Pali BJT7. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT7. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිත්ථ තස්ස චිත්තං උප්පජ්ජතීති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං උප්පජ්ජිත්ථ, නො ච තෙසං චිත්තං උපපජ්ජති, චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පජ්ජිත්ථ චෙව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපන්නේ යැ, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වේ.
Pali BJT8. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT8. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස චිත්තං න උප්පජ්ජිතීති: නත්ථි.
Sinhala BJTතව ද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: නැති.
Pali BJT9. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං උප්පජ්ජිස්සතීති: පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පජ්ජති, නො ච තෙසං චිත්තං උප්පජ්ජිස්සති, ඉතරෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පජ්ජති චෙව උප්පජ්ජිස්සති ච.
Sinhala BJT9. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපදින්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපදී, ඔවුනට සිත නො ද උපදින්නේ යැ, ඔවුන්ගෙන් සෙසුවනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සිත උපදිමින් සිටුනේ ද උපදින්නේ ද වේ.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිස්සති තස්ස චිත්තං උප්පජ්ජතීති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං උප්පජ්ජිස්සති, නො ච තෙසං චිත්තං උප්පජ්ජති, චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පජ්ජිස්සති චෙව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යමක්හට සිත උපදින්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපදින්නේ යැ, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපදින්නේ ද උපදිමින් සිටුනේ ද වේ.
Pali BJT10. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න උප්පජ්ජිස්සතීති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං න උප්පජ්ජති, නො ච තෙසං චිත්තං න උප්පජ්ජිස්සති, පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං න චෙව උප්පජ්ජති න ච උප්පජ්ජිස්සති.
Sinhala BJT10. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො උපදී, ඔවුනට සිත නො ද නො උපදින්නේ යැ, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො ද උපදී, නො ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිස්සති තස්ස චිත්තං න උප්පජ්ජතීති: පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං න උප්පජ්ජිස්සති, නො ච තෙසං චිත්තං න උප්පජ්ජති, පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං න චෙව උප්පජ්ජිස්සති න ච උප්පජ්ජති.
Sinhala BJTතව ද යමක්හට සිත නො උපදින්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදින්නේ යැ, ඔවුනට සිත නො ද නො උපදී, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො ද උපදින්නේ යැ. නො ද උපදී.
Pali BJT11. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං උප්පජ්ජිස්සතීති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං චිත්තං උප්පජ්ජති, නො ච තෙසං චිත්තං උප්පජ්ජිස්සති, ඉතරෙසං තෙසං චිත්තං උප්පජ්ජිත්ථ චෙව උප්පජ්ජිස්සති ච.
Sinhala BJT11. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදින්නේ ද යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපන්නේ යැ, ඔවුනට සිත නො ද උපදින්නේ යැ ඔවුන්ගෙන් සෙසුවනට සිත උපන්නේ ද වෙයි, උපදින්නේ ද වේ.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිස්සති තස්ස චිත්තං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත උපදින්නේ නම් ඕහට සිත උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT12. යස්ස චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස චිත්තං න උප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT12. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදින්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිස්සති තස්ස චිත්තං න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතව ද යමක්හට සිත නො උපදින්නේ නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTඋප්පාදවාරො.
Sinhala BJTඋත්පාදවාරය යි.
Pali BJT13. යස්ස චිත්තං නිරුජ්ඣති තස්ස චිත්තං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT13. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං නිරුජ්ඣතීති: චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං චිත්තං නිරුජ්ඣති, චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං නිරුජ්ඣිත්ථ චෙව නිරුජ්ඣති ච.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වී යැ, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වූයේ ද නිරුද්ධ වෙමින් සිටුනේ ද වේ.
Pali BJT14. යස්ස චිත්තං න නිරුජ්ඣති තස්ස චිත්තං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT14. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී යැ.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං න නිරුජ්ඣතීති: නත්ථි.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: නැති.
Pali BJT15. යස්ස චිත්තං නිරුජ්ඣති තස්ස චිත්තං නිරුජ්ඣිස්සතීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං නිරුජ්ඣති, නො ච තෙසං චිත්තං නිරුජ්ඣිස්සති, ඉතරෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං නිරුජ්ඣති, චෙව නිරුජ්ඣිස්සති ච.
Sinhala BJT15. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වෙයි, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ යැ, ඔවුන්ගෙන් සෙසුවනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ වෙමින් සිටුනෙ ද නිරුද්ධ වන්නේ ද වේ.
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති, තස්ස චිත්තං නිරුජ්ඣතීති, චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චිත්තං නිරුජ්ඣති. චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං නිරුජ්ඣිස්සති චෙව නිරුජ්ඣති ච.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වන්නේ යැ, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ද නිරුද්ධ වෙමින් සිටුනේ ද වේ.
Pali BJT16. යස්ස චිත්තං න නිරුජ්ඣති තස්ස චිත්ත න නිරුජ්ඣිස්සතීති: නිරුජ්ඣිස්සති.
Sinhala BJT16. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස චිත්තං න නිරුජ්ඣතීති: නිරුජ්ඣති.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ.
Pali BJT17. යස්ස චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං නිරුජ්ඣිස්සතීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං චිත්තං නිරුජ්ඣිස්සති, ඉතරෙසං තෙසං චිත්තං නිරුජ්ඣිත්ථ චෙව නිරුජ්ඣිස්සති ච.
Sinhala BJT17. යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ විය, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ය, ඔවුන්ගෙන් සෙසුවනට සිත නිරුද්ධ වූයේ ද නිරුද්ධ වන්නේ ද වේ.
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති, තස්ස චිත්තං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJT18. යස්ස චිත්තං න නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT18. යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස චිත්තං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: නිරුද්ධ විය.
Pali BJTනිරොධවාරො.
Sinhala BJTනිරෝධවාර යි.
Pali BJT19. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT19. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං උප්පජ්ජතීති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං චිත්තං උප්පජ්ජති, චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං නිරුජ්ඣිත්ථ චෙව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ විය, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වූයේ ද උපදිමින් සිටුනේ ද වේ.
Pali BJT20. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT20. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ විය.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිත්ථ තස්ස චිත්තං න උප්පජ්ජතීති: නත්ථි.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නො උපදී ද යත්: නැති.
Pali BJT21. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT21. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති තස්ස චිත්තං උප්පජ්ජතීති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤත්තසානං තෙසං චිත්තං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චිත්තං උප්පජ්ජති, චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං නිරුජ්ඣිස්සති චෙව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ය, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ද උපදිමින් සිටුනේ ද වේ.
Pali BJT22. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න නිරුජ්ඣිස්සතීති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං න උප්පජ්ජති, නො ච තෙසං චිත්තං න නිරුජ්ඣිස්සති, පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං න චෙව උප්පජ්ජති, න ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT22. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො උපදී, ඔවුනට සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදනේ ද නො නිරුද්ධ වන්නේ ද වේ.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස චිත්තං න උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: එසේ යි.
Pali BJT23. යස්ස චිත්තං උප්පජ්ජිත්ථ තස්ස චිත්තං නිරුජ්ඣිස්සතීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං උප්පජ්ජිත්ථ, නො ච තෙසං චිත්තං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං චිත්තං උප්පජ්ජිත්ථ චෙව, නිරුජ්ඣිස්සති ච.
Sinhala BJT23. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ය, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ය. ඔවුන්ගෙන් සෙසුවනට සිත නො උපන්නේ ද වෙයි, නිරුද්ධ වන්නේ ද වේ.
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති තස්ස චිත්තං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT24. යස්ස චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස චිත්තං න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT24. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස චිත්තං න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTඋප්පාදනිරොධවාරො.
Sinhala BJTඋත්පාද නිරෝධවාර යි.
Pali BJT25. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT25. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣති තස්ස චිත්තං උප්පජ්ජතීති: නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං න නිරුජ්ඣති, නො ච තෙසං චිත්තං උප්පජ්ජති, චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං න නිරුජ්ඣති චෙව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත උපදී ද යත්: නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ නො වේ, ඔවුනට සිත නො ද උපදී, සිත උපන් කෙණෙහි ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ද උපදනේ ද වේ.
Pali BJT26. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං නිරුජ්ඣතීති: නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං න උප්පජ්ජති, නො ච තෙසං චිත්තං නිරුජ්ඣති, චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං න උප්පජ්ජති චෙව නිරුජ්ඣති ච.
Sinhala BJT26. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද උපදී, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදිමින් සිටුනෙ ද නිරුද්ධ වෙමින් සිටුනෙ ද වේ.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣති තස්ස චිත්තං න උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපදී ද යත්: එසේ යි.
Pali BJTඋප්පජ්ජමාන න නිරොධවාරො.
Sinhala BJTඋත්පද්‍යමාන න නිරෝධවාර යි.
Pali BJT27. යස්ස චිත්තං උප්පජ්ජමානං තස්ස චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT27. යමක්හට සිත උපදිමින් පවතී නම් ඕහට සිත උපනි ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජමානන්ති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං උප්පන්නං, නො ච තෙසං චිත්තං උප්පජ්ජමානං, චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පන්නං චෙව උප්පජ්ජමානඤ්ච.
Sinhala BJTතව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත උපදිමින් පවතී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපනි, ඔවුනට සිත නො ද උපදිමින් පවතී. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වේ.
Pali BJT28. යස්ස චිත්තං න උප්පජ්ජමානං තස්ස චිත්තං න උප්පන්නන්ති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං න උප්පජ්ජමානං, නො ච තෙසං චිත්තං න උප්පන්නං, නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං න චෙව උප්පජ්ජමානං න ච උප්පන්නං.
Sinhala BJT28. යමක්හට සිත උපදිමින් නො පවතී නම් ඕහට සිත නො උපනි යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපදිමින් සිටුනෙ නො වෙයි, සිත නො ද නූපන්නෙ යැ, නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද උපදිමින් සිටුනෙ යැ නො ද උපන්නේ යැ.
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජමානන්ති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත නූපන්නේ නම් ඕහට සිත උපදිමින් සිටුනෙ නො වෙයි යත්: එසේ යි.
Pali BJTඋප්පජ්ජමානුප්පන්නවාරො.
Sinhala BJTඋත්පද්‍යමානෝත්පන්නවාර යි.
Pali BJT29. යස්ස චිත්තං නිරුජ්ඣමානං තස්ස චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT29. යමක්හට සිත නිරුධ්‍යමාන (නිරුද්ධ වෙමින් සිටුනෙ) නම් ඕහට සිත උත්පන්න (ඉපැදැසිටියෙ) වෙයි යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පන්නං තස්ස චිත්තං නිරුජ්ඣමානන්ති: චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පන්නං, නො ච තෙසං චිත්තං නිරුජ්ඣමානං, චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං උප්පන්නං චෙව නිරුජ්ඣමානඤ්ච.
Sinhala BJTතව ද යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උත්පන්න වෙයි, ඔවුනට සිත නො ද නිරුධ්‍යමාන වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උත්පන්න ද නිරුධ්‍යමාන ද වේ.
Pali BJT30. යස්ස චිත්තං න නිරුජ්ඣමානං තස්ස චිත්තං න උප්පන්නන්ති: චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං න නිරුජ්ඣමානං, නො ච තෙසං චිත්තං න උප්පන්නං, නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං න චෙව නිරුජ්ඣමානං, න ච උප්පන්නං.
Sinhala BJT30. යමක්හට සිත නිරුධ්‍යමාන නො වේ නම් ඕහට සිත උත්පන්න නො වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුධ්‍යමාන නො වෙයි, ඔවුනට සිත නො ද නොත්පන්න වෙයි, නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද නිරුධ්‍යමාන වෙයි, නො ද උත්පන්න වෙයි.
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න නිරුජ්ඣමානන්ති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නිරුධ්‍යමාන නො වෙයි යත්: එසේ යැ.
Pali BJTනිරුජ්ඣමානුප්පන්නවාරො.
Sinhala BJTනිරුධ්‍යමානොත්පන්නවාර යි.
Pali BJT31. යස්ස චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT31. යමක්හට සිත උත්පන්න වේ නම් ඕහට සිත උපන්නේ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිත්ථ තස්ස චිත්තං උප්පන්නන්ති: නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං උප්පජ්ජිත්ථ, නො ච තෙසං චිත්තං උප්පන්නං, චිත්තසමඞ්ගීනං තෙසං චිත්තං උප්පජ්ජිත්ථ චෙව උප්පන්නඤ්ච.
Sinhala BJTතව ද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත ඉපැද සිටුනෙ යැ යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපන්නේ ද ඉපැද සිටුනෙ ද වේ.
Pali BJT32. යස්ස චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT32. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපන යත්: උපන.
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස චිත්තං න උප්පන්නන්ති: නත්ථි.
Sinhala BJTතව ද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත ඉපැද සිටුනෙ නො වෙයි යත්: නැති.
Pali BJT33. යස්ස චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජිස්සතීති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං චිත්තං උප්පන්නං, නො ච තෙසං චිත්තං උප්පජ්ජිස්සති, ඉතරෙසං චිත්තසමඞ්ගීනං තෙසං චිත්තං උප්පන්නඤ්චෙව උප්පජ්ජිස්සති ච.
Sinhala BJT33. යමක්හට සිත ඉපැදැ සිටුනෙ නම් ඕහට සිත (මතු) උපදනෙ යැ යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ යැ, ඔවුනට සිත නො ද (මතු) උපදනෙ යැ, සෙසු චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත ඉපැදැ සිටුනෙ ද (මතු) උපදනෙ ද වෙයි.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිස්සති තස්ස චිත්තං උප්පන්නන්ති: නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං උප්පජ්ජිස්සති, නො ච තෙසං චිත්තං උප්පන්නං, චිත්තසමඞ්ගීනං තෙසං චිත්තං උප්පජ්ජිස්සති චෙව උප්පන්නඤ්ච.
Sinhala BJTතව ද යමක්හට සිත (මතු) උපදනෙ නම් ඕහට සිත උත්පන්න වී ද යත්: නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත (මතු) උපදනෙ යැ, ඔවුනට සිත නො ද උත්පන්න වෙයි, චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපදනෙ ද ඉපැදැ සිටුනෙ ද වේ.
Pali BJT34. යස්ස චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජිස්සතීති: උප්පජ්ජිස්සති.
Sinhala BJT34. යමක්හට සිත උත්පන්න නො වේ නම් ඕහට සිත නූපදනෙ යැ යත්: උපදනෙ යැ.
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිස්සති තස්ස චිත්තං න උප්පන්නන්ති: උප්පන්නං.
Sinhala BJTතව ද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත උත්පන්න නො වේ යත්: උත්පන්න වේ.
Pali BJTඋප්පන්නුප්පාදවාරො.
Sinhala BJTඋත්පන්නෝත්පාදවාර යි.
Pali BJT35. යස්ස චිත්තං උප්පජ්ජිත්ථ නො ච තස්ස චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT35. යමක්හට සිත ඉපැදැ නිරුද්ධ වී නම් ඕහට සිත නො ද ඉපැදැ සිටුනෙ වේ නම් ඕහට සිත උපදනෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පජ්ජිස්සති නො ච තස්ස චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත (මතු) උපදනෙ නම් ඕහට සිත නො ද ඉපැදැ සිටුනෙ නම් ඕහට සිත ඉපැදැ නිරුද්ධ වී යත්: එසේ යි.
Pali BJT36. යස්ස චිත්තං න උප්පජ්ජිත්ථ නො ච තස්ස චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT36. යමක්හට සිත ඉපැදැ නිරුද්ධ නො වී නම් ඕහට සිත නො ද නොත්පන්න වී නම් ඕහට සිත නූපදනෙ යැ යත්: නැත.
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පජ්ජිස්සති නො ච තස්ස චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතව ද යමක්හට සිත නූපදනෙ නම් ඕහට සිත නො ද නොත්පන්න වේ නම් ඕහට සිත ඉපැදැ නිරුද්ධ නො වී යත්: ඉපැදැ නිරුද්ධ වී.
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJT37. උප්පන්නං උප්පජ්ජමානන්ති: භඞ්ගක්ඛණෙ උප්පන්නං නො ච උප්පජ්ජමානං උප්පාදක්ඛණෙ උප්පන්නංචෙව උප්පජ්ජමානඤ්ච.
Sinhala BJT37. උත්පන්න වූයෙ උත්පද්‍යමාන වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි උත්පන්න වෙයි. නො ද උත්පද්‍යමාන වෙයි. උත්පාදක්‍ෂණයෙහි උත්පන්න ද උත්පද්‍යමාන ද වේ.
Pali BJTඋප්පජ්ජමානං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJTඋත්පද්‍යමාන වූයේ උත්පන්න වෙයි යත්: එසේ යි.
Pali BJT38. න උප්පන්නං න උප්පජ්ජමානන්ති: ආමන්තා.
Sinhala BJT38. උත්පන්න නො වූයෙ උත්පද්‍යමාන නො වෙයි යත්: එසේ යි.
Pali BJTන උප්පජ්ජමානං න උප්පන්නන්ති: භඞ්ගක්ඛණෙ න උප්පජ්ජමානං නො ච න උප්පන්නං අතීතානාගතචිත්තං න චෙව උප්පජ්ජමානං න ච උප්පන්නං.
Sinhala BJTඋත්පද්‍යමාන නො වූයේ උත්පන්න නො වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි උත්පද්‍යමාන නො වෙයි, නො ද නොත්පන්න වෙයි, අතීතානාගත සිත නො ද උත්පද්‍යමාන යැ, නො ද උත්පන්න යි.
Pali BJTඋප්පන්නුප්පජ්ජමානවාරො.
Sinhala BJTඋත්පන්නොත්පද්‍යමානවාර යි.
Pali BJT39. නිරුද්ධං නිරුජ්ඣමානන්ති: නො
Sinhala BJT39. නිරුද්ධ වූයේ නිරුධ්‍යමාන වෙයි යත්: නැත.
Pali BJTනිරුජ්ඣමානං නිරුද්ධන්ති: නො.
Sinhala BJTනිරුධ්‍යමාන වූයේ නිරුද්ධ වෙයි යත්: නැත.
Pali BJT40. න නිරුද්ධං න නිරුජ්ඣමානන්ති: භඞ්ගක්ඛණෙ න නිරුද්ධං නො ච න නිරුජ්ඣමානං. උප්පාදක්ඛණෙ අනාගතඤ්ච චිත්තං නං චෙව නිරුද්ධං, න ච නිරුජ්ඣමානං.
Sinhala BJT40. නිරුද්ධ නො වූයේ නිරුධ්‍යමාන නො වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි නිරුද්ධ වූයේ නො වෙයි. නො ද නිරුධ්‍යමාන නො වූයේ වෙයි. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ යැ, නො ද නිරුධ්‍යමාන යි.
Pali BJTන නිරුජ්ඣමානං, න නිරුද්ධන්ති: අතීතං චිත්තං න නිරුජ්ඣමානං, නො ච න නිරුද්ධං, උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං න චෙව නිරුජ්ඣමානං න ච නිරුද්ධං.
Sinhala BJTනිරුධ්‍යමාන නො වූයේ නිරුද්ධ නො වෙයි යත්: අතීත චිත්තය නිරුධ්‍යමාන නො වෙයි, නො ද නිරුද්ධ නො වූයෙ වෙයි, උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුධ්‍යමාන යැ, නො ද නිරුද්ධ යි.
Pali BJTනිරුද්ධ නිරුජ්ඣමානවාරො.
Sinhala BJTනිරුද්ධ නිරුධ්‍යමානවාර යි.
Pali BJT41. යස්ස චිත්තං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස චිත්තන්ති: භඞ්ගක්ඛණෙ චිත්තං උප්පාදක්ඛණං වීතික්කන්තං භඞ්ගක්ඛණං අවීතික්කන්තං, අතීතං චිත්තං උප්පාදක්ඛණං ච වීතික්කන්තං භඞ්ගක්ඛණං ච වීතික්කන්තං.
Sinhala BJT41. යමක්හට සිත උත්පාදක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් ඕහට සිත අතීතකාල වෙයි යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උත්පාදක්‍ෂණය ඉක්මැගියෙ යැ, භඞ්ගක්‍ෂණය නො ඉක්මැගියෙ යැ, අතීත චිත්තය උත්පාදක්‍ෂණය ද ඉක්මැගියෙ යැ, භඞ්ගක්‍ෂණය ද ඉක්මැගියෙ යි.
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස චිත්තන්ති: අතීතං චිත්තං.
Sinhala BJTතවද යමක්හට සිත නිරෝධක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණමාත්‍රයක් ඉක්මැගිය අතීතකාල වේ නම් ඕහට සිත අතීත වෙයි යත්: අතීත සිත වෙයි.
Pali BJT42. යස්ස චිත්තං න උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස චිත්තන්ති: උප්පාදක්ඛණෙ අනාගතං චිත්තං.
Sinhala BJT42. යමක්හුගේ සිත උපදිමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඔහුගේ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත යැ.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං න උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස චිත්තන්ති: භඞ්ගක්ඛණෙ චිත්තං භඞ්ගක්ඛණං අවීතික්කන්තං, නො ච උප්පාදක්ඛණං අවීතික්කන්තං, උප්පාදක්ඛණෙ අනාගතං ච චිත්තං. භඞ්ගක්ඛණං ච අවීතික්කන්තං, උප්පාදක්ඛණං ච අවීතික්කන්තං.
Sinhala BJTතව ද යමක්හුගේ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්ම ගිය කල් ඇත්තේ නම් ඔහුගේ සිත උපදමින් පවත්නා කෙණෙහි නො වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත භඞ්ගක්‍ෂණය නො ඉක්ම වී යැ, උත්පාදක්‍ෂණය නො ද නො ඉක්ම වී යැ. උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත ද වෙයි. භඞ්ගක්‍ෂණය ද නො ඉක්ම වී ය, උත්පාදක්‍ෂණය ද නො ඉක්ම වී යැ.
Pali BJTඅතික්කන්තකාලවාරො.
Sinhala BJTඅතික්‍රාන්තකාලවාර යි.
Pali BJTධම්මවාරො.
Sinhala BJTධර්‍මවාරය
Pali BJT43. යං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති තං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT43. යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයං වා පන චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති තං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඒ සිත උපදී ද නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
Pali BJT44. යං චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣති තං චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සතීති: නො.
Sinhala BJT44. යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නෙ ද උපදින්නේ ද යත්: නැති
Pali BJTයං වා පන චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති තං චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣතීති: නත්ථි.
Sinhala BJTතව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඒ සිත නො උපදී ද නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTඋප්පාද නිරොධකාලසම්හෙදවාරො.
Sinhala BJTඋත්පාද නිරෝධකාලසම්‍භේදවාර යි.
Pali BJT45. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT45. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපනි යත්: එසේ යි.
Pali BJTයං වා පන චිත්තං උප්පන්නං තං චිත්තං උප්පජ්ජතීති, භඞ්ගක්ඛණෙ චිත්තං උප්පන්නං, නො ච තං චිත්තං උප්පජ්ජති උප්පාදක්ඛණෙ චිත්තං උප්පන්නං චෙව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපදී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද උපදී, උත්පාදක්‍ෂණයෙහි සිත උපන්නේ ද වේ, උපදී ද වේ.
Pali BJT46. යං චිත්තං න උප්පජ්ජති තං චිත්තං න උප්පන්නන්ති: භඞ්ගක්ඛණෙ චිත්තං න උප්පජ්ජති, නො ච තං චිත්තං න උප්පන්නං, අතීතානාගතං චිත්තං න චෙව උප්පජ්ජති, න ච උප්පන්නං.
Sinhala BJT46. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත සිත නො ද උපදී. නො උපනි ද වේ.
Pali BJTයං වා පන චිත්තං න උප්පන්නං ත චිත්තං න උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
Pali BJTඋප්පාදුප්පන්නවාරො.
Sinhala BJTඋත්පාදෝත්පන්නවාර යි.
Pali BJT47. යං චිත්තං නිරුජ්ඣති තං චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT47. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.
Pali BJTයං වා පන චිත්තං උප්පන්නං තං චිත්තං නිරුජ්ඣතීති: උප්පාදක්ඛණෙ චිත්තං උප්පන්නං, නො ච තං චිත්තං නිරුජ්ඣති, භඞ්ගක්ඛණෙ චිත්තං උප්පන්නං චෙව නිරුජ්ඣති ච.
Sinhala BJTතව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද නිරුද්ධ වේ, භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ ද වේ.
Pali BJT48. යං චිත්තං න නිරුජ්ඣති තං චිත්තං න උප්පන්නන්ති: උප්පාදක්ඛණෙ චිත්තං න නිරුජ්ඣති, නො ච තං චිත්තං න උප්පන්නං, අතීතානාගතං චිත්තං න චෙව නිරුජ්ඣති න ච උප්පන්නං.
Sinhala BJT48. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි නිරුද්ධ නො වේ, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද නිරුද්ධ වෙ යි. නො ද උපනි ද වේ.
Pali BJTයං වා පන චිත්තං න උප්පන්නං තං චිත්තං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
Pali BJTනිරොධුප්පන්නවාරො.
Sinhala BJTනිරෝධොත්පන්නවාර යි.
Pali BJT49. යං චිත්තං උප්පජ්ජති තං චිත්තං උප්පජ්ජිත්ථාති: නො.
Sinhala BJT49. යම් සිතෙක් උපදී නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.