබ්බසෝතය තණ්හාසෝතය සෝත යි. සෝතායතන නො වේ. සෝතායතනය සෝත ද වූයේ ම සෝතායතන ද වේ. සෝතාතනය සෝත වේ ද යත්: එසේ යි.
Pali BJTඝානං ඝානායතනන්ති: ආමන්තා. ඝානායතනං ඝානන්ති: ආමන්තා.
Sinhala BJTඝ්‍රාණය ඝානායතන වේ ද යත්: එසේ යි. ඝානායතනය ඝ්‍රාණ වේ ද යත්: එසේ යි.
Pali BJTජිව්හා ජිව්හායතනන්ති: ආමන්තා. ජිව්හායතනං ජිව්හාති: ආමන්තා.
Sinhala BJTජිහ්වාව ජිහ්වායතන වේ ද යත්: එසේ යි. ජිහ්වායතනය ජිහ්වා වේ ද යත්: එසේ යි.
Pali BJTකායො කායායතනන්ති: කායායතනං ඨපෙත්වා අවසෙසො කායො{1} කායො, න කායායතනං, කායායතනං කායො චෙව කායායතනඤ්ච, කායායතනං කායොති: ආමන්තා.
Sinhala BJTකාය කායායතන වේ ද යත්: කායායතනය තබා අවශේෂ කාය කාය යි. කායායතන නො වේ. කායායතනය කාය ද වූයේ ම කායනායතන ද වේ. කායායතනය කාය වේ ද යත්: එසේ යි.
Pali BJTරූපං රූපායතනන්ති: රූපායතනං ඨපෙත්වා අවසෙසං රූපං{2} රූපං, න රූපායතනං, රූපායතනං රූපඤ්චෙව රූපායතනඤ්ච, රූපායතනං රූපන්ති: ආමන්තා.
Sinhala BJTරූපය රූපායතන වේ ද යත්: රූපායතනය තබා අවශේෂ රූපය රූප යි. රූපායතන නො වේ. රූපායතනය රූප ද වූයේ ම රූපායතන ද වේ. රූපායතනය රූප වේ ද යත්: එසේ යි.
Pali BJTසද්දො සද්දායතනන්ති: ආමන්තා. සද්දායතනං සද්දොති: ආමන්තා.
Sinhala BJTශබ්දය සද්දායතන වේ ද යත්: එසේ යි. සද්දායතනය ශබ්ද වේ ද යත්: එසේ යි.
Pali BJTගන්ධො ගන්ධායතනන්ති: සීලගන්ධො සමාධිගන්ධො පඤ්ඤාගන්ධො ගන්ධො. න ගන්ධායතනං. ගන්ධායතනං ගන්ධො චෙව ගන්ධායතනඤ්ච. ගන්ධායතනං ගන්ධොති: ආමන්තා.
Sinhala BJTගන්‍ධය ගන්‍ධායතන වේ ද යත්: ශීලගන්‍ධය සමාධිගන්‍ධය ප්‍රඥාගන්‍ධය ගන්‍ධ යි. ගන්‍ධායතන නො වේ. ගන්‍ධායතනය ගන්‍ධ ද වූයේ ම ගන්‍ධායතන ද වේ. ගන්‍ධායතනය ගන්‍ධ වේ ද යත්: එසේ යි.
Pali BJTරසො රසායතනන්ති: අත්ථරසො ධම්මරසො විමුත්තිරසො රසො, න රසායතනං, රසායතනං රසො චෙව රසායතනඤ්ච. රසායතනං රසොති: ආමන්තා.
Sinhala BJTරසය රසායතන වේ ද යත්: අර්‍ත්‍ථරසය ධර්‍මරසය විමුක්ති රසය රස යි. රසායතන නො වේ. රසායතනය රස ද වූයේ ම රසායතන ද වේ. රසායතනය රස වේ ද යත්: එසේ යි.
Pali BJTඵොට්ඨබ්බො ඵොට්ඨබ්බායතනන්ති: ආමන්තා. ඵොට්ඨබ්බායතනං ඵොට්ඨබ්බොති: ආමන්තා.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යය ඵොඨබ්බායතනය වේ ද යත්: එසේයි. ඵොඨබ්බායතනය ස්ප්‍රෂ්ටව්‍ය වේ ද යත්: එසේ යි.
Pali BJTමනො මනායතනන්ති: ආමන්තා. මනායතනං මනොති: ආමන්තා.
Sinhala BJTමනස මනායතන වේ ද යත්: එසේ යි. මනායතනය මනස වේ ද යත්: එසේ යි.
Pali BJTධම්මො ධම්මායතනන්ති: ධම්මායතනං ඨපෙත්වා අවසෙසො ධම්මො{3} ධම්මො, න ධම්මායතනං. ධම්මායතනං ධම්මො චෙව ධම්මායතනඤ්ච, ධම්මායතනං ධම්මොති: ආමන්තා. (අනුලොම)
Sinhala BJTධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වේ. ධම්මායතනය ධර්‍ම වේ ද යත්: (අනුලෝම යි.)
Pali BJT2. න චක්ඛු න චක්ඛායතනන්ති: ආමන්තා. න චක්ඛායතනං න චක්ඛූති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු න චක්ඛායතනං, චක්ඛු. චක්ඛුඤ්ච චක්ඛායතනඤ්ච ඨපෙත්වා අවසෙසං{1} න චෙව චක්ඛු න ච චක්ඛායතනං.
Sinhala BJT2. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. චක්ඛායතන නොවූයේ චක්‍ෂුස නො වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්ඛායතන නො වෙයි. චක්‍ෂුස වේ. චක්‍ෂුස ද චක්ඛායතනය ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. චක්ඛායතන ද නොවේ.
Pali BJTන සොතං න සොතායතනන්ති: ආමන්තා. න සොතායතනං න සොතන්ති: දිබ්බසොතං තණ්හාසොතං න සොතායතනං සොතං. සොතඤ්ච සොතායතනඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව සොතං න ච සොතායතනං.
Sinhala BJTශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද යත්: එසේ යි. සෝතායතන නොවූයේ සෝත නො වේ ද යත්: දිබ්බසෝතය තණ්හාසෝතය සෝතායතන නො වෙයි. ශ්‍රෝත්‍ර වේ. සෝතය ද සෝතායතනය ද තබා සෙස්ස සෝත ද නොම වෙයි. සෝතායතන ද නො වේ.
Pali BJTන ඝානං න ඝානායතනන්ති: ආමන්තා. න ඝානායතනං න ඝානන්ති: ආමන්තා.
Sinhala BJTඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද යත්: එසේ යි. ඝානායතන නොවූයේ ඝ්‍රාණ නො වේ ද යත්: එසේ යි.
Pali BJTන ජිව්හා න ජිව්හායතනන්ති: ආමන්තා. න ජිව්හායතනං න ජිව්හාති: ආමන්තා.
Sinhala BJTජිව්හා නොවූයේ ජිව්හායතන නො වේ ද යත්: එසේ යි. ජිව්හායතන නොවූයේ ජිව්හා නො වේ ද යත්: එසේ යි.
Pali BJTන කායො න කායායතනන්ති: ආමන්තා. න කායායතනං න කායොති: කායායතනං ඨපෙත්වා අවසෙසො කායො න කායායතනං, කායො. කායඤ්ච කායායතනඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව කායො න ච කායායතනං.
Sinhala BJTකාය නොවූයේ කායායතන නො වේ ද යත්: එසේ යි. කායායතන නොවූයේ කාය නො වේ ද යත්: කායායතනය තබා අවශේෂකාය කායායතන නො වෙයි. කාය වේ. කාය ද කායායතනය ද තබා සෙස්ස කාය ද නො ම වෙයි. කායායතන ද නො වේ.
Pali BJTන රූපං න රූපායතනන්ති: ආමන්තා. න රූපායතනං න රූපන්ති: රූපායතනං ඨපෙත්වා අවසෙසං න රූපායතනං, රූපං. රූපඤ්ච රූපායතනඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව රූපං න ච රූපායතනං.
Sinhala BJTරූප නොවූයේ රූපායතන නො වේ ද යත්: එසේ යි. රූපායතන නොවූයේ රූප නො වේ ද යත්: රූපායතනය තබා අවශේෂරූපය රූපායතන නො වෙයි. රූප වේ. රූපය ද රූපායතනය ද තබා සෙස්ස රූප ද නො ම වෙයි. රූපායතන ද නො වේ.
Pali BJTන සද්දො න සද්දායතනන්ති: ආමන්තා. න සද්දායතනං න සද්දොති: ආමන්තා.
Sinhala BJTශබ්ද නොවූයේ සද්දායතන නො වේ ද යත්: එසේ යි. ශබ්දායතන නොවූයේ ශබ්ද නො වේ ද යත්: එසේ යි.
Pali BJTන ගන්ධො න ගන්ධායතනන්ති: ආමන්තා. න ගන්ධායතනං න ගන්ධොති: සීලගන්ධො සමාධිගන්ධො පඤ්ඤාගන්ධො න ගන්ධායතනං, ගන්ධො. ගන්ධඤ්ච ගන්ධායතනඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව ගන්ධො න ච ගන්ධායතනං.
Sinhala BJTගන්‍ධ නොවූයේ ගන්‍ධායතන නො වේ ද යත්: එසේ යි. ගන්‍ධායතන නොවූයේ ගන්‍ධ නො වේ ද යත්: ශීලගන්‍ධය සමාධිගන්‍ධය ප්‍රඥාගන්‍ධය ගන්‍ධායතන නො වෙයි. ගන්‍ධ වේ. ගන්‍ධය ද ගන්‍ධායතනය ද තබා සෙස්ස ගන්‍ධ ද නොම වෙයි. ගන්‍ධායතන ද නො වේ.
Pali BJTන රසො න රසායතනන්ති: ආමන්තා. න රසායතනං න රසොති: අත්ථරසො ධම්මරසො විමුත්තිරසො න රසායතනං, රසො. රසඤ්ච රසායතනඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව රසො න ච රසායතනං.
Sinhala BJTරස නො වූයේ රසායතන නො වේ ද යත්: එසේ යි. රසායතන නොවූයේ රස නො වේ ද යත්: අර්‍ත්‍ථරසය ධර්‍මරසය විමුක්තිරසය රසායතන නො වෙයි. රස වේ. රසය ද රසායතනය ද තබා සෙස්ස රස ද නොම වෙයි. රසායතන ද නො වේ.
Pali BJTන ඵොට්ඨබ්බො න ඵොට්ඨබ්බායතනන්ති: ආමන්තා. න ඵොට්ඨබ්බායතනං න ඵොට්ඨබ්බොති: ආමන්තා.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ඵොට්ඨබ්බායතන නො වේ ද යත්.: එසේ යි. ඵොට්ඨබ්බායතන නොවූයේ ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද යත්: එසේ යි.
Pali BJTන මනො න මනායතනන්ති: ආමන්තා. න මනායතනං න මනොති : ආමන්තා.
Sinhala BJTමනස නොවූයේ මනායතන නො වේ ද යත්: එසේ යි. මනායතන නොවූයේ මනස නො වේ ද යත්: එසේ යි .
Pali BJTන ධම්මො න ධම්මායතනන්ති: ආමන්තා. න ධම්මායතනං න ධම්මොති: ධම්මායතනං ඨපෙත්වා අවසොසො ධම්මො න ධම්මායතනං, ධම්මො. ධම්මඤ්ච ධම්මායතනඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව ධම්මො න ච ධම්මායතනං. (පච්චනීක)
Sinhala BJTධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ධම්මායතන නොවූයේ ධර්‍ම නො වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂධර්‍මය ධම්මායතන නො වෙයි. ධර්‍මය වේ. ධර්‍මය ද ධම්මායතනය ද තබා සෙස්ස ධර්‍ම ද නොම වෙයි. ධම්මායතන ද නො වේ. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT3. චක්ඛු චක්ඛායතනන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛායතනං. චක්ඛායතනං චක්ඛු චෙව චක්ඛායතනඤ්ච. ආයතනා සොතායතනන්ති: සොතායතනං ආයතනඤ්චෙව සොතායතනඤ්ච, අවසෙසා ආයතනා{1} ආයතනා, න සොතායතනං.
Sinhala BJT3. චක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. ආයතනයෝ සෝතායතන වේ ද යත්: සෝතායතනය ආයතන ද වූයේ ම සෝතායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. සෝතායතන නො වේ.
Pali BJTචක්ඛු චක්ඛායතනන්ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛායතනං. චක්ඛායතනං චක්ඛුචෙව චක්ඛායතනඤ්ච. ආයතනා ඝානායතනන්ති: -පෙ- ආයතනා ධම්මායතනන්ති: ධම්මායතනං ආයතනඤ්චෙව ධම්මායතනඤ්ච, අවසෙසා ආයතනා ආයතනා, න ධම්මායතනං.
Sinhala BJTචක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. ආයතනයෝ ඝානායතන වේ ද යත්: ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ධම්මායතනය ආයතන ද වූයේ ම ධම්මායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ.
Pali BJTසොතං සොතායතනන්ති: -පෙ- අවසෙසා ආයතනා ආයතනා. න ධම්මායතනං -පෙ-
Sinhala BJTසෝතය සෝතායතන වේ ද යත්: ... අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ. ....
Pali BJTධම්මො ධම්මායතනන්ති: ධම්මායතනං ඨපෙත්වා අවසෙසො ධම්මො ධම්මො, න ධම්මායතනං. ධම්මායතනං ධම්මො චෙව ධම්මායතනඤ්ච, ආයතනා චක්ඛායතනන්ති: චක්ඛායතනං ආයතනඤ්චෙව චක්ඛායතනඤ්ච, අවසෙසා ආයතනා ආයතනා, න චක්ඛායතනං.
Sinhala BJTධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වෙයි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: චක්ඛායතනය ආයතන ද වූයේ ම චක්ඛායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. චක්ඛායතන නො වේ.
Pali BJTධම්මො ධම්මායතනන්ති: ධම්මායතනං ඨපෙත්වා අවසෙසො ධම්මො ධම්මො, න ධම්මායතනං. ධම්මායතනං ධම්මො චෙව ධම්මායතනඤ්ච. ආයතනා සොතායතනන්ති: -පෙ- ආයතනා මනායතනන්ති: මනායතනං ආයතනඤ්චෙව මනායතනඤ්ච, අවසෙසා ආයතනා ආයතනා, න මනායතනං.
Sinhala BJTධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වෙයි. ආයතනයෝ සෝතායතන වේ ද යත්: ... ආයතනයෝ මනායතන වේ ද යත්: මනායතනය ආයතන ද වූයේ ම මනායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. මනායතන නො වේ. (අනුලෝම යි.)
Pali BJT(එකෙකපදමූලකං චක්කං බන්ධිතබ්බං අසම්මොහන්තෙන. අනුලොමං)
Sinhala BJT(නො මුළා වන්නහු විසින් එක් එක් පදය මුල් වූ චක්‍රය බැන්ද යුතු.)
Pali BJT4. න චක්ඛු න චක්ඛායතනන්ති: ආමන්තා. නායතනා න සොතායතනන්ති: ආමන්තා.
Sinhala BJT4. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නො වූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන චක්ඛු න චක්ඛායතනන්ති: ආමන්තා. නායතනා න ඝානායතනන්ති : ආමන්තා. -පෙ- නායතනා න ධම්මායතනන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස නොවූයේත් චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු ඝානායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන සොතං න සොතායතනන්ති: ආමන්තා. නායතනා න චක්ඛායතනං -පෙ- නායතනා න ධම්මායතනන්ති: ආමන්තා.
Sinhala BJTසෝත නොවූයේ සෝතායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: ... ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන ඝානං න ඝානායතනන්ති: -පෙ- නායතනා න ධම්මායතනන්ති: ආමන්තා -පෙ-
Sinhala BJTඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද යත්: ... ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන ධම්මො න ධම්මායතනන්ති: ආමන්තා. නායතනා න චක්ඛායතනන්ති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන ධම්මො න ධම්මායතනන්ති: ආමන්තා. නායතනා න සොතායතනං -පෙ- නායතනා න මනායතනන්ති: ආමන්තා. (චක්කං බන්ධන්තෙන සබ්බත්ථ ආමන්තාති කාතබ්බං - පච්චනීක)
Sinhala BJTධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: ... ආයතන නො වූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.) (චක්‍රබන්‍ධනය කරන්නහු විසින් සියලු තන්හි “ආමන්තා” යනු කළයුතු.)
Pali BJTපදසොධන මූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමුලචක්‍රචාර යි.
Pali BJT5. චක්ඛු ආයතනන්ති: ආමන්තා. ආයතනා චක්ඛායතනන්ති: චක්ඛායතනං ආයතනඤ්චෙව චක්ඛායතනඤ්ච. අවසෙසා ආයතනා ආයතනා, න චක්ඛායතනං.
Sinhala BJT5. චක්‍ෂුස ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: චක්ඛායතනය ආයතන ද වූයේ ම චක්ඛායතන ද වේ. අවශේෂ ආයතනයෝ ආයතන යි. චක්ඛායතන නො වේ.
Pali BJTසොතං ආයතනන්ති: ආමන්තා. -පෙ- ඝානං - ජිව්හා - කායො - රූපං - සද්දො - ගන්ධො - රසො - ඵොට්ඨබ්බො - මනො -පෙ-
Sinhala BJTශ්‍රෝතය ආයතන වේ ද යත්: එසේ යි ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... රූපය ... ශබ්දය ,.. ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍යය ... මනස ....
Pali BJTධම්මො ආයතනන්ති: ආමන්තා. ආයතනා ධම්මායතනන්ති: ධම්මායතනං ආයතනඤ්චෙව ධම්මායතනඤ්ච. අවසෙසා ආයතනා ආයතනා, න ධම්මායතනං. (අනුලොම)
Sinhala BJTධර්‍මය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ධම්මායතනය ආයතන ද වූයේ ම ධම්මායතන ද වේ. අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ. (අනුලෝම යි.)
Pali BJT6. න චක්ඛු ආයතනන්ති: චක්ඛුං ඨපෙත්වා අවසෙසා ආයතනා න චක්ඛු, ආයතනා. චක්ඛුඤ්ච ආයතනඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු න ච ආයතනා. නායතනා න චක්ඛායතනන්ති: ආමන්තා.
Sinhala BJT6. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂ ආයතන චක්‍ෂුස නො වේ. ආයතන යි. චක්‍ෂුස ද ආයතන ද තබා අවශේෂය චක්‍ෂුස ද නොම වෙයි. ආයතන ද නො වේ. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන සොතං නායතනන්ති: සොතං ඨපෙත්වා -පෙ- ඝානං ඨපෙත්වා -පෙ- ජිව්හං ඨපෙත්වා -පෙ- න ච ආයතනා. නායතනා න ජිව්හායතනන්ති: ආමන්තා.
Sinhala BJTශ්‍රෝත්‍ර නොවූයෙක් ආයතන නො වේ ද යත්: ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ... ආයතනයෝ ද නො වෙත්. ආයතන නොවූවාහු ජිහ්වායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන කායො නායතනන්ති: ආමන්තා. නායතනා න කායායතනන්ති: ආමන්තා.
Sinhala BJTකාය නොවූයෙක් ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු කායායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන රූපං නායතනන්ති: රූපං ඨපෙත්වා -පෙ- සද්දා ඨපෙත්වා -පෙ- ගන්ධං ඨපෙත්වා -පෙ- රසං ඨපෙත්වා -පෙ- ඵොට්ඨබ්බං ඨපෙත්වා -පෙ- න ච ආයතනා. නායතනා න ඵොට්ඨබ්බායතනන්ති: ආමන්තා.
Sinhala BJTරූප නොවූයේ ආයතන නො වේ ද යත්: රූපය තබා ... ශබ්දය තබා ... ගන්‍ධය තබා ... රසය තබා ... ස්ප්‍රෂ්ටව්‍යය තබා ... ආයතනයෝ ද නො වෙත්. ආයතන නොවූවාහු ඵොට්ඨබ්බායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන මනො නායතනන්ති: මනං ඨපෙත්වා අවසෙසා ආයතනා න මනො, ආයතනා. මනඤ්ච ආයතනඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව මනො න ච ආයතනා. නායතනා න මනායතනන්ති: ආමන්තා.
Sinhala BJTමනස නොවූයේ ආයතන නො වේ ද යත්: මනස තබා අවශේෂ ආයතන මනස නො වේ. ආයතන යි. මනස ද ආයතන ද තබා සෙස්ස මනස ද නො ම වෙයි. ආයතන ද නො වේ. ආයතන නො වූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන ධම්මො නායතනන්ති: ආමන්තා. නායතනා න ධම්මායතනන්ති: ආමන්තා. (පච්චනීක)
Sinhala BJTධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධායතනවාරො.
Sinhala BJTශුද්ධායතනවාර යි.
Pali BJT7. චක්ඛු ආයතනන්ති: ආමන්තා. ආයතනා සොතායතනන්ති: සොතායතනං ආයතනඤ්චෙව සොතායතනඤ්ච, අවසෙසා ආයතනා ආයතනා, න සොතායතනං.
Sinhala BJT7. චක්‍ෂුස ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ සෝතායතන වේ ද යත්: සෝතායතනය ආයතන ද වූයේ ම සෝතායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. සෝතායතන නො වේ.
Pali BJTචක්ඛු ආයතනන්ති: ආමන්තා. ආයතනා ඝානායතනං -පෙ- ආයතනා ධම්මායතනන්ති: ධම්මායතනං ආයතනඤ්චෙව ධම්මායතනනඤ්ච, අවසෙසා ආයතනා ආයතනා, න ධම්මායතනං.
Sinhala BJTචක්‍ෂුස ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ ඝානායතන වේ ද යත්: ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ධම්මායතනය ආයතන ද වූයේ ම ධම්මායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ.
Pali BJTසොතං ආයතනන්ති: ආමන්තා. ආයතනා චක්ඛායතනන්ති: -පෙ- න චක්ඛායතනං -පෙ- ආයතනා ධම්මායතනන්ති -පෙ- න ධම්මායතනං.
Sinhala BJTශ්‍රෝත්‍රය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: ... චක්ඛායතන නො වේ. ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ... ධම්මායතන නො වේ.
Pali BJTඝානං ආයතනන්ති: ආමන්තා. ආයතනා චක්ඛායතනන්ති: -පෙ- ආයතනා ධම්මායතනන්ති -පෙ- න ධම්මායතනං -පෙ-
Sinhala BJTඝ්‍රාණය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ... ධම්මායතන නොවේ.
Pali BJTධම්මො ආයතනන්ති: ආමන්තා. ආයතනා චක්ඛායතනං -පෙ- ආයතනා මනායතනන්ති: මනායතනං ආයතනඤ්චෙව මනායතනඤ්ච, අවසෙසා ආයතනා ආයතනා, න මනායතනං. (චක්කං බන්ධිතබ්බං අනුලොම)
Sinhala BJTධර්‍මය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: ... ආයතනයෝ මනායතන වේ ද යත්: මනායතනය ආයතන ද වූයේ ම මනායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. මනායතන නො වේ. (චක්‍රය බැන්දයුතු. අනුලෝම යි.)
Pali BJT8. න චක්ඛු නායතනන්ති: චක්ඛුං ඨපෙත්වා අවසෙසා ආයතනා න චක්ඛු, ආයතනා. චක්ඛුඤ්ච ආයතනඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු න ච ආයතනා. නායතනා න සොතායතනන්ති: ආමන්තා.
Sinhala BJT8. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂ ආයතන චක්‍ෂුස නො වෙයි. ආයතන යි. චක්‍ෂුස ද ආයතන ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. ආයතනයෝ ද නො ද වෙත්. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන චක්ඛු නායතනන්ති: චක්ඛුං ඨපෙත්වා අවසෙසා ආයතනා න චක්ඛු, ආයතනා. චක්ඛුඤ්ච ආයතනඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු න ච ආයතනා. නායතනා න ඝානායතනං -පෙ- නායතනා න ධම්මායතනන්ති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂ ආයතන චක්‍ෂුස නො වෙයි. ආයතන යි. චක්‍ෂුස ද ආයතන ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. ආයතනයෝ ද නො ද වෙත්. ආයතන නොවූවාහු ඝානායතන නො වේ ද යත්: ... ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.
Pali BJTන සොතං නායතනන්ති: සොතං ඨපෙත්වා -පෙ- ඝානං ඨපෙත්වා -පෙ- ජිව්හං ඨපෙත්වා -පෙ- න ච ආයතනා, නායතනා න ධම්මායතනන්ති: ආමන්තා.
Sinhala BJTශ්‍රෝත්‍රය නොවූයේ ආයතන නො වේ ද යත්: ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ... ආයතනයෝ ද නො වෙත්. ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.