Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5101-5200 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්තී’ති: ආමන්තා.
Sinhala BJT5. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති. නො ච තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. චතුවොකාරෙ, පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති. කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් එහි කුශලධර්‍මයෝ උපදිතී යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිති, එහි කුශලධර්‍මයෝ නො ද උපදිති, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැයි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිති. කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT6. යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJT6. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්තී’ති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති. නො ච තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති. චතුවොකාරෙ, පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති. අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපදිතී යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී, එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිතී, අකුශලධර්‍මයෝ ද උපදිත්.(අනුලෝමාවකාශ යි.)
Pali BJT7. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: නො.
Sinhala BJT7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: නො.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.
Pali BJT8. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්තීති: අරූපෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති. පඤ්චවොකාරෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJT8. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිතී. පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජන්ති. පඤ්චවොකාරෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිති, ඔවුනට එහි කුශල ධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිතී, කුශලධර්‍මයෝ ද උපදිත්.
Pali BJT9. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්තීති: අරූපෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති. පඤ්චවොකාරෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති.
Sinhala BJT9. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදිතී, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්තීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජන්ති. පඤ්චවොකාරෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාර භවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘත ධර්‍මයෝ ද උපදිතී, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT10. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්ත අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJT10. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිතී, අකුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජන්ති. නො ච තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්ත කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති. කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි කුශල ධර්‍මයෝ නූපදිතී යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්ත කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJT11. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්තීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති. නො ච තෙසං අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJT11. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි ද අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අරූපෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං කුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි ද කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි අරූපභවයෙහි ද අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJT12. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්තීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ අකුසල විප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJT12. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිත්.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අරූපෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජන්ති. අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි ද කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT13. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJT13. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශල ධර්‍මයෝ නූපදිතී යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: එසේ යි.
Pali BJT14. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්තීති: උප්පජ්ජන්ති.
Sinhala BJT14. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ නූපදිතී යත්: උපදිත්.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: නත්ථි.
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: නැති.
Pali BJT15. යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්තීති: උප්පජ්ජන්ති.
Sinhala BJT15. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ නූපදිතී යත්: උපදිත්.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: නත්ථි. (පච්චනීකඔකාස)
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නූපදිතී යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT16. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, කුසලවිප්පයුත්ත අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJT16. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්ත අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: කුසලානං උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අකුසලවිප්පයුත්ත කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි කුශල ධර්‍මයෝ නූපදිතී යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්ත කුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJT17. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්තීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ කුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJT17. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්, ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘත ධර්‍මයෝ ද නූපදිත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අරූපෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදිති, ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.
Pali BJT18. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්තීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ අකුසලවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජන්ති.
Sinhala BJT18. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිත්.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්තීති: අරූපෙ අකුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජන්ති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ කුසලානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජන්ති. අකුසලා ච ධම්මා න උප්පජ්ජන්ති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි ද අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි ද කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නූපදිත්. (ප්‍රත්‍යානීකපුද්ගලාවකාශ යි.)
Pali BJT19. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT19. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශල ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJT20. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT20. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘත ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJT21. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT21. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘත ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT22. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT22. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJT23. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT23. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හු යැ. එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපන්හ.
Pali BJT24. යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT24. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ. (අනුලොමඔකාස)
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමාවකාශ යි.)
Pali BJT25. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT25. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපන්හ.
Pali BJT26. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT26. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිත්ථ, කුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඔහුට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපන්හ.
Pali BJT27. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT27. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උපපජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා උප්පජ්ජිත්ථ. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අකුසලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුසලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT28. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJT28. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශල ධර්‍මයෝ නූපන්හ යත්: නැති.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති.
Pali BJT29. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJT29. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘත ධර්‍මයෝ නූපන්හ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති.
Pali BJT30. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJT30. යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: නැති.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT31. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT31. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.
Pali BJT32. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT32. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති.
Pali BJT33. යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT33. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: නත්ථි. (පච්චනීකඔකාස)
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT34. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ, අකුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ.
Sinhala BJT34. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපන්හ, අකුශලධර්‍මයෝ ද නූපන්හ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.
Pali BJT35. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිත්ථ.
Sinhala BJT35. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්හ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.
Pali BJT36. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජිත්ථ, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිත්ථ.
Sinhala BJT36. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුසලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්හ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිත්ථ තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිත්ථාති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT37. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT37. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJT38. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT38. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඔහුට කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගී වූවනට රහතුනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJT39. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT39. යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT40. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT40. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහු යත්: එසේ යි.
Pali BJT41. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT41. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJT42. යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT42. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා උපජ්ජිස්සන්ති තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. (අනුලොමඔකාස)
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමාවකාශ යි.)
Pali BJT43. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT43. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJT44. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT44. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
Pali BJT45. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT45. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT46. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT46. යමක්හට කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති. අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට අකුශල ධර්‍මයෝ නූපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJT47. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං තෙසං කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT47. යමක්හට කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
Pali BJT48. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තී’ති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT48. යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිම චිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT49. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT49. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි කුශලධර්‍මයෝ නූපදනාහු යත්: එසේ යි.
Pali BJT50. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT50. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: නත්ථි.
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් එහි කුශලධර්‍මයෝ නූපදනාහ යත්: නැති.
Pali BJT51. යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT51. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.
Pali BJTයත්ථ වා පන අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: නත්ථි. (පච්චනීකඔකාස)
Sinhala BJTතවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT52. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJT52. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJT53. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT53. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදනාහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ, පශ්චිම චිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
Pali BJTයස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
Pali BJT54. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න උප්පජ්ජිස්සන්ති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
Sinhala BJT54. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.