Pali BJTයං වා න චිත්තං උප්පජ්ජිත්ථ තං චිත්තං උප්පජ්ජිතීති: නො.
Sinhala BJTතවද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී ද යත්: නැති.
Pali BJT50. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං න උප්පජ්ජිත්ථාති: අතීතං චිත්තං න උප්පජ්ජති, නො ච තං චිත්තං න උප්පජ්ජිත්ථ, භඞ්ගක්ඛණෙ අනාගතං චිත්තං න චෙව උප්පජ්ජති, න ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT50. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදී, ඒ සිත නො ද නො උපන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද උපදී, නො ද උපන්නේ යි.
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිත්ථ තං චිත්තං න උප්පජ්ජිතීති: උප්පාදක්ඛණෙ චිත්තං න උප්පජ්ජිත්ථ, නො ච තං චිත්තං න උප්පජ්ජති. භඞ්ගක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව උප්පජ්ජිත්ථ, න ච උප්පජ්ජති.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නො උපන්නේ යි. නො ද උපදී.
Pali BJT51. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං උප්පජ්ජිස්සතීති: නො.
Sinhala BJT51. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිස්සති තං චිත්තං උප්පජ්ජතීති: නො.
Sinhala BJTතවද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපදී ද යත්: නැති.
Pali BJT52. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං න උප්පජ්ජිස්සතීති: අනාගතං චිත්තං න උප්පජ්ජති, නො ච තං චිත්තං න උප්පජ්ජිස්සති, භඞ්ගක්ඛණෙ අතීතං ච චිත්තං න චෙව උප්පජ්ජති, න ච උප්පජ්ජිස්සති.
Sinhala BJT52. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නො උපදින්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ සිත ද නො ද උපදී යි. නො ද උපදින්නේ යි.
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිස්සති තං චිත්තං න උප්පජ්ජතීති: උප්පාදක්ඛණෙ චිත්තං න උප්පජ්ජිස්සති, නො ච තං චිත්තං න උප්පජ්ජති, භඞ්ගක්ඛණෙ අතීතං ච චිත්තං න චෙව උප්පජ්ජිස්සති, න ච උප්පජ්ජති.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ සිත ද නො ද නො උපදින්නේ යි. නො උපදී ද වේ.
Pali BJT53. යං චිත්තං උප්පජ්ජිත්ථ තං චිත්තං උප්පජ්ජිස්සතීති: නො.
Sinhala BJT53. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිස්සති තං චිත්තං උප්පජ්ජිත්ථාති: නො.
Sinhala BJTතවද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.
Pali BJT54. යං චිත්තං න උප්පජ්ජිත්ථ තං චිත්තං න උප්පජ්ජිස්සතීති: අනාගතං චිත්තං න උප්පජ්ජිත්ථ, නො ච තං චිත්තං න උප්පජ්ජිස්සති. පච්චුප්පන්නං චිත්තං න චෙව උප්පජ්ජිත්ථ, න ච උප්පජ්ජිස්සති.
Sinhala BJT54. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපදින්නේ යැ, ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපන්නේ යැ නො ද උපදින්නේ යි.
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිස්සති තං චිත්තං නං උප්පජ්ජිත්ථාති: අතීතං චිත්තං න උප්පජ්ජිස්සති, නො ච තං චිත්තං න උප්පජ්ජිත්ථ, පච්චුප්පන්නං චිත්තං න චෙව උප්පජ්ජිස්සති, න ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපදින්නේ යැ, ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපදින්නේ යැ. නො ද උපන්නේ යි.
Pali BJTඋප්පාදවාරො.
Sinhala BJTඋත්පාදවාර යි.
Pali BJT55. යං චිත්තං නිරුජ්ඣති තං චිත්තං නිරුජ්ඣිත්ථාති: නො.
Sinhala BJT55. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිත්ථ තං චිත්තං නිරුජ්ඣතීති: නො.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති
Pali BJT56. යං චිත්තං න නිරුජ්ඣති තං චිත්තං න නිරුජ්ඣිත්ථාති: අතීතං චිත්තං න නිරුජ්ඣති නො ච තං චිත්තං න නිරුජ්ඣිත්ථ, උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව නිරුජ්ඣති, න ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT56. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත වූ සිත නිරුද්ධ නො වෙයි, ඒ සිත නො ද නිරුද්ධ නො වී යැ, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වී යැ.
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිත්ථ තං චිත්තං න නිරුජ්ඣතීති: භඞ්ගක්ඛණෙ චිත්තං න නිරුජ්ඣිත්ථ, නො ච තං චිත්තං න නිරුජ්ඣති, උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව නිරුජ්ඣිත්ථ, න ච නිරුජ්ඣති.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වී යැ, ඒ සිත නො ද නිරුද්ධ නො වෙයි, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නො ද නිරුද්ධ වී යැ. නො ද නිරුද්ධ වේ.
Pali BJT57. යං චිත්තං නිරුජ්ඣති තං චිත්තං නිරුජ්ඣිස්සතීති: නො.
Sinhala BJT57. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති තං චිත්තං නිරුජ්ඣතීති: නො.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති
Pali BJT58. යං චිත්තං න නිරුජ්ඣති තං චිත්තං න නිරුජ්ඣිස්සතීති: උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න නිරුජ්ඣති, නො ච තං චිත්තං න නිරුජ්ඣිස්සති, අතීතං චිත්තං න චෙව නිරුජ්ඣති, න ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT58. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නිරුද්ධ නො වේ. ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, අතීත වූ සිත නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තං චිත්තං න නිරුජ්ඣතීති: භඞ්ගක්ඛණෙ චිත්තං න නිරුජ්ඣිස්සති, නො ච තං චිත්තං න නිරුජ්ඣති, අතීතං චිත්තං න චෙව නිරුජ්ඣිස්සති, න ච නිරුජ්ඣති.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වන්නේ ය. ඒ සිත නො ද නිරුද්ධ නො වේ, අතීත වූ සිත නො ද නිරුද්ධ වන්නේ යැ. නිරුද්ධ ද නො වේ.
Pali BJT59. යං චිත්තං නිරුජ්ඣිත්ථ තං චිත්තං නිරුජ්ඣිස්සතීති: නො
Sinhala BJT59. යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති තං චිත්තං නිරුජ්ඣිත්ථාති: නො.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති.
Pali BJT60. යං චිත්තං න නිරුජ්ඣිත්ථ තං චිත්තං න නිරුජ්ඣිස්සතීති: උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න නිරුජ්ඣිත්ථ, නො ච තං චිත්තං න නිරුජ්ඣිස්සති, භඞ්ගක්ඛණෙ චිත්තං න චෙ ව නිරුජ්ඣිත්ථ, න ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT60. යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නිරුද්ධ නො වී ය, ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වී යැ. නො ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තං චිත්තං න නිරුජ්ඣිත්ථාති: අතීතං චිත්තං න නිරුජ්ඣිස්සති, නො ච තං චිත්තං න නිරුජ්ඣිත්ථ, භඞ්ගක්ඛණෙ චිත්තං න චෙව නිරුජ්ඣිස්සති, න ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත වූ සිත නිරුද්ධ නො වන්නේ ය, ඒ සිත නො ද නිරුද්ධ නො වී ය, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වන්නේ යැ, නො ද නිරුද්ධ වී යැ.
Pali BJTනිරොධවාරො.
Sinhala BJTනිරෝධවාර යි.
Pali BJT61. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං නිරුජ්ඣිත්ථාති: නො.
Sinhala BJT61. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිත්ථ තං චිත්තං උප්පජ්ජතීති: නො.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත උපදී ද යත්: නැති
Pali BJT62. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං න නිරුජ්ඣිත්ථාති: අතීතං චිත්තං න උප්පජ්ජති, නො ච තං චිත්තං න නිරුජ්ඣිත්ථ, භඞ්ගක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව උප්පජ්ජති, න ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT62. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත වූ සිත නො උපදී, ඒ සිත නො ද නිරුද්ධ නො වී යැ, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නො උපදී, නො ද නිරුද්ධ වී යැ.
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිත්ථ තං චිත්තං න උප්පජ්ජතීති: උප්පාදක්ඛණෙ චිත්තං න නිරුජ්ඣිත්ථ, නො ච තං චිත්තං න උප්පජ්ජති. භඞ්ගක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව නිරුජ්ඣිත්ථ, න ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වී යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නිරුද්ධ වී යැ, නො ද උපදී.
Pali BJT63. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT63. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති තං චිත්තං උප්පජ්ජතීති: අනාගතං චිත්තං නිරුජ්ඣිස්සති, නො ච තං චිත්තං උප්පජ්ජති, උප්පාදක්ඛණෙ චිත්තං නිරුජ්ඣිස්සති චෙ ව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපදී ද යත්: අනාගත වූ සිත නිරුද්ධ වන්නේ යැ, ඒ සිත නො ද උපදී, උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ වන්නේ ද වෙයි, ඉපදී ද වේ.
Pali BJT64. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං න නිරුජ්ඣිස්සතීති: අනාගතං චිත්තං න උප්පජ්ජති, නො ච තං චිත්තං න නිරුජ්ඣිස්සති, භඞ්ගක්ඛණෙ අතීතං ච චිත්තං න චෙව උප්පජ්ජති, න ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT64. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ ද සිත නො ද උපදී, නො ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තං චිත්තං න උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
Pali BJT65. යං චිත්තං උප්පජ්ජිත්ථ තං චිත්තං නිරුජ්ඣිස්සතීති: නො.
Sinhala BJT65. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති තං චිත්තං උප්පජ්ජිත්ථාති: නො.
Sinhala BJTතවද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.
Pali BJT66. යං චිත්තං න උප්පජ්ජිත්ථ තං චිත්තං න නිරුජ්ඣිස්සතීති: උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න උප්පජ්ජිත්ථ, නො ච තං චිත්තං න නිරුජ්ඣිස්සති, භඞ්ගක්ඛණෙ චිත්තං න චෙව උප්පජ්ජිත්ථ, න ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT66. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද උපන්නේ යැ, නො ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තං චිත්තං න උප්පජ්ජිත්ථාති: අතීතං චිත්තං න නිරුජ්ඣිස්සති, නො ච තං චිත්තං න උප්පජ්ජිත්ථ, භඞ්ගක්ඛණෙ චිත්තං න චෙව නිරුජ්ඣිස්සති, න ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නිරුද්ධ නො වන්නේ යැ, ඒ සිත නො ද නො උපන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වන්නේ යැ, නො ද උපන්නේ යි.
Pali BJTඋප්පාදනිරොධවාරො.
Sinhala BJTඋත්පාද නිරෝධවාර යි.
Pali BJT67. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT67. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣති තං චිත්තං උප්පජ්ජතීති, අතීතානාගතං චිත්තං න නිරුජ්ඣති, නො ච තං චිත්තං උප්පජ්ජති: උප්පාදක්ඛණෙ චිත්තං න නිරුජ්ඣති චෙව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත උපදී ද යත්: අතීතානාගත වූ සිත නිරුද්ධ නො වෙයි, ඒ සිත නො ද උපදී. උත්පාදක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වෙයි. උපදීම ද වේ.
Pali BJT68. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං නිරුජ්ඣතීති: අතීතානාගතං චිත්තං න උප්පජ්ජති, නො ච තං චිත්තං නිරුජ්ඣති, භඞ්ගක්ඛණෙ චිත්තං න උප්පජ්ජති චෙව නිරුජ්ඣති ච.
Sinhala BJT68. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: අතීතානාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නිරුද්ධ වෙයි, භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී නිරුද්ධ ද වේ.
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣති තං චිත්තං න උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
Pali BJTඋප්පජ්ජමාන න නිරොධවාරො.
Sinhala BJTඋත්පද්‍යමාන න නිරෝධවාර යි.
Pali BJT69. යං චිත්තං උප්පජ්ජමානං තං චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT69. යම් සිතෙක් උපදිමින් පවතී නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.
Pali BJTයං වා පන චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජමානන්ති භඞ්ගක්ඛණෙ චිත්තං උප්පන්නං, නො ච තං චිත්තං උප්පජ්ජමානං, උප්පාදක්ඛණෙ චිත්තං උප්පන්නං චෙව උප්පජ්ජමානඤ්ච.
Sinhala BJTතව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත උපදිමින් පවතී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි. ඒ සිත නො ද උපදිමින් පවතී, උත්පාදක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, උපදිමින් පවත්නේ ද වේ.
Pali BJT70. යං චිත්තං න උප්පජ්ජමානං තං චිත්තං න උප්පන්නන්ති: භඞ්ගක්ඛණෙ චිත්තං න උප්පජ්ජමානං, නො ච තං චිත්තං න උප්පන්නං, අතීතානාගතං චිත්තං න චෙව උප්පජ්ජමානං න ච උප්පන්නං.
Sinhala BJT70. යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදිමින් පවතී, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද උපදිමින් පවතී, නො ද උපනි.
Pali BJTයං වා පන චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජමානන්ති: ආමන්තා.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදිමින් පවතී ද යත්: එසේ යි.
Pali BJTඋප්පජ්ජමානුප්පන්නවාරො.
Sinhala BJTඋත්පද්‍යමානෝත්පන්නවාර යි.
Pali BJT71. යං චිත්තං නිරුජ්ඣමානං තං චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT71. යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.
Pali BJTයං වා පන චිත්තං උප්පන්නං තං චිත්තං නිරුජ්ඣමානන්ති: උප්පාදක්ඛණෙ චිත්තං උප්පන්නං, නො ච තං චිත්තං නිරුජ්ඣමානං, භඞ්ගක්ඛණෙ චිත්තං උප්පන්නඤ්චෙව නිරුජ්ඣමානඤ්ච.
Sinhala BJTතව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවතී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද නිරුද්ධ වෙමින් පවතී, භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ වෙමින් පවත්නේ ද වේ.
Pali BJT72. යං චිත්තං න නිරුජ්ඣමානං තං චිත්තං න උප්පන්නන්ති: උප්පාදක්ඛණෙ චිත්තං න නිරුජ්ඣමානං, නො ච තං චිත්තං න උප්පන්නං, අතීතානාගතං චිත්තං න චෙව නිරුජ්ඣමානං න ච උප්පන්නං.
Sinhala BJT72. යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ වෙමින් නො පවතී, ඒ සිත නො ද නො උපනි. අතීතානාගත වූ සිත නො ද නිරුද්ධ වෙමින් නො පවති යි. නො උපනි ද වේ.
Pali BJTයං වා පන චිත්තං න උප්පන්නං තං චිත්තං න නිරුජ්ඣමානන්ති: ආමන්තා.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී ද යත්: එසේ යි.
Pali BJTනිරුජ්ඣමානුප්පන්නවාරො.
Sinhala BJTනිරුධ්‍යමානොත්පන්නවාර යි.
Pali BJT73. යං චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජිත්ථාති: නො.
Sinhala BJT73. යම් සිතෙක් උපනි නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිත්ථ තං චිත්තං උප්පන්නන්ති: නො.
Sinhala BJTතව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපනි ද යත්: නැති.
Pali BJT74. යං චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජිත්ථාති: අතීතං චිත්තං න උප්පන්නං, නො ච තං චිත්තං න උප්පජ්ජිත්ථ, අනාගතං චිත්තං න චෙව උප්පන්නං, න ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT74. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපනි, ඒ සිත නො ද උපන්නේ යැ. අනාගත වූ සිත නො උපනි ද වෙයි, නො ද උපන්නේ යි.
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිත්ථ තං චිත්තං න උප්පන්නන්ති: පච්චුප්පන්නං චිත්තං න උප්පජ්ජිත්ථ, නො ච තං චිත්තං න උප්පන්නං අනාගතං චිත්තං න චෙව උප්පජ්ජිත්ථ, න ච උප්පන්නං.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපනි ද යත්: ප්‍රත්‍යුත්පන්න වූ සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපනි, අනාගත වූ සිත නො ද උපන්නේ යැ, නො ද උපනි.
Pali BJT75. යං චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජිස්සතීති: නො.
Sinhala BJT75. යම් සිතෙක් උපනි නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිස්සති තං චිත්තං උප්පන්නන්ති: නො.
Sinhala BJTතව ද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපනි ද යත්: නැති.
Pali BJT76. යං චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජිස්සතීති: අනාගතං චිත්තං න උප්පන්නං, නො ච තං චිත්තං න උප්පජ්ජිස්සති, අතීතං චිත්තං න චෙව උප්පන්නං, න ච උප්පජ්ජිස්සති.
Sinhala BJT76. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපනි, ඒ සිත නො ද නො උපදින්නේ යැ, අතීත වූ සිත නො ද උපනි, නො ද උපදින්නේ යි.
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිස්සති තං චිත්තං න උප්පන්නන්ති: පච්චුප්පන්නං චිත්තං න උප්පජ්ජිස්සති, නො ච තං චිත්තං න උප්පන්නං අතීතං චිත්තං න චෙව උප්පජ්ජිස්සති, න ච උප්පන්නං.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපනි ද යත්: ප්‍රත්‍යුත්පන්න වූ සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපනි, අතීත වූ සිත නො ද උපන්නේ යැ, නො ද උපනි.
Pali BJTඋප්පන්නුප්පාදවාරො.
Sinhala BJTඋත්පන්නෝත්පාදවාර යි.
Pali BJT77. යං චිත්තං උප්පජ්ජිත්ථ නො ච තං චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජිස්සතීති: නො.
Sinhala BJT77. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නො ද උපනි නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
Pali BJTයං වා පන චිත්තං උප්පජ්ජිස්සති නො ච තං චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජිත්ථාති: නො.
Sinhala BJTතව ද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත නො ද උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: නැති.
Pali BJT78. යං චිත්තං න උප්පජ්ජිත්ථ නො ච තං චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT78. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො ද නො උපනි නම් ඒ සිත නො උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයං වා පන චිත්තං න උප්පජ්ජිස්සති නො ච තං චිත්තං න උප්පන්නං තං චිත්තං න උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො ද නො උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJT79. උප්පන්නං උප්පජ්ජමානන්ති: භඞ්ගක්ඛණෙ උප්පන්නං නො ච උප්පජ්ජමානං, උප්පාදක්ඛණෙ උප්පන්නං චෙව උප්පජ්ජමානඤ්ච, උප්පජ්ජමානං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT79-80. උපන් (සිත) උපදිමින් පවතී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි උපනි, නො ද උපදිමින් පවතී, උත්පාදක්‍ෂණයෙහි උපන්නේ ද වෙයි, උපදිමින් පවත්නේ ද වෙයි, උපදිමින් පවත්නා සිත උපනි ද යත්: එසේ යි. නො උපන් (සිත) උපදිමින් නො පවතී ද යත්: එසේ යි.
Pali BJT80. න උප්පන්නං න උප්පජ්ජමානන්ති: ආමන්තා. න උප්පජ්ජමානං න උප්පන්නන්ති: භඞ්ගක්ඛණෙ න උප්පජ්ජමානං, නො ච න උප්පන්නං, අතීතානාගතං චිත්තං න චෙව උප්පජ්ජමානං න ච උප්පන්නං.
Sinhala BJT80. උපදිමින් නො පවත්නා සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි උපදිමින් නො පවතී, නො ද නො උපනි, අතීතානාගත වූ සිත උපදිමින් නො ද පවතියි. නො උපනි ද වේ.
Pali BJTඋප්පන්නුප්පජ්ජමානවාරො.
Sinhala BJTඋත්පන්නොත්පද්‍යමානවාර යි.
Pali BJT81. නිරුද්ධං නිරුජ්ඣමානන්ති: නො. නිරුජ්ඣමානං නිරුද්ධන්ති: නො.
Sinhala BJT81. නිරුද්ධ වූ සිත නිරුද්ධ වෙමින් පවතී ද යත්: නැති. නිරුද්ධ වෙමින් පවත්නා සිත නිරුද්ධ ද යත්: නැති.
Pali BJT82. න නිරුද්ධං න නිරුජ්ඣමානන්ති: භඞ්ගක්ඛණෙ න නිරුද්ධං, නො ච න නිරුජ්ඣමානං, උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව නිරුද්ධං න ච නිරුජ්ඣමානං, න නිරුජ්ඣමානං න නිරුද්ධන්ති: අතීතං චිත්තං න නිරුජ්ඣමානං. නො ච න නිරුද්ධං, උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව නිරුජ්ඣමානං න ච නිරුද්ධං.
Sinhala BJT82. නිරුද්ධ නො වූ සිත නිරුද්ධ වෙමින් නො පවතී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි නො නිරුද්ධ යැ, නො ද නිරුද්ධ වෙමින් නො පවතී, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නො ද නිරුද්ධ වෙයි. නිරුද්ධ වෙමින් නො ද පවත්නේ වෙයි, නිරුද්ධ වෙමින් නො පවත්නා සිත නො නිරුද්ධ ද යත්: අතීත වූ සිත් නිරුද්ධ වෙමින් නො පවතී. නො ද නො නිරුද්ධ යැ, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නිරුද්ධ වෙමින් නො ද පවතී යි, නො නිරුද්ධ ද වේ.
Pali BJTනිරුද්ධනිරුජ්ඣමානවාරො.
Sinhala BJTනිරුද්ධ නිරුද්ධ්‍යමානවාර යි.
Pali BJT83. යං චිත්තං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං, නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තං චිත්තන්ති: භඞ්ගක්ඛණෙ චිත්තං උප්පාදක්ඛණං වීතික්කන්තං භඞ්ගක්ඛණං අතික්කන්තං, අතීතං චිත්තං උප්පාදක්ඛණං ච වීතික්කන්තං භඞ්ගක්ඛණං ච වීතික්කන්තං.
Sinhala BJT83. යම් සිතෙක් උපදමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි වූ සිත උත්පාදක්‍ෂණය ඉක්මිණි, භඞ්ගක්‍ෂණය නො ඉක්මිණි, අතීත වූ සිත උත්පාදක්‍ෂණය ද ඉක්මිණ, භඞ්ගක්‍ෂණය ද ඉක්මිණ.
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං, උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තං චිත්තන්ති: අතීතං චිත්තං.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත උපදිමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: සිත ඉක්මිණ.
Pali BJT84. යං චිත්තං න උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං, න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තං චිත්තන්ති: උප්පාදක්ඛණෙ අනාගතං චිත්තං.
Sinhala BJT84. යම් සිතෙක් උපදමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත යැ.
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං, න උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තං චිත්තන්ති: භඞ්ගක්ඛණෙ චිත්තං භඞ්ගක්ඛණං අවීතික්කන්තං, නො ච උප්පාදක්ඛණං අවීතික්කන්තං, උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං, භඞ්ගක්ඛණං ච අවීතික්කන්තං උප්පාදක්ඛණං ච අවීතික්කන්තං.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත උපදිමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත භඞ්ගක්‍ෂණය නො ඉක්මිණ, උත්පාදක්‍ෂණය නො ද නො ඉක්මිණ, උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත ද භඞ්ගක්‍ෂණය නො ඉක්මවූයේ ද උත්පාදක්‍ෂණය නො ඉක්මවූයේ ද වෙති.
Pali BJTඅතික්කන්තකාලවාරො.
Sinhala BJTඅතික්‍රාන්තකාලවාර යි.
Pali BJTපුග්ගලධම්මවාරො
Sinhala BJTපුද්ගල ධර්‍මවාරය
Pali BJT85. යස්ස යං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති තස්ස තං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT85. යමක්හට යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී ද නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
Pali BJT86. යස්ස යං චිත්තං න උප්පජ්ජති න නිරුජ්ඣති තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සතීති: නො.
Sinhala BJT86. යමක්හට යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣතීති: නත්ථි.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTඋප්පාදනිරොධකාලසම්භෙදවාරො.
Sinhala BJTඋත්පාද නිරෝධකාලසම්‍භේදවාර යි.
Pali BJT87. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT87. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපනි ද යත්:එසේ යි.
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං උප්පජ්ජතීති: භඞ්ගක්ඛණෙ චිත්තං උප්පන්නං, නො ච තස්ස තං චිත්තං උප්පජ්ජති, උප්පාදක්ඛණෙ චිත්තං උප්පන්නං චෙව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි. ඕහට ඒ සිත නො ද උපදී. උත්පාදක්‍ෂණයෙහි සිත උපනි ද වේ, උපදී ද වේ.
Pali BJT88. යස්ස යං චිත්තං න උප්පජ්ජති තස්ස තං චිත්තං න උප්පන්නන්ති: භඞ්ගක්ඛණෙ චිත්තං න උප්පජ්ජති, නො ච තස්ස තං චිත්තං න උප්පන්නං. අතීතානාගතං චිත්තං න චෙව උප්පජ්ජති, න ච උප්පන්නං.
Sinhala BJT88. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී. ඕහට ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද උපදී, නො උපනි ද වේ.
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
Pali BJTඋප්පාදුප්පන්නවාරො.
Sinhala BJTඋත්පාදෝත්පන්නවාර යි.
Pali BJT89. යස්ස යං චිත්තං නිරුජ්ඣති තස්ස තං චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT89. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත උපනි ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං නිරුජ්ඣතීති: උප්පාදක්ඛණෙ චිත්තං උප්පන්නං, නො ච තස්ස තං චිත්තං නිරුජ්ඣති, භඞ්ගක්ඛණෙ චිත්තං උප්පන්නං චෙව නිරුජ්ඣති ච
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඕහට ඒ සිත නො ද නිරුද්ධ වේ. භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ ද වේ.
Pali BJT90. යස්ස යං චිත්තං න නිරුජ්ඣති තස්ස තං චිත්තං න උප්පන්නන්ති: උප්පාදක්ඛණෙ චිත්තං න නිරුජ්ඣති, නො ච තස්ස තං චිත්තං න උප්පන්නං, අතීතානාගතං චිත්තං න චෙව නිරුජ්ඣති. න ච උප්පන්නං.
Sinhala BJT90. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වේ. ඕහට ඒ සිත නො ද නො උපනි, අතීතානාගත සිත නො ද නිරුද්ධ වෙයි. නො උපනි ද වේ.
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
Pali BJTනිරොධුප්පන්නවාරො.
Sinhala BJTනිරෝධොත්පන්නවාර යි.
Pali BJT91. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං උප්පජ්ජිත්ථාති: නො.
Sinhala BJT91. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං උප්පජ්ජතීති: නො.
Sinhala BJTතවද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපදී ද යත්: නැති.
Pali BJT92. යස්ස යං චිත්තං න උප්පජ්ජති තස්ස තං චිත්තං න උප්පජ්ජිත්ථාති: අතීතං චිත්තං න උප්පජ්ජති, නො ච තස්ස තං චිත්තං න උප්පජ්ජිත්ථ, භඞ්ගක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව උප්පජ්ජති, න ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT92. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදී. ඕහට ඒ සිත නො ද නො උපන්නේ යැ. භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නො ද උපදී. නො ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං න උප්පජ්ජතීති: උප්පාදක්ඛණෙ චිත්තං න උප්පජ්ජිත්ථ, නො ච තස්ස තං චිත්තං න උප්පජ්ජති, භඞ්ගක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව උප්පජ්ජිත්ථ, න ච උප්පජ්ජති.
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපන්නේ යැ. ඕහට ඒ සිත නො ද නො උපදී. භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නො උපන්නේ යැ නො ද උපදී.
Pali BJT93. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං උප්පජ්ජිස්සතීති: නො.
Sinhala BJT93. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපදින්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං උප්පජ්ජතීති: නො.
Sinhala BJTතවද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී ද යත්: නැති.