Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
Pali BJT92. යස්ස යං චිත්තං න උප්පජ්ජති තස්ස තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJT92. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
Pali BJT93. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං උප්පජ්ජිස්සති.
Sinhala BJT93. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
Pali BJT94. යස්ස යං චිත්තං න උප්පජ්ජති තස්ස තං චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT94. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නූපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නූපදනේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
Pali BJT95. යස්ස යං චිත්තං උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT95. යමක්හට යම් සිතෙක් සිත උපන්නේ නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJT96. යස්ස යං චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT96. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නූපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නූපදනේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
Pali BJTඋප්පාදවාරො.
Sinhala BJTඋත්පාදවාර යි.
Pali BJT97. යස්ස යං චිත්තං නිරුජ්ඣති තස්ස තං චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJT97. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස තං චිත්තං නිරුජ්ඣති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
Pali BJT98. යස්ස යං චිත්තං න නිරුජ්ඣති තස්ස තං චිත්තං න නිරුජ්ඣිත්ථ:
Sinhala BJT98. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස තං චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
Pali BJT99. යස්ස යං චිත්තං නිරුජ්ඣති තස්ස තං චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT99. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං නිරුජ්ඣති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
Pali BJT100. යස්ස යං චිත්තං න නිරුජ්ඣති තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT100. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
Pali BJT101. යස්ස යං චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස තං චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT101. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJTතවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී යැ යත්:
Pali BJT102. යස්ස යං චිත්තං න නිරුජ්ඣිත්ථ තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT102. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං න නිරුජ්ඣිත්ථ:
Sinhala BJTතවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
Pali BJTනිරොධවාරො.
Sinhala BJTනිරෝධවාර යි.
Pali BJT103. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං නිරුජ්ඣිත්ථ:
Sinhala BJT103. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ වී යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
Pali BJT104. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං න නිරුජ්ඣිත්ථ:
Sinhala BJT104. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිත්ථ තස්ස තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
Pali BJT105. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT105. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
Pali BJT106. යස්ස යං චිත්තං න උප්පජ්ජති තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT106. යමක්හට යම් සිතෙක් නූපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නූපදී යැ යත්:
Pali BJT107. යස්ස යං චිත්තං උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං නිරුජ්ඣිස්සති:
Sinhala BJT107. යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJT108. යස්ස යං චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං න නිරුජ්ඣිස්සති:
Sinhala BJT108. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣිස්සති තස්ස තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
Pali BJTඋප්පාදනිරොධවාරො.
Sinhala BJTඋත්පාද නිරෝධවාර යි.
Pali BJT109. යස්ස යං චිත්තං උප්පජ්ජති තස්ස තං චිත්තං න නිරුජ්ඣති:
Sinhala BJT109. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වෙයි යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣති තස්ස තං චිත්තං උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත උපදී යැ යත්:
Pali BJT110. යස්ස යං චිත්තං න උප්පජ්ජති තස්ස තං චිත්තං නිරුජ්ඣති:
Sinhala BJT110. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙයි යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣති තස්ස තං චිත්තං න උප්පජ්ජති:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නො උපදී යැ යත්:
Pali BJTඋප්පජ්ජමාන න නිරොධවාරො.
Sinhala BJTඋත්පද්‍යමාන න නිරෝධවාර යි.
Pali BJT111. යස්ස යං චිත්තං උප්පජ්ජමානං තස්ස තං චිත්තං උප්පන්නං:
Sinhala BJT111. යමක්හට යම් සිතෙක් උපදිමින් පවතී නම් ඕහට ඒ සිත උපන යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං උප්පජ්ජමානං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදිමින් පවතී යැ යත්:
Pali BJT112. යස්ස යං චිත්තං න උප්පජ්ජමානං තස්ස තං චිත්තං න උප්පන්නං:
Sinhala BJT112. යමක්හට යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න උප්පජ්ජමානං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත උපදිමින් නො පවතී යැ යත්:
Pali BJTඋප්පජ්ජමානුප්පන්නවාරො.
Sinhala BJTඋත්පද්‍යමානෝත්පන්නවාර යි.
Pali BJT113. යස්ස යං චිත්තං නිරුජ්ඣමානං තස්ස තං චිත්තං උප්පන්නං:
Sinhala BJT113. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඕහට ඒ සිත උපන යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං නිරුජ්ඣමානං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙමින් පවතී යැ යත්:
Pali BJT114. යස්ස යං චිත්තං න නිරුජ්ඣමානං තස්ස තං චිත්තං න උප්පන්නං:
Sinhala BJT114. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඕහට ඒ සිත නූපන්නෙ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න නිරුජ්ඣමානං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී යැ යත්:
Pali BJTනිරුජ්ඣමානුප්පන්නවාරො.
Sinhala BJTනිරුධ්‍යමානොත්පන්නවාර යි.
Pali BJT115. යස්ස යං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJT115. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං උප්පන්නං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපන යත්:
Pali BJT116. යස්ස යං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJT116. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නූපන යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පජ්ජිත්ථ තස්ස තං චිත්තං න උප්පන්නං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නූපනි නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
Pali BJT117. යස්ස යං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT117. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං උප්පන්නං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත උපන යත්:
Pali BJT118. යස්ස යං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT118. යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නො උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පජ්ජිස්සති තස්ස තං චිත්තං න උප්පන්නං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නො උපදනේ නම් ඕහට ඒ සිත නූපන්නේ යැ යත්:
Pali BJTඋප්පන්නුප්පාදවාරො.
Sinhala BJTඋත්පන්නෝත්පාදවාර යි.
Pali BJT119. යස්ස යං චිත්තං උප්පජ්ජිත්ථ නො ච තස්ස තං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං උප්පජ්ජිස්සති:
Sinhala BJT119. යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත නො ද උපන යත්: ඕහට ඒ සිත උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං උප්පජ්ජිස්සති නො ච තස්ස තං චිත්තං උප්පන්නං තස්ස තං චිත්තං උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් උපදනේ නම් ඕහට ඒ සිත නො ද උපනි ද: ඕහට ඒ සිත උපන්නේ යැ යත්:
Pali BJT120. යස්ස යං චිත්තං න උප්පජ්ජිත්ථ නො ච තස්ස තං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න උප්පජ්ජිස්සති:
Sinhala BJT120. යමක්හට යම් සිතෙක් නූපන්නේ නම් ඕහට ඒ සිත නො ද උපනි නම් ඕහට ඒ සිත නො ද උපදනේ යැ යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න උප්පජ්ජිස්සති නො ච තස්ස තං චිත්තං න උප්පන්නං තස්ස තං චිත්තං න උප්පජ්ජිත්ථ:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නො උපදනේ නම් ඕහට ඒ සිත නො ද නො උපනි නම් ඕහට ඒ සිත නො උපන්නේ යැ යත්:
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJT121. උප්පන්නං උප්පජ්ජමානං උප්පජ්ජමානං උප්පන්නං:
Sinhala BJT121. උපන් (සිත) උපදිමින් පවත්නේ වේ ද යත්: උපදිමින් පවත්නා (සිත) උපන්නේ වේ ද යත්:
Pali BJT122. න උප්පන්නං න උප්පජ්ජමානං න උප්පජ්ජමානං න උප්පන්නං:
Sinhala BJT122. නො උපන් (සිත) උපදිමින් නො පවත්නේ වේ ද යත්: උපදිමින් නො පවත්නා (සිත) නො උපන්නේ වේ ද යත්:
Pali BJTඋප්පන්නුප්පජ්ජමානවාරො.
Sinhala BJTඋත්පන්නොත්පද්‍යමානවාර යි.
Pali BJT123. නිරුද්ධං නිරුජ්ඣමානං නිරුජ්ඣමානං නිරුද්ධං:
Sinhala BJT123. නිරුද්ධ වූ (සිත) නිරුද්ධ වෙමින් පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් පවත්නා (සිත) නිරුද්ධ වූයේ වේ ද යත්:
Pali BJT124. න නිරුද්ධං න නිරුජ්ඣමානං න නිරුජ්ඣමානං න නිරුද්ධං:
Sinhala BJT124. නිරුද්ධ නො වූ (සිත) නිරුද්ධ වෙමින් නො පවත්නේ වේ ද යත්: නිරුද්ධ වෙමින් නො පවත්නා (සිත) නො නිරුද්ධ වූයේ වේ ද යත්:
Pali BJTනිරුද්ධනිරුජ්ඣමානවාරො.
Sinhala BJTනිරුද්ධ නිරුද්ධ්‍යමානවාර යි.
Pali BJT125. යස්ස යං චිත්තං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං, නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස තං චිත්තං:
Sinhala BJT125. යමක්හට යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස තං චිත්තං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්:
Pali BJT126. යස්ස යං චිත්තං න උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස තං චිත්තං:
Sinhala BJT126. යමක්හට යම් සිතෙක් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීත වෙයි යත්:
Pali BJTයස්ස වා පන යං චිත්තං න නිරුජ්ඣමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං න උප්පජ්ජමානං ඛණං ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං තස්ස තං චිත්තං:
Sinhala BJTතව ද යමක්හට යම් සිතෙක් නිරෝධක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් උත්පාදක්‍ෂණය ක්‍ෂණයක් ඉක්මගිය අතීතකාල සඞ්ඛ්‍යාවට නො යේ නම් ඕහට ඒ සිත අතීතකාල වෙයි යත්:
Pali BJT127-2016. යස්ස සරාගං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස වීතරාගං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස සදොසං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස වීතදොසං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස සමොහං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස වීතමොහං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස සඞ්ඛිත්තං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස වික්ඛිත්තං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස මහග්ගතං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස අමහග්ගතං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස ස උත්තරං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස අනුත්තරං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස සමාහිතං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස අසමාහිතං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස විමුත්තං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස අවිමුත්තං චිත්තං උප්පජ්ජති -පෙ-
Sinhala BJT127-2016. යමක්හට සරාග සිත උපදී නම් ... යමක්හට වීතරාග සිත උපදී නම් ... යමක්හට සදෝස සිත උපදී නම් ... යමක්හට වීත දෝස සිත උපදී නම් ... යමක්හට සමෝහ සිත උපදී නම් ... යමක්හට වීත මෝහ සිත උපදී නම් ... යමක්හට සංක්‍ෂිප්ත සිත උපදී නම් ... යමක්හට වික්‍ෂිප්ත සිත උපදී නම් ... යමක්හට මහද්ගත සිත උපදී නම් ... යමක්හට අමහද්ගත සිත උපදී නම් ... යමක්හට ස උත්තර සිත උපදී නම් ... යමක්හට අනුත්තර සිත උපදී නම් ... යමක්හට සමාහිත සිත උපදී නම් ... යමක්හට අසමාහිත සිත උපදී නම් ... යමක්හට විමුක්ත සිත උපදී නම් ... යමක්හට අවිමුක්ත සිත උපදී නම් …
Pali BJTසරාගාදිපදමිස්සකවාරො.
Sinhala BJTසරාගාදිපදමිස්සකවාර යි.
Pali BJT2017-536256. යස්ස කුසලං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස අකුසලං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස අබ්යාකතං චිත්තං උප්පජ්ජති -පෙ- යස්ස සුඛාය වෙදනාය සම්පයුත්තං චිත්තං උප්පජ්ජති -පෙ- (එතෙන උපායෙන යාව සරණ අරණා උද්ධරිතබ්බා), යස්ස අරණං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති තස්ස අරණං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති:
Sinhala BJT2017-536256. යමක්හට කුශලචිත්තය උපදී නම් ... යමක්හට අකුශලචිත්තය උපදී නම් ... යමක්හට අව්‍යාකෘතචිත්තය උපදී නම් ... යමක්හට සුඛ වේදනා සම්ප්‍රයුක්ත චිත්තය උපදී නම් (මේ උපායයෙන් සරණ අරණයන් තාක් උද්ධරණය කළයුතුයි.) යමක්හට අරණචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට අරණ චිත්තය නිරුද්ධ වන්නේ යැ යත්:
Pali BJTයස්ස වා පන අරණං චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති තස්ස අරණං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති -පෙ-
Sinhala BJTතව ද යමක්හට අරණචිත්තය නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට අරණචිත්තය උපදී නිරුද්ධ නො වෙයි යත්:
Pali BJTකුසලාදිපදමිස්සකවාරො.
Sinhala BJTකුසලාදිපදමිස්සකවාර යි.
Pali BJTඋද්දෙසවාරො.
Sinhala BJTඋද්දේශවාර යි.
Pali BJT2. නිද්දෙසවාරො.
Sinhala BJT2. නිර්දේශවාර
Pali BJTපුග්ගලවාරො.
Sinhala BJTපුද්ගලවාර
Pali BJT1. යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති තස්ස චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සතීති: පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති, නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති. ඉතරෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති, නිරුජ්ඣිස්සති චෙව උප්පජ්ජිස්සති ච.
Sinhala BJT1. යමක්හට සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නෙ යැ, නූපදනෙ යැ යත්: පශ්චිම (චුති) චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඒ ක්‍ෂීණාස්‍රවයනට (චුති) චිත්තය (උත්පාදක්‍ෂණයට පැමිණි බැවින්) උපදී. (භඞ්ගයට නොපත් බැවින්) නිරුද්ධ නො වෙයි, (භඞ්ගයට පැමිණ) නිරුද්ධ වන්නෙ යැ, (අප්‍රාසන්‍ධික බැවින් අන් සිතක්) නූපදනෙ යැ. (ශෛක්‍ෂ්‍යාශෛක්‍ෂ්‍ය පෘථග්ජන) සෙස්සන්ගේ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත (උත්පාදක්‍ෂණ සමඞ්ගිතායෙන්) උපදී, (භඞ්ගයට නොපත් බැවින්) නිරුද්ධ නො වෙයි, (භඞ්ගයට පැමිණ) නිරුද්ධ වන්නෙ මැ උපදනෙ ද වෙයි.
Pali BJTයස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති න උප්පජ්ජිස්සති තස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ වන්නෙ නම් නූපදනෙ නම් ඕහට සිත උපදියි, නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.
Pali BJT2. යස්ස චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣති තස්ස චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සතීති: නො.
Sinhala BJT2. යමක්හට සිත නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නෙ යැ, උපදනෙ යැ යත්: නො වේ.
Pali BJTයස්ස වා පන චිත්තං න නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති තස්ස චිත්තං න උප්පජ්ජති නිරුජ්ඣතීති: නත්ථි.
Sinhala BJTතව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නෙ නම් උපදනෙ නම් ඕහට සිත නූපදියි නිරුද්ධ වෙයි යත්: නැති.
Pali BJTඋප්පාදනිරොධකාලසම්භෙදවාරො.
Sinhala BJTඋත්පාදනිරෝධකාලසම්භේදවාර යි.
Pali BJT3. යස්ස චිත්තං උප්පජ්ජති තස්ස චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT3. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පන්නං තස්ස චිත්තං උප්පජ්ජතීති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං උප්පන්නං, නො ච තෙසං චිත්තං උප්පජ්ජති, චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පන්නඤ්චෙව උප්පජ්ජති ච.
Sinhala BJTතව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත උපදී යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වෙයි.
Pali BJT4. යස්ස චිත්තං න උප්පජ්ජති තස්ස චිත්තං න උප්පන්නන්ති: චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං න උප්පජ්ජති, නො ච තෙසං චිත්තං න උප්පන්නං, නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං න චෙව උප්පජ්ජති න ච උප්පන්නං.
Sinhala BJT4. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නූපන යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නූපදී, ඔවුනට සිත නො ද නූපන්නෙ යැ, නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සිත නො ද උපදී, නො ද උපන්නේ යැ.
Pali BJTයස්ස වා පන චිත්තං න උප්පන්නං තස්ස චිත්තං න උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත නූපදී යත්: එසේ යි.
Pali BJTඋප්පාදුප්පන්නවාරො.
Sinhala BJTඋත්පාදෝත්පන්නවාර යි.
Pali BJT5. යස්ස චිත්තං නිරුජ්ඣති තස්ස චිත්තං උප්පන්නන්ති: ආමන්තා.
Sinhala BJT5. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත උපන යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තං උප්පන්නං තස්ස චිත්තං නිරුජ්ඣතීති: චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං උප්පන්නං, නො ච තෙසං චිත්තං නිරුජ්ඣති. චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තං උප්පන්නඤ්චෙව නිරුජ්ඣති ච.
Sinhala BJTතව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපනි ද වේ නිරුද්ධ ද වේ.
Pali BJT6. යස්ස චිත්තං න නිරුජ්ඣති තස්ස චිත්තං න උප්පන්නන්ති: චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තං න නිරුජ්ඣති, නො ච තෙසං චිත්තං න උප්පන්නං, නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තං න චෙව නිරුජ්ඣති න ච උප්පන්නං.
Sinhala BJT6. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපන යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ නො වෙයි, ඔවුනට සිත නො ද නො උපන, නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද නිරුද්ධ වේ නො ද උපනි.
Pali BJTයස්ස වා පන චිත්තං නා උප්පන්නං තස්ස චිත්තං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට සිත න උපනි නම් ඕහට සිත නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.
Pali BJTනිරොධුප්පන්නවාරො.
Sinhala BJTනිරෝධොත්පන්නවාර යි.