Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT15. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT15. යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT16. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT16. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ. රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. රූපස්කන්‍ධය ද උපන්නේ යි.
Pali BJT17. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT17. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යම්කුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නදී ඕහට එහි වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ සි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT18. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJT18. යමකුට රූපස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නො උපන්නේ ද යත්: නැති.
Pali BJT19. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJT19. යමකුට වේදනාස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: නත්ථි. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඔඟට වේදනාස්කන්‍ධය නො උපන්නේ ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT20. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT20. යම් තැනෙක රූපස්කන්‍ධය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT21. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT21. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නො උපන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ. රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නො උපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. රූපස්කන්‍ධය ද නො උපන්නේ යි.
Pali BJT22. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT22. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: ආමන්තා. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නො උපන්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT23. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT23. යමකුට රූපස්කන්‍ධය උපදින්නේ නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිම්භවික වැ උපදනවුනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදින්නේ යි. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද උපදින්නේ යි.
Pali BJT24. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT24. යමකුට වේදනාස්කන්‍ධය උපදින්නේ නම් ඕහට සංඥා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනව සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද උපදින්නේ ය. සෙසු ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT25. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT25. යම් තැනෙක රූපස්කන්‍ධය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT26. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT26. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදින්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපදින්නේ ය. ඔවුනට එහි වේදනා ස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපදින්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති. රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපදින්නේ යි. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදින්නේ යි.
Pali BJT27. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT27. යම්කුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදින්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපදින්නේය. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT28. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති. තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති, නො ච තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT28. යමකුට රූපස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිම්භවික වැ උපදනවුනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද රූපස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නූපදින්නේය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදින්නේ ද යත් එසේ යි.
Pali BJT29. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති, නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT29. යමකුට වේදනාස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නූපදින්නේ ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT30. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT30. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT31. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT31. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙ හි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදින්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නූපදින්නේ යි. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නූපදින්නේ යි.
Pali BJT32. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT32. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිම භවික වැ උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපදින්නේ ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යකීක පුද්ගලාවකාශ යි.)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJT(අනාගතවාර යි.)
Pali BJT33. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT33. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අරූපං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ, රූපක්ඛන්ධො ච උප්පජ්ජති. -පෙ-
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී ය. රූපස්කන්‍ධය ද උපදී.
Pali BJT(යථා උප්පාදවාරෙ පච්චුප්පන්නාතීතං විභත්තං තථා ඉධ විභජිතබ්බං) (අනුලොම පුග්ගල)
Sinhala BJT(යම්සේ උත්පාදචාරයෙහි ප්‍රත්‍යුත්පන්න අතීතවාර බෙදන ලද්දේ ද එසේ මෙහි ද බෙදියයුතු) (අනුලෝම පුද්ගල යි.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතාවාර යි.
Pali BJT34. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT34. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අරූපං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති, නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදී.
Pali BJT35. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT35 යමකුට වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති, නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද උපදී. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදී. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT36. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT36. යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT37. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT37. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපදී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං අරූපං{1} උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදී.
Pali BJT38. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT38. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපදී. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT39. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං, අරූපං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො ච නූප්පජ්ජති වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT39. යමකුට රූපස්කන්‍ධය නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නූපදී. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි.
Pali BJT40. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති.
Sinhala BJT40. යමකුට වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධයද නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති, තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT41. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT41. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT42. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරා චවන්තානං අරූපං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති, පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT42. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති. රූපක්ඛන්ධො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නූපදී. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේය, රූපස්කන්‍ධය ද නූපදී.
Pali BJT43. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT43. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය, පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේයි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT44. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT44. යමකුට රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද උපන්නේය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT45. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT45. යමකුට වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද උපන්නේ ය, සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT46. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT46. යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT47. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT47. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය උපන්නේ යි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට අරූපයනට දැ යි ඔවුනට එ වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද උපන්නේ යි.
Pali BJT48. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT48. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද උපන්නේය, සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං, පඤ්චවොකාරානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදනේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපන්නේ ය. සෙසු චතුවෝකාරයනට පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද උපන්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT49. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT49. යමකුට රූපස්කන්‍ධය නූපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදින්නේ ද යත්: උපන්නේ යි.
Pali BJT50. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT50. යමකුට වේදනාස්කන්‍ධය නූපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
Pali BJT51. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT51. යම් තැනෙක රූපස්කන්‍ධය නූපන්නේ නම් ... (ප්‍රත්‍යනීකතාවකාශ යි.)
Pali BJT52. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT52. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේය. ගුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නොවන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදනේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරින්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නූපන්නේ යි.
Pali BJT53. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT53. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපන්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපන්නේ ය, සංඥාස්කන්‍ධ ද නිරුද්ධ නොවන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: පරිනිබ්බන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTයමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපන්නේ ද යත්: පිරිනිවෙන්නාවූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, වේදනාස්කන්‍ධය ද නූපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගාරවාර යි.
Pali BJTඋප්පාද නිරොධවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාද නිරෝධවාර නිමි.
Pali BJT6. පරිඤ්ඤාවාරො
Sinhala BJT6. පරිඤ්ඤාවාරය
Pali BJT1. යො රූපක්ඛන්ධං පරිජානාති සො වෙදනාක්ඛන්ධං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT1. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානාති සො රූපක්ඛන්ධං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT2. යො රූපක්ඛන්ධං න පරිජානාති සො වෙදනාක්ඛන්ධං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT2. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානාති සො රූපක්ඛන්ධං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුපන්නවාරය යි.
Pali BJT3. යො රූපක්ඛන්ධං පරිජානිත්ථ සො වෙදනාක්ඛන්ධං පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJT3. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානිත්ථ සො රූපක්ඛන්ධං පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
Pali BJT4. යො රූපක්ඛන්ධං න පරිජානිත්ථ සො වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJT4. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථ සො රූපක්ඛන්ධං න පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතචාරය යි.
Pali BJT5. යො රූපක්ඛන්ධං පරිජානිස්සති සො වෙදනාක්ඛන්ධං පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJT5. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානිස්සති සො රූපක්ඛන්ධං පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
Pali BJT6. යො රූපක්ඛන්ධං න පරිජානිස්සති සො වෙදනාක්ඛන්ධං න පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJT6. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානිස්සති සො රූපක්ඛන්ධං න පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාරය යි.
Pali BJT7. යො රූපක්ඛන්ධං පරිජානාති සො වෙදනාක්ඛන්ධං පරිජානිත්ථා{1}ති: නො.
Sinhala BJT7. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: නො දත්තේ යි.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානිත්ථ සො රූපක්ඛන්ධං පරිජානාතීති: නො.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: නො දනී.
Pali BJT8. යො රූපක්ඛන්ධං න පරිජානාති සො වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථාති: අරහා රූපක්ඛන්ධං න පරිජානාති. නො ච වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථ. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා රූපක්ඛන්ධං ච න පරිජානන්ති. වෙදනාක්ඛන්ධඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJT8. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: රහත් තෙමේ රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දත්තේ ය. අර්‍හන්මාර්‍ගස්ථයා ද රහතුන්වහන්සේ ද තබා අවශේෂ පුද්ගලයෝ රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නොදත්හ.
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථ, සො රූපක්ඛන්ධං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථ, නො ච රූපක්ඛන්ධං න පරිජානාති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා වෙදනාක්ඛන්ධඤ්ච න පරිජානිත්ථ. රූපක්ඛන්ධඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: අර්‍හන්මාර්‍ගස්ථයා වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දනී. අර්‍හන්මාර්‍ගස්ථයා ද රහතුන් වහන්සේ ද තබා අවශේෂ පුද්ගලයෝ වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT9. යො රූපක්ඛන්ධං පරිජානාති, සො වෙදනාක්ඛන්ධං පරිජානිස්සතීති: නො.
Sinhala BJT9. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: නො දන්නේ යි.