Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තී’ති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT55. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT55. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපන්හ, ඔවුනට කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT56. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT56. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT57. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT57. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජන්ති. අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT58-60. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති. -පෙ-(අනුලොමඔකාස)
Sinhala BJT58-60. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT61. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT61. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT62. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT62. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT63. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT63. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පමුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති. අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT64. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT64. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: නැති.
Pali BJT65. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT65. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: නැති.
Pali BJT66. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT66. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිති යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT67-69. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති. -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT67-69. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT70. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ.
Sinhala BJT70. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිති. අකුශල ධර්‍මයෝ ද නූපන්හ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි.
Pali BJT71. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති. නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති. අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිත්ථ.
Sinhala BJT71. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්නාහු යැ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිත්, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්නාහු යැ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: එසේ යි.
Pali BJT72. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති. නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිත්ථ.
Sinhala BJT72. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්නාහු යැ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදිත්, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්නාහු යැ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT73. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති, නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං කුසලානං උප්පාදක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජන්ති. අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT73. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT74. යස්ස කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT74. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති. නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT75. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT75. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසල විප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති. නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජන්ති. අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලධර්‍මයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT76-78. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT76-78. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT79. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT79. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිත්, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට එහි කුශලධර්‍මයෝ ද උපදිත්, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT80. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති, තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT80. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති. නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT81. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT81. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති. අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT82. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති
Sinhala BJT82. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිත්, අකුශලධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිත්. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJT83. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT83. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති. අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි.
Pali BJT84. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT84. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT85-87. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT85-87. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT88. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT88. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශල ධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා න යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදිති, අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJT89. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT89. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි.
Pali BJT90. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT90. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිත්. අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා න යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT91. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං කුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT91. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්හට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද උපන්නාහු යැ. අකුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා න අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහු ද යත්: එසේ යි.
Pali BJT92. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථ, තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: පච්ඡිමචිතසමඞ්ගීනං, තෙසං කුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT92. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. ඔවුන්ගෙන් සෙසුවනට ද කුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහු ද යත්: එසේ යි.
Pali BJT93. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ, තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: පච්ඡිමචිතසමඞ්ගීනං, තෙසං කුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT93. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. ඔවුන්ගෙන් සෙසුවනට අකුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT94-96. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT94-96. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
Pali BJT97 යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT97. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරභාවයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
Pali BJT98. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT98. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදන්හ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපන්හ.
Pali BJT99. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT99. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරභාවයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT100. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: නත්ථි.
Sinhala BJT100. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
Pali BJT101. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: නත්ථි.
Sinhala BJT101. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
Pali BJT102. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: නත්ථි.
Sinhala BJT102. යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT103-105. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT103-105. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT106. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ. අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT106. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, අකුශලධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපන්හ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපන්හ.
Pali BJT107. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT107. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
Pali BJT108. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT108. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTඋප්පාදවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාදවාර නිමි.
Pali BJT4. නිරොධවාරො.
Sinhala BJT4. නිරෝධවාරය
Pali BJT1. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJT1. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJT2. යස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: අරූපෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති. පඤ්චවොකාරෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJT2. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති, පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තස්ස කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං කුසලා ධම්මා නිරුජ්ඣන්ති, පඤ්චවොකාරෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT3. යස්ස අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: අරූපෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති. පඤ්චවොකාරෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJT3. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ අකුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣන්ති. පඤ්චවොකාරෙ අකුසලානං භඞ්ගක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්: (අනුලෝමපුද්හල යි.)
Pali BJT4. යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJT4. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
Pali BJT5. යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJT5. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තත්ථ තුසලා ධම්මා නිරුජ්ඣන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. චතුවෝකාර පඤ්චවෝකාර වු එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJT6. යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: ආමන්තා.
Sinhala BJT6. යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣන්ති. (අනුලොමඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. චතුවෝකාරයෙහි දී පඤ්චවෝකාරයෙහි ද යන එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමාවකාශ යි.)
Pali BJT7. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJT7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: නො.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
Pali BJT8. යස්ස යත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්තීති: අරූපෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති. පඤ්චවොකාරෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ව ධම්මා නිරුජ්ඣන්ති, අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJT8. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන් ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති තස්ස තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්තීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා නිරුජ්ඣන්ති. පඤ්චවොකාරෙ කුසලානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣන්ති, කුසලා ච ධම්මා නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.