Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5301-5400 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT9. යස්ස යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: අරූපෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති. පඤ්චවොකාරෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJT9. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්, පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣන්ති. පඤ්චවොකාරෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT10. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්ත අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT10. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. සියල්ලන්ට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්ත අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං කුසලා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්ත කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්ත කුශල විප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති. කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJT11. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ධම්මා න නිරුජ්ඣන්ති. නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT11. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අරූපෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං කුසලා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJT12. යස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT12. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අරූපෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT13. යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJT13. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.
Pali BJT14. යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: නිරුජ්ඣන්ති.
Sinhala BJT14. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: නත්ථි.
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති.
Pali BJT15. යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: නිරුජ්ඣන්ති.
Sinhala BJT15. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: නත්ථි. (පච්චනීකඔකාස)
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT16. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති. නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්ත අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT16. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සියල්ලනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්ත කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්ත කුශලවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සියල්ලනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJT17. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT17. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අරූපෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි ද කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJT18. යස්ස යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති, සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති.
Sinhala BJT18. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: අරූපෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣන්ති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා න නිරුජ්ඣන්ති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි ද අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ද කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT19. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT19. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJT20. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT20. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJT21. යස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්ත.
Sinhala BJT21. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ධිත්ථ තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT22. යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT22. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJT23. යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT23. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
Pali BJT24. යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT24. යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ. (අනුලොමඔකාස)
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ. අකුශල ධර්‍මයෝ ද නිරුද්ධ වූහ. (අනුලෝමාවකාශ යි.)
Pali BJT25. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT25. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
Pali BJT26. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT26. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඔහුට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
Pali BJT27. යස්ස යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT27. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT28. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJT28. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
Pali BJT29. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJT29. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
Pali BJT30. යස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJT30. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT31. යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT31. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
Pali BJT32. යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT32. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
Pali BJT33. යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT33. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: නත්ථි. (පච්චනීකඔකාස)
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT34. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT34. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: දෙවන අකුසල් සිත පවත්නා කල්හි ශුද්ධාවාස වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
Pali BJT35. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣිත්ථ, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT35. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.
Pali BJT36. යස්ස යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිත්ථ, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT36. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ, ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථාති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT37. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං කුසල ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT37. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJT38. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT38. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති නො ච තෙසං කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJT39. යස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT39. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT40-42. යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT40-42. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
Pali BJT43. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති. අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT43. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJT44. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT44. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති, ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
Pali BJT45. යස්ස යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT45. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT46. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT46. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමඞ්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJT47. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං තෙසං කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති. අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT47. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
Pali BJT48. යස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT48. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සතින්තී: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT49-51. යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT49-51. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT52. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තී තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT52. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJT53. යස්ස යත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති. අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT53. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ, පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
Pali BJT54. යස්ස යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
Sinhala BJT54. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ, පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
Pali BJTයස්ස වා න යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.(ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT55. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT55. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං කුසලා ධම්මා නිරුජ්ඣන්ති, කුසලානං භඞ්ගක්ඛණෙ, තෙසං අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT56. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT56. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං කුසලා ධම්මා නිරුජ්ඣන්ති. කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT57. යස්ස අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT57. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣන්ති. අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා නිරුජ්ඣන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT58-60. යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT58-60. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: … (අනුලෝමාවකාශ යි.)
Pali BJT61. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT61. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති. කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT62. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT62. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං, තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති. කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT63. යස්ස යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT63. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති. අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිත්ථ, අකුසලා ච ධම්මා නිරුජ්ඣන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT64. යස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT64. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිත්ථ තස්ස කුසලා ධම්මා න නිරුජ්ඣන්තීති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති.