Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති. අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT64. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT64. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.
Pali BJT65. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT65. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.
Pali BJT66. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT66. යමක්හට අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT67-69. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: -පෙ-(පච්චනීකඔකාස)
Sinhala BJT67-69. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT70. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මං න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT70. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති. අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
Pali BJT71. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ, සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT71. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
Pali BJT72. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ, සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT72. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT73. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති, ඉතරෙසං කුසලානං උප්පාදක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT73. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසුවනට කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි කුශලධර්‍මයෝ ද උපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT74. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT74. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT75. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT75. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසල විප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජන්ති, අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT76-78. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT76-78. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
Pali BJT79. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ග පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුඣිස්සන්ති. ඉතරෙසං කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT79. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති. කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT80. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT80. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT81. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT81. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති, අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදිති. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT82. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙංස කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ අරහන්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති. අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT82. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ ද නො උපදිත්, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො උපදිත්.
Pali BJT83. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ කුසලාවිප්පයුත්තචිත්තසස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති. අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT83. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නො උපදිති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
Pali BJT84. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසල විප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT84. යමක්හට අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නො උපදිති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නො උපදිති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT85-87. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT85-87. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT88. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT88. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්නන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපදිති. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපදිත්.
Pali BJT89. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT89. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
Pali BJT90. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT90. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT91. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තෙසං කුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT91. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට කුශලධර්‍මයෝ ද උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහ යත්: එසේ යි.
Pali BJT92. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT92. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට කුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහ යත්: එසේ යි.
Pali BJT93. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT93. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට අකුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්නාහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT94-96. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT94-96. යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT97. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තෙසං තත්ථ කුසලාධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT97. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්‍මයෝ ද උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශල ධර්‍මයෝ ද උපන්නාහ.
Pali BJT98. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT98. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපන්නාහ.
Pali BJT99. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT99. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපන්නාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT100. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නත්ථි.
Sinhala BJT100. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
Pali BJT101. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නත්ථි.
Sinhala BJT101. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තී තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
Pali BJT102. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නත්ථි.
Sinhala BJT102. යමක්හට අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT103-105. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT103-105. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT106. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT106. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ජ්ධිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති. කුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපන්නාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපන්නාහ.
Pali BJT107. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT107. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
Pali BJT108. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT108. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTඋප්පාදනිරොධවාරො.
Sinhala BJTඋත්පාදනිරෝධවාර යි.
Pali BJTපවත්තිවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රවෘත්තිවාර නිමි.
Pali BJTභාවනාවාරො.
Sinhala BJTභාවනාවාරය
Pali BJT1. යො කුසලං ධම්මං භාවෙති සො අකුසලං ධම්මං පජහතීති: ආමන්තා.
Sinhala BJT1. යමෙක් කුශලධර්‍මය වඩා නම් හේ අකුශලධර්‍මය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අකුසලං ධම්මං පජහති සො කුසලං ධම්මං භාවෙතීති: ආමන්තා.
Sinhala BJTයමෙක් අකුශලධර්‍මය දුරු කෙරේ නම් හේ කුශලධර්‍මය වඩා ද යත්: එසේ යි
Pali BJT2-108. යො කුසලං ධම්මං න භාවෙති සො අකුසලං ධම්මං නප්පජහතීති ආමන්තා.
Sinhala BJT2-108. යමෙක් කුශලධර්‍මය නො වඩා නම් හේ අකුශලධර්‍මය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අකුසලං ධම්මං නප්පජහති සො කුසලං ධම්මං න භාවෙතීති: ආමන්තා. -පෙ-
Sinhala BJTයමෙක් අකුශලධර්‍මය දුරු නො කෙරේ නම් හේ කුශලධර්‍මය නො වඩා ද යත්: එසේ යි …
Pali BJTභාවනාවාරො නිට්ඨිතො.
Sinhala BJTභාවනාවාර නිමි.
Pali BJTධම්මයමකං නිට්ඨිතං.
Sinhala BJTධම්මයමක නිමි.
Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTයමකප්පකරණං
Sinhala BJTයමකප්‍රකරණ
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT10. ඉන්ද්රිය යමකං
Sinhala BJT10. ඉන්‍ද්‍රිය යමක
Pali BJT1. පඤ්ඤත්ති උද්දෙසවාරො
Sinhala BJT1. ප්‍රඥප්ති උද්දේශවාර
Pali BJTබාවීසතින්ද්රියානි: චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, මනින්ද්රියං, ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, ජීවිතින්ද්රියං, සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං, සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, අඤ්ඤින්ද්රියං, අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJTදෙවිසි ඉන්‍ද්‍රියයෝ වෙති: චක්ඛුන්‍ද්‍රිය යැ සෝතින්‍ද්‍රිය යැ ඝානින්‍ද්‍රිය යැ ජිව්හින්‍ද්‍රිය යැ කායින්‍ද්‍රිය යැ මනින්‍ද්‍රිය යැ ඉත්‍ථින්‍ද්‍රිය යැ පුරිසින්‍ද්‍රිය යැ ජීවිතින්‍ද්‍රිය යැ සුඛින්‍ද්‍රිය යැ දුඛින්‍ද්‍රිය යැ සෝමනස්සින්‍ද්‍රිය යැ දෝමනස්සින්‍ද්‍රිය යැ උපෙක්ඛින්‍ද්‍රිය යැ සද්ධින්‍ද්‍රිය යැ විරියින්‍ද්‍රිය යැ සතින්‍ද්‍රිය යැ සමාධින්‍ද්‍රිය යැ පඤ්ඤින්‍ද්‍රිය යැ අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය යැ අඤ්ඤින්‍ද්‍රිය යැ අඤ්ඤාතාවින්‍ද්‍රිය යි.
Pali BJT1. චක්ඛු චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියං චක්ඛු: සොතං සොතින්ද්රියං, සොතින්ද්රියං සොතං: ඝානං ඝානින්ද්රියං, ඝානින්ද්රියං ඝානං: ජිව්හා ජිව්හින්ද්රියං, ජිව්හින්ද්රියං ජිව්හා: කායො කායින්ද්රියං, කායින්ද්රියං කායො: මනො මනින්ද්රියං, මනින්ද්රියං මනො: ඉත්ථි ඉත්ථින්ද්රියං, ඉත්ථින්ද්රියං ඉත්ථි: පුරිසො පුරිසින්ද්රියං, පුරිසින්ද්රියං පුරිසො: ජීවිතං ජීවිතින්ද්රියං, ජීවිතින්ද්රියං ජීවිතං, සුඛං සුඛින්ද්රියං, සුඛින්ද්රියං සුඛං: දුක්ඛං දුක්ඛින්ද්රියං, දුක්ඛින්ද්රියං දුක්ඛං: සොමනස්සං සොමනස්සින්ද්රියං, සොමනස්සින්ද්රියං, සොමනස්සං: දොමනස්සං දොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, දොමනස්සං: උපෙක්ඛා උපෙක්ඛින්ද්රියං, උපෙක්ඛින්ද්රියං උපෙක්ඛා: සද්ධා සද්ධින්ද්රියං, සද්ධින්ද්රියං සද්ධා: විරියං විරියින්ද්රියං, විරියින්ද්රියං විරියං: සති සතින්ද්රියං, සතින්ද්රියං සති: සමාධි සමාධින්ද්රියං, සමාධින්ද්රියං සමාධි: පඤ්ඤා පඤ්ඤින්ද්රියං, පඤ්ඤින්ද්රියං පඤ්ඤා: අනඤ්ඤාතඤ්ඤස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං: අනඤ්ඤාතඤ්ඤස්සාමීති: අඤ්ඤං{1} අඤ්ඤින්ද්රියං, අඤ්ඤින්ද්රියං අඤ්ඤං: අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤාතාවින්ද්රියං අඤ්ඤාතාවී:
Sinhala BJT1. චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, චක්ඛුන්‍ද්‍රිය චක්ඛුස වේ ද: ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වේ ද, සෝතින්‍ද්‍රිය ශ්‍රෝත්‍ර වේ ද: ඝ්‍රාණය ඝානින්‍ද්‍රිය වේ ද, ඝානින්‍ද්‍රිය ඝ්‍රාණ වේ ද: ජිහ්වා ජිව්හින්‍ද්‍රිය වේ ද, ජිව්හින්‍ද්‍රිය ජිහ්වා වේ ද: කාය කායින්‍ද්‍රිය වේ ද, කායින්‍ද්‍රිය කාය වේ ද: මනස මනින්‍ද්‍රිය වේ ද, මනින්‍ද්‍රිය මනස් වේ ද: ස්ත්‍රී ඉත්‍ථින්‍ද්‍රිය වේ ද, ඉත්‍ථින්‍ද්‍රිය ස්ත්‍රී වේ ද: පුරුෂ පුරිසින්‍ද්‍රිය වේ ද, පුරිසින්‍ද්‍රිය පුරුෂ වේ ද: ජීවිතය ජීවිතින්‍ද්‍රිය වේ ද, ජීවිතින්‍ද්‍රිය ජීවිත වේ ද: සුඛය සුඛින්‍ද්‍රිය වේ ද, සුඛින්‍ද්‍රිය සුඛ වේ ද: දුඃඛය දුක්ඛින්‍ද්‍රිය වේ ද, දුක්ඛින්‍ද්‍රිය දුඃඛ වේ ද: සෝමනස්සය සෝමනස්සින්‍ද්‍රිය වේ ද, සෝමනස්සින්‍ද්‍රිය සෝමනස්ස වේ ද: දෝමනස්සය දෝමනස්සින්‍ද්‍රිය වේ ද, දෝමනස්සින්‍ද්‍රිය දෝමනස්ස වේ ද: උපේක්‍ෂා උපෙක්ඛින්‍ද්‍රිය වේ ද, උපෙක්ඛින්‍ද්‍රිය උපේක්‍ෂා වේ ද: ශ්‍රද්ධා සද්ධින්‍ද්‍රිය වේ ද, සද්ධින්‍ද්‍රිය ශ්‍රද්ධා වේ ද: වීර්‍ය්‍ය විරියින්‍ද්‍රිය වේ ද, විරියින්‍ද්‍රිය වීර්‍ය්‍ය වේ ද: සති සතින්‍ද්‍රිය වේ ද, සතින්‍ද්‍රිය සති වේ ද: සමාධි සමාධින්‍ද්‍රිය වේ ද, සමාධින්‍ද්‍රිය සමාධි වේ ද: ප්‍රඥා පඤ්ඤින්‍ද්‍රිය වේ ද, පඤ්ඤින්‍ද්‍රිය ප්‍රඥා වේ ද: ‘අනඤ්ඤාතඤ්ඤාස්සාමිති’ අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය වේ ද, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අනඤ්ඤාතඤ්ඤාස්සාමීති වේ ද: අඤ්ඤ අඤ්ඤින්‍ද්‍රිය වේ ද, අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤ වේ ද: අඤ්ඤාතාවී අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය අඤ්ඤාතාවී වේ ද යත්:
Pali BJT2. න චක්ඛු චක්ඛුන්ද්රියං, න චක්ඛුන්ද්රියං න චක්ඛු: න සොතං න සොතින්ද්රියං, න සොතින්ද්රියං න සොතං: න ඝානං න ඝානින්ද්රියං, න ඝානින්ද්රියං න ඝානං: න ජිව්හා න ජිව්හින්ද්රියං, න ජිව්හින්ද්රියං න ජිව්හා: න කායො න කායින්ද්රියං, න කායින්ද්රියං න කායො: න මනො න මනින්ද්රියං, න මනින්ද්රියං න මනො: න ඉත්ථි න ඉත්ථින්ද්රියං, න ඉත්ථින්ද්රියං න ඉත්ථි: න පුරිසො න පුරිසින්ද්රියං, න පුරිසින්ද්රියං න පුරිසො: න ජීවිතං න ජීවිතින්ද්රියං, න ජීවිතින්ද්රියං න ජීවිතං, න සුඛං න සුඛින්ද්රියං, න සුඛින්ද්රියං න සුඛං: න දුක්ඛං න දුක්ඛින්ද්රියං, න දුක්ඛින්ද්රියං න දුක්ඛං: න සොමනස්සං න සොමනස්සින්ද්රියං, න සොමනස්සින්ද්රියං න සොමනස්සං: න දොමනස්සං න දොමනස්සින්ද්රියං, න දොමනස්සින්ද්රියං න දොමනස්සං: න උපෙක්ඛා න උපෙක්ඛින්ද්රියං, න උපෙක්ඛින්ද්රියං න උපෙක්ඛා: න සද්ධා න සද්ධින්ද්රියං, න සද්ධින්ද්රියං න සද්ධා: න විරියං න විරියින්ද්රියං, න විරියින්ද්රියං න විරියං: න සති න සතින්ද්රියං, න සතින්ද්රියං න සති: න සමාධි න සමාධින්ද්රියං, න සමාධින්ද්රියං න සමාධි: න පඤ්ඤා න පඤ්ඤින්ද්රියං, න පඤ්ඤින්ද්රියං න පඤ්ඤා: න අනඤ්ඤාතඤ්ඤස්සාමීති න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, න අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං න අනඤ්ඤාතඤ්ඤස්සාමීති: න අඤ්ඤං න අඤ්ඤින්ද්රියං, න අඤ්ඤින්ද්රියං න අඤ්ඤං: න අඤ්ඤාතාවී න අඤ්ඤාතාවින්ද්රියං, න අඤ්ඤාතාවින්ද්රියං න අඤ්ඤාතාවී:
Sinhala BJT2. චක්‍ෂුස් නො වූයෙ චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ වේ ද, චක්ඛුන්‍ද්‍රිය නො වූයෙ චක්‍ෂුස් නො වූයෙ වේ ද: සෝත නො වූයෙ සෝතින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සෝතින්‍ද්‍රිය නො වූයෙ සෝත නො වූයෙ වේ ද: ඝාන නො වූයෙ ඝානින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඝානින්‍ද්‍රිය නො වූයෙ ඝාන නො වූයෙ වේ ද: ජිව්හා නො වූවා ජිව්හින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ජිව්හින්‍ද්‍රිය නො වූයෙ ජිව්හා නො වූවා වේ ද: කාය නො වූයෙ කායින්‍ද්‍රිය නො වූයෙ වේ ද, කායින්‍ද්‍රිය නො වූයෙ කාය නො වූයෙ වේ ද: මනස් නො වූයෙ මනින්‍ද්‍රිය නො වූයෙ වේ ද, මනින්‍ද්‍රිය නො වූයෙ මනස් නො වූයෙ වේ ද: ස්ත්‍රී නො වූවා ඉත්‍ථින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ඉත්‍ථින්‍ද්‍රිය නො වූයෙ ස්ත්‍රී නො වූවා වේ ද: පුරුෂ නො වූයෙ පුරිසින්‍ද්‍රිය නො වූයෙ වේ ද, පුරිසින්‍ද්‍රිය නො වූයෙ පුරුෂ නො වූයෙ වේ ද: ජීවිත නො වූයෙ ජීවිතින්‍ද්‍රිය නො වූයෙ වේ ද, ජීවිතින්‍ද්‍රිය නො වූයෙ ජීවිත නො වූයෙ වේ ද: සුඛ නො වූයෙ සුඛින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සුඛින්‍ද්‍රිය නො වූයෙ සුඛ නො වූයෙ වේ ද: දුක්ඛ නො වූයෙ දුක්ඛින්‍ද්‍රිය නො වූයෙ වේ ද, දුක්ඛින්‍ද්‍රිය නො වූයෙ දුක්ඛ නො වූයෙ වේ ද: සෝමනස්ස නො වූයෙ සෝමනස්සින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සෝමනස්සින්‍ද්‍රිය නො වූයෙ සෝමනස්ස නො වූයෙ වේ ද: දෝමනස්ස නො වූයෙ දෝමනස්සින්‍ද්‍රිය නො වූයෙ වේ ද, දෝමනස්සින්‍ද්‍රිය නො වූයෙ දෝමනස්ස නො වූයෙ වේ ද: උපේක්‍ෂා නො වූවා උපෙක්ඛින්‍ද්‍රිය නො වූයෙ වේ ද, උපෙක්ඛින්‍ද්‍රිය නො වූයෙ උපේක්‍ෂා නො වූවා වේ ද: ශ්‍රද්ධා නො වූවා සද්ධින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සද්ධින්‍ද්‍රිය නො වූයෙ ශ්‍රද්ධා නො වූවා වේද: වීර්‍ය්‍ය නො වූයෙ විරියින්‍ද්‍රිය නො වූයෙ වේ ද, විරියින්‍ද්‍රිය නො වූයෙ වීර්‍ය්‍ය නො වූයෙ වේ ද: ස්මෘති නො වූවා සතින්‍ද්‍රිය නො වූයෙ වේ ද: සතින්‍ද්‍රිය නො වූයෙ ස්මෘති නො වූවා වේ ද: සමාධි නො වූයෙ සමාධින්‍ද්‍රිය නො වූයෙ වේ ද, සමාධින්‍ද්‍රිය නො වූයෙ සමාධි නො වූයෙ වේ ද: ප්‍රඥා නො වූවා පඤ්ඤින්‍ද්‍රිය නො වූයෙ වේ ද, පඤ්ඤින්‍ද්‍රිය නො වූයෙ ප්‍රඥා නො වූවා වේ ද: අනඤ්ඤාතඤ්ඤාස්සාමීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වූයෙ වේ ද, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වූයෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීති නො වූයෙ වේ ද: අඤ්ඤ නො වූයෙ අඤ්ඤින්‍ද්‍රිය නො වූයෙ වේ ද: අඤ්ඤින්‍ද්‍රිය නො වූයෙ අඤ්ඤ නො වූයෙ වේ ද: අඤ්ඤාතාවී නො වූයෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වූයෙ වේ ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය නො වූයෙ අඤ්ඤාතාවී නො වූයෙ වේ ද යත්.
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT3. චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා සොතින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා ඝානින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා ජිව්හින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා කායින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා මනින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා ඉත්ථින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා පුරිසින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා ජීවිතින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා සුඛින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා දුක්ඛින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා සොමනස්සින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා දොමනස්සින්ද්රියං:
Sinhala BJT3. චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සෝතින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ඝානින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ජිව්හින්‍ද්‍රිය වේ ද, චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ කායින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියෝ මනින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ඉත්‍ථින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ පුරිසින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ජීවිතින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සුඛින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ දුක්ඛින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සෝමනස්සින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ දෝමනස්සින්‍ද්‍රිය වේ ද:
Pali BJTචක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා උපෙක්ඛින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා සද්ධින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා විරියින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා සතින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා සමාධින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා පඤ්ඤින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤින්ද්රියං: චක්ඛු චක්ඛුන්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJTචක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ උපෙක්ඛින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සද්ධින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ විරියින්‍ද්‍රිය වේ ද, චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ ස්මෘතීන්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ සමාධින්‍ද්‍රිය වේ ද, චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ පඤ්ඤින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤින්‍ද්‍රිය වේ ද: චක්‍ෂුස චක්ඛුන්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත් :
Pali BJT4. සොතං සොතින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- සොතං සොතින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT4. ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ශ්‍රෝත්‍රය සෝතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT5. ඝානං ඝානින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- ඝානං ඝානින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT5. ඝ්‍රාණය ඝානින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ඝ්‍රාණය ඝානින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT6. ජිව්හා ජිව්හින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- ජිව්හා ජිව්හින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT6. ජිව්හා ජිව්හින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ජිව්හා ජිව්හින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT7. කායො කායින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- කායො කායින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT7. කාය කායින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... කාය කායින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT8. මනො මනින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- මනො මනින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT8. මනස මනින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... මනස මනින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT9. ඉත්ථි ඉත්ථින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- ඉත්ථි ඉත්ථින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT9. ස්ත්‍රී ඉත්‍ථින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ස්ත්‍රී ඉත්‍ථින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT10. පුරිසො පුරිසින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- පුරිසො පුරිසින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT10. පුරුෂ පුරිසින්‍ද්‍රිය වේ ද ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... පුරුෂ පුරිසින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT11. ජීවිතං ජීවිතින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- ජීවිතං ජීවිතින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT11. ජීවිතය ජීවිතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... ජීවිතය ජීවිතින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT12. සුඛං සුඛින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- සුඛං සුඛින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT12. සුඛය සුඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... සුඛය සුඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT13. දුක්ඛං දුක්ඛින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- දුක්ඛං දුක්ඛින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT13. දුඃඛය දුක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... දුඃඛය දුක්ඛින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්:
Pali BJT14. සොමනස්සං සොමනස්සින්ද්රියං, ඉන්ද්රියා චක්ඛුන්ද්රියං -පෙ- සොමනස්සං සොමනස්සින්ද්රියං, ඉන්ද්රියා අඤ්ඤාතාවින්ද්රියං:
Sinhala BJT14. සෝමනස්සය සෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ චක්ඛුන්‍ද්‍රිය වේ ද ... සෝමනස්සය සෝමනස්සින්‍ද්‍රිය වේ ද, ඉන්‍ද්‍රියයෝ අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ ද යත්: