Pali BJT14. යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සති තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT14. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති. (අනුලොම ඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යැ රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝමාවකාස යි.)
Pali BJT15. යස්ස යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සති නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති. වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT15. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝම පුද්ගලොවකාශ යි.)
Pali BJT16. යස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං අරූපං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං, චවන්තානං තෙසං රූපක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති, පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT16. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ අරූපයෙහි උපදනවුනට ද, යම් මැ කෙනෙක් අරූපභවයෙහි ඉපද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද, ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි· (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT17. යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: නිරුජ්ඣිස්සති.
Sinhala BJT17. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: නිරුජ්ඣිස්සති. (පච්චනීක ඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT18. යස්ස යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT18. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති. රූපක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT19. යස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT19. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අරූපා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං රූපක්ඛන්ධො නිරුජ්ඣති. පඤ්චවොකාරා චවන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ, රූපක්ඛන්ධො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇරූපයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වීය ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි.
Pali BJT20. යස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT20. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වි ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති, චතුවොකාරා, පඤ්චවොකාරා චවන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වීය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT21. යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති, නො ච තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT21. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ විය. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වීය.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣතීති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, නො ච තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වීය. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වීය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ.
Pali BJT22. යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT22. යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: ආමන්තා (අනුලොම ඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: එසේ යි. (අනුලෝමාවකාස යි.)
Pali BJT23. යස්ස යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT23. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වීය. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති. පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ, රූපක්ඛන්ධො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට එභි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය, රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි.
Pali BJT24. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති, සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣති.
Sinhala BJT24. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ගුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ විය. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ විය.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති. චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වීය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ විය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT25. යස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT25. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වීය.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣතීති: නත්ථි.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නැති.
Pali BJT26. යස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT26. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: නිරුද්ධ විය.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිතීති: නත්ථි. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT27-28. යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති (යත්ථකං පරිපුණ්ණං කාතබ්බං) (පච්චනීක ඔකාස)
Sinhala BJT27-28. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් (යත්‍වකය සම්පූර්‍ණ කළයුතු යි, ප්‍රත්‍යනීකතාවකාශ යි )
Pali BJT29. යස්ස යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT29. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො විය. ශුද්ධාවාසයෙහි උපදවනවුනට අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො විය.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣතීති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ, රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වීය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද නිරුද්ධ නො විය. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
Pali BJT30. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති. සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT30. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වීය. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වීය.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣතීති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. සුද්ධාවාසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො විය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වීය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT31. යස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො නිරුජ්ඣති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරා චවන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං රූපක්ඛන්ධො ච නිරුජ්ඣති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT31. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නාවූ සෙස්සනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අරූපා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං රූපක්ඛන්ධො නිරුජ්ඣති. පඤ්චවොකාරා චවන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අරූපයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ.
Pali BJT32. යස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති. නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති, සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT32. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට සංඥාස්කන්‍ධය නො ද නිරුද්ධ වන්නේ ය. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති. චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නො ද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT33-34. යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති -පෙ-
Sinhala BJT33-34. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් (අනුලෝමාවකාශ යි.)
Pali BJT35. යස්ස යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT35. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ.
Pali BJT36. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරා, පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති, සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT36. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති. චතුවොකාරා, පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT37. යස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අරූපා චවන්තානං තෙසං රූපක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT37. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අරූපයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං රූපක්ඛන්ධො න නිරුජ්ඣති. අරූපෙ පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි, අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
Pali BJT38. යස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: නිරුජ්ඣිස්සති.
Sinhala BJT38. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣතීති: නිරුජ්ඣති. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT39-40. යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT39-40. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT41. යස්ස යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. අරූපෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT41. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේය. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
Pali BJT42. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති, තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: චතුවොකාරං, පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති. සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT42. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣතීති: පරිනිබ්බන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT43. යස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති, ඉතරෙසං තෙසං රූපක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT43. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ විය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJT44. යස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති,
Sinhala BJT44. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට සංඥා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වීය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති, තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT45-46. යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT45-46. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT47. යස්ස යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ. වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT47. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වීය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ විය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති. රූපක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වී.
Pali BJT48. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරානං, පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ. සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT48. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි සංඥා ස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරානං, පඤ්චවොකාරානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. චතුවෝකාරවූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී. (අනුලොම් පුද්ගලාවකාශ යි.)
Pali BJT49. යස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT49. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
Pali BJT50. යස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති. නත්ථි.
Sinhala BJT50. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT51-52. යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT51-52. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වි නම් (ප්‍රත්‍යනීකාවශ යි.)
Pali BJT53. යස්ස යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT53. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී.
Pali BJT54. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT54. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: පඤ්චවොකාරෙ{1} පරිනිබ්බන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං{2} තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTපවත්ති නිරොධවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රවෘත්ති නිරෝධවාර නිමි.
Pali BJT5. උප්පාද නිරොධවාරො
Sinhala BJT5. උත්පාද නිරෝධවාර
Pali BJT1. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: නො.
Sinhala BJT1. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජතීති: නො.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: නො වේ.
Pali BJT2. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣතීති: නො.
Sinhala BJT2. යමකුට වේදනාස්කන්‍ධය උපදි නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: නො (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදී ද යත්: නො වේ. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT3. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති. පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජති වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති.
Sinhala BJT3. යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය උපදී. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද උපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතීති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති, නො ච තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති, රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි රූපස්කන්‍ධය උපදී ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි, රූපස්කන්‍ධය ද උපදී.
Pali BJT4. යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT4. යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣති තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: ආමන්තා. (අනුලොම ඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: එසේ යි. (අනුලෝමාවකාශ යි.)
Pali BJT5. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: නො.
Sinhala BJT5. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතීති: නො.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදී ද යත්: නො වේ.
Pali BJT6. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣතීති: නො.
Sinhala BJT6. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: නො. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: නො වේ. (අනුලෝමවකාශයි.)
Pali BJT7. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. අරූපං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං රූපක්ඛන්ධො ච නූප්පජ්ජති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති.
Sinhala BJT7. යමකුට රූපස්කන්‍ධය නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය නූපදී. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති, නො ච තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජති. අරූපං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපස්කන්‍ධය නොද නූපදී. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. රූපස්කන්‍ධය ද නූපදී.
Pali BJT8. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣති. අසඤ්ඤසත්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣති.
Sinhala BJT8. යමකුට වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. අසංඥසත්‍ව වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. අසඤ්ඤසත්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣති. වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නො ද උපදී. අසංඥස්ත්‍ව වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. වේදනාස්කන්‍ධය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT9. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣතීති: නිරුජ්ඣති.
Sinhala BJT9. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නිරුද්ධ වේ.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම්. එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: උපදී.
Pali BJT10. යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT10. යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣති තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීක ඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකයවකාශ යි.)
Pali BJT11. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. අරූපං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති.
Sinhala BJT11. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. අරූපං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනව එහි රූපස්කන්‍ධය නොද නූපදී. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී.
Pali BJT12. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣතීකි: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානාං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣති.
Sinhala BJT12. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නාහු ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣති වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුන එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නූපදී. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. වේදනාස්කන්‍ධය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍ර‍්‍යුත්පන්නවාර යි.
Pali BJT13. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT13. යමකුට රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT14. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT14. යමකුට වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.