Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5401-5500 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT65. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT65. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති.
Pali BJT66. යස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT66. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT67-69. යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT67-69. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT70. යස්ස යත්ථ කුසල: ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT70. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
Pali BJT71. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT71. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ, තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
Pali BJT72. යස්ස යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උප්පජ්ජන්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT72. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT73. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT73. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා නිරුජ්ඣන්ති. කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න නිරුජ්ඣින්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT74. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT74. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා නිරුජ්ඣන්ති. කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT75. යස්ස අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT75.යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣන්ති, අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ. ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT76-78. යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT76-78. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
Pali BJT79. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්ස්න්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT79. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්තීති, සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති. කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT80. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT80. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්තීති, සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති, කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT81. යස්ස යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT81. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති, සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති. අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT82. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT82. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා න නිරුජ්ඣන්ති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJT83. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT83. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
Pali BJT84. යස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT84. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT85-87. යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT85-87. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT88. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT88. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අඞ්ගග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJT89. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT89. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
Pali BJT90. යස්ස යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT90. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT91. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT91. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJT92. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT92. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ ද යත්: එසේ යි.
Pali BJT93. යස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, ඉතරෙසං තෙසං අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT93. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි වූ ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ජ්ධිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT94-96. යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: -පෙ-(අනුලොමඔකාස)
Sinhala BJT94-96. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
Pali BJT97. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT97. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
Pali BJT98. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT98. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති. නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො ද නිරුද්ධ වූහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
Pali BJT99. යස්ස යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT99. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ,
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
Pali BJT(අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT(අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT100. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නත්ථි.
Sinhala BJT100. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ නො වූහ.
Pali BJT101. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නත්ථි.
Sinhala BJT101. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJT102. යස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නත්ථි.
Sinhala BJT102. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJT(පච්චනීකපුග්ගලො)
Sinhala BJT(ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT103-105. යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: -පෙ-
Sinhala BJT103-105. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: …
Pali BJT(පච්චනීකඔකාස)
Sinhala BJT(ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT106. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣිත්ථ, අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT106. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ තුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJT107. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT107. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJT108. යස්ස යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT108. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJT(පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT(ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTනිරොධවාරො නිට්ඨිතො.
Sinhala BJTනිරෝධවාර නිමි.
Pali BJT5. උප්පාද නිරොධවාරො.
Sinhala BJT5. උත්පාද නිරෝධවාරය
Pali BJT1. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJT1. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: නො.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
Pali BJT2. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJT2. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: නො.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
Pali BJT3. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJT3. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: නො. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: නැති. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT4. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJT4. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ උපදිති යත්: එසේ යි.
Pali BJT5. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJT5. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ උපදිති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT6. යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJT6. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ උපදිති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමාවකාශ යි.)
Pali BJT7. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJT7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: නො.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
Pali BJT8. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJT8. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: නො.
Sinhala BJTතවද යමක්හට තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
Pali BJT9. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJT9. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: නො.
Sinhala BJTතවද යමක්හට තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිති යත්: නැති.
Pali BJT(අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT(අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT10. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති. කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT10. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති, නො ච තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති. අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශල ධර්‍මයෝ නූපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්, අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJT11. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ධම්මා න උප්පජ්ජති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT11. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJT12. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT12. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ අකුසල විප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලාකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදිති යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නො උපදිති. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නො උපදිත්.
Pali BJT(පච්චනීකපුග්ගල)
Sinhala BJT(ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT13. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJT13. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.