Pali BJT14. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: නිරුජ්ඣන්ති.
Sinhala BJT14. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: නත්ථි.
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.
Pali BJT15. යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: නිරුජ්ඣන්ති.
Sinhala BJT15. යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: නත්ථි.
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.
Pali BJT(පච්චනීකඔකාස.)
Sinhala BJT(ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT16. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති. නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති. කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT16. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙති. කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා න යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති. අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපදිති. අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති. කුශලධර්‍මයෝ ද නො උපදිත්.
Pali BJT17. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT17. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපදිති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ද කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නො උපදිත්.
Pali BJT18. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT18. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ හැම දෙනාට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නො උපදිති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නො නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නො උපදිත්. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT19. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT19. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJT20. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT20. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJT21. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT21. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT22. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT22. යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJT23. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT23. යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
Pali BJT24. යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT24. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ. (අනුලොමඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමාවකාශ යි.)
Pali BJT25. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT25. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
Pali BJT26. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT26. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතෙරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඔහුට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
Pali BJT27. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT27. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමාවකාශ යි.)
Pali BJT28. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති. නත්ථි.
Sinhala BJT28. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපන්හ යත්: නැති.
Pali BJT29. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJT29. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො ද උපන්හ යත්: නැති.
Pali BJT30. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJT30. යමක්හට අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT31. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT31. යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නො උපන්හ යත්: එසේ යි.
Pali BJT32. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT32. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නො උපන්හ යත්: නැති.
Pali BJT33. යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT33. යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි. (පච්චනීකඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නො උපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT34. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT34. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ. ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්හ යත්: එසේ යි.
Pali BJT35. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT35. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපන්නාහු යැ. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්හ යත්: එසේ යි.
Pali BJT36. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT36. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපන්හ යත්: එසේ යි.
Pali BJT(පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT(ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT37. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT37. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඔවුනට කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තී’ති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJT38. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT38. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තී’ති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJT39. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT39. යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT40. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT40. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තී’ති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJT41. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT41. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJT42. යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT42. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. (අනුලොමඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමාවකාශ යි)
Pali BJT43. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ග මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT43. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJT44. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT44. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJT45. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT45. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT46. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT46. යමක්හට කුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. නො ච තෙසං කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශල ධර්‍මයෝ නො ද නො උපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපදනාහ.
Pali BJT47. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං තෙසං කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT47. යමක්හට කුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නො උපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි.
Pali BJT48. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT48. යමක්හට අකුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අකුශලධර්‍මයෝ නො උපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නො උපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT49. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT49. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තී’ති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි.
Pali BJT50. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT50. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: නත්ථි.
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: නැති.
Pali BJT51. යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT51. යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: නත්ථි. (පච්චනීකඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නො උපදනාහ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT52. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT52. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තී’ති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපදනාහ.
Pali BJT53. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT53. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදනාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි.
Pali BJT54. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT54. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදනාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තී’ති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදනාහ යත්: එසේ යි.
Pali BJT(පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT(ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතතවාර යි
Pali BJT55. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT55. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT56. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT56. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT57. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT57. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසල විප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජන්ති. අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT58-60. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT58-60. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT61. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT61. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ. කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT62. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT62. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT63. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT63. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.