Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4001-4100 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො පහීනොති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ මානානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට මානානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJT75. යස්ස යත්ථ කාමරාගානුසයො පහීනො තස්ස තත්ථ දිට්ඨානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT75. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ දිට්ඨානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො පහීනොති: ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ දිට්ඨානුසයො පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ දිට්ඨානුසයො පහීනො, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො පහීනො, ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ දිට්ඨානුසයො පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ දිට්ඨානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක දිට්ඨානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: දෙවැදෑරුම් පුඟුල්හට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි දිට්ඨානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJT76. යස්ස යත්ථ කාමරාගානුසයො පහීනො තස්ස තත්ථ විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT76. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො පහීනොති: ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො පහීනො, ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJT77. යස්ස යත්ථ කාමරාගානුසයො පහීනො තස්ස තත්ථ භවරාගානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT77. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT78. යස්ස යත්ථ කාමරාගානුසයො පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනොති: අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ කාමරාගානුසයො පහීනො, නො ච තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනො. අරහතො කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ කාමරාගානුසයො ච පහීනො, අවිජ්ජානුසයො ච පහීනො.
Sinhala BJT78. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණ යැ, ඔහුට එහි අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද ප්‍රහීණයැ. අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො පහීනොති: අරහතො දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පහීනො. කාමරාගානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: රහත්හට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ. කාමරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJT79. යස්ස යත්ථ පටිඝානුසයො පහීනො තස්ස තත්ථ මානානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT79. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො පහීනො තස්ස තත්ථ පටිඝානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT80-81. යස්ස යත්ථ පටිඝානුසයො පහීනො තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT80-81. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තස්ස තත්ථ පටිඝානුසයො පහීනොති: ද්වින්නං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, පටිඝානුසයො න වත්තබ්බො ‘පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්ථ පටිඝානුසයො පහීනො, ද්වින්නං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච පහීනො, පටිඝානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි පටිඝානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
Pali BJT82. යස්ස යත්ථ පටිඝානුසයො පහීනො තස්ස තත්ථ භවරාගානුසයො පහීනොති: න වත්තෙබ්බා පහීනොති වා අප්පහීනොති වා,
Sinhala BJT82. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො පහීනො තස්ස තත්ථ පටිඝානුසයො පහීනොති: න වත්තබ්බා පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT83. යස්ස යත්ථ පටිඝානුසයො පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනොති: අනාගාමිස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ පටිඝානුසයො පහීනො, නො ච තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනො. අරහතො දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ පටිඝානුසයො ච පහීනො, අවිජ්ජානුසයො ච පහීනො.
Sinhala BJT83. යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණයැ, ඔහුට එහි අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන යත්ථි අවිජ්ජානුසයො පහීනො තස්ස තත්ථ පටිඝානුසයො පහීනොති: අරහතො කාමාධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පහීනො, පටිඝානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
Pali BJT84-85. යස්ස තත්ථ මානානුසයො පහීනො තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT84-85. යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තස්ස තත්ථ මානානුසයො පහීනොති: තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, මානානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්ථ මානානුසයො පහීනො, අරහතො දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, මානානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
Pali BJT86. යස්ස යත්ථ මානානුසයො පහීනො තස්ස තත්ථ භවරාගානුසයො පහීනොති: අරහතො කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ මානානුසයො පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ මානානුසයො ච පහීනො, භවරාගානුසයො ච පහීනො.
Sinhala BJT86. යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො පහීනො තස්ස තත්ථ මානානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT87. යස්ස යත්ථ මානානුසයො පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT87. යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො පහීනො තස්ස තත්ථ මානානුසයො පහීනොති: අරහතො දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනො, මානානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
Pali BJT88-90. යස්ස යත්ථ දිට්ඨානුසයො පහීනො තස්ස තත්ථ විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT88-90. යමක්හට යම් තැනෙක දිට්ඨානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන තත්ථ විචිකිච්ඡානුසයො පහීනො තස්ස තත්ථ දිට්ඨානුසයො පහීනොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි. ...
Pali BJT91. යස්ස යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තස්ස තත්ථ භවරාගානුසයො පහීනොති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්ථ භවරාගානුසයො පහීනො. අරහතො කාමධාතුයා තීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා තස්සෙව පුග්ගලස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පහීනො, භවරාගානුසයො ච පහීනො.
Sinhala BJT91. යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි භවරාගානුසය නො ද ප්‍රහීණයැ. රහත්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො පහීනො තස්ස තත්ථ විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT92. යස්ස යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනොති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නෙ ච තෙසං තත්ථ අවිජ්ජානුසයො පහීනො. අරහතො කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පහීනො, අවිජ්ජානුසයො ච පහීනො.
Sinhala BJT92. යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. රහත්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනාහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන තත්ථ අවිජ්ජානුසයො පහීනො තස්ස තත්ථ විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT93. යස්ස යත්ථ භවරාගානුසයො පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT93. යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො පහීනො තස්ස තත්ථ භවරාගානුසයො පහීනොති: අරහතො කාමධාතුයා තීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පහීනො, භවරාගානුසයො ච පහීනො. (එකකමූලකං)
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: රහත්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද ප්‍රහීණ යැ, භවරාගානුසය ද ප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
Pali BJT94. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස්ස තත්ථ මානානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT94. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා ප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ මානානුසයො ච කාමරාගානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT95-96. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT95-96. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනොති: ද්වින්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බො පහීනාති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්ථ පටිඝානුසයො පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. ද්වින්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි පටිඝානුසය නො ද ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දෙවැදෑරුම් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT97. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස්ස තත්ථ භවරාගානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT97. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT98. යස්ස යත කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT98. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා (දුකමූලකං)
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. (දූකමූලක යි.)
Pali BJT99-100. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT99-100. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: ද්වින්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං තත්ථ පටිඝානුසයො පහීනො, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො පහීනො, නො ච තස්ස තත්ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පහීනා, නො ච තස්ස තත්ථ මානානුසයො පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. අරහතො රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච පහීනා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි මානානුසය නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද ප්‍රහීණයැ. පටිඝානුසය ද ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි පටිඝානුසය නො ද ප්‍රහීණයැ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. අනාගාමීහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔහුට එහි මානානුසය ද නො ද ප්‍රහීණයැ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, ඔහුට එහි මානානුසය ද නො ද ප්‍රහීණ යැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද මානානුසය ද ප්‍රහීණයහ,
Pali BJTකාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච පහීනො, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTකාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT101. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා තස්ස තත්ථ භවරාගානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT101. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: මානානුසයො පහීනො. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT102. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනො තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT102. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච පහීනා. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (තිකමූලකං)
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනාව ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (තිකමූලක යි.)
Pali BJT103-105. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT103-105. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනාති: ද්වින්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච දිට්ඨානුසයො ච පහීනා,
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙපුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ,
Pali BJTනො ච තෙසං තත්ථ මානානුසයො පහීනො. කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තෙසඤ්ඤෙව දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, නො ච තෙසං තත්ථ පටිඝානුසයො පහීනො, කාමරාගානුසයො ච මානුනුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, නො ච තස්ස තත්ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, නො ච තස්ස තත්ථ මානානුසයො පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච පහීනා. කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. අරහතො රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනා. පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTඔවුනට එහි මානානුසය නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔවුනට එහි පටිඝානුසය ද නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. අනාගාමීහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔහුට එහි මානානුසය නො ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, ඔහුට එහි මානානුසය ද නො ද ප්‍රහීණයැ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ... (චතුක්‍කමූලක යි.)
Pali BJT106. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා තස්ස තත්ථ භවරාගානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT106. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනාති: මානානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT107. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT107. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණවී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
Pali BJT108. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනා තස්ස තත්ථ අවිජ්ජානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT108. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුට එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනාති: අරහතො රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණය යි හෝ අප්‍රහීණය යි හෝ නො කියයුත්තාහ. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)
Pali BJTඅනුලොමපුග්ගලොකාසං.
Sinhala BJTඅනුලෝමපුද්ගලාවකාශ යි.
Pali BJTපහීනවාරෙ අනුලොමං.
Sinhala BJTප්‍රහීණවාරයහි අනුලෝම යි.
Pali BJT109. යස්ස කාමරාගානුසයො අප්පහීනො තස්ස පටිඝානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT109. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන පටිඝානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT110. යස්ස කාමරාගානුසයො අප්පහීනො තස්ස මානානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT110. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො අප්පහීනො, තස්ස කාමරාගානුසයො අප්පහීනොති: අනාගාමිස්ස මානානුසයො අප්පහීනො, නො ච තස්ස කාමරාගානුසයො අප්පහීනො. තිණ්ණං පුග්ගලානං මානානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනාගාමීහට මානානුසය අප්‍රහීණයැ. ඔහුගේ කාමරාගානුසය නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්‍රහීණයැ. කාමරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJT111-112. යස්ස කාමරාගානුසයො අප්පහීනො තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: ද්වින්නං පුග්ගලානං කාමරාගානුසයො අප්පහීනො, නො ච තෙසං විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස කාමරාගානුසයො ච අප්පහීනො, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJT111-112. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයැ. පුහුදුන්ගේ කාමරාගානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT113-114. යස්ස කාමරාගානුසයො අප්පහීනො තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT113-114. යමක්හුගේ කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො අප්පහීනොති: අනාගාමිස්ස අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස කාමරාගානුසයො අප්පහීනො. තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුගේ කාමරාගානුසය නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. කාමරාගානුසය ද අප්‍රහීණ යි.
Pali BJT115. යස්ස පටිඝානුසයො අප්පහීනො තස්ස මානානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT115. යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො අප්පහීනො තස්ස පටිඝානුසයො අප්පහීනොති: අනාගාමිස්ස මානානුසයො අප්පහීනො, නො ච තස්ස පටිඝානුසයො අප්පහීනො. තිණ්ණං පුග්ගලානං මානානුසයො ච අප්පහීනො, පටිඝානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. අනගැමිහුගේ මානානුසය අප්‍රහීණයැ, ඔහුගේ පටිඝානුසය නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්‍රහීණයැ, පටිඝානුසය ද අප්‍රහීණ යි.
Pali BJT116-117. යස්ස පටිඝානුසයො අප්පහීනො තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: ද්වින්නං පුග්ගලානං පටිඝානුසයො අප්පහීනො, නො ච තෙසං විචිකිච්ඡානුසයො අප්පහීනො පුථුජ්ජනස්ස පටිඝානුසයො ච අප්පහීනො, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJT116-117. යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ පටිඝානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ පටිඝානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස පටිඝානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT118-119. යස්ස පටිඝානුසයො අප්පහීනො තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT118-119. යමක්හුගේ පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා න අවිජ්ජානුසයො අප්පහීනො තස්ස පටිඝානුසයො අප්පහීනොති: අනාගාමිස්ස අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස පටිඝානුසයො අප්පහීනො. තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො ච අප්පහීනො, පටිඝානුසයො. ච අප්පහීනො.
Sinhala BJTතව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: තව ද අනගැමිහුගේ අවිජ්ජානුසය අප්‍රහීණ යැ, ඔහුගේ පටිඝානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. පටිඝානුසය ද අප්‍රහීණ යි.
Pali BJT120-121. යස්ස මානානුසයො අප්පහීනො තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: තිණ්ණං පුග්ගලානං මානානුසයො අප්පහීනො, නො ච තෙසං විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස මානානුසයො ච අප්පහීනො. විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJT120-121. යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ මානානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස මානානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT122-123. යස්ස මානානුසයො අප්පහීනො තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT122-123. යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අප්පහීනො තස්ස මානානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT124-126. යස්ස දිට්ඨානුසයො අප්පහීනො තස්ස විචිකිච්ඡානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT124-126. යමක්හුගේ දිට්ඨානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස දිට්ඨානුසයො අප්පහීනොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. ...
Pali BJT127-128. යස්ස විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT127-128. යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අප්පහීනො තස්ස විචිකිච්ඡානුසයො අප්පහීනොති: තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තෙසං විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස අවිජ්ජානුසයො ච අප්පහීනො, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJTතව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ. විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
Pali BJT129. යස්ස භවරාගානුසයො අප්පහීනො තස්ස අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT129. යමක්හුගේ භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අප්පහීනො තස්ස භවරාගානුසයො අප්පහීනොති: ආමන්තා. (එකකමූලකං)
Sinhala BJTතව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)
Pali BJT130. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තස්ස මානානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT130. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: අනාගාමිස්ස මානානුසයො අප්පහීනො, නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා. තිණ්ණං පුග්ගලානං මානානුසයො ච අප්පහීනො, කාමරාගානුයො ච පටිඝානුසයො ච අප්පහීනා.
Sinhala BJTතව ද යමක්හුගේ මානානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී ද යත්: අනගැමිහුගේ මානානුසය අප්‍රහීණයැ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අප්‍රහීණයහ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්‍රහීණයැ. කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ.
Pali BJT131-132. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: ද්වින්නං පුග්ගලානං කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, නො ච තෙසං විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJT131-132. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT133-134. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT133-134. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනොති: අනාගාමිස්ස අවිජ්ජානුසයො අප්පහීනො, නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා. තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා (දුකමූලකං)
Sinhala BJTතව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණ වී ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අප්‍රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද අප්‍රහීණයහ. (දූකමූලක යි.)
Pali BJT135-136. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අප්පහීනොති: ද්වින්නං පුග්ගලානං කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තෙසං විචිකිච්ඡානුසයො අප්පහීනො. පුථුජ්ජනස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා, විචිකිච්ඡානුසයො ච අප්පහීනො.
Sinhala BJT135-136. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණ යැ. පුහුදුන්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනාති: ආමන්තා.
Sinhala BJTතව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි.
Pali BJT137-138. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා තස්ස භවරාගානුසයො ච -පෙ- අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT137-138. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනාති: අනාගාමිස්ස අවිජ්ජානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අප්පහීනා. තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා. (තිකමූලකං)
Sinhala BJTතව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අප්‍රහීණහ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණ යි. (තිකමූලක යි.)
Pali BJT139-141. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනා තස්ස විචිකිච්ඡානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT139-141. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අප්පහීනාති: ආමන්තා. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්‍රහීණ නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (චතුක්කමූලක යි.)
Pali BJT142-143. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT142-143. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනාති: අනාගාමිස්ස අවිජ්ජානුසයො ච මානානුසයො ච අප්පහීනා, නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා. ද්වින්නං පුග්ගලානං අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අප්පහීනා. නො ච තෙසං දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා. පුථුජ්ජනස්ස අවිජ්ජානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ. දෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අප්‍රහීණයහ, ඔවුන්ගේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අප්‍රහීණයහ. පුහුදුන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ. (පඤ්‍චකමූලක යි.)
Pali BJT144. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා තස්ස අවිජ්ජානුසයො අප්පහීනොති: ආමන්තා.
Sinhala BJT144. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු නම් ඔහුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අප්පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අප්පහීනාති: අනාගාමිස්ස අවිජ්ජානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා, නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා. ද්වින්නං පුග්ගලානං අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා. නො ච තෙසං දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අප්පහීනා. පුථුජ්ජනස්ස අවිජ්ජානුසයො ච අප්පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අප්පහීනා. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණ වූවාහු ද යත්: අනගැමිහුගේ අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ, ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ. දෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ. ඔවුන්ගේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අප්‍රහීණයහ. පුහුදුන්ගේ අවිජ්ජානුසය ද අප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අප්‍රහීණයහ. (ඡක්‍කමූලක යි.)
Pali BJTපටිලොමපුග්ගලං.
Sinhala BJTප්‍රතිලෝමපුද්ගල යි.
Pali BJT145. යත්ථ කාමරාගානුසයො අප්පහීනො තත්ථ පටිඝානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT145. යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යි.
Pali BJTයත්ථ වා පන පටිඝානුසයො අප්පහීනො තත්ථ කාමරාගානුසයො අප්පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.